නඩුවලට බයේ ආණ්ඩුව බාරගෙන ඇති බවට එක්සත් ජාතික පක්ෂය නගන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමන්ත්‍රණ ආණ්ඩුවේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ පවසා ඇත.
ඒ නාරාහේන්පිට අභයාරාමයේදී ඊයේ (06) පැවැති උත්සවයකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්ය.
එහෙත් ඇත්ත එය නොවේය. ඊට කදිම සාක්ෂිය සපයන්නේ රාජපක්ෂ පාලන සමයේ සිදුවූ බරපතල වංචා, දුෂණ රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවයි.
එහි ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට මුදල් නොගෙවීම සහ අලාභ කිරීම සම්බන්ධ පෙත්සම (PCI /95/2015) ට අදාළව එකී අක්රමිකතාවට හා වගකිව යුතු පාර්ශවයක් වන පර්සි මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය අහෝසි කලයුතු බව ජනාධිපති කොමිසම පැහැදිළිව යෝජනා කර ඇත. එසේම ඒ වෙනුවෙන් වන නෛතික ප්රතිපාදනද පැහැදිළි කර ඇත.
මෙම පෙත්සමට අදාළව වගකිවයුත්තන් ලෙස චෝදනා ලැබූ පාර්ශව 6ක් නම් කර ඇත.
ඒ, 1. හේවගේ අනුර සිරිවර්ධන, 2. විජේසිංහ පණ්ඩිතගේ අරුණ මුර්ති විජේසිංහ,3. ජයසිංහ ආරච්චිගේ උපාලි රංජිත් , 4. දිලීප් ප්‍රියන්ත වික්‍රමසිංහ, 5. කෙහෙළිය බණ්ඩාර දිසානායක රඹුක්වැල්ල, 6. පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ය.
ඔවුන්ට ඇති චෝදනා වන්නේ,
1. පුරප්පාඩු නොමැති අවස්ථාවක අනුර සිරිවර්ධන ITN මාධ්‍ය ජාලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස අක්‍රමවත්ව පත්කිරීම.
2. මීඩියා ෆැක්ටරි ආයතනයෙන් නිකුත් කළ මහින්ද රාජපක්ෂ අපේක්ෂකයාට අයත් රුපියල් 101,773,058.00 වටිනා දැන්වීම් නොමිලේ පළකිරීම හරහා ITN වෙත මුල්‍ය පාඩුවක් සිදුකිරීම.
3. මීඩියා සොලූෂන් ආයතනයෙන් නිකුත් කල ආයතනයෙන් නිකුත් කළ මහින්ද රාජපක්ෂ අපේක්ෂකයාට අයත් රුපියල් 2,467,812.00 වටිනා දැන්වීම් නොමිලේ පළකිරීම හරහා ITN වෙත මුල්‍ය පාඩුවක් සිදුකිරීම.
4. මෛත්‍රීපාල සිරිසේන අපේක්ෂකයාගේ රුපියල් 8,863,768.00 ක් වටිනා දැන්වීම් වික්ටරි ඇඩ්වර්ටයිසින් ආයතනයෙන් ලබාගෙන පළනොකර නැවත ලබාදීම හරහා ITN මාධ්‍ය ජාලයට පාඩු කිරීම.
5. rate card වෙනස් කර එනම් සිරිසේන අපේක්ෂකයාට නියමිත ගුවන් කාලයට දෙගුණයක මුදලක් අයකරන අතර මහින්ද ට ඊට අඩු මුදලක් අයකිරීම හරහා රුපියල් 112,904,638.00 ක පාඩුවක් ITN වෙත සිදුකිරීම ය.
සිරිසේනගේ ප්‍රෝඩාව පැහැදිළියි !
ඒ අනුව යහපාලන ආණ්ඩුවේ දුෂණ ගැන කියමින් මහින්ද රාජපක්ෂව නැවත අගමැති කිරීම සම්බන්ධව සිරිසේන ජනාධිපති කියන කතාවද අමුම අමු ප්‍රෝඩාවක් බව තහවුරු වෙයි.
කොහොමටත් ව්‍යවස්ථා විරෝධී ආණ්ඩු කුමන්ත්‍රණයක් දියත්කල සිරිසේන - මහින්ද හවුල මේ වන විටත් රෙදි නැතුවම සිටින පසුබිමේ ඒ ගැන අලුතෙන් ලියන්නද දෙයක් නැත. නමුත් අප මේ තොරතුරු අනාවරණය කර සිටින්නේ ජනතාව මේ ගැන දත්ත සහිතව දැනුවත්ව සිටීම වැදගත් වන නිසාය.
පහත දැක්වෙන්නේ මෙම චෝදනා ලැබූ පාර්ශවයන්ට අදාළ ජනාධිපති කොමිසම නිකුකළ නිර්දේශය.