Language Switcher

V2025

"නුදුරු දිනක" මගේ නිවේදක භූමිකාවට අමතර වටිනාකමක් එකතු කරාවි - සංදීප ජයසිංහ

14479760 10210895224724726 2690234315573793945 nනවක ගායක පරපුරේ ආදර අඬෝවැඩියා අතරේ වෙනස්ම රිද්මයක ආදර ගීතයක් අන්තර්ජාලය ඔස්සේ අහම්බෙන් මෙන් අහන්නට සිදු වූයේ මිතුරෙකුගේ ඇරයුමක් නිසාවෙනි. "නුදුරු දිනක නුඹෙ අතගෙන යන්න හිතෙනවා" යැයි ගයන ගායකයා "හීන අතරින් සරන්න - මගේ ළඟින් නුඹ හිඳින්න" යැයි තම සිත් ගත් තරුණියට ආදරණීය යෝජනාවක් ගෙන එයි. තමා ආදරය කරන තරුණියගේ අත පතා ගයන මේ ගීය, තරුණයාගෙ අනාගත සුබ සිහින ඇයට කියන්නට ගත් ආදරණීය උත්සාහයක් යැයි හැඳින්වීම වඩා සුදුසුය.

කලකට පසු නවකයන්ගේ ගීත අතරේ හිතට දැනුණ සරල පද පෙළක් සහිත "නුදුරු දිනක" නවතම ආදර ගීතය සන්දීප ජයසිංහ නම් වූ තරුණයාගේ පළමු ගායනාව වේ. ගීතයක් නිර්මාණය කොට ජනගත කළද සන්දීප ඔහු වෘත්තිමය ගායකයෙකු නොවන අතර ඔහු ක්ෂේත්‍ර රැසක දස්කම් දැක්වූ නිර්මාණශීලී තරුණයෙකු යැයි පැවසීම වඩා සාධාරණය.

වසරේ අරටුව පුවත්පතෙන් ව්‍යාපාර මාධ්‍යවේදියෙක් ලෙස පත්තර රස්සාවට අත්පොත් තැබූ සන්දීප ලක්බිම හා රිවිර පුවත්පත් තුළ ව්‍යාපාර මාධ්‍යවේදියෙක් හා 15780844 10211849707186191 4352188985769042269 nවිශේෂාංග රචකයෙක් ලෙස කටයුතුකොට 2015 වසර අවසානයේ පත්තර රස්සාවට සමුදී නිවේදක රස්සාවට අත්පොත් තැබීය. VIP Radio හා Sri TV අන්තර්ජාතික සැටලයිට් රූපවාහිනී නාලිකාවේ වෘත්තීය නිවේදකයෙකු ලෙස කටයුතු කළ ඔහු ලිවීමේ කටයුතු අත්නොහැර දැන්වීම් පිටපත් රචනයට එය ස්ව කැමැත්තෙන්ම ලඝු කොට සැමවිටම "නිවේදක වෘත්තිය" මුල් තැන්හි තබා කටයුතු කරන්නෙකි. ප්‍රසංග වේදිකා නිවේදකයෙකු ලෙස දිනෙන් දින වර්ධනය වන ජනප්‍රියතාවකට උරුමකම් කියන ඔහු ගීතයක් නිර්මාණය කළේ ඇයි දැයි යන්නට පිළිතුරු එක්කළේ මෙහෙම.

"මම professional ගායකයෙක් නෙමෙයි, එහෙම වෙන්න ඕනැකමකුත් නෑ මට. මේ මගේ පුංචි කාලෙ ඉඳලා තිබ්බ හීනයක් හැබෑ කරගැනීමක්. මම සිංදු කියන්නේ මගේ ආසාවට, මගෙ ආසාවට මිනිස්සු ආසා උණොත් මිනිස්සු මේක අහලා නොබැන්නොත් විතරක් තව ගීතයක් නිර්මාණය කරනව. මම professional නිවේදකයෙක්, හැමදේම විකිණෙන කාලෙක මගේ සිංදු මගේ නිවේදක භූමිකාවට අමතර වටිනාකමක් එකතු කරාවි කියලත් දැන් හිතෙනවා. මිනිස්සු කිව්වොත් සිංදු කියන එක මට ගැලපෙනවා කියලා මම ඒක දිගටම කරගෙන යනවා.."

අනුරාධපුර මිගාර කසුන් රත්නායක තරුණයාගේ ගී පද රචනාව, මීරිගම සෙරීන් සංගීත කණ්ඩායමේ නායක / කීබෝඩ් වාදක සමීර සඳරුවන් ගේ සංගීතයෙන් හැඩවී ගම්පහ සන්දීප ජයසිංහ ගේ හඬින් නිර්මාණය වූ "නුදුරු දිනක" නවතම ආදර ගීතය අහන්නට නම් ඔබ අන්තර්ජාලයට ළඟා විය යුතුමය. ජනමාධ්‍ය ඔස්සේ ගීතය නෑසෙන්නේ ඇයිදැයි යන්නට සන්දීප උත්තර බැන්දේ මෙහෙම.

21761458 10214435485709038 8741075405747295672 n"සිංදුවක් චැනල් එකක දාලා package ගහලා hit කරන්න විසිකරන්න සල්ලියක් මට නෑ. මම සිංදු කියන එක බිස්නස් එකට කළා නම් මම ඒක ආයෝජනයක් කියලා හිතාගෙන කරනවා, ඒත් ආසාවට කරපු දේකින් කන්න බොන්න ගෙදරට දෙන්න තියෙන සල්ලියක් නිකරුණේ නාස්ති කරගන්න මම කැමති නෑ. කලාකරුවෙක් කරපු නිර්මාණයක් සල්ලි දීලා ප්‍රචාරය කරගන්න වෙලා තියෙන එක ගැන මට පුදුමයක් නෑ හැමදේම විකිණෙන කාලෙක, ඒත් ඇත්තටම talent එක තියෙන සල්ලි නැති අහිංසක කලාකාරයන්ට මේ යන කාලකන්නි ක්‍රමය හරි අපරාධයක්. සල්ලි පස්සෙ නොදුවන රේඩියෝ චැනල් කීපෙකට මම දුන්නා සිංදුව, ඒත් දායිද නැද්ද දෙයියො තමා දන්නෙ ඉතින්. පරණ හොඳ ගායකයන්ගෙ හොඳ ලස්සන සිංදුත් අද ඇහෙන්නෙ නැති එකේ අලුත් අපේ ඒවා ඇහෙයිද ඉතින් ඇඳුනුම්කමක් හරි අදාල බලධාරියෙකුට කීයක්වත් අතමිට මොලවන්නෙ හරි නැතුව."

සන්දීප තම ගීතය ජනතාවට සමීප කරන්නට youtube හා වෙනත් වෙබ් අඩවිද facebook සමාජ ජාලයද තෝරාගෙන තිබේ. Nuduru Dinaka Sandeepa යනුවෙන් අන්තර්ජාල සෙවුමක් කරන ඔබට සන්දීපගේ "නුදුරු දිනක" ගීය අහන්නට, බලන්නට හැකිය. ආසාවට ගීතයක් ගැයූ සන්දීපගේ සංගීතමය අනාගතය ගැන තීරකයා වන්නේ එම ගීතය අහන, බලන ඔබමය.