V2025

Exclusive

බැඳුම්කර කොමිසමේ කතා පරස්පරයි ! - රවී නිදොස් කොට නිදහස් ?

බැඳුම්කර කොමිසම් වාර්තාව දේශපාලනික බවත්, එම වාර්තාවේ කරුණු උපුටා දක්වමින් ජනාධිපතිවරයා දෙසැම්බර් මස 03දා කල ඇතැම් ප්‍රකාශ එකිනෙකට පරස්පර බවත් ප්‍රකට සමාජ පර්යේෂකයකු වන විජිත නානායක්කාර මහතා පවසයි.

ඔහු එබව සඳහන් කලේ 'නිව්ස් ටියුබ්' කල විමසීමකදීය.

2015ට පෙර බැඳුම්කර පරික්ෂා කිරීමට වරයක් නොතිබුණ හෙයින්, එම කාල සීමාවට පිටින් පරික්ෂණ සිදුනොකළ බව බැඳුම්කර කොමිසම පැහැදිලිව ප්‍රකාශකර ඇතැයි පවසන ජනාධිපතිවරයා, බැඳුම්කර ගනුදෙනුවලදී 2015ට වඩා වැඩි අලාභයක් 2008 -2015 වකවානුවේ සිදුව ඇතැයි පැවසීම ගැටලුකාරී බව විජිත නානායක්කාර මහතා කියා සිටියි.

බැඳුම්කර නිකුත්කිරීම සම්බන්ධව විමර්ශන හා පරීක්ෂණ කිරීමට එම කොමිසන් සභාවට බලය, වරය ලැබුණේ 2015 පෙබරවාරී 01 දා සිට 2016 මාර්තු 31 දක්වා කාලය පිළිබඳවයි.

2008 වසරේ සිට 2015 දක්වා නිකුත් කළ භාණ්ඩාගාර බැඳුම්කර පිළිබ`දව පරීක්ෂා කිරීමට මෙම කොමිසමට වරයක් නොතිබුණු හෙයින් එවැන්නක් සිදු කර නැතැයි පැවසු ජනාධිපතිවරයා, වැඩිපුරම සේවක අර්ථසාධක අරමුදල විනාශ වී ඇත්තේ එම කාලය තුළ බව කොමිසන් සභාව සඳහන් කරන බව අවධාරණය කර සිටියේය.

 මහේන්ද්‍රන් 'නරක'වී අගමැති 'හොඳ' වුණේ කොහොමද ?

22a978a41b1a53abb37685d29cc21d84 XL

බැඳුම්කර වෙන්දේසිවලට මැදිහත්වී ....

 හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අසම්මත සහ සාවද්‍ය අන්දමින් තීරණ ගැනීමේ ක්‍රියාවලියක් මගින් බැඳුම්කර වෙන්දේසිවලට මැදිහත්වී ඇති අතර, අභ්‍යන්තර තොරතුරු පිටතට බෙදාදීම සම්බන්ධයෙන් වගකිවයුත්තෙකු බව වාර්තාවේ සඳහන්ව ඇතැයි ජනාධිපතිවරයා සිය විශේෂ ප්‍රකාශයේදී සඳහන් කළේය.

කෙසේවුවද අර්ජුන් මහේන්ද්‍රන් මහතා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් දිගින් දිගටම ප්‍රකාශ කලේ තමා සියලු කටයුතුකලේ අගමැතිවරයාගේ උවමනාව හා දැනුවත්වීම මත බවය.

එම කාරනා සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ විජිත නානායක්කාර මහතා, කොමිසම් වාර්තාවෙන් අර්ජුන් මහේන්ද්‍රන් මහතා ප්‍රධාන උත්තරකරුවකු කර ඔහුට උපදෙස්දුන් බව කියන අගමැතිවරයා නිර්දෝෂී වුයේ කෙසේදැයි සාධාරණ සැකයක් මතුවන බව පැවසිය.

 raviබැඳුම්කර චෝදනාවෙන් රවී නොදොස් කොට නිදහස් !

පර්පචුවෙල් ට්‍රේෂරීස් සමාගම, මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ද, බැංකු නිලධාරින් සහ වෙනත් බාහිර පුද්ගලයින්ගේ ද සහභාගිත්වය හරහා නිත්‍යානුකූල නොවන අන්දමින් මුදල් උපයා ඇති බව පවසන කොමිසම් වාර්තාව, මෙම ආයතන හා සෘජුව වගනොකියන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එම චෝදනාවලට වරදකරුවකු ලෙස නම් කිරීම ගැටලුකාරී බව ද විජිත නානායක්කාර මහතා කියා සිටියේය.

කොමිසමේ නිර්දේශ අනුව සිදුව ඇත්තේ රවී කරුණානායක මහතා බැඳුම්කර ගනුදෙනුවෙන් නිදොස් කොට නිදහස් කිරීමක් බව ලෙස වුවද සැලකිය හැකියැයි ඔහු වැඩිදුරටත් පැවසිය.

Comment (0) Hits: 361

මුසාමිල්ට කොළඹට තරග කිරීමට ඉඩනොදීම අර්බුදයක් වෙලා !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ පුරපති අපේක්ෂකයා ලෙස අසාඩ් සාලි මහතා ඉදිරිපත්වන හෙයින් තමාට ඔහු තරග කරන කොට්ඨාශයෙන් තරග කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස කොළඹ හිටපු නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා විසින් කල පළාත් පාලන මැතිවරණ නාමයෝජනාවලට පෙර කල ඉල්ලීම එජාපයේ ඇතැමුන්ගේ බලපෑම් මත ප්‍රතික්ෂේප වීම මේවනවිට එම පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයක් දක්වා වර්ධනය වෙමින් පවතිනබව 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

මුසම්මිල් මහතා එම යෝජනාව ඉදිරිපත්කර ඇත්තේ, තමා මැලේසියානු මහ කොමසාරිස් ධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බවටත්, ජයග්‍රහණයකින් පසු කිසිඳු විටෙක නගරාධිපති ධුරය බලාපොරොත්තු නොවන බවටත් සහතික වෙමිනි.

එජාප කොළඹ දිස්ත්‍රීක් නායක රවී කරුණානායක, පක්ෂයේ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම හා මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරුන් එම යෝජනාවට එකඟතාවය පළකර ඇතත් ප්‍රබල විරෝධයක් හමුවේ එම යෝජනාව ප්‍රතික්ෂේප වී තිබේ.

මෙය එජාපයට හිතවත් ප්‍රබල මුස්ලිම් පිරිසකගේ කනස්සල්ලට හේතුවී ඇත.

එසේම, ශ්‍රීලනිපයේ උවමනව මත අමාත්‍ය මනෝ ගනේෂන් මහතා වෙනම තරග කිරීම ද එජාප කොළඹ සුළු ජන ඡන්ද පදනමට බරපතල බලපෑමක් එල්ලකර තිබේ.

මෙය බරපතල දේශපාලන කාරණයක් වී ඇත්තේ, අලුත් පළාත් පාලන මැතිවරණ ක්‍රමය තුල කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන රාශියක ආණ්ඩු පිහිටුවීම ගැටලුවක්වීමේ අවධානමක් මතුව තිබෙන තත්ත්වක් තුලය.

 ඇමති චම්පිකගේ විග්‍රහය මෙන්න :

champika 2 1000x

''පළාත් පාලන ආයතනය රාශියක ආණ්ඩු පිහිටුවීම ප්‍රශ්ණයක් වෙනවා ''

මේ අතර, බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසන්නේ, පළාත් පාලන ප්‍රතිඵලය කවරක් වුවත් පළාත් පාලන ආයතනය රාශියක ආණ්ඩු පිහිටුවීම ප්‍රශ්ණයක් බවයි.

සිය ෆේස්බුක් පිටුවට ඔහු කළ අදහස් දැක්වීමක මේ බව සඳහන් වෙයි.

එසේම ප්‍රධාන දේශපාලන පක්ෂ රාශියක ඉරණම තීරණය වන මැතිවරණයක් ලෙස පළාත් පාලන මැතිවරණය හැඳින්විය හැකි බවත් ඔහු පවසයි.

“2018 වර්ෂය කිසියම් ආකාරයකට ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍ෂෙත්‍රයේ සංක්‍රමණික වර්ෂයක්. මේ වර්ෂයේ පෙබරවාරි මාසයේ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනවා. පළාත් පාලන මැතිවරණවල ප්‍රතිපල කවරක් උනත් පවතින ඡන්ද ක්‍රමය නිසා පළාත් පාලන ආයතන සැලකිය යුතු ප්‍රමාණයක ආණ්ඩු පිහිටුවීම ප්‍රශ්නයක් වී තිබෙනවා.

ඒ අනුව පක්ෂ අතර ඇතිවන එකඟතාවයෙන් යුතු පළාත් පාලන ආණ්ඩු ඇතිවන බව නම් දැන් තබාම කිව යුතුයි.

ඒවගේම මේ ක්‍රියාවලියත් සමග ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයේම, එක්සත් ජාතික පක්ෂයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ වගේම එක්සත් පොදු පෙරමුණේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පක්ෂයේ මේ සියළුම දෙනාගේ දේශපාලන ඉරණම මෙයින් තීන්දු වෙනවා.

බොහෝ දෙනෙක් තමන් බලගතුයි, තමන් හොල්ලන්න බැහැයි කියා සිතුවට මේ මැතිවරණයේදී ඔවුන්ට එක්තරා ආකාරයකට පොදු ජනතාවගේ තීන්දුව පෙන්න පටන් ගන්නවා.

මහජන රැළිවලට ලක්‍ෂ ගණන් සෙනග සල්ලි දීලා, බස් දාලා අද්දවගෙන ආවට මොකද ජනතාවගේ තීන්දුව ඊට වඩා වෙනස් බව 2015 දී ඔප්පු උනා”

Comment (0) Hits: 357

නාමල්ට හා 'යෝ' ට ගහන්න ගිය 'ගතා'ට තජුදින්ගේ ඉරණම අත්වේද ?

ඊයේ (29) පැවති රග්බි තරඟයකින් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට හා යෝෂිත රාජපක්ෂ (යෝ) මහතාට පහරදීමට උත්සහ කල 'ගතා' ( Dhanushka Gertha Perera) නමැති තරුණයකුට මරණීය තර්ජන එල්ලවී ඇතැයි පැවසේ.

'ගතා' නමැති මෙම හැඩි දැඩි තරුණ ක්‍රීඩකයා, යෝෂිත රාජපක්ෂ මහතාගේ සමීපතම මිතුරකුව සිටිය ද තරුණියක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් මත විරසකව ඇත.

'ගතා' (Dhanushka Gertha Perera) මේවනවිට අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ සමීපතම ආධාරකරුවකු ලෙස කටයුතු කරයි.IMG 363318222317 10155301186217888 4228188276516829001 n

ඊයේ රග්බි තරඟයෙන් පසු ඇතුළු ගැටුමේදී 'ගතා' රාජපක්ෂ සොයුරන්ට පහරදීමට උත්සහ කර ඇතත් අසලසිටි වෙනත් ක්‍රීඩකයකු එය වලක්වා ගෙන ඇත.

අනතුරුව රාජපක්ෂ සොයුරන්ගේ හිතවතුන් පිරිසක් 'තගා'ට පහරදීමට ඔහුගේ නිවාස අසලට ගොස් ඇතත්, එයද වැලකි ගොස් ඇත.

මෙම තත්වය යටතේ රග්බි ක්‍රීඩක තාජුදින්ට අත්වූ ඉරණම 'තගා' අත්වේදැයි ඔහුගේ හිතවතුන් බියෙන් පසුවේ.

IMG 3636 1

1620553 10152261573387888 5038171 n

na daga

IMG 3634

IMG 3635

 

Comment (0) Hits: 2656

පොහොට්ටුවේ ප්‍රචාරක කටයුතු හබක් : බැසිල් හා චිචී ගැටෙති

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් මේවනවිට බරපතල ගැටුමක් මතුව තිබෙන බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

පොහොට්ටු පක්ෂයේ මෙහෙයුම්කරු වන බැසිල් රාජපක්ෂ මහතාගේ කණ්ඩායමක් විසින් සැකසු මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට අදාලව නිර්මාණ මුළුමනින්ම ප්‍රතික්ෂේප කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා, සියලුම මැතිවරණ ප්‍රචාරක කටයුතු තමාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ (චිචී) කණ්ඩායමකට ලබාදෙන ලෙස නියෝග කිරීමට සමග මෙම ගැටුම හටගෙන ඇතැයි එම ආරංචිමාර්ග පවසයි.

එම තත්වය තුල බැසිල් රාජපක්ෂ මහතා ප්‍රචාරක කටයුතු වලින් ඉවත්ව තිබේ.

චිචී මහතා විසින් එම ප්‍රචාරක කටයුතු පවරා ඇත්තේ ඔහුගේ සමීප මිතුරකු වන ජගණ ක්‍රිෂ්ණ කුමාර ඇතුළු පිරිසකටය.

ජනාධිපතිවරණයේ පරාජයටත් හේතුවක් :

පසුගිය ජනාධිපතිවරණයේ දී දිලිත් ජයවීර ඇතුළු කණ්ඩායම එලවා දමා මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් ප්‍රචාරක කටයුතු බාර ගැනීම මැතිවරණ පරාජයට එක හේතුවක් වූ බව විමල් විරවංශ මහතාගේ මතය වී තිබිණ.

චිචී කණඩායමේ කිහිපදෙනෙකුගේ ජායාරුප පහත පළවේ. මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා සමග තරුණයින් දෙදෙනෙකු සිටින ජායාරුපයේ මැද සිටින්නේ ජගණ ක්‍රිෂ්ණ කුමාර

IMG 3630

IMG 3631

IMG 3632

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු. ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

Comment (0) Hits: 1346

ලංකාවෙන් පැනගිය රුසියානු සයිබර්අපරාධකරු කවුද?

- ඇමෙරිකානු ඩොලර් මිලියන තුනක තෑග්ගක් ලබාදෙන බව එෆ්.බී.අයි. නිවේදනය කොට ඇති ප්‍රකට සයිබර්අපරාධකරු එව්ජෙනි                          මීඛයිලොවිච් බෝගචෙව් නැමති රුසියානුවා ෆරින් මනොකින් නමින් පෙනී සිටියේද?

- ඇපපිට නිදහස් වී මාස ගණනකට පසු බෝට්ටුවක් ගෙන මුහුදෙන් පැනගියේද ?

  - රෝසොබෝරෝන්එක්ස්පෝර්ට් ආයතන ප්‍රධානියාගේ පෞද්ගලික ගුවන්යානයෙන් පැනගියේද?

 - කටුනායක ගුවන්තොටුපළට ප්‍රභල ආරක්ෂාවක් සහිතව රැගෙන ගොස් ආරක්ෂාකාරීව මෙරටින් පිටත් කරවීමට අවශ්‍යය කටයුතු                              සම්පාදනය කළේ කවුද?

  - ඇමරිකානු තානාපති කාර්යාලය පුද්ගලයාගේ සැබෑ චරිතය වසන් කරමින් ඔහු තමන්ට ලබාදෙන ලෙස උදර්පණ පණත ප්‍රකාරව ශ්‍රී                          ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේද?

 මෙය ඉතාම බරපතළ කාරණයකි. එසේම මෙරට ජාතික ආරක්‍ෂාව මෙන්ම රාජධූත සේවයේ සැබෑ සාන්ද්‍රණය හෙවත් හයිය කිරා මැන බැලෙන ප්‍රධාන කාරණා වලින් එකකි. එබැවින් මෙම මූලික කාරණයේ ඇති කාරණා ගැන විමසා බැලීම මෙන්ම ඒ සම්බන්ධයෙන් මතු වී ඇති කාරණා ඔස්සේ ඊට සම්බන්ධ විය හැකි යැයි සිතෙන මූලික කාරණා ගැන අනුමාන කරමින් විමසා බැලීම ඉතාම වැදගත් වේ.

මෙය කිසිවකුගේ වාසියක් හෝ අවාසියක් උදෙසා ප්‍රසිද්ධ කරන කාරණයක් නොව, රටේ සාමන්‍යය ජනතාවගේ දැනගැනීම උදෙසා හෙළිදරව් කරන කාරණයකි. මන්ද; වත්මන් තත්වය තුළ අප රටක් ලෙස මුහුණ දෙමින් සිටින්නේ වෙනස්ම මාදිලියක අභියෝග වලටය.

රුසියානු ජාතික කළු සල්ලි ජාවාරම් කරුවෙක් !

