Language Switcher

V2025

කාන්තා අයිතීන් වෙනුවෙන් කළු පැහැ ගැන්වුණු BAFTA සම්මාන උළෙල

බ්‍රිතානයේ චිත්‍රපට සහ රුපවාහිනී වැඩසටහන් වෙනුවෙන් සම්මාන පිදෙන Baftas (The British Academy of Film and Television Arts) ඊයේ (පෙබරවාරි 18) ලන්ඩනයේදී පැවැත්වුණා. මෙහි විශේෂත්වය වන්නේ මුළු සම්මාන උළෙලම කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය, ලිංගික අතවර සහ අසමාන ලෙස සැලකීමවලට විරුද්ධව සංවිධානය වී තිබීමයි.

මෙය කාන්තා අයිතීන් සහ ලිංගික අතවරයන්ට එරෙහිව ක්‍රියාකරන Time's Up ව්‍යාපාරයට සහය දැක්වීමකි. බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ නළු නිලියන් රැසක් සමාජ ක්‍රියාකාරීන් සමඟ අත්වැල් බැඳගනිමින් Time's Up සහයෝගය පළකරමින් කළු පැහැති ඇඳුම්වලින් සැරසී සිටිනු දැකිය හැකි විය.

එසේම මෙම සම්මාන උළෙල සඳහා ස්ත්‍රීවාදී දේශපාලන සහ සමාජ ක්‍රියාකාරීන් රැසක් ආරාධිතයින් ලෙස සහභාගී වී සිට තිබේ.

 Time's Up ව්‍යාපාරය

මෙම සංවිධානය ඇතිවීමට බලපෑ ප්‍රධාන හේතුව වන්නේ හොලිවුඩ්පුරයේ ජනප්‍රිය නිළියන් රැසක්ම හොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදකයෙකු වන හාර්වි වෙයින්සටන්ගේ අතවරවලට ගොදුරු වීමයි. පසුගිය මාස කිහිපය තුළ මේ ජනප්‍රිය නිළියන් රැසක්ම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ තමන් හාර්වි වෙයින්සටන්ගේ ගොදුරු බවට පත්වූ බවයි.

 මෙම උළෙල අවසානයේ Time's Up ව්‍යාපාරයේ මූලිකත්වයෙන් කාන්තාවන්ට එරෙහිව සිදුවන අපහරණයන් හා වෙනස් ලෙස සැළකීමට එරෙහිව ප්‍රධාන පෙළේ කාන්තා තරු 200 කට සහබාගිත්වයෙන් විවෘත ලිපියක් පළ කිරීම සහ බ්‍රිතාන්‍යයේ ලිංගික අතවරවලට ලක්වන කාන්තාවන්ට නීතිමය උපදේශ සහ වෙනත් සහයන් ලබාදීමේ අරමුණ සහිතව පදනමක් පිහිටුවීමද සිදුවිය.

මෙම ලිපිය තුළ විනෝදාස්වාද කර්මාන්තය ආශ්‍රිතව කාන්තාවන් මුහුණ දෙන වැටුප් අසමානතා ලිංගික අතවර පිළිබඳ කරන ලද අනාවරණයක් වේ.

එමා වොට්සන්ගෙන් මිලියනයක්

ලිංගික අතවරයන්ට එරෙහි පදනම වෙනුවෙන් එමා වොට්සන් පවුම් මිලියනයක් ලබාදී ඇතැයි වාර්තා වේ.

හැරී පොටර් චිත්‍රපට මාලාව හරහා ජනප්‍රියත්වයට පත් එමා, හාවේ වින්ස්ටීන්ගේ එරෙහිව සිය හඬ අවධි කළ පළමු තැනැත්තියද වෙනවා. 2011 හාර්වි වෙයින්සටන්ගේ චිත්‍රපටයක සම්බන්ධ වී ඇති එමා එම දිනවලම ලබාගත් ජායාරූපයක හාර්වි විසින් ඇයව පිටුපසින් අල්ලාගෙන සිටින අයුරු දැක්වේ.

එමා වොට්සාන්ට අමතරව තවත් නිළියන් රැසක් මේ සඳහා අරමුදල් පරිත්‍යාග කර තිබේ.

View the embedded image gallery online at:
http://newstube.lk/featured/1041-bafta#sigProId624caa7887