මේ වසරේ මුල් භාගයේදී පුවත්පත් වාර්තා එක්තරා කාරණයක් ඉදිරිපත් කරමින් සඳහන් කරනු ලැබුවේ, වැලිගම පොලිසිය විසින් රුසියානු ජාතික කළු සල්ලි ජාවාරම් කරුවෙකු අත්අඩංගුවට ගත් බවයි. ඉන් පසු ඔහු ඇපමත නිදහස් කරනු ලැබූ බව වාර්තා විය.

ඔහුගේ නම ෆරින් මනොකින් ලෙස සඳහන් කරනු ලැබූ පුවත් වාර්තා ඔහු රටින් පැනගොස් ඇති බව සඳහන් කරනු ලැබුවේ, මීට දින කිහිපයකට පෙරය. අදාළ අපරාධකරුගේ නම මෙන්ම පුවතේ මූලික කාරණා අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ මූලාශ්‍ර ප්‍රයෝජනයට ගනිමින් ප්‍රසිද්ධ වූ දෑ ලෙස අනුමාන කළ හැකිවේ.

සමස්ථ සිදුවීමට අදාළ අතුරු සිදුවීම් වල කාලරාමුව වෙනස් වීමේ ඉඩක් තිබේ. මාර්තු මාසයේ අත්අඩංගුවට ගැනීමක් ගැන වාර්තා වුවද එය ඉන් මාස කිහිපයකට පසු සිදු වූවා විය හැකිය.

තානාපති කාර්යාලවලින් බලපෑම් :

නමුත් මෙම රුසියානු ජාතිකයා අත්අඩංගුවට ගැනීම තානාපති කාර්යාල අතර ගින්නක් මෙන් පැතිර ගියා පමණක් නොව, ඇතැම් තානාපති කාර්යාල මොහු තමන්ගේ රටට ලබා දෙන ලෙස වත්මන් ආණ්ඩුවට බල කරනු ලැබූ පුවත්පත් වාර්තා පවා ප්‍රසිද්ධ විය.

එනම්, අදාළ අත්අඩංගුවට ගැනීමේදී රුසියානු තානාපති කාර්යාලය පමණක් නොව අනෙකුත් තානාපති කාර්යාල ඉතාම කලබලයට පත්විය.

ඔහු සම්බන්ධයෙන් ආණ්ඩුව යටතේ පාලනය වන ඩේලි නිව්ස් පුවත්පත පසුගිය සෙනසුරාදා දිනයේ වාර්තාවක් ප්‍රසිද්ධ කරමින් කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ අදහස හෙළිදරව් කරනු ලැබීය.

එබැවින් මෙම කාරණය සම්බන්ධයෙන්, ඉදිරිපත් වන තොරතුරු එකිනෙකට ගැලපීම සහ ඒවා අතර තිබිය හැකි යැයි විශ්වාස කළ හැකි හෝ අනුමාන කළ හැකි සහ-සම්බන්ධය තේරුම් ගැනීම මෙන්ම ඒ ඔස්සේ රටේ වත්මන් තත්වය ගැන විමර්ශණය කිරීම අත්‍යවශ්‍යය කාරණයකි.

අදාළ මොහොත පැමිණෙන තෙක්:

වැලිගමදී අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා එක්තරා සිකුරාදා දිනයක අත්අඩංගුවට ගැනීමෙන් පසු සඳුදා දිනයේ ඇපමත නිදහස් කරනු ලබයි. ඔහු වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති උපුල් ජයසූරිය මහතා සහ තවත් එක්තරා ජෙයිෂ්ඨ නීතීඥවරයෙකු පෙනී සිටිති.

මේ සම්බන්ධයෙන් නීතිඥ උපුල් ජයසූරිය මහතා සම්බන්ධ කරගෙන ඔහුගේ අදහස විමසීමට අප දැරූ උත්සාහය සාර්ථක වූයේ නැත.

කෙසේ නමුත්, මහාධිකරණයේදී ඇප ලබා ගැනීමෙන් පසු අධිකරණය මෙන්ම අනෙකුත් ආයතන ක්‍රමානුකූලව මඟ හැරීමට සමත්වන අදාළ පුද්ගලයා සති කිහිපයක් මෙරට පෞද්ගලික රෝහලක මෙන්ම ඉන් පසු එතරම් පිරිසක් නොගැවසෙන හෝටලයක නවාතැන් ගෙන ඇත.

රටින් පනින තුරු සැඟවී සිටින ලෙසට ලබා දුන් උපදෙස් එලෙසම අනුගමනය කළ හෙතම අදාළ මොහොත පැමිණෙන තෙක් බලා සිටඇත.

ඇමරිකාව ඉල්ලීමක් කලේද ?

මේ අතර අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු දැනගත් මෙරට පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය අදාළ පුද්ගලයා තමන්ට භාරදෙන මෙන් ඉල්ලා තිබේ.ඒ දෙරට අතර අත්සන් තබා ඇති උදර්පණ පනතේ කරුණු ප්‍රකාරවය.

gru 195pxවිශ්වාසදායක ආරංචිමාර්ග සඳහන් කරන අන්දමට, ඇමෙරිකානු තානාපති කාර්යාලය අවස්ථා ගණනාවකදී අදාළ රුසියානු ජාතිකයා තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා ඇත්තේ, ඔහු ඇමෙරිකානු භූමියේදී අපරාධ රාශියකට සම්බන්ධ වී ඇතිබව සඳහන් කරමිනි.

රුසියානු ඔත්තු සේවය වන GRU හී ප්‍රධානියා වන ලුතිනන් ජෙනරාල් ඉගොර් කොරෝබෝව්, රුසියානු සයිබර් අපරාධකරුවන් සමඟ ඉතා කිට්ටු සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බව පැවසේ.

අදාළ අපරාධකරු ෆෙඩරල් පර්යේෂණ කාර්යාංශයේ ( එෆ්.බී.අයි.) අවශ්‍යතා ලැයිස්තුවේ ( මොස්ට් වොන්ටඩ් ලිස්ට්) සිටින ප්‍රධාන පුද්ගලයෙකු බව, ඇමෙරිකානු තානාපති කාර්යලය මෙරට ඇතැම් බලධාරීන්ට දැනුම් දී ඇතිබව සඳහන් වේ.

නමුත්, පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ මූලාශ්‍ර සඳහන් කරන පරිදි එවැනි කාරණයක් ඇමරිකානු තානාපති කාර්යාලය මෙරට ආරක්ෂක බලධාරීන්ට ඉදිරිපත් කොට නැති නමුත්, ඔහු එරට සිදු වූ මිනී මැරීම් කිහිපයකට සම්බන්ධ බව පමණක් සඳහන් කොට ඇත.

ඇමරිකානු ජනාධිපතිවරණය කඩාකප්පල් කිරීම:

නමුත්, ඊට අමතරව විශේෂයෙන් වැදගත් වන කාරණයක් ඇමරිකානු තානාපති කාර්යාලයේ බලධාරීන් සඳහන් කොට ඇත්තේ අදාළ පුද්ගලයාගේ සැබෑ ස්වභාවය සහ ඔහුගේ කුසලතාවය සම්බන්ධයෙන් යම්කිසි ඉඟියක් ලබාගැනීමට ඉඩ ප්‍රස්ථා නිර්මාණය කරමිනි.

එනම්, මෙම පුද්ගලයා 2016 නොවැම්බර් මාසයේ පැවති ඇමරිකානු ජනාධිපතිවරණය කඩාකප්පල් කිරීම සඳහා කටයුතු කළ ප්‍රධාන පුද්ගලයින්ගෙන් අයෙකු බවයි.

මෙම මූලික කාරණයට මෙරට අපරාධ පර්යේෂණ අංශවලින් සේම දේශපාලන බලධාරීන් විසින් එතරම් සැලකිල්ලක් දක්වා ඇති බවක් නොපෙනේ.

එසේම, ඇමෙරිකානු තානාපති කාර්යාලය එක්කෝ මෙම පුද්ගලයාගේ සැබෑ තොරතුරු ගැන සර්ව සම්පූර්ණයෙන් දැනුවත් කොට නැත, එක්කෝ, ඇමෙරිකානු තානාපති කාර්යාලය ඔහුගේ සැබෑ තොරතුරු ශ්‍රී ලංකා ආණ්ඩුවට වසන් කරමින්, ඔහු විසින් සිදුකළේ යැයි කියන අපරාධ කිහිපයක් පමණක් උපුටා දක්වා ඇත.

එක්සත් ජනපදය වැනි රටක මිනීමැරීම් කිහිපයකට නොව එකකට හෝ සම්බන්ධ සැකකරුවකු වෙතොත් ඔහු සම්බන්ධයෙන් තොරතුරු අන්තර්ජාලය ඔස්සේ ලෝකය පුරාම පැතිරී යෑමට එතරම් කාලයක් අවශ්‍යය වන්නේ නැත.

මෙම පුද්ගලයාද එවැනි අපරාධ වලට සමබන්ධ අයෙක් වන්නේ නම්, ඔහු ගැන තොරතුරු රාශියක් අන්තර් ජාලයේ තිබිය යුතුය.

 එෆ්.බී.අයි තොරතුරු කරමින් :

නමුත්, ඔහුගේ ගමන් බලපත්‍රයේ ඇති නාමය වන ෆරින් මනොකින් ගැන තොරතුරු විමසීමේදී අන්තර්ජාල පිටු අතර මතු වන්නේ, ඔහු ලංකාවේදී අත්අඩංගුවට පත් වූ බව සහ ඔහුගේ පැනයෑම පමණි. එනම්, ඩේලි නිව්ස් වාර්තාවේ ඉදිරිපත් කොට ඇති තොරතුරු හා සමාන තොරතුරු පමණි.

මේ නිසා එක්කෝ මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය, නැතහොත් එෆ්.බී.අයි. සංවිධානය මෙම පුද්ගලයාට සම්බන්ධ තොරතුරු කුමන හේතුවක් නිසා වසන් කොට ඇත.

ඇමරිකානු ජනාධිපතිවරණයට බලපෑම කරනු ලැබූ රුසියානු ජාතික පරිඝණක විශේෂඥයින් අතර ප්‍රධානියෙකු වන්නේ නම් ඔහු එසේ මෙසේ පුද්ගලයෙකු විය නොහැකි බව සාමන්‍යය දැනුම පිළිබඳ කාරණයකි.

එසේම, ඇමෙරිකානු තානාපති කාර්යාලය අදාළ පුද්ගලයා තමන්ට භාරදෙන ලෙස කළ ඉල්ලීමෙන් පෙනී යන්නේ හෙතම සාමන්‍යය පුද්ගලයෙකු නොවන බවයි.

එපමණක් නොව, රුසියානු තානාපති කාර්යාලයේ නිලධාරීන් අදාල පුද්ගලයා බේරා ගැනීම වෙනුවෙන් ඍජුව පෙනී සිටීම සහ ඔහුට ආරක්ෂාකාරී පරිසරයක් නිර්මාණය කිරීමෙන් පෙනී යන්නේද, අදාළ පුද්ගලයා ඉතාම වැදගත් සහ අත්‍යවශ්‍යය පුද්ගලයෙකු බවයි.

මෙරට වගකිව යුතු පාර්ශවයන් දැනුවත් වී නැහැ :

මේ වනවිට හෙළිදරව් වී ඇති තොරතුරු වලින් පෙනී යන්නේ, මෙම පුද්ගලයා ගැන නිවැරදි තොරතුරු සම්බන්ධයෙන් මෙරට වගකිව යුතු පාර්ශවයන් දැනුවත් වී නොමැති බවයි.

එසේම, ඔහු ඉදිරිපත් කරනු ලැබූ, ගමන් බලපත්‍රයේ ඇති තොරතුරු පමණක් මූලික කරගනිමින් පරීක්‍ෂණ මෙහෙයවා ඇති අතර, අදාළ තොරතුරු ඔහුගේ සැබෑ තොරතුරු බව දැඩිව විශ්වාසකොට ඇත.

ඊට අමතරව ඉදිරියේදී ( හොරා පැනගියද) වැදගත් වන්නේ යැයි සිතා ඔහුගේ ඇඟිලි සලකුණු සහ වෙනත් ජෛවවිද්‍යාත්මක සාක්‍ෂි එකතු කර ගැනීමට මෙරට අපරාධ පරීක්‍ෂණ භාර නිළධාරීන් කටයුතු කොට ඇත්තේ නම් එය අගය කළ යුතු කාරණයකි.

ඉහත සඳහන් කළ පරිදි, මෙරට පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය මැදිහත් වී ඉල්ලා සිටීමට තරම්, අදාළ පුද්ගලයා ඇමරිකාවට ඉතාම වැදගත් පුද්ගලයෙකු විය යුත්තේය.

එසේම එෆ්.බී.අයි. අවශ්‍යතා ලයිස්තුවේ සයිබර්අපරාධ කරුවන්ගේ ගොන්නට එකතු කිරීමට තරම් හෙතම ඉතාම ප්‍රභල අපාරධකරුවෙකු විය යුතුය.

එපමණක් නොව, ඔහු 2016 ඇමරිකානු ජනාධිපතිවරණයේදී රුසියානුවන් කළේ යැයි කියන මැදිහවීමේ සිටි පුද්ගලයෙකු ලෙස හඳුන්වා තිබේ නම්, මෙම පුද්ගලයාගේ බරපතළකම ඊටත් වඩා විශාල වේ. එෆ්.බී.අයි. සොයමින් සිටින්නේ මොහුය.

 බරපතළ ප්‍රශ්නකාරී තත්වයක්:

තානාපති කාර්යාල ආරංචිමාර්ග පමණක් නොව රජයේ අමාත්‍යංශ වලට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මෙම පුද්ගලයාට එරෙහිව නිවැරදි අධිකරණ මාර්ගයක් ගැනීම වැළක්වීම සහ හෙතමට රුසියාවට පැනයාමට ඉඩදීම බරපතළ ප්‍රශ්නකාරී තත්වයක් මතුකරනු ලබයි.

එය, කුමන හේතුවක් මත සිදුවූයේද? මෙහිදී මැදිහත් වූ පාර්ශවන් කවරේද? එසේ මැදිහත්වීම සඳහා මූලික වූ හේතුව කුමක්ද? යන කාරණා සම්බන්ධයෙන් උඩු දුවමින් පවතින කාරණා රාශියකි.

එක්තරා ආරංචි මාර්ගයකට අනුව, අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් දින කිහිපයකට පසු ඇති වූ තත්වය කුමන හෝ හේතුවක් නිසා පාලනය කිරීමට මෙරට ඉහළ දේශපාලන බලවේගයක් කටයුතු කොට ඇත.

එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව්

 විශ්වාසදායක ආරංචිමාර්ග සඳහන් කරන අන්දමට, අදාළ සිදුවීම ගැන විමසා බැලීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයේ එකළ කටයුතුකළ aujeni 400pxලේකම්වරයා සහ අපරාධ පර්යේෂණ දෙපර්තම්න්තුවේ ප්‍රධාන නියෝජ්‍යය පොලිස්පතිවරයෙකු කැඳවා තොරතුරු විමසීමෙන් පසු රුසියානුවන් අසතුටු කිරීමෙන් වළකින ලෙස ඉල්ලා ඇත.

එම ඉල්ලීමෙන් පසු බොහෝ දෑ වෙනස් වේ.

ඉන් පසු, අදාළ පුද්ගලයාට රාජ්‍යය අනුග්‍රය යටතේ පැනයාමට අවශ්‍යය වටපිටාව සකස් වීම සිදුවේ. එය කෙසේ හෝ වැළක්වීම සඳහා කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය කටයුතු කරනු ලැබීය. නමුත් එය අසාර්ථක විය.

එහි ප්‍රතිඵලය ලෙස හෙතම මෙරටින් පැන යන්නේය. ඔහුගේ පැනයෑම සම්බන්ධයෙන් ඉදිරිපත්වන ප්‍රධාන අදහස් දෙකකි.

මුහුදෙන් පැනගියේද ?

එක් පාර්ශවයකට අනුව, අදාළ අපරාධකරුවා බෝට්ටුවකින් පලා යන්නේ මෙම මාසයේ පළමු සතියේදීය. අනෙක් පාර්ශවයට අනුව, ඔහු මෙරට ගුවන්තොටුපලෙන් පැනයන්නේ රාජ්‍යය ආරක්ෂාව යටතේය.

එනම්, මෙරටට පැමිණෙන රුසියානු රාජ්‍යය ආරක්ෂක වෙළඳාම් ඇතුළු කටයුතු සම්බන්ධ එකම නියෝජිත ආයතනය වන රෝසොබෝරෝන්එක්ස්පෝර්ට් සමාගමේ ප්‍රධානියාගේ පෞද්ගලික ගුවන් යානයෙන් ඔහු මෙරටින් පලා යන බව සඳහන් වේ.

බෝට්ටුවකින් පලා ගියේ නම්, හෙතම මෙරට නාවික හමුදාවේ ඇස්වලට වැලිගසා යා යුත්තේය. එසේම, රෝසොබෝරෝන්එක්ස්පෝර්ට් සමාගමේ ප්‍රධානියාගේ පෞද්ගලික ගුවන් යානයෙන් මෙරටින් පලා ගියේ නම් ඒ සඳහා මෙරට ඉහළ පෙළේ දේශපාලන බලාධිකාරියක ආශීර්වාදය තිබිය යුත්තේය.

 us ambacey colombo

කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය

 මෙහිදී පැනනගින මූලික කාරණයක්, රෝසොබෝරෝන්එක්ස්පෝර්ට් වැනි අති ප්‍රභල අවිආයුධ සමාගමක ප්‍රධානියෙකුගේ පෞද්ගලික ගුවන්යානයෙන් ඔහු පැනගියේ නම්, ඔහුට රුසියානු රාජ්‍යය සමඟ ඇති ප්‍රභල සම්බන්ධයය. එය අමතක නොකළ යුතු කාරණයකි.

මේවන විට පැතිරී පවතින තහවුරුකරගත් තොරතුරු මෙන්ම දූෂමාන ආරංචි මාර්ග ප්‍රකාරව, අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් අනුමාන කළ හැකි කාරණා කිහිපයක් තිබේ.

එෆ්.බී.අයි. සංවිධානයේ අවශ්‍යතා ලයිස්තුවේ සිටින සයිබර්අපරාධකරුවන්ගේ පළමු දසදෙනාගේ ගොන්නට අයත් අපරාධකරුවන් අතර රුසියානු ජාතික අපරාධකරුවන් සිව්දෙනෙකි.

ඔවුහු නම්, ඇලෙක්ෂි බෙලන්, දිමිත්‍රි ඇලෙක්සැන්ද්‍රෝවිච් ඩොකුචීව්, ඉගොර් අනටෝලිවිච් සුච්චින් සහ එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව් වෙති. මෙම අපරාධකරුවන් සිව්දෙනා ගැනම ඉතා දීර්ඝ විස්තර එෆ්.බී.අයි. සංවිධානය විසින් නඩත්තු කරනු ලබන, ලිපිගොනු වල තිබේ.

වැලිගමදී අල්ලා ගන්නා පුද්ගලයා කළු සල්ලි වංචාකරන ජාවාරම්කරුවෙකු බවත් හෙතම ඇමෙරිකානු මැතිවරණයේදී මැදිහත් වූයේ යැයි කියන රුසියානු ජාතික පරිඝණක හැකරුන්ගෙන් අයෙකු බවත් ඇතැම් ආරංචිමාර්ග සඳහන් කරන කාරණයකි.

එම තොරතුරු වලට අනුව අනුමාන කිරීමේදී එළඹිය හැකි නිරීක්ෂණය වන්නේ, අදාළ පුද්ගලයා එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව්ගේ තොරතුරු වලට වඩාත්ම සමීප සම්බන්ධයක් ඇති බවයි.

 ත්‍යාග මුදල ඩොලර් මිලියන තුනක් :

එසේ අත්අඩංගුවට පත් වූයේ එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව් නම්, එය අතිශය ප්‍රභල කාරණයකි. එසේම, කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය අදාළ පුද්ගලයා තමන්ට ලබාදෙන ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ මෙම පුද්ගලයා සම්බන්ධයෙන් නම් එය පුදුමයක් නොවේ.

මන්ද හෙතමගේ තොරතුරු වලට අනුව, එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව් යනු ඇමෙරිකාවට අත්‍යවශ්‍යය පුද්ගලයින් අතර කෙනෙකි. ඔහු ගැන තොරතුරු ලබා දෙන්නෙකුට ලබා දීමට නියමිත ත්‍යාග මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන තුනකි.

මෙම ත්‍යාග මුදල හේතුවෙන් අදාළ කාරණය තමන්ට අවශ්‍යය ආකාරයෙන් සිදුකර ගැනීමට ඇමෙරිකානු බලධාරීන්ට නොහැකි වූයේද යන්න මේ ගැන දන්නා අයවලුන් දනිති.

තිස්හතර වියැති එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව් එසේ මෙසේ පුද්ගලයෙකු නොවේ. ඔහු රුසියානු ආණ්ඩුව සමඟ නොනිලව කටයුතු කරන පරිඝණක විශේෂඥයෙකි.

 දරුණු හැකර් කරුවෙක් :

 එසේම, ඉතාම දරුණු හැකර් කරුවෙකු ලෙස නම්දරා ඇති ඔහු නිර්මාණය කළේ යැයි කියන පරිඝණක වෛරසයකින් ලොව පුරා පරිඝනක මිලියන ගණනක පාලනය තමන් අතට ගත් පුද්ගලයෙකි.

2011 දී එෆ්.බී.අයි. සංවිධානය පරීක්‍ෂණ ආරම්භ කළ එක් ප්‍රධාන කාරණයක් වූයේ සීයුස් ට්‍රෝජන් හෙවත් ගේම් ඕවර් සේයුස් නමැති වෛරසය විසින් කරනු ලැබූ බලපෑමයි. එය මිලියනකට වඩා වැඩි පරිඝණක සංඛ්‍යාවකට බලපෑම් කළ අතර එමඟින් සිදු වූ මූල්‍යය හානිය ඇමෙරිකානු ඩොලර් මිලියන සීයකට අධිකය. ඊට අමතරව ඔහු සිදුකොට මූල්‍යමය හානිය අතිවිශාල බව සඳහන් වේ.

බෝගචෙව් නිර්මාණය කරනු ලැබූ සීයුස් ට්‍රෝජන් වෛරසය ලොව පුරා පැතිරී ගිය රටවල් අතර ශ්‍රී ලංකාවද තිබේ. මෙරට බස්නාහිර පළාත තුළ තිබූ පරිඝණක කිහිපයක අදාළ වෛරසය පැතිරී තිබූ බව වාර්තා වී තිබේ.

අනෙක් පසින්, මෙම සිදුවීමට අදාළ පුද්ගලයා එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව් වන්නේ ඔහු නම්, හෙතම කෙසේ හෝ බේරාගෙන තම රටට රැගෙන යෑම රුසියාවේ අරමුණ වීමට ප්‍රධාන හේතූ ගණනාවක් තිබේ.

ඒ අතර ප්‍රධාන කාරණය වන්නේ එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව්ට රුසියානු ආණ්ඩුව සලකනු ලබන්නේ අවධානමකට වඩා ප්‍රයෝජනවත් අයෙකු ලෙසය.

ව්‍යාජ සේයාරුවක්:

මේ අතර අදාළ පුද්ගලයාගේ යැයි අනියමින් අඟවමින්, මෙරට ප්‍රසිද්ධ වන එක්තරා බ්ලොග් අඩවියක අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයාගේ සේයාරුවක් පලකොට තිබේ. එය ව්‍යාජ සේයාරුවක් බවත් එම සේයාරුවේ නියම මූලාශ්‍රය 123rf.com නමැති ප්‍රකට සෙයාරූ විකුණනු ලබන වෙබ් අඩවිය බවත් අප කළ නිරීක්ෂණයකදී හෙළිදරව් විය.

මේ නිසා අදාළ පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කරනු ලබන කිසිම සේයාරුවක් මෙරට නොමැති අතර ඔහු සම්බන්ධව පැවති සේයාරූ කුමන හෝ හේතුවක් නිසා අතුරුදන් වී ඇතිබව නොනිල ආරංචි මාර්ග සඳහන් කරනු ලබයි.

 ගසසප ලක පවතඅදාළ පුවත සමඟ පලකොට ඇති ව්‍යාජ සේයාරුව. මෙම සේයාරුව ලබාගෙන ඇති වෙබ් අඩවියට පිවිසීම සඳහා පිවිසෙන්න මෙතනින්

පෞද්ගලික ගුවන් යානයකින් :

 එසේම, අදාළ පුද්ගලයා මුහුදු මාර්ගයෙන් පැනයෑම සම්බන්ධව විමසීමේදී පෙනී යන්නේ, ප්‍රායෝගිකව එසේ විය හැකිද යන්නයි. මෙරට පිහිටි ඉතාම මිළ අධික පෞද්ගලික රෝහලක නැවතී සිටි අයෙකු බෝට්ටුවකින් පැනයෑමට තීරණය කරන්නේද යන්න වෙනම විමසා බැලිය යුතු තාක්ෂණික කාරණයකි.

ඔහු පැනයාමට අදාළව සඳහන් වන අනෙක් කාරණය වන්නේ, රෝසොබෝරෝන්එක්ස්පෝර්ට් නමැති සමාගමේ ප්‍රධානියා මෙරටට පැමිණි පෞද්ගලික ගුවන් යානයෙන් ඔහු මෙරටින් පැනගිය බවයි. එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව් වැනි අයෙකුගේ තොරතුරු සමඟ සිතීමේදී එවැනි මැදිහත්වීමක් සිදුවූයේනම් ඒගැන පුදුම විය යුතු නොවේ.

රෝසොබෝරෝන්එක්ස්පෝර්ට් සමාගමේ කටයුතු ගැන සහ ඔවුහු මාර්ගයෙන් රුසියානු රාජ්‍යය මෙරටට ලබා දී ඇති රාජ්‍යය ණය මුදල ගැන කාලාන්තරයක් තිස්සේ මෙරට දේශපාලන ප්‍රජාව තුළ කතාබහට ලක්වෙමින් තිබේ.

එසේම අදාළ සමාගම සමඟ කටයුතු කරන එක්තරා පෞද්ගලික මාධ්‍යය ආයතනයක් පරිපාලනය කරන පෞද්ගලික සමාගම සම්බන්ධයෙන් තොරතුරු විවිධ මාධ්‍යයන් ඔස්සේ ප්‍රසිද්ධ වී තිබේ.

 රෝසොබෝරෝන්එක්ස්පෝර්ට්:

 මේ අතර රෝසොබෝරෝන්එක්ස්පෝර්ට් සමාගම වෙනුවෙන් කාලයක් කටයුතු කළ මෙරට නියෝජිතයාගේ හදිසි අභාවයෙන් පසු ඔහුගේ සමාගමට අදාළ නීතිමය ගිවිසුම්වලින් වහාම ඉවත්වන රෝසොබෝරෝන්එක්ස්පෝර්ට් නව පෞද්ගලික සමාගමක් සමඟ ගිවිසුම් ඇතිකර ගෙන ඇතිබව සඳහන් වේ.

එම සමාගම මෙරට ඉහළ දේශපාලන බලවේගයකට ඕනෑම බලපෑමක් කිරීමට හැකි බලයක් ඇත්තේ යැයි පතුරුවා ඇති අදහස හේතුවෙන්, අදාළ මව් සමාගම එම තීරණය ගත්බව පසුව වාර්තා වූ මූලික කාරණයකි.

මේ අතර රුසියානු හැකරුන් සහ කළු සල්ලි සුදු කරන වංචාකාරයින් මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍යය ආයතන දෙකක් සමඟ ඉතාම කිට්ටු සම්බන්ධයක් පවත්වාගෙන යන බව මීට මාස කිහිපයකට පෙර වාර්තා වූයේ සාමය සහ ආරක්ෂාව භාර ආමත්‍යය සාගල රත්නායක මහතාටය. ඔහු එය ආරක්ෂක අංශ බලධාරීන්ට දැනුම් දෙනු ලැබීය. ඒ සම්බන්ධයෙන් මේවන විටත් පරීක්‍ෂණ පැවැත්වේ.

 මේ අතර වාරයේ රෝසොබෝරෝන්එක්ස්පෝර්ට් සමාගමේ පිරිසක් පළමුවද, එහි ප්‍රධානියා පසුවද මෙරටට පැමිණ ඉතාම රහසිගත මට්ටමේ alecsenderසංවාද පත්වනු ලැබූහ. එය ඉතාම සූක්ෂමව ඉදිරිපත් කිරීමට මෙවැනි ලෝක ප්‍රකට සමාගමක් තීන්දු කිරීම සැබවින්ම පුදුම සහගතය.

එසේම, ඩොලර් මිලයන හාරසීයක පමණ ගනුදෙනුවක් පිළිබඳ තීන්දු ගැනීම සඳහා එහි ප්‍රධානියා පැමිණීම කුතුහලය දනවන කාරණයකි. මන්ද, රෝසොබෝරෝන්එක්ස්පෝර්ට් සමාගම විසින් ඉන්දියාවට විකුණනු ලැබූ අතිවිශාල වටිනාකමක් ඇති භාණ්ඩ සිදු වූ ගනුදෙනු වලදීවත් හෙතම පැමිණියේ නැත.

සාමන්‍යයෙන් රුසියානු ජනාධිපතිවරයා හා සමාන වටිනාකමක් ඇති මෙම ප්‍රධානියා මෙරටට පැමිණීම එක් ගනුදෙනුවක් පිරිමසා ගැනීම සඳහා පමණක් සිදුවූයේ යැයි සිතීම උගහටය.

එම අනුමාන කිරීම් ඔස්සේ එළඹිය හැකි නිගමනය වන්නේ, ඉතාම වැදගත් කාරණා කිහිපයක් විසඳා ගැනීම සඳහා හෙතම මෙරටට පැමිණි බවය. ඉන් ප්‍රධාන කාරණයක් විය හැක්කේ අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහැර සිටි රුසියානු ජාතික අපරාධකරුවා කිසිඳු අවහිරතාවයකින් තොරව මෙරටින් රැගෙන යෑම විය හැකිය.

 කටුනායක ගුවන්තොටුපලෙන් !

විශ්වාසදායක ආරංචිමාර්ග සඳහන් කරන තවත් අතිශය බරපතළ කාරණයක් වන්නේ, එම පුද්ගලයා විශාල ආරක්ෂාවක් යටතේ කටුනායක ගුවන්තොටුපළට රැගෙන ගොස් සියල්ලගේම දෑස් වලින් වසා ඔහුගේ ආරක්ෂාකාරී පිටවීම මෙරට බලධාරීන් විසින් තහවුරු කළ බවයි.

නමුත්, ඒ ගැන විමසා බැලීම සඳහා ඉහළපෙළේ ආරක්ෂක අංශ සම්බන්ධ කරගැනීමේදී සඳහන් වූයේ එවැන්නක් සම්බන්ධයෙන් තහවුරුකරගත් සාක්ෂි නොමැති බවයි.

කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීමේදී සඳහන් කරනු ලබූ තවත් ප්‍රධාන කාරණා කිහිපයකි.

එනම්, උදර්පණ පනතේ කොන්දේසී ප්‍රකාරව ඇමරිකා එක්සත් ජනපදය අදාළ පුද්ගලයා තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා ඇත. නමුත්, එය ප්‍රතික්‍ෂේප කරමින් එම පනතේ කාරණා අනුව සහ ඔහුගේ රුසියානු සම්භවය මූලික කරගෙන අදාළ පුගලයා රුසියාවට භාරදීමට මෙරට බලධාරීන් කටයුතු කොට ඇත.

ඉන් පසු ඔහු පැනගොස් ඇතිබව සඳහන් කරමින් ව්‍යාජ පුවතක් නිර්මාණය කොට තිබේන බව ඇතැම් මූලාශ්‍ර මේ සම්බන්ධයෙන් දරණ මතයකි.

ඇමරිකාවේ හැකර්කරුවන් දඩයම:

ඇමෙරිකා එක්සත් ජනපදය තම රටේ පරිඝණක පද්ධති වලට හානී කළ හැකර්කරුවන් දඩයම් කිරීම ආරම්භ කරනු ලැබුවේ අද ඊයෙක නොවේ.

එසේම නිකිටා කුස්මින්, දිමිත්‍රි ස්මිලියනෙට්, ව්ලැඩිමීර් ද්රින්ක්මන්, රෝමන් සෙලෙස්නීව් ආදී රුසියානු ජාතික හැකර්කරුවන් ජාත්‍යන්තර පොලිසිය, එෆ්.,බී. අයි සහ අදාළ මුල් රටවලදී අල්ලාගෙන ගොස් එක්සත් ජනපදයේදී නඩු අසා දඬුවම් පමුණුවනු ලැබූහ. ඉන් සෙලෙස්නීව් වසර 27ක සිරදඬුවමකට යටත් කරනු ලැබුවේ මේ වසරේ අප්‍රේල් 27 මාසයේදීය.

සෙලෙස්නීව්ගේ ජීවිත කතාව ඉතා දීර්ඝ සහ ආකර්ෂණීය අත්දැකීම් වලින් පිරුණු එකකි. හෙතම තම දික්කසාදයෙන් පසු හැකර්වරයෙකු ලෙස කටයුතු කිරීම ආරම්භ අතර විවිධාකාර වෛරස් නිර්මාණය කරනු ලැබුවේ අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මූල්‍ය ගනුදෙනු වල තොරතුරු දැනගෙන ඒවා තමන්ගේ ග්‍රහණයට ගැනීම සඳහාය.

ඔහු සම්බන්ධයෙන් ලියවී ඇති එක්තරා සටහනකට අනුව, වරකදී, 2පැක් නමින් හැකර් නාමයක් යොදා ගෙන නව වෙබ්අඩවියක් ඔහු ආරම්භ කළේය. එම වෙබ්අඩවියේ ඉහලින්ම ඔහු මෙසේ සටහන් කොට ඇත.

“මම මෙහිදී පැහැදිලි කරන්නම් සල්ලි හොයන්නේ කොහොමද කියලා. $500 සිට $50,000 දක්වා වගේම $500,000 දක්වා. පටන් ගත්ත තැන ඉඳන්ම මේ සම්පූර්ණ ක්‍රියාවලීයම නීති විරෝධීබව මතක තියාගන්න”

ඔහු එහිදී ඩොලර් මිලියන විශාල ප්‍රමාණයක් ඉපැයූ බව සඳහන් වේ. ඔහුගේ ක්‍රියාවලී ගැන සැක සිතු එෆ්.බී. අයි. ඔහුගේ ක්‍රියාකාරකම් ලුහුබඳිනු ලබන්නේ 2005 සිටය.

කෙසේ වෙතත් තමන් පිටුපස එෆ්.බී.අයි. ලුහුබඳින බව හෙතම වඩාත් හොඳින් දැන සිටියා පමණක් නොව සෑම විටම, පිටරට සංචාර වලදී එක්සත් ජනපදය සමඟ උදර්පණ පනත් අත්සන් නොකළ රටවල් තෝරා ගැනීමට සහ රුසියාව සමඟ මිත්‍ර සම්බන්ධතා ඇති රටවල් තෝරා ගැනීමට ප්‍රවේශම් වී තිබේ.

 romen 300pxඑහි ප්‍රතිඵලය ලෙස හෙතම 2014 මාලදිවයිනේ සංචාරයකට ගියේය. විශාල නිවසක් ( විලා) කුලියට ගත් හෙතම දින කිහිපයක් ගත කළේය. එය එෆ්.බී.අයි. වඩාත් ප්‍රවේශමෙන් නිරීක්ෂණය කළ අතර, ඔහු අල්ලා ගැනීමේ අවශ්‍යතාවය බලධාරීන් මාර්ගයෙන් කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ඔස්සේ මාලදිවයිනේ බලධාරීන්ට දැනුම්දෙනු ලැබීය.

උදර්පණ පණතට ඇමරිකාව සමඟ අත්සන් නොකළ රාජ්‍යක් වුවද මාලදිවයින එහිදී අදාළ සිදුවීම සඳහා ඇමෙරිකාවට සහයෝගය පළකළේය.

කුලියට ගත් නිවසෙන් පිටත්වී මොස්කව් පිහිටි තම නිවස බලා යෑමට ගුවන් තොටුපලට පැමිණෙමින් සිටි සෙලෙස්නීව් අත්අඩංගුවට ගෙන පළමුව හවායි හී පිහිටි ඇමෙරිකානු හමුදා මූලස්ථානයට රැගෙන ආවේය. ඉන් පසු ගුවාම් දූපතටද එනයින් සීට්ල් ප්‍රදේශයට රැගෙනවිත් අධිකරණයට පමුණුවනු ලැබීය.

එෆ්.බී. අයි. මූලාශ්‍ර වලට අනුව සෙලෙස්නීව් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතු වූ ලැප්ටොප් පරිඝණකයේ මිලියන 1.7 පමණ ක්‍රෙඩිට්කාර්ඩ් වලට අදාළ තොරතුරු, ඊමේල් සහ දත්ත ගබඩා වලට ඇතුළුවීමට අවශ්‍යය ඛේත නාමයන් එහි ගබඩාකොට තිබුණි.

ඔහුගේ ක්‍රියාකාරම් හේතුවෙන් අහිමි වූ මුදල, ඩොලර් මිලියන 170 කට අධික බව ඇමරිකානු විමර්ශකයින්ගේ මතයයි.

අදාළ සිදුවීම, පැහැරගැනීමක් ලෙස හඳුන්වනු ලැබූ රුසියානු බලධාරීන් ඒ සම්බන්ධයෙන් සහයෝගීව කටයුතු කළ මාලදිවයින් ආණ්ඩුවට තම අප්‍රසාදය පල කළේය.

මේ හා සමාන සිදුවීම් රාශියක් පසුගිය කාලය පුරාම ප්‍රසිද්ධ විය. එසේම මෙම කාරණා වල ඇති බරපතළ තත්වය ගැන රුසියානු ආණ්ඩුව ඉතාම සැලකිල්ලෙන් පසුවේ.

 ප්‍රබල දේශපාලන මැදිහත්වීමක් :

 මෙවැනි තත්වයක් යටතේ, ඇමෙරිකානු බලධාරීන් තමන්ට භාරදෙන ලෙස ඓල්ලා සිටි මෙරටදී අත්අඩංගුවට පත් වූ රුසියානු ජාතිකයා කෙසේ හෝ තම රටට රැගෙන යෑමට කටයුතු කිරීම සඳහා ප්‍රභල දේශපාලන මැදිහත්වීමක් සිදුවූ බව ප්‍රතික්ෂේප කළ හැකිද?

එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව් වැනි පුද්ගලයින් ඇමරිකාව විශාල කැපවීමක් කරමින් සොයන අපරාධකරුවන් වෙති. එසේම, රුසියාව තමන්ට ප්‍රයෝජනයට ගත හැකි එවැනි පුද්ගලයින් කෙසේ හෝ රැක ගැනීම තම මූලික වගකීම ලෙස තකන්නේය.

එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව් භාවිතා කරන ව්‍යාජ නම් රාශියකි, එසේම හැකර් කරුවෙකු ලෙස ලකී 12345 සහ ස්ලැවික් යන ඛේතනම් russia ambacey 300pxවලින් පෙනී සිටින බව සඳහන් වේ. ඔහු විසින් සිදුකොට ඇති සයිබර්අපරාධ වල ඉතාම විශාලය. මේ නිසා ඔහු ඇමෙරිකානු බලාධාරීන්ට අත්‍යවශ්‍යය පුද්ගලයෙකු වේ.

වැලිගමදී අල්ලාගනු ලැබුවේ සාමන්‍යය අපරාධකරුවෙකු නම් ඇමෙරිකානු බලධාරීන් තම රටට රැගෙන යෑම සඳහා එතරම් උනන්දුවක් ගන්නේ නැත. එසේම, එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව් සම්බන්ධ එෆ්.බි.අයි. වාර්තාවට අනුව හෙතම ඇමෙරිකානු අධිකරණ ක්‍රමවේදය තුළ ඇපනොදෙන අපරාධකරුවන්ගේ ගොන්නට හෙවත් “ෆ්ලයිට් රිස්ක්” ඛාණ්ඩයට ඇතුළත් කොට තිබේ.

කෙසේ වෙතත්, මේ ප්‍රභල රාජධූත ගැටීම තුළ ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන බලය දැඩිව සිරවී තිබෙන බව නීරීක්ෂණය කළ හැකිය. මෙවැනි කාරණා වලදී අදාළ රාජ්‍යයන් වල හැසිරීම මෙන්ම ශ්‍රී ලංකාව රටක් ලෙස කටයුතු කළ යුත්තේ කෙසේද යන්න, ඉතාම වැදගත් කාරණයකි.

නමුත් අවාසනාවට මෙන්, අදාළ සිදුවීම සම්බන්ධයෙන් විවිධ ඕපාදූප සහ වෙනත් මාදිලියේ අදහස් හුවමාරු වීම පමණක් දැකිය හැකිය.

තාක්‍ෂණික වශයෙන් විශාල පෙරළියක් සිදු වී ඇති වටපිටාවක, මුහුණු පොත වැනි සමාජ ජාලා අඩවි ඔස්සේ තම පෞද්ගලික ජීවිතය නොමිලේ වෙළදාම් කිරීමෙන් ඔබ්බට ගිය ආකල්ප වර්ධනය වීම මෙන්ම තාක්ෂණික මෙවලම් ඔස්සේ මෙරට ජනජීවිතයට එල්ලවිය හැකි ප්‍රභල බලපෑම තක්සේරු කිරීම පමණක් නොව රටේ ව්ටහමන් සහ අනාගත ආරක්‍ෂාව උදෙසා නිවැරදි තීන්දු තීරණ ගැනීම ඉතාම වැදගත් වේ.

 (ශ්‍රී ලංකා ගාර්ඩියන්)

Comment (0) Hits: 550

ඇමරිකාව ඉල්ලු රුසියානු ඔත්තුකරුවා ලංකාවෙන් පැනගිහින් !

ජාත්‍යන්තරව සිදුකර ඇතැයි කියන බරපතල වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රෝහල්ගත කර සිටි රුසියානු දුරස්ථව රහස් ඔත්තු නිලධාරීයකු ශ්‍රී ලංකාවෙන් පැනගොස් ඇතැයි 'නිව්ස් ටියුබ්' වෙත වාර්තාවේ.

ඔහු එසේ පැනගොස් ඇත්තේ ඔහුව සිය රටට ලබාදෙන ලෙස ඇමරිකාව විසින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබිය දිය.

රුසියානු දුරස්ථව රහස් ඔත්තු නිලධාරීයකු ඇමරිකාවට හොර රහසේම භාරදීමට ලංකා රජය සුදානම් කිරීම වැනි ගැටළුද ශ්‍රී ලංකාව හා රුසියාවේ මිත්‍රත්වය පලුදුකර ඇතැයි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයකු වූ උදයාංග වීරතුංග මහතා පසුගියදා රුසියාවේ තේ තහනම සම්බන්ධයෙන් නිකුත්කර තිබු නිවේදනයක සඳහන් විය.

කෙසේවුවද එම රුසියානු රහස් ඔත්තු නිලධාරීයා මේවනවිට රුසියාවට ගොස් ඇතැයි රාජ්‍ය බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.

Comment (0) Hits: 347

යහපාලනය නහින්නේ රවී නිසා!

E පාස්පෝට් ටෙන්ඩරයට එරෙහිව පෙත්සමක්

නව විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍රය සැකසීමේ කොන්ත්‍රාත්තුව ටෙන්ඩර් පටිපාටියකින් තොරව M/S De La Rue Lanka Currency and Security Print Ltd සමාගමට ලබාදීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇති බව වාර්තා වෙයි.

කැබිනට් මණ්ඩලය නොමග ගිහින්

මෙම පෙත්සම දේශීය සමාගම් විසින් ගොනුකර ඇති අතර විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍රය සැකසීමේ කොන්ත්‍රාත්තුව M/S De La Rue Lanka Currency and Security Print Ltd සමාගමට ලබාදීම සඳහා අනුමැතිය ලබා ගැනීමේදී කැබිනට් මණ්ඩලය නොමගයවා ඇති බවද එම පෙත්සමේ සඳහන්ව ඇත.

40% කොටස් හිමිකම

ලැබී ඇති තොරතුරුවලට අනුව මෙම කොන්ත්‍රාත්තුව M/S De La Rue Lanka Currency and Security Print Ltd සමාගමට සෘජුවම ලබාදීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් සංදේශය ඒ සඳහා විවෘත ටෙන්ඩර් කැඳවීමක් අවශ්‍ය නොවන බව දක්වා ඇත්තේ M/S De La Rue Lanka Currency and Security Print Ltd සමාගමේ කොටස් 40%ක් ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් බවත් ඒ අනුව එය රාජ්‍ය අනුබද්ධ සමාගමක් බව දන්වමින්ය.

එහෙත් පෙත්සම්කාර පාර්ශවය සඳහන් කරන්නේ 40%ක කොටස් හිමිකම රජය සතුවූ පමණින් එය රාජ්‍ය අනුබද්ධ සමාගමක් නොවන බවත් එසේ රාජ්‍ය අනුබද්ධ සමාගමක් ලෙස හැඳින්වීමට නම් අවම වශයෙන් 50%ක හෝ කොටස් හිමිකාරීත්වයක් රජය සතුවිය යුතු බවය.

එකම සමාගමට අර්ථ දෙකක්

මීට පෙර මත්පැන් බෝතල් සඳහා ආරක්ෂක ස්ටිකරයක් නිකුත් කිරීම වෙනුවෙන් වන ටෙන්ඩරය M/S De La Rue Lanka Currency and Security Print Ltd සමාගම වෙත ලබානොදී Madras security printers නම් ඉන්දීය සමාගම වෙත ලබාදුන් බවත් එහිදී මෙම “රාජ්‍ය අනුබද්ධ සමාගමක්” යන පදනම නොසළකා ඇති බවද පෙත්සම්කාර පාර්ශවය පෙන්වා දෙයි.

මේ බව සඳහන් කරමින් පෙත්සම්කාර පාර්ශවය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ රාජ්‍ය ගනුදෙනුවකට අදාළ ටෙන්ඩරයක් හමුවේ එකම සමාගම එක් අවස්ථාවකදී “රාජ්‍ය අනුබද්ධ සමාගමක්” බවටත් තවත් අවස්ථාවකදී එසේ නොවන බවටත් තක්සේරු කළ ප්‍රතිපත්තිය සම්බන්ධව ගැටළුවක් ඇති බවය.

ඒ අනුව රජයේ ටෙන්ඩර් නිකුත් කිරීමේ විනිවිදභාවය මේ හමුවේ ප්‍රශ්නකාරී වන බවත් එය යහපාලන ආණ්ඩුවේ කීර්තිනාමයට හානිකර බවත් ඔවුන් පෙන්වා දෙයි.

තවද ලැබී ඇති තොරතුරු වලට අනුව M/S De La Rue Lanka Currency and Security Print Ltd සමාගම බ්‍රිතාන්‍ය සමාගමක් වන අතර එහි කොටස් හිමිකාරීත්වයක් ශ්‍රී ලංකා මහ බැංකුවට ඇත. මෙරට මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ ඒකාධිකාරය කලක පටන් එම සමගම විසින් සිදුකරන අතර එය ලබාදීමේදී ද ටෙන්ඩර් කැඳවීමක් සිදුනොවේ. තම සමාගම 200 කට ආසන්න සේවක පරිසකට වැටුප් ගෙවීමක් සිදුකරන බවත් සමාගමේ කොටස් 40%ක් රජය සතු බව දක්වමින් මේ සමගම ටෙන්ඩර් සඳහා ලන්සු තැබීමට ඉදිරිපත් වන්නේද ඉතා කලාතුරකින්ය.

නමට කොටස් - ලාභ හුටස්

එවැනි ලංසුව තැබීම් වලදී M/S De La Rue Lanka Currency and Security Print Ltd සමාගමට අදාළ ටෙන්ඩරය හිමිවීමේ අවස්ථාවක් නොමැති තරම් වන අතර ඊට හේතු වන්නේ ඔවුන්ගේ ලංසුව ඉතා ඉහල අගයක් ගැනීමය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය සමයේ කැඳවූ රුපියල් 1,2,5,10, කාසි නිකුත් කිරීම වෙනුවෙන් වන ටෙන්ඩරයද මෙම සමාගමට අහිමිව ගොස් ඇත්තේද එනිසාය.

මේ සම්බන්ධව අප කළ සොයා බැලීමේදී වෙළඳපොල ආරංචිමාර්ග සඳහන් කර සිටියේ M/S De La Rue Lanka Currency and Security Print Ltd සමාගම පසුගිය සමයේ ශ්‍රී ලංකා රජයට අයත් කොටස් හිමිකාරීත්වය වෙනුවෙන්ද ගෙවා ඇත්තේ ඉතා අඩු වටිනාකමක් බවය. එසේම එම ප්‍රමාණය සමාගමේ ආදායමෙන් 0.9 %ක් තරම් අඩු අගයක් බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

එසේම මුදල් නෝට්ටු සැපයීමේදී මෙන්ම විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍රය නිකුත් කිරීමේ කටයුත්තේදීද වැඩි මුදලක් අදාළ සමාගමට ගෙවීමට රජයට සිදුවිය හැකි බවද වෙළඳපොල ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

අපි කලින්ම කිව්වා

මේ සම්බන්ධව newstube.lk වෙබ් අඩවිය මීට පෙර අනාවරණයක් සිදුකළ අතර එය පහත දැක්වේ.

https://newstube.lk/news/233-e-pass-port

එසේම මෙම නව විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍රය නිකුත් කිරීමේ ටෙන්ඩරය ලබාදීම සම්බන්ධ විෂය අයත් වනුයේ ආගමන විගමන දෙපාර්තමේන්තුවටය. එම විෂය අයත්වන්නේ අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයටය.

ඇමති රවී මැද්දට පනී

එහෙත් මේ වන විටත් ඊට අදාළ කැබිනට් සංදේශය ඉදිරිපත් කර ඇත්තේ විදුලි සංදේශන සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දුය. මේ සම්බන්ධව අප කළ සොයා බැලීමේදී අනාවරණය වුයේ අදාළ ටෙන්ඩරය නිකුත් කිරීමේ මුලික කටයුතු අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සහ විදුලි සංදේශන සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය විසින් සිදුකරමින් සිටියදී හිටපු අමාත්‍ය රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන සමයේ මෙහි වගකීම තමන් වෙත පවරාගෙන ඇති බවය.

හැම නෑමක් පිටුපස - රවී සිටීයි

සැබවින්ම ආගමන විගමන දෙපාර්තමේන්තුවට අයත් කාර්යයක් මේ ආකාරයට මුදල් ඇමතිවරයෙකු මැදිහත්වීමට තරම් සාධාරණ කාරණයක් පෙනෙන්නට නැත. එසේම අදාළ මැදිහත්වීම හරහා ටෙන්ඩරය වෙනුවෙන් වියදම් කිරීමට ඇති පිරිවැය අඩු වූවානම් එයද නොසළකා සිටීමට ඉඩ තිබිණ. නමුත් ගැටලුව බරපතල වන්නේ හිටපු මුදල් අමාත්‍යවරයාගේ මැදිහත්වීම තුළ එතෙක් නව විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍රයක් සැකසීමේ සිට නිකුත් කිරීමේ ක්‍රියාවලිය දක්වා දියත් කර තිබු ව්‍යාපෘතිය නොසළකා ICTA හරහා M/S De La Rue Lanka Currency and Security Print Ltd සමාගමට එම කාර්ය පවරන්නට ඔහු කටයුතු කිරීම තුලය.

ජනාධිපති නිරීක්ෂණ නොසළකා හැරලා

අනතුරුව දියත්වූ ක්‍රියාවලිය තුළ අදාළ ටෙන්ඩරය M/S De La Rue Lanka Currency and Security Print Ltd සමාගමට ලබාදීම සඳහා ඉදිරිපත් වූ කැබිනට් සංදේශ සම්බන්ධව ජනාධිපතිවරයා පවා නිරීක්ෂණ යොදා තිබුණේ එම ක්‍රියාවලිය ස්විස් චැලේන්ජ් හෝ විවෘත ටෙන්ඩර් කැඳවීමක් හරහා සිදුකිරීම වැදගත් බවය.

නමුත් M/S De La Rue Lanka Currency and Security Print Ltd සමාගම එවැනි ක්‍රමයකට යාම ප්‍රතික්ෂේප කර ඇත. ඒ අනුව තරගකාරී මිලකට අදාළ ටෙන්ඩරය නිකුත් කිරීමේ අවස්ථාව අහිමි වන අතර විමතියට කරුණ වන්නේ මේ පිළිබඳ කිසිඳු සොයා බැලීමකින් තොරව අදාළ ටෙන්ඩරය සඳහා කැබිනට් අනුමැතිය ලබාදීමේ පදනම කුමක්ද යන්නය.

එසේම මේ වන විටත් M/S De La Rue Lanka Currency and Security Print Ltd සමාගමට මෙම ටෙන්ඩරය ලබාදීම වෙනුවෙන් රුපියල් බ්ලියන 1.2 ක් වැය කරන්නට රජයට සිදුව ඇත. එහෙත් පෙත්සම්කාර සමාගම සඳහන් කර සිටින්නේ ඊට වඩා බොහෝ අඩු මුදලකට ලෝකයේ අංක එකේ ප්‍රමිතියෙන් යුතු විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමේ හැකියාව තමන් සතු බවය. එසේම මේ වන විට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවා රුපියල් මිලියන 600ක් යොදවා අදාළ විදෙස් ගමන් බලපත්‍රය තමන්ටද නිකුත් කළ හැකි බව සඳහන් කර ඇත.

ඒ අනුව නව විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍රය සැපයීමේ කොන්ත්‍රාත්තුව M/S De La Rue Lanka Currency and Security Print Ltd සමාගමට පැවරීම කිසිඳු විනිවිදභාවයකින් තොර යහපාලන ප්‍රතිපත්ති කෙලෙසීමක් තුළ සිදුවෙමින් ඇති බවට සිතීමද සාධාරණය. එසේම කිසියම් තැනක වරදක් සිදුව ඇත්නම් එය යලි සලකා බලන්නට අවස්ථාවක් ඇති බැවින් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ සමස්ථ ආණ්ඩුව මේ ගැන අවධානය යොමුකිරීම වැදගත්ය.

newstube.lk – x files

Comment (0) Hits: 922

අධ්‍යාපන අමාත්‍යංශ ටැබ් ටෙන්ඩරයේ අලුත්ම මගඩිය මෙන්න

උසස් පෙළ පාසල් සිසුන් සඳහා ටැබ් පරිගණක බෙදීමේ ව්‍යාපෘතිය හරහා අධ්‍යාපන අමාත්‍යංශය නැවතත් ටෙන්ඩර් මගඩියකට සුදානම් වන බව වාර්තා වෙයි.

ඒ මීට පෙර ටැබ් පරිගණක බෙදීමේ ටෙන්ඩරය බරපතල ටෙන්ඩර් අක්‍රමිකතාවක් සිදුකර metropolitan සමාගම වෙත ලබාදීමට ගත් තීන්දුව අත්හිටුවා එම ටෙන්ඩරය අබාන්ස් සමාගමට ලබාදීම සඳහා සුදානම් වෙමින්ය.

පරණ මගඩිය

අදාළ ටෙන්ඩරය වෙනුවෙන් පත්කළ තාක්ෂණික කමිටුවේ සභාපතිවරයා ඇතුළු අධ්‍යාපන අමාත්‍යංශයේ බලධාරීන් පළමු අවස්තාවේදී metropolitan සමාගම වෙත මෙම ටැබ් පරිගණක සැපයීමේ ටෙන්ඩරය ලබාදීමට සුදානම් වුයේ ටෙන්ඩර් කොන්දේසි වෙනස් කරමින් සිදුකල අක්‍රමිකතාවක් හරහාය.

ඒ බව මීට පෙර newstube.lk වෙබ් අඩවිය විසින් විශේෂ හෙළිදරව්වක් සිදුකලා ඔබට මතක ඇත.

https://newstube.lk/exclusive/193-school-student-tab-srilanka ඔස්සේ ඔබට එය නැවත කියවා ගැනීමට හැකිය.

අලුත් මගඩිය

මේ වන විට වාර්තා වී ඇති තොරතුරු වලට අනුව උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක බෙදීමේ ටෙන්ඩරය මෙවර අබාන්ස් සමාගමට ලබාදීමට සැලසුම් කර ඇත්තේද එවැනිම ටෙන්ඩර් මගඩියක් සිදුකරමින්ය. ඒ ටෙන්ඩරය වෙනුවෙන් අඩුම ලංසු තැබූ පාර්ශවය ලෙස අබාන්ස් සමාගම සළකමින්ය.

වාර්තා වන ආකාරයට ඒ වෙනුවෙන් නව අමාත්‍ය මණ්ඩල සන්දේශයක් මේ වන විට අධ්‍යාපන අමාත්‍යංශය විසින් සකස් කර ඇති අතර එය නුදුරු දිනයකදී කැබිනට් අනුමතිවය ඉදිරිපත් කරන්නට සැලසුම් කර ඇත.

අබාන්ස් සමාගම මෙම ටෙන්ඩරය වෙනුවෙන් රුපියල් බිලියන 4.1ක අඩුම ලංසුවක් තැබූ බව ඇත්තය. එහෙත් ගැටලුව වනුයේ ටෙන්ඩරය ලබාගැනීම වෙනුවෙන් ඔවුන් ඉදිරිපත් කළ ටැබ් පරිගණකය, ටෙන්ඩර් පිරිවිතර සමඟ අනුකූල නොවීමය.

ටෙන්ඩර් කොන්දේසි උල්ලංඝණය කරලා

නිකුත් කළ ටෙන්ඩරයේ පිරිවිතර අනුව ටෙන්ඩරය සඳහා ඉදිරිපත් කරන අයිතමය මෙරට වසර 5ක කාලයක් භාවිතයේ තිබිය යුතුව ඇත. නමුත් අබාන්ස් සමාගම ඉදිරිපත් කළ ටැබ් පරිගණකය haier වර්ගයේ වන අතර එය මෙරටට ආනයනය කර වසර 5 ක කාලයක් ගතවී නැත. වෙළඳපොල ආරංචිමාර්ග වලට අනුව නම් haier වෙළඳනාමය ඇති ටැබ් පරිගණක මෙරට භාවිතයට එක්ව ඇත්තේ 2015 වසරේය.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශය ඉතා පැහැදිළිව අඩුම ලංසුව ඉදිරිපත් කළ ලන්සුකරුවා යන ජනප්‍රිය සටන් පාඨයට මුවාවී මේ සිදුකරන්නට සුදානම් වන්නේ තවත් ටෙන්ඩර් මගඩියක් බව පැහැදිළිය. තවද මේ ආකාරයේ ටෙන්ඩරයක් නිකුත් කිරීමේදී සාධනය කළ යුතු පිරිවිතර දක්වන්නේ අතපය කසනවාට නොවේය. ඊට අදාළ වැදගත් කම භාණ්ඩයේ අඩු මිල තරම්ම වැදගත් බවත් ඒ මොනවාද යන්න අමාත්‍යංශයේ බලධාරීන්ට අමුතුවෙන් කියාදිය යුතු යැයි අප සිතන්නේ නැත.

අනෙක් අතට අමාත්‍යංශයේ අපේක්ෂාව අඩුම මිලට අදාළ ටෙන්ඩරය නිකුත් කිරීම නම් කළ යුතුව ඇත්තේ ටෙන්ඩර් කොන්දේසි සහ පිරිවිතර නියම ආකාරයට ඇති අඩුම මිල ඉදිරිපත් කළ ලන්සුකාර ආයතනයට ටෙන්ඩරය නිකුත් කිරීමය. එවැනි ලන්සුකරුවකු සිටිනවාද නැද්ද යන්න කොහෙත්ම නොසලකමින් කරන්නට යන මේ ගනුදෙනුව පිටුපස අතයට ගනුදෙනුවක්ද තිබෙන්නට ඇති ඉඩකඩ කොහෙත්ම ප්‍රතික්ෂේප කළ නොහැකිය.

වරක් සිදුකරන්නට ගිය ටෙන්ඩර් මගඩියක් වලක්වා එම වරද නිවැරදි කරන්න යන මොහොතේ තවත් එවැනිම මගඩියක් සිදුකිරීමට උත්සහ කිරීම ගැන සිතන්නට වෙන යමක් නොමැත. ඒ හමුවේ අප අවධාරණය වන්නේ ඇමති අඛිල මේ හෙළිදරව් බොරු කරන ලෙස වැඩ කර පෙන්නන්න කියාය. ටැබ් නමින් නාම විශේෂණයක් ඔබ නමටත් තවත් ටෙන්ඩර් මගඩියක් ආණ්ඩුවේ ගිණුමටත් බැරවීම වළක්වන්නට වෙනත් මගක් නොමැත. වරදක් සිදුවෙන්නට පෙර අප මෙසේ ඒ ගැන හෙළිකරේද එනිසාය.

newstube.lk - x files

 

 

 

 

Comment (0) Hits: 316

බැසිල් - විලී රහස් හමුව හෙළිවේ: එකාබද්ධයේ දිස්ත්‍රික් නායකයෙක් 14 දා ශ්‍රීලනිපයට

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ප්‍රබල දිස්ත්‍රික් නායකයකු එළඹෙන 14 වනදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සහය දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත එක්වීමට නියමිත බව වාර්තා වෙයි.

ගියේ එජාප විරෝධී නිසා

මීට පෙරද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටිමින් ප්‍රබල අමාත්‍යධුරයක් ඉසිලු මෙම දේශපාලන චරිතය 2015 ජනවාරි 8 බලපෙරලියෙන් පසුව ශ්‍රීලනිප- එජාප ජාතික ආණ්ඩුව පිහිටුවීමත් සමඟ ශ්‍රීලනිප දේශපාලනයෙන් ඈත්ව ඒකාබද්ධ විපක්ෂයේ සහ පොදුජන පෙරමුණ සමඟ දේශපාලනයේ නිරත විය.

බැසිල් ඉන්නෙ වෙන ගේමක

එහිදී ඒකාබද්ධ විපක්ෂය දේශපාලන බලවේගයක් ලෙස ගොඩනැගීමට විශාල වෙහෙසක් දැරූ මෙම දේශපාලන චරිතය හදිසියේ එම කටයුතු නවතා නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට තීරණය කර ඇත්තේ බැසිල් රාජපක්ෂගේ ග්‍රහණයට නතුව ඇති ඒකාබද්ධ විපක්ෂයේ සහ පොදුජන පෙරමුණේ සැබෑ අපේක්ෂාව හෙළිදරව්වී ඇති නිසාය.

ඒ අනුව අදාළ දේශපාලන චරිතය මේ වන විට තමන් ගෙන ඇති තීරණය සම්බන්ධව තම විශ්වාසවන්ත දේශපාලන ආධාරකරුවන් කිහිපදෙනෙකුව දැනුවත් කර ඇති අතර එහිදී සඳහන් කර ඇත්තේ “තමන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයට සහය දැක්වූ පිරිස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඈත්වුයේ එක්සත් ජාතික පක්ෂයට ඇති විරෝධය නිසා බවත් නමුත් මේ වන විට බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැබලි කර දුර්වල කර එක්සත් ජාතික පක්ෂය බලයට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව තහවුරුව ඇති බවත්ය.

බැසිල් විලී හමුවක්

මේ අතර ඊයේ රාත්‍රියේ බැසිල් රාජපක්ෂ සහ විලී ගමගේ (ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම්) අතර හමුවක් විලී ගමගේ මහතාගේ නිවසේදී සිදුව ඇත. අප වෙත ලැබී ඇති විශ්වාසවන්ත තොරතුරු වලට අනුව රාත්‍රී භෝජන සංග්‍රහයක් ලෙස පැවති මේ හමුවේදී හිතන තරම් ජයග්‍රහණයක් පොහොට්ටුවට ලැබීමට නොහැකි බව බැසිල් රාජපක්ෂ පවසා ඇත.

දිනන්න බෑ තමයි - බැසිල්

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිධුරය ඇතුළුව අමාත්‍යවරුන් රැසකින් සමන්විත නිසා ගම්මටම තුළ පොහොට්ටුවට අවාසි බව තමන් පිළිගන්නා බවත් පළාත් පාලන ආයතන ජයග්‍රහණය කිරීම වෙනුවට තමන්ගේ සැලැස්ම වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනෙන තරමේ මන්ත්‍රීධුර ප්‍රමාණයක් අල්ලා ගැනීම බවත් සඳහන් කර ඇත.

ශ්‍රීලනිපය කඩන්න ඕන - බැසිල්

එසේම හැකි තරම් මන්ත්‍රීධුර ලබා ගැනීම හරහා මෛත්‍රී මට්ටු කිරීමට හැකියාව ඇති බවත් මහින්ද - මෛත්‍රී එකතුව වෙනුවෙන් තමන් මුල සිටම විරුද්ධ වුයේ ඒ වටිනා අවස්ථාව අහිමි වන නිසා බවද බැසිල් රාජපක්ෂ එහිදී පවසා ඇත. එසේම දැනට ඒකාබද්ධ විපක්ෂය තුළ සිටින වෙනත් පක්ෂ සම්බන්ධව අවධානයෙන් සිටිය යුතු බවත් ඔවුන් අනවශ්‍ය ලෙස ඉදිරියට ඒම ගැටළු ඇතිකරන කාරණයක් බවද බැසිල් රාජපක්ෂ එහිදී සඳහන් කර ඇත.

කෙසේ වුවත් මෙම විලී - බැසිල් හමුව සහ එහිදී සාකච්ඡා කල කරනා සම්බන්ධව මේ වන විට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයින් කිහිපදෙනෙකුට දැනගන්නට ලැබී ඇති අතර 14 වනදා පක්ෂය නැවත මාරු කිරීමට සිටින දේශපාලන චරිතයද ඒ අතර වෙයි.

බැසිල් වැඩ රනිල්ට

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කල බහුතරයක් මෙන්ම අනෙක් පක්ෂ නායකයින්ද මේ සම්බන්ධව සාකච්ඡා පවත්වමින් සිටින අතර ඔවුන්ද ඉදිරියේදී බරපතල දේශපාලන තීන්දුවක් ගැනීමට නියමිතව ඇත.

එහිදී ඔවුන්ගේ අවධානයට යොමුව ඇත්තේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ශක්තිමත් වන ආකාරයට බැසිල් ඒකාබද්ධ විපක්ෂය මෙහෙයවමින් සිටින ආකාරය කෙරෙහිය. එහිදී එජාප විරෝධී බලවේග දියකර හැරීම සඳහා බැසිල් රාජපක්ෂ සෘජුව කටයුතු කර ඇති බවත් අද වන විට ජාතික නිදහස් පෙරමුණට සහ මහජන එක්සත් පෙරමුණට අත්ව ඇති ඉරණම ගැනද ඔවුන් අවධානය යොමුකර ඇත.

විමල්ගේ ඉතුරු ටික බැසිල්ගේ

එහිදී දෙසැම්බර් 14 තීන්දුවක් ගැනීමට සිටින දේශපාලන චරිතය සඳහන් කර ඇත්තේ විමල්ගේ පක්ෂයේ ඉතුර්වී සිටින පිරිසත් මේ වන විට විමල්ට නැති බවත් ඔවුන් සියලු දෙනා අද වැඩ කරන්නේ බැසිල් රාජපක්ෂගෙන් ලැබෙන විධාන අනුව බවය. එසේම ඔවුන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය කරන සමයේ පිණට ලැබුණු මන්ත්‍රීධුර නිසා ජනප්‍රියවූ අය හැර දක්ෂයින් නොවන බවත් විමල්ගේ දක්ෂ සංවිධායකයින් සියළු දෙනා මේ වන විට ජනාධිපතිවරයාට එක්වී ඇති බවත් එහිදී සාකච්ඡා වී ඇත.

එසේම අද (11) ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි විජේනායක සහ උතුරු මැද පළාත් සභා මන්ත්‍රී පී.බී.කුමාර යන අය ජනාධිපතිවරයා මුණගැසී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබිණ. 

Comment (0) Hits: 501

ස්වර්ණවාහිනිය ඩොලර් මිලියන 60කට සිංගප්පුරු සමාගමකට !

ස්වර්ණවාහිනී නාලිකාව සිංගප්පුරුවේ ලියාපදිංචි Straits Grid Pte. Ltd. සමාගමට පැවරීමට මේවනවිට තීන්දු කර ඇතැයි මහ බැංකුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මෙම සිංගප්පුරු සමාගමේ හිමිකරු වන්නේ මැලේෂියාවේ පදිංචි සුදීර් නමැති ව්‍යාපාරිකයෙකි.

පසුගිය පාලන සමයේ සිදුවූ ඇතැම් සිද්ධීන් සම්බන්ධයෙන් මෙම සුදීර් නමැත්තා පිළිබඳව මේවනවිටත් පොලිස් විමර්ශනයන් ක්‍රියාත්මක වෙමින් පවතින බව පැවසේ.

ETI ෆිනෑන්ස් සමාගම යටතේ ක්‍රියාත්මක වන චිත්‍රපට සමාගම, හෝටල් ව්‍යාපාරය, ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය, ස්වර්ණමහල් ( swarnamahal jewellers ) හා ස්වර්ණමහල් ෆිනෑන්ස් සමගම (swarnamahal financial services) මිලදී ගැනීම සඳහා සිංගප්පුරු සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 60ක මුදලක් ලබාදීමට එකඟත්වය පළකර ඇති අතර මහ බැංකුව ඊට එකඟත්වය පළකර ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

දේශපාලන හස්තයක් ?

 ස්වර්ණවාහිනිය මෙසේ සිංගප්පුරු සමාගමකට පැවරීම පිටුපස ප්‍රබල දේශපාලන හස්තයක් ක්‍රියාත්මකවන බවට බරපතල සැකයක් මතුව තිබේ.

එම සැකයක හේතුවී ඇත්තේ, ඇමරිකානු ඩොලර් මිලියන 60ක වැඩි මුදලකට මෙම සමාගම මිලදී ගැනීමට ශ්‍රී ලංකාවේ සමාගම් කිහිපයක් ම ඉදිරිපත්ව තිබුනද එම ඉල්ලීම් ඉහලින් ආ නියෝගයක් මත නොසලකා හැරීම නිසාය.

swarana 1

swarana 2

swarana 3

Comment (0) Hits: 832

නාමල්ගේ 'ගවර් ගොඩනැගිල්ල' ලොකුවිතාන කෝටි 40කට අරගෙන

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයිති බවට මාධ්‍ය ඔස්සේ අන්දොලනයට ලක්වූ කොළඹ 05, ගවර් වීදියේ අංක 07 දරන ස්ථානයේ පිහිටි සුපිරි ගොඩනැගිල්ල ‘පැනමා පේපර්ස්‘හි නම් නම සඳහන් ප්‍රසිද්ධ ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයකු වන නන්දන ජයදේව ලොකුවිතාන මහතා විසින් මිලදී ගෙන තිබේ.

ප්‍රසිද්ධ ව්‍යාපාරික නිමල් පෙරේරා මහතාට අයිති බවට ගිවිසුම් වල සඳහන් මෙම ගොඩනැගිල්ල 2017.07.02 දින රුපියල් මිලියන 400කට මිළදී ගැනීම සිදුකල බව අදාළ ඉඩමේ ඔප්පුවල සඳහන් වේ. එම ගිවිසුම් සහතික කර ඇත්තේ ඩබ්.සී. එස්. විජේවර්ධන නමැති නොතරිස්වරයෙකි.

 වික්‍රමසිංහලගේ නිවසක් !

 කොළඹ කොල්ලුපිටියේ පස්වන පටුමගේ අංක 17/3 නිවසේ පදිංචි ඉශාන්කා වික්‍රමසිංහ නමැත්තකුට හිමිව තිබු මෙම ගොඩනැගිල්ල 2011.08.18 දින රුපියල් මිලියන 175 ක මුදලක් ගෙවා නිමල් පෙරේරා මහතා විසින් මිලදී ගත් බව අදාළ ඔප්පුවල සඳහන් වේ.

පර්චස් 37.22 ක ඉඩම හා නිවස නිමල් පෙරේරා මහතාගේ නමින් මිලදී ගෙන ඇතත් එහි නියම හිමිකරු නාමල් රාජපක්ෂ මහතා බවත්, අයතා ලෙස උපයාගත් මුදල් මෙම මිලදී ගැනීමට යොදාගෙන ඇති බවත් එකල මාධ්‍ය වාර්තාකර තිබු අතර ඒ සම්බන්ධයෙන් පොලිස් විමර්ශනය ද සිදුවිය.

නාමල් රාජපක්ෂ මහතාගේ ව්‍යාපාරික කාර්යාලය එම ගොඩනැගිල්ලේ ස්ථාපිත කර තිබීම හා එම ඉඩම හා නිවාස මිලදී ගැනීමේදී හෝ පසුව නිල මිනුම් කටයුතු (resurveying) කිසිවක් මෙතෙක් සිදු නොකිරීමත් මෙම සැකය තහවුරු කිරීමට හේතුවක් විය.

පසුගියදා සිදුකල පැවරීමට සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවට මෙතෙක් දැනුම්දීමක් කර නොමැති අතර, මහ නගර සභාවේ ලේඛණ වල තවමත් එම නිවසේ හා ඉඩමේ අයිතිකරු ලෙස සඳහන් වන්නේ නිමල් පෙරේරා මහතාගේ නමයි.

 ඇමතියෙක් හා දුෂණ විරෝධියෙක් සම්බන්ධයි !

 නිමල් පෙරේරා මහතාගේ නමින් ලේඛණවල සඳහන් මෙම ඉඩම හා ගොඩනැගිල්ල නන්දන ජයදේව ලොකුවිතාන මහතාට පැවරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකු හා දුෂණ විරෝධී ව්‍යාපාරයේ ප්‍රසිද්ධ දේශපාලන චරිතයක් අතරමැද 'බ්‍රෝකර්වරුන්' ලෙස කටයුතු කර ඇතැයි වාර්තාවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නාමල් රාජපක්‍ෂ මහතා විසින් අයතා ලෙස උපයා ගන්නා ලද රුපියල් මිලියන 30 ක මුදලක්‌ ගවර්ස් කෝපරේට් සර්විසස් (පුද්ගලික) සමාගම හරහා විශුද්ධිකරණය කිරීම සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID) විසින් පවරා ඇති නඩුව මේවනවිටත් විභාග වෙමින් පවතින තත්වයක් තුල, පසුගියදා සිදුකල නව පැවරීමට සම්බන්ධ ඇමතිවරයාගේ බලපෑම් එම විමර්ශන වලට බලපෑමක් වනු ඇතැයි පොලිසිය සැක පළකරයි.

ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ, ඉන්දික ප්‍රභාත් කරුණාජීව, චන්ද්‍රසේකර පවිත්‍රීකා සුජානි බෝගොල්ලාගම, නිත්‍යා සේනානි සමරනායක, බටපොල ආරච්චිගේ ඔරනෙල්ලා ඉරේෂා සිල්වා, සිමාසහිත ගවර්ස් කෝපරේට් සර්විසස් (පුද්ගලික) සමාගම මෙම නඩුවේ සැකකරුවන් ලෙස නම් කර තිබේ.

 වැඩිවිස්තර බලාපොරොත්තුවන්න ....

 අදාල ලිපි ලේඛන පහත පළවේ.

IMG 3437

IMG 3438

IMG 3439

IMG 3440

IMG 3441

IMG 3442

IMG 3443

IMG 3444

IMG 3445

Comment (0) Hits: 10250

රාජපක්ෂ පවුල මෛත්‍රීට අතවනයි !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග යළි සමීප සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයින් මේවනවිට ඉතා රහසිගතව කටයුතු කරමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ අනුදැනුම මත නාමල් රාජපක්ෂ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හමුවී සාකච්ජා පවත්වා ඇත්තේ ද එහි පියවරක් ලෙසය.

පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙම රහස් සාකච්ජා සමබන්ධයෙන් මෙතෙක් එකඟත්වය පළකර නැතත්, ශිරන්ති රාජපක්ෂ මහත්මිය හා ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමගි කතා සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇත.

මේ අනුව, ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රීලනිපය - ඒකාබද්ධ විපක්ෂය එක්ව තරඟ කිරීම සඳහා වූ මුලික අවබෝධතා ගිවිසුමක කෙටුම්පතක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (07) රාත්‍රී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යවා ඇතැයි වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය අද උදැසන ලබාදීමට නියමිතව ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

ශ්‍රීලනිප නායකයින් මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් ද ශ්‍රීලනිප - ඒකාබද්ධ සමගි සන්ධානයක අවශ්‍යතාවය අවධාරණය කරමින් සිටිති.

Comment (0) Hits: 389

ගාමිණී සෙනරත්ගේ ගෝලයන්ගෙන් බදු වෙනසකට මිලියන 100ක අල්ලසක් !

ෆාම් ඔයිල් ආනයන කර්මාන්තයට අදාළව 2018 අයවැය හරහා සිදුකර ඇති බදු ශාන්ශෝධනය, ප්‍රති සංශෝධනය කර ගැනීම වෙනුවෙන් කූට සැලැස්මක් දියත්ව ඇති බව වාර්තා වෙයි.

බදු වංචා සිදුකරමින් සහ ඒ හරහා වෙළඳපොල කතිපයාධිකාරයක් ගොඩනගාගෙන ඇති ෆාම් ඔයිල් ආනයනයේ නිරත ජාවාරම්කාර ව්‍යාපාරිකයින් පිරිසක් මෙම සැලැස්ම දියත්කර ඇති අතර ඊට සහය දක්වන පාර්ශව වෙනුවෙන් රුපියල් මිලියන 100 ක අල්ලස් මුදලක් නියම කර ඇති බවද දැනගන්නට ඇත.

ජාවාරම්කාර ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු විසින් මෙසේ ෆාම් ඔයිල් ආනයනය සම්බන්ධව 2018 අයවැය හරහා සිදුකර තිබෙන බදු සංශෝධනය, ප්‍රති සංශෝධනය කිරීමට උත්සහ කරමින් සිටින්නේ මෙතෙක් පැවති බදු පටිපාටිය තුළ ඔවුන් පවත්වාගෙන ගිය කර්මාන්තයේ කතිපයාධිත්වය නව බදු සංශෝධනය හරහා අහිමිව යාමේ අවධානමක් මතුව ඇති නිසාය.

ජාවාරම අර්බුදයට

ෆාම් ඔයිල් ආනයනයට අදාලව මෙතෙක් පවතී බදු ප්‍රතිපත්තිය වුයේ පිරිපහදු නොකළ ෆාම් ඔයිල් ආනයනයේදී වෙනුවෙන් එක් කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 110 ක බද්දක් ගෙවීමට නියමිතව තිබු අතර පිරිපහදු කළ ෆාම් ඔයිල් කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 135.00 ක බද්ධක් පනවා තිබිණ. ඒ අනුව පිරිපහදු නොකළ ෆාම් ඔයිල් ආනයනකරුවන් පිරිපහදු කළ ෆාම් ඔයිල් ආනයනකරුවන්ට වඩා රුපියල් 25.00 කට ආසන්න බදු සහනයක් භුක්ති විඳිනු ලැබිණ.

නමුත් 2018 අයවැය යෝජනා හරහා මෙම බදු ප්‍රතිපත්තිය සංශෝධනය කරනු ලැබූ අතර එහිදී සිදුකල නව බදු සංශෝධනය අනුව පිරිපහදු නොකළ ෆාම් ඔයිල් කිලෝවක් සඳහා රුපියල් 105.00 ක් සහ පිරිපහදු කළ ෆාම් ඔයිල් කිලෝවක් සඳහා රුපියල් 105.00 ක බද්ධක් පැනවිණ.

මෙම නව බදු සංශෝධනය හේතුවෙන් මෙතෙක් පිරිපහදු නොකළ ෆාම් ඔයිල් ආනයනය කරන බවට දක්වමින් බද්ද අඩුකර ගැනීම හරහා අයතා ලාභයක් සේම වෙළඳපොල තුළ කතිපයාධිකාරයක් ගොඩනගාගෙන සිටි ජාවාරම්කරුවන් අපහසුතාවට ලක්ව තිබේ. ඒ නව ක්‍රමය හරහා මෙතෙක් පවත්වාගත් බදු අන්තරය සීමා වීම නිසාය. ඊට අනුව සිදුව ඇත්තේ පිරිපහදු නොකළ ෆාම් ඔයිල් සහ පිරිපහදු කළ ෆාම් ඔයිල් ආනයනයේ දී රුපියල් 25.00 ක් ලෙස පැවති බදු පරතරය නව බදු සංශෝධනය හරහා රුපියල් 5.00 දක්වා අඩුව තිබීමය.

1% ප්‍රමිතිය

වාර්තා වන ආකාරයට ඉහත කී ජාවාරම්කාර ව්‍යාපාරිකයින් විසින් මෙතෙක් ෆාම් ඔයිල් ආනයනයේදී රජයට ගෙවිය යුතු බදු මුදල් වංචා කරමින් සහ වෙළඳපොල තුළ කතිපයාධිකාරයක් ගොඩනගා ගෙන ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ඇති “1% ප්‍රමිතිය” හමුවේ තම ආනයනික ෆාම් ඔයිල් පිරිපහදු කර නොමැති බව දක්වමින්ය. ඒ සඳහා ඔවුන් අනුගමනය කර ඇති උපක්‍රමය වී ඇත්තේ පිරිපහදු කළ ෆාම් ඔයිල් වෙත පිරිපහදු කළ ෆාම් ඔයිල් කළවම් කිරීමය. එයද සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සිදුකරන තත්ත්ව සමීක්ෂණයේ 1% ක ප්‍රමිතිය ලැබෙන ආකාරයටය.

සෙනරත්ගේ අනුහස

මෙසේ බදු වංචා සිදුකර අයතා ලාභ ලැබීම සඳහා ජාවාරම්කාර පාර්ශව වෙත රාජපක්ෂ සමය තුළ සහය දක්වා ඇත්තේ එවකට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියාවූ ගාමිණී සෙනරත් වන අතර ඊට එවකට මුදල් අමාත්‍යංශයේ ඉහළ පෙලේ නිලධාරියෙකුද සහය දක්වා ඇති බවද වාර්තා වෙයි. වාර්තා වන ආකාරයට ඒ සමයේ මෙම තත්ත්වය වෙනස් කර ගැනීම වෙනුවෙන් එවකට ආණ්ඩුවේ සිටි ඇමතිවරුන් කිහිපදෙනෙකුද මැදිහත්වී සාකච්ඡා කර ඇති නමුත් මෙම ජාවාරම්කාර නඩය වෙත තිබු ඉහළ දේශපාලන සම්බන්ධතා හේතුවෙන් එම සාකච්ඡා සාර්ථකවී නොමැත.

රේගුවත් අසරණයි

එසේම මේ සම්බන්ධව අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකා රේගුවද මැදිහත්වී ජාවාරම්කාර ව්‍යාපාරිකයන් කිහිපදෙනාට එරෙහිව කටයුතු කිරීමට උත්සහ කර ඇතත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සඳහන් කරන ප්‍රමිතියට වඩා දශම එකකින් ඔවුන් ආනයනය කළ ෆාම් ඔයිල් හී අන්තරගතය වෙනස් බැවින් ඊට එරෙහිව නෛතික ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකිව ඇත.

මේ අයුරින් ජාවාරම්කාර ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු විසින් සිදුකරන බදු වංචාව සහ වෙළඳපොල කතිපයාධිකාරය පවත්වාගෙන යාම ගැන යහපාලන ආණ්ඩුව බලය ලැබූ සමයේ වගකිවයුතු පාර්ශව දැනුවත් කිරීමට කර්මාන්තයේ නිරත අය කටයුතු කර ඇත. එම දුක් ගැනවිල්ලට සවන්දීමෙන් අනතුරුව ෆාම් ඔයිල් ආනයනයේදී සිදුකරන ජාවාරම පාලනය කිරීම සඳහා ඒ වන විටත් පැවති බදු ක්‍රමය වෙනස් කිරීමට බලධාරීන් පොරොන්දුවී ඇතත් එය අවසන්වී ඇත්තේ තවත් එක් කඩවුණු පොරොන්දුවකින්ය. ඒ පවතී බදු මුදල් සංශෝධනය කර සති කිහිපයක් තුළ එය පෙර පැවති බදු අන්තරය යටතට ගෙන ඒමට බලධාරීන් ක්‍රියාකර ඇති නිසාය.

මාසයකට බිලියනයක් අහිමි වෙයි !

කෙසේ වුවත් ෆාම් ඔයිල් ආනයනය සඳහා 2018 අයවැය යෝජනා හරහා ක්‍රියාත්මක කර ඇති බදු සංශෝධනය හමුවේ මෙතෙක් පැවති බදු වංචාව පාලනයවීමත් ජාවාරම්කාර ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු සතුවූ වෙළඳපොල කතිපයාධිකාරය අහෝසිවී ඇත. එසේම නව බදු පතිපත්තිය තුළ ජාවාරම්කාර ෆාම් ඔයිල් ආනයනය හේතුවෙන් කර්මාන්තයෙන් ඈත්ව සිටි ව්‍යාපාරිකයින් නැවත කර්මාන්තයට එක්ව ඇති අතර යලිත් බදු සංශෝධනයේ ප්‍රති සංශෝධනයක් සිදුවුවහොත් ඔවුන් බරපතල මුල්‍ය අස්ථාවරත්වයකට මුහුණදීමේ අවධානමක්ද පවතී. එසේම මේ වන විට පොල් මිල ඉහළයාම හේතුවෙන් මිල ඉහළ ගොස් ඇති පොල්තෙල් සඳහා ආදේශකයක් ලෙස ජනතාව ෆාම් ඔයිල් භාවිතා කරන තත්ත්වයක් ඇති අතර ඒ යටතේ මෙතෙක් මාසිකව ආනයනය කළ ෆාම් ඔයිල් ප්‍රමාණය වූ මෙට්‍රික් ටොන් 16000 වෙනුවට 20000- 22000 දක්වා එම ප්‍රමාණය ඉහළ ගොස් තිබේ. ඒ අනුව බදු මුදල ප්‍රතිසන්ශෝධනය වීමක් සිදුවුවහොත් මාසිකව රජයට හිමිවීමට නියමිත රුපියල් බිලියනයකට අධික බදු මුදලක් අහිමිව යාමේ අවධානමක්ද පවතී.

 

 

Comment (0) Hits: 15859

නාමල්ට 'ඔළමොට්ටලයා' කීවට මහින්දට රිදිලා !

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඔළමොට්ටලයෙකු ලෙස හැඳින්වීම ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලවත්සේ සිත්තැවුලට පත්ව පත්ව ඇත.

ශ්‍රී ලනිපයට සහ ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට නොදී දෙදෙනෙක් ඔළමොට්ටල ලෙස කටයුතු කරන බව දයාසිරි ජයසේකර මහතා ඊයේ (06දා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසිය.

එම ඔළමොට්ටලයින් දෙදෙනා නාමල් රාජපක්ෂ හා ප්‍රසන්න රණතුංග යන මන්ත්‍රීවරුන් බව ඇමතිවරයා එහිදී ඉඟි කළේය.

 අම්මට මොකුත් කලොත් තරහ යන්නේ නැද්ද ?

 රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ පුත් දකුණු පළාත් සභා මන්ත්‍රී පසද යාපා අබේවර්ධන මහතාගේ විවාහ මංගලෝත්සවයෙදී අද (07) මන්ත්‍රීවරුන් පිරිසක් හමුවේ දයාසිරි ජයසේකර මහතාට කරුණු පැහැදිලිකර ඇති මහින්ද රාජපක්ෂ මහතා, තමන්ගේ අම්මව හිරේ දාන්න හදනකොටත් පුතෙකුට තරහයාම අසාධාරනදැයි විමසා ඇත.

නාමල් රාජපක්ෂ මහතා මෙසේ ආණ්ඩුව ගැන තරහකින් කටයුතු කරන්නේ ආණ්ඩුවේ ප්‍රධානින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය හිරේ දැමීමට දරන උත්සාහය නිසා බව රාජපක්ෂ මහතා මෙහිදී සියලු දෙනාට පැහැදිලි කර ඇත.

''හරි ඔයාගේ අම්මට මේවගේ අරියාදු කලානම් ඔයාට තරහ යන්නේ නැද්ද ? හරි.. හරි.. ඇමතිතුමා ඔයා නාමල් එක්ක තනියම කතා කරන්නකෝ '' යයි ද මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

'නිව්ස් ටියුබ් ' වෙත වාර්තාවන ආකාරයට මේ අනුව අමාත්‍ය දයාසිරි ජසේකර මහතා අද දහවල් පාර්ලිමේන්තුවේදී නාමල් රාජපක්ෂ මහතා හමුවී කතාබහ කර ඇත. එහෙත් එහිදී සාකච්ජා කල කරුණු මෙතෙක් අනාවරණයවී නොමැත.

Comment (0) Hits: 805

NLB ලොතරැයි දිනුම් ඇදිල්ලෙන් ලොක්කන් මිලියනපතියන් වෙලා

ජාතික ලොතරැයි මණ්ඩලයේ ඉහල කළමනාකාරීත්වය ලොතරැයි දිනුම් ඇදීමේ අවස්ථාවන්ට සහභාගීවීම හරහා මාසිකව ලක්ෂ ගණනක අයුතු ආදායමක් ලබන බව විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

මාස 10 ට ලක්ෂ 417ක්

වාර්තා වන ආකාරයට ලොතරැයි දිනුම් ඇදීමේ අවස්ථාවන්ට සහභාගීවීම වෙනුවෙන් වන දීමනාව ලෙස රුපියල් ලක්ෂ 417 කට අධික මුදලක් (රුපියල් මිලියන 41.7) 2017 ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ ජාතික ලොතරැයි මණ්ඩලයේ ඉහළ කළමනාකාරීත්වය ඇතුළු විධායක ශ්‍රේණියේ නිලධාරීන් ලබාගෙන ඇත.

ජාතික ලොතරැයි මණ්ඩලය දිගින් දිගටම පාඩු ලබමින් සිටින පසුබිමක මිනිත්තු කිහිපයක් පැවැත්වෙන මෙම දිනුම් ඇදීමේ අවස්ථාවන්ට සහභාගීවීම සඳහා මෙතරම් විශාල මුදලක් දීමනාවක් ලෙස ලබාගැනීම ජාතික අපරාධයක් බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

සභාපතිනියට මිලියන 1.3ක්

2017 ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනි ෂර්මිලා පෙරේරා මහත්මිය දිනුම් ඇදීමේ අවස්ථාවන්ට සහභාගීවීම වෙනුවෙන් දීමනා ලෙස ලබාගෙන ඇති මුදල රුපියල් මිලියන 1.3 කි. එසේම ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ හසන් මොහොමඩ් කාමිල් 2017 ජනවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා මාස 07 ක් තුළ ලොතරැයි දිනුම් ඇදීමේ කටයුත්තට සහභාගීවීම වෙනුවෙන් රුපියල් මිලියන 2.3 ක දීමනාවක් ලබාගෙන ඇත.

බෙදාගෙන කෑම

එසේම ජාතික ලොතරැයි මණ්ඩලයේ ඉහළ කළමනාකාරීත්වය නියෝජනය කරන ඒ.එච්. සුනිල් ගුණවර්ධන රුපියල් මිලියන 1.4ක්, කේ.වී.පී.එස්. තේජා රුපියල් මිලියන 1.3ක්, පී.කේ.බී.එච්.ඒ. බණ්ඩාර රුපියල් මිලියන 1.6ක් ලෙස 2017 ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ ලොතරැයි දිනුම් ඇදීමේ අවස්ථාවන්ට සහභාගීවීම වෙනුවෙන් දීමනා ලෙස ලබාගෙන ඇත.

මොවුන් මෙතරම් අතිවිශාල මුදලක් මිනිත්තු කිහිපයක අවස්තාවක් වෙනුවෙන් දීමනාවක් ලෙස ලබමින් තම මඩිය තරකර ගන්නේ ලක්ෂ ගණනක වැටුප්, නිල වාහන, ඉන්ධන පහසුකම් ඇතුළුව නිල වරප්‍රසාද රැසක් භුක්ති විඳින පසුබිමක වීමය.

ලක්ෂ 30000 ක පාඩුවක්

එසේම පසුගිය කාලයක පටන් ජාතික ලොතරැයි මණ්ඩලය අඛණ්ඩව පාඩු ලබමින් සිටින අතර 2017 ජනවාරි මාසයේ පමණක් ජාතික ලොතරැයි මණ්ඩලය ලැබූ අලාභය රුපියල් ලක්ෂ 30000 කට අධිකය.

ජනාධිපති අරමුදලට දෙන්නත් සල්ලි නෑ

තවද ලොතරැයි ප්‍රමාණය වැඩිකිරීමට සාපේක්ෂව ඒවායේ මිල ඉහල දැමීම, දිනුම් අවස්ථා අඩු කිරීම, ලොතරැයි අලෙවි නියෝජිතයන් නොතකා හැරීම, ව්‍යාජ ලොතරැයිපත් වෙළඳපොළට පැමිණීම වලක්වා ගන්නට අසමත්වීම ඇතුළු අතිශය දුර්වල පරිපාලන හැසිරීම හේතුවෙන් මේ වන විටත් ජාතික ලොතරැයි මණ්ඩලය පවතින්නේ හොම්බෙන් යන මට්ටමකය. එනිසාම පසුගිය සමයේ ජනාධිපති අරමුදල සඳහා ලබා දීමට තිබූ මුදල් පවා අවශ්‍ය පරිදි වෙන් කිරීමට නොහැකිවූ බවට මාධ්‍ය වාර්තා පලවිය.

එවැනි පසුබිමක අදාළ දීමනාව ලබා ගැනීම වෙනුවෙන් මොවුන්ගේ ලජ්ජා නැති හැසිරීම බලා ගැනීමට ජාතික රුපවාහිනියේ ලොතරැයි දිනුම් අදින අවස්ථාවට එන ජාතික ලොතරැයි මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් ප්‍රමාණය දැකගැනීම ප්‍රමාණවත්ය.

එහෙත් අවාසනාව වන්නේ කොපමණ දුර්වලතා පැවතියත්, කොතරම් කුප්ප ආකාරයට ආයතනය බිඳ වැටෙන පසුබිමේ තමන්ගේ මඩිය තරකර ගන්නට ආයතනයේ ඉහල කළමනාකාරීත්වය කටයුතු කළත් ඒ සියල්ල ඔවුන්ගේ දේශපාලන බල සම්බන්ධතා හේතුවෙන් යටපත්ව තිබීමය. ආරම්භයේ පටන් මුදල් අමාත්‍යංශ විෂය පථය යටතේ පැවති ජාතික ලොතරැයි මණ්ඩලය පසුව සිදුවූ ඇමති මාරුවකදී විදෙස් අමාත්‍යංශයේ විෂය පථයට ඇතුළු වූ මාරාන්තික විහිළුව ඔබට මතකනම් වරද කොතනද යන්න තේරුම් ගැනීමට ඒ හොඳටම ප්‍රමාණවත්ය.

 ෆොක්ස් මෝල්ඩර් සමඟ ඩේනා ස්කලී

Comment (0) Hits: 526

පාසල් සිසුන්ට ටැබ් පරිගණක බෙදිල්ලේ බිලියන ගණනක ගැහිල්ලක්

උසස් පෙළ පාසල් සිසුන් සඳහා ටැබ් පරිගණක බෙදීමේ ටෙන්ඩරය metropolitan සමාගම වෙත ලබාදීම පිටුපස බරපතල ටෙන්ඩර් අක්‍රමිකතාවක් සිදුව ඇති බව වාර්තා වෙයි.

රුපියල් මිලියන ගණනක අතයට ගනුදෙනුවක් මත මෙම ටෙන්ඩර් අක්‍රමිකතාව සිදුකර ඇති බවත් ඒ හේතුවෙන් රජයට රුපියල් බිලියන 3.2 කට අධික අතිවිශාල පාඩුවක් සිදුවීමේ අවධානමක් ඇති බවද වාර්තා වෙයි.

අදාළ ටෙන්ඩරය නිකුත් කිරීම වෙනුවෙන් පත්කළ තාක්ෂණික කමිටුවේ සභාපතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ඉහල නිලධාරීන් කිහිපදෙනෙකුම මෙම දුෂිත ගනුදෙනුවට සම්බන්ධ බවත් ඔවුන් ඉතා දැනුවත්ව metropolitan සමාගම වෙත ටැබ් පරිගණක සැපයීමේ ටෙන්ඩරය ලැබෙන ආකාරයට ටෙන්ඩර් කොන්දේසි වෙනස් කර මැදිහත්වූ බවද දැනගන්නට ඇත.

අප වෙත ලැබී ඇති එම තොරතුරු අනුව, 2017 අයවැය යෝජනාව ප්‍රකාරව උසස් පෙළ පාසල් සිසුන් හට ටැබ්ලට් පරිගණක ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය විසින් 2017. 06. 05 වනදා පුවත්පත් දැන්වීමක් හරහා ටැබ් පරිගණක 195,148 ක් සඳහා මිලගණන් කැඳවා ඇත.

ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද ප්‍රසම්පාදන කමිටුවක් සහ තාක්ෂණ ඇගයීම් කමිටුවක්ද අමාත්‍යංශය විසින් පත්කොට ඇත. මෙම තාක්ෂණික කමිටුවේ සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මාහාචාර්යවරයෙකු පත්කර ඇති අතර ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය, මුදල් අමාත්‍යංශය නියෝජනය කල සාමාජිකයකු බැගින් මෙන්ම අධ්‍යාපන අමාත්‍යංශය ඇතුළුව ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති නියෝජිතයන් 7 ක් එහි අනෙක් සාමාජිකයන් ලෙස කටයුතු කර ඇත.

ඒ අනුව තාක්ෂණික කමිටුව විසින් ටැබ්ලට් පරිගණක වෙනුවෙන් තිබිය යුතු ප්‍රමිතිය (පිරිවිතර ) දක්වා ඇති අතර එම ප්‍රමිති ලේඛණ සහ ප්‍රසම්පාදන කොන්දේසි ඇතුලත් ටෙන්ඩර් ලියවිලි ලන්සුකරුවන් වෙත නිකුත්කර ඇත්තේ නැවත නොගෙවන රුපියල් ලක්ෂ 5 ක තැම්පතුවක්ද ලබාගනිමින්ය.

ටෙන්ඩරය කල් දමයි

මේ අතර ලංසුවල ඇති යම් අඩුපාඩු සාකච්ඡා කිරීම සඳහා පෙර ලංසු සාකච්ඡාවක්ද (per bid meeting) පවත්වා ඇති අතර, එසේම ටෙන්ඩරය විවෘත කිරීමට තිබු නියමිත දිනය ද සති දෙකකින් දීර්ඝ කරන්නටද කටයුතු සිදුව ඇත. ඒ අනුව එම ටෙන්ඩරය විවෘත කිරීමට නියමිතව තිබී ඇත්තේ 2017 .07.12 වනදා ය.

නමුත් එම දිනයේ ටෙන්ඩරය විවෘත කිරීමට නොහැකි වන අතර ඒ බිලියන ගණනක් වටිනා මෙම ටෙන්ඩරයේ පිරිවිතර කොන්දේසි සහ ප්‍රසම්පාදන කොන්දේසි වෙනස් කරගැනීම සඳහා විවිධ පාර්ශව සිදුකර ඇති බලපෑම් නිසාය.

මේ අතර නැවතත් අමාත්‍යංශ පාර්ශව සහ ලන්සුකරුවන් “පෙර ලංසු සාකච්ඡාවක්” සිදුකර ටෙන්ඩරය විවෘත කිරීමේ අවසාන දිනය ලෙස 2017.08.22 වනදා නම් කරගෙන ඇති අතර ටැබ්ලට් පරිගණක වලට අදාළ පිරිවිතර මෙන්ම ලංසු කොන්දේසි සම්බන්ධවද අවසන් එකඟතාවක් ඇතිකරගෙන තිබේ.

එම එකඟතා අනුව ටැබ්ලට් පරිගණක සඳහා වන තත්ත්ව සහතික ලෙස සඳහන්ව ඇත්තේ FCC සහ CE Certificate යන ඒවාය.ඒ අනුව ටෙන්ඩරය විවෘත කිරීමේ අවසන් දිනයේදී එනම් 2017.08.22 වනදා ලංසුකරුවන් 10 දෙනෙකු අදාළ පිරිවිතිරවලට අනුව සැකසු අධ්‍යාපන අමාත්‍යංශය වෙත ලබාදී ඇත. රුපියල් බිලියන 4.1 සිට 10 දක්වා වන අගය සහිත මිල ගණන් ඔවුන් විසින් ඉදිරිපත් කර තිබී ඇත.

අනතුරුව ලන්සුවේ සඳහන් පරිදි ටැබ්ලට් පරිගණක සාම්පල 2017.09.07 වනදා අමාත්‍යංශයට ලබාදීමට නියමිත වූ අතර එහිදී අදාළ සාම්පල අමාත්‍යංශය වෙත ලබාදී ඇත්තේ ලංසුකරුවන් 07 දෙනෙකු පමණි.

කොන්දේසි විකෘති කරලා

මෙසේ ලබාගත් සාම්පල තාක්ෂණික ඇගයීම් කමිටුව වෙත යොමුකර ඇති පසුබිමේ නැවතත් අමාත්‍යංශය වෙතින් ලන්සුකරුවන් වෙත ලිඛිත නිවේදනයක් නිකුත් කර ඇත. ඒ මඟින් දැනුම්දී ඇත්තේ ලන්සුකරුවන් විසින් ඉදිරිපත් කල ටැබ් පරිගණකයන්ට අදාළ FCC ID සහ Grantee Code ලිඛිතව ලබාදෙන ලෙසය. ලන්සුකරුවන් අන්දමන්ද වන්නේ මේ නිවේදනය හමුවේය. මන්ද ටෙන්ඩරය විවෘත කිරීමට පෙර සඳහන්වූ පිරිවිතර හී තත්ත්ව සහතික වූ FCC සහ CE Certificate යන්න ටෙන්ඩරය විවෘත කිරීමට පසුව එනම් FCC ID සහ Grantee Code ලෙස වෙනස් කර ඇති නිසාය.

මෙය අමාත්‍යංශය පාර්ශවයෙන් සිදුකල ටෙන්ඩර් කොන්දේසි අමුඅමුවේ විකෘති කරමින් කොන්දේසි උල්ලංඝනය කිරීමක් වූ අතර කෙසේ වුවත් ලන්සුකරුවන් තමන් ඉදිරිපත් කල ටැබ් පරිගණකයට අදාළව පැහැදිළි කිරීම් අමාත්‍යංශය වෙත යොමුකර ඇත.

කලින් ගත්ත තීරණයක්

සාමාන්‍යයෙන් නීත්‍යානුකුල සහ විනිවිදභාවයකින් යුතු ටෙන්ඩරයක කොන්දේසි මේ ආකාරයෙන් රෑ දනියෙල් දැල් මිගෙල් පන්නයට වෙනස් වෙන්නේ නැත. එසේ වෙනස් වන්නේ නම් එතැන ඇත්තේ ප්‍රසිද්ධියේ ලංසු කැඳවා දෙන ටෙන්ඩරයක් නොව වෙන මොකක් හෝ එකක් ය. කෙසේ වුවත් මේ ආකාරයට සහතික කොන්දේසිය වෙනස් කිරීමේ කුපාඩි කටයුත්ත එළියට එන්නේ ටෙන්ඩර් කොන්දේසි අමු අමුවේ විකෘති කර හදීසියේ හඳුන්වා දුන් FCC ID යන්න ගැන විමසා බැලීමේ දීය.

FCC ID ?

FCC ID යනු පරිගණක සහ ජංගම දුරකථන වැනි නිෂ්පාදන ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කිරීමේදී ඒවා එම ජනපදයේ ප්‍රාන්ත වල භාවිතය සඳහා අනුමැතිය ලබාදී ඇති බව දක්වන්නට නිකුත් කරන හැඳින්වීමේ අංකයකි. එහිදී පිරිවිතිර හී සඳහන් CE යනු යුරෝපයට අදාළ එවැනි සහතිකයකි. ඒ අනුව මෙම සහතික බොහෝ දුරට එක සමාන පිළිගැනීමක් සහිතය.

එහෙත් මෙතැන අරුම පුදුම කාරණය වන්නේ රෙන්ඩර් කොන්දේසිය තාක්ෂණික කමිටුව විසින් උල්ලංඝනය කිරීමෙන් පසුව අදාළ ටෙන්ඩරය වෙනුවෙන් ලංසු තැබූ ලන්සුකරුවන් වෙතින් FCC ID යන්න ඉදිරිපත් කල හැකි එකම ලන්සුකරුවා බවට metropolitan සමාගම පත්වීමය. ඒ අනුව ඉතා පැහැදිලිව පෙනීයන කරුණක් වන්නේ තාක්ෂණික කමියු සභාපතිවරයා එක් සමාගමක් ඉලක්කගත කර මෙසේ පිරිවිතර කොන්දේසි නැවත සකස්කර ඇති බවය. අවම වශයෙන් මෙවැනි අති විශාල රාජ්‍ය ගනුදෙනුවක ටෙන්ඩර් කැඳවීමේදී පිරිවිතර සැකසීම සඳහා විදුලි සංදේශන නියාමන කොමිසමෙන් නිර්දේශ ලබාගැනීමක් කල යුතුව තිබිණ. එහෙත් එවන්නක්ද සිදුව නැත.

ඇමති බබාද

ටෙන්ඩර් පටිපාටියක් මේ ආකාරයෙන් වෙනස් කිරීම පළමුව නීති විරෝධීය. දෙවැනිව යහපාලනය සඳහා කියා බලයගත් උදවිය රට කරවන පසුබිමේ මේ වන්නක් සිදුකිරීම කොහෙවත් යන පිස්සු මහාචාර්යෙක්ගේ පිටින් යවන්නටද ඉඩදිය නොහැක. එසේ සිදුකළහොත් එය කුපාඩි වැඩක්ය. මන්ද මේ ජපුරේ පිස්සු මහාචාර්යයා metropolitan හී පිදේනිය වෙනුවෙන් සුදානම් වන බව අධ්‍යාපන අමාත්‍යංශයේ බලධාරීන් දන්නේ අද ඊයේ නොවන නිසාය. මේ මහාචාර්ය සමාගම් බට්ටා අමාත්‍යංශයේ ප්‍රසම්පාදන සහ ඉදිකිරීම් අංශය භාර අතිරේක ලේකම් බට්ටා සමඟ මේ සෙල්ලම දමන බව අමාත්‍යවරයා දැනුවත්වන්නේ මීට කළකට ඉහතදීය. එහෙත් අමාත්‍යවරයා මීට අදාළව මේ වන තෙක් කිසිඳු පියවරක් ගෙන ඇති බවක් වාර්තා නොවේ. අධ්‍යාපන ඇමති මෙසේ සද්ද නැතුව සිටියත් ටැබ් පරිගණක සඳහා වූ ටෙන්ඩරයේ අවම ලන්සුව ඇමරිකන් ඩොලර් මිලියන 21 කි. නමුත් මේ වන විට එය ඇමරිකන් ඩොලර් මිලියන 43ක ලන්සුවක් තැබූ metropolitan සමාගම වෙත හිමිවීමට නියමිතව ඇත. ඒ තුළ අතයට ගනුදෙනුවක් නැතේ යයි සිතන්නට කිසිම හේතුවක් නැත. එනිසා අධ්‍යාපන ඇමතිවරයා කළයුතුව ඇත්තේ බබාමෙන් නොසිට මේ අකටයුත්ත ගැන විධිමත් විමර්ශනයක් ඇරඹීමය. එතෙක් අපට කියන්නට ඇත්තේ බබාලා පවා හොරු එක්ක බට්ටෝ පැනීම නිසා බඩවීමේ අවධානමක් ඇති බවය.

 

 

Comment (0) Hits: 404

ඒකාබද්ධයේ 05ක් මෛත්‍රී හමුවෙලා !

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු (05) පසුගිය සති අන්තයේ දී ඉතා රහසිගතව ජනාධිපතිවරයා හමුවී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඔවුන් ජනාධිපතිවරයා හමුවට රැගෙන ගොස් ඇත්තේ ජනාධිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකි.

එම ලේකම්වරයා ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයෙක් ජනාධිපතිවරයා හමුවට රැගෙන ගොස් ඇතැයි වාර්තාවීමත් සමග විමල් විරවංශ මහතා ඔහුට දොස් පවරා ඇත.

අදාල ලේකම්වරයා හා විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ හිටපු ලේකම් පාසල් මිතුරන් වේ.
බැසිල් රාජපක්ෂ මහතා සමග විරසකව සිටින ඒකාබද්ධ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට මුන ගැස්වීමට විමල්ගේ හිටපු ලේකම්වරයා දායකවී ඇත.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සමගිවී සටන් කරන්නැයි පාක්ෂිකයින් ගෙන් හා හිතවතුන් ගෙන් එල්ලවූ බලපෑම නොතකා කටයුතු කල බැසිල් රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ ප්‍රමුඛ එකාබද්ධයේ ඔවුන්ගේ අනුගාමිකයින්ට ඒකාබද්ධය තුලින්ම විරෝධයක් මතුව තිබේ.

ශ්‍රීලනිපයේ හතරක් මහින්ද ළඟට !

මේ අතර බැසිල් රාජපක්ෂ මහතාගේ හිතවතුන් පවසන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ දෙදෙනෙක් ඇතුළු සිවුදෙනෙක් ඇමති තනතුරුවලින් ඉවත් වී ඉදිරි දින කීපය තුළ ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ‍ වන බවයි.

රජයේ පාර්ශ්වය හා ඒකාබද්ධ විපක්ෂය එක්වී පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා වන සාකච්ඡා අසාර්ථක වන තත්ත්වයක් උදාවී තිබෙන නිසා මොවුන් මෙම තීරණය ගන්නා බව බැසිල්වාදීන් පවසති.

ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමති නිමල් ලංසා මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමේදී ප්‍රකාශ කළේ දෙසැම්බර් මාසය වන තෙක් සිටින ලෙසට ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන නිසා ඒ ගැන බලා සිටින බවයි. ඇමතිවරු පිරිසක් ඒකාබද්ධයට එකතුවන බව කියන කතාව කාලයක් තිස්සේ කතාවන එකක් බවද ඔහු කීය.

ඇමැති ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතාගෙන් කළ විමසීමේදී ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීම සුදුසු බව වැඩිදෙනාගේ මතය වී ඇති බවයි.

Comment (0) Hits: 248

විමල්ගේ පක්ෂය බැසිල්ගෙන් 'ගේමක්' ඉල්ලයි !

තම පක්ෂයේ ඉල්ලීම සලකා නොබලුවහොත් ඉදිරිදින කිහිපය තුලදී දැඩි දේශපාලන තීන්දුවක් ගන්නා බව විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී ඇත.

ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ අපේක්‍ෂකයින් තෝරා ගැනීමේ ක්‍රියාවලිය මුල්කර ගනිමින් ජාතික නිදහස් පෙරමුණ හා බැසිල් රාජපක්ෂ මහතා අතර මතගැටුමක් ඇතිව තිබේ.

සෑම කොට්ඨාසයක් සඳහාම ඒකාබද්ධ විපක්‍ෂයේ අපේක්‍ෂකයින්ගෙන් සියයට 10 ක් තමන්ට ලබාදෙන ලෙසට විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ජාතික නිදහස් පෙරමුණ ඉල්ලා ඇතත්, බැසිල් රාජපක්ෂ මහතා ඊට අකමැත්ත පළ කර තිබේ.

 කාලගුණ නොදත් එවුන් !

 මේ සම්බන්ධයෙන් 'නිව්ස් ටියුබ්' වෙත අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයකු පැවසුයේ 2015 ජනාධිපතිවරණයෙන් පැරදී නන්නත්තවරව සිටි පිරිසට බාධක අභියෝග මැද පළමු වේදිකාව සකසා දුන්නේ තම පක්ෂය බවයි.

එදා පරාජයෙන් පසු රට අතහැර පලාගිය බැසිල් රාජපක්ෂ මහතා තම මුදල් බලයෙන් ඒකාබද්ධ විපක්ෂය පාලනය කිරීම කනගාටුවට කරුණක් බවද ඔහු සඳහන් කළේය.

 වැඩිදුරටත් ඔහු මෙසේද පැවසිය.

'' ජනවාරි 08 පරාජයෙන් පැය 24ක් යන්න ඉස්සෙල්ල බැසිල්ලා පාක්ෂිකයින් දාලා රටින් පැනලා ගියා. මාසයක් ඇතුලත ජනතාව ඒකරාශිකරලා නුගේගොඩ පළමු රැස්වීම තිව්වේ අපි. එතැනදී අපට උදව් කලේ දිනේෂ්, වාසු, ගම්මන්පිල එඅගේ කිහිප දෙනෙක් විතරයි. අද මහ ලොකුවට කෑ ගහන පොහොට්ටුවේ ඇතැම් නායකයෝ පවා එදා එහෙම රැස්වීමක් තියන්න එපා කියල අපට කිවා.

එදා හිටපු ජනාධිපති මහින්ද මහත්තයාගේ කතාව ලිව්වේ අපේ නායකයා, විමල් සහෝදරයා. අන්තිමට එක කියවන්න කෙනෙක් හිටියේ නැහැ .. අන්තිමට මහින්ද මහත්තයාගේ කතාව වේදිකාවට ඇවිල්ල කියෙව්වේ දයාන් ජයතිලක.

එහෙම ආණ්ඩු විරෝධී බලවේග ඒකරාශී කරලා වේදිකා හදලා දුන්නම බැසිල්ලා ලංකාව ඇවිත් දැන් සංදර්ශන දානවා. එහෙම බරක් ඇද්ද අපේ පක්ෂයට අද බැසිල්ල කොන්දේසි දාන්න එනවා . මහින්ද මහත්තයා මේවට ඉඩ දුන්නොත් අපිත් දැඩි තීන්දුවක් ගන්නවා ''

 මහින්ද බැලුවෙත් Youtube එකෙන් !

 සන්ධානයේ පක්ෂ කිහිපයක් එක්වී 2015 පෙබරවාරි 18 දා නුගේගොඩදී පැවැත් වූ දේශපාලන රැස්වීම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂක ලෙස නම් කිරීම උදෙසා පවත්වන ලද්දක් වුවද එම රැස්වීමට මහින්ද රාජපක්ෂ මහතා පවා නොපැමිණියේය.

මෙම රැස්වීම කිසිඳු රුපවාහිනී නාලිකාවකින් විකාශය නොවූ අතර ජාතික නිදහස් පෙරමුණ එය Youtube හි සජීවී ලෙස විකාශය කිරීමට කටයුතු යොදා තිබු හෙයින් මහින්ද රාජපක්ෂද එය නරඹා තිබුනේ Youtube ඔස්සේය.

 විමල්ගේ නුගේගොඩ රැස්වීම ගැන එදා කී කතා

 නුගේගොඩ රැස්වීමේ දර්ශන මෙතනින්

Comment (0) Hits: 471

Page 3 of 4