Language Switcher

V2025

ලෝකය වෙනුවෙන් දරුවන් සපයන 'Baby Factory'

දරු ඵල අහිමි යුවලක් තමන්ගේම දරුවෙක් ලබාගැනීම වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න ඉදිරිපත් වෙන බව අපි දන්නවා. තාක්ෂනය දියුණු වීමත් එක්ක ඒ සඳහා විවිධ වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම ලෝකය තුළ ජනප්‍රිය වුණා.

ඊට අමතරව LGBTIQ ජනතාවගේ අයිතිවාසිකම් පිළිගැනීමත් සමග ලොව පුරා ඔවුන් වෙනුවෙන් විවිධ නීති රීති හදුන්වා දෙනු ලැබුවා. 001

උදාහරණයකට සමරිසි යුවළකට දරුවන් හදා වඩා ගැනීමේ අයිතිය සමහර රටවල ලබාදී තියෙනවා. මේ එක්කම නල දරු උපත්, ජාන තාක්ෂනය, කෘතීම සංසේචනය, ශුක්‍රාණු බැංකු ආදිය කර්මාන්තයක් ලෙසත් දියුණු වෙලා තියෙනවා.

ඊට අමතරව විශේෂයෙන්ම වර්ධනය වී තිබෙන කර්මාන්තයක් වන්නේ දරුවන් බිහිකිරීම වෙනුවෙන් තමන්ගේ ගර්භාෂය කුලියට දීමයි. බොහෝ ආසියානු කාන්තාවන් තමන්ගේ රැකියාව ලෙස මෙය තෝරා ගැනෙමින් තිබෙනවා. මේකෙදි ඔබට දරුවෙකු අවශ්‍ය කෙනෙක් නම් කරන්න වෙන්නේ තමන් කැමති රටක තියෙන සායනයක් සහ ගර්භාෂය කුලියට ලබාදීමට කැමති කාන්තාවක් තෝරා ගැනීම විතරයි. අවශ්‍ය වෙන එකම දේ ඒ වෙනුවෙන් විසිකරන්න ඇති තරම් මුදල් 

උදාහරණයකට පසුගිය සමයේ ජපන් කෝටිපතියෙක් තායිලන්ත සායන කිහිපයක් හරහා දරුවන් 16 දෙනෙකු ලබාගත් පුවතක් වාර්තා වුණා. පසුව ඔහුව හදුන්වනු ලැබුවේ 'Baby Factory' යන නමින්. 002

බොහෝ මානව හිමිකම් සංවිධාන සහ ස්ත්‍රීවාදී සංවිධාන මෙම ගර්භාෂ කුලියට දීම මානව අයිතීන් උල්ලංඝනය වීමක්, කාන්තාවන් සූරාකෑමට ලක් කිරීමක් ලෙස දකිනවා. ඔවුන් නගන ප්‍රධානම තර්කය වන්නේ මෙය හරහා දරුවන් කෙරෙහි මවට ඇති අයිතිය අහිමි කර මව සහ දරුවා අතර ඇති මිනිස් සම්බන්ධය මුල්‍යමය ගනුදෙනුවක් බවට පත් කර ඇති බවයි.

ගර්භාෂා කුලියට දීමේදී සිද්ධ වෙන්නේ මොකක්ද?

ගර්භාෂ කුලියට දීමේදී ඇත්තටම සිද්ද වෙන්නේ යම් කිසි කන්තාවක් තව කෙනෙකුට දරුවා ලබාදීමේ අරමුණින් ගර්භනී භාවයට පත්වීමයි. මෙහෙම ලබාදෙන්නේ දරුවන් හැදීමට හැකියාවක් නොමැති මව්පිය යුවලක් වෙනුවෙනුයි. ගර්භාෂ කුලියට දීමේදී අනුගමනය කරන ක්‍රම දෙකක් තියෙනවා. එක ක්‍රමයක් වෙන්නේ ගර්භාෂය දරන කාන්තාවගේ ඩිම්බ යොදාගෙන දරු ගැබක් ඇති කිරීම සහ ඩිම්බ කෘතිමව සංසේචනය කර එය දරුගැබේ තැන්පත් කිරීමයි.

මෙය නීති විරෝධිද?

මෙය රටින් රටට වෙනස් වෙනවා. ප්‍රංශය , ජර්මනිය, ඉතාලිය, ස්පාඥඥය, පෘතුගාලය, බල්ගේරියාව වැනි රටවල සියලුම ආකාරයේ ගර්භාෂ කුලියට දීම තහනම්. එත් එංගලන්න්තය, අයර්ලන්තය, ඩෙන්මාර්කය, බෙල්ජියම වගේ රටවල් මුදල් ලබාගැනීමේ පරමාර්ථයෙන් කෙරෙන ගර්භාෂ කුලියට දීම පමණක් තහනම්.

ඒවගේම සමහර ඇමරිකානු ප්‍රාන්තවල සහ ඉන්දියාව, රුසියාව, යුක්රේනය වගේ රටවල් මෙය නිත්‍යානුකුලව සිදුකරන්න බාධාවක් නැහැ. මීට අමතරව තායිලන්තය, කම්බෝජය, නේපාලය වගේ රටවල මෙය ඉතා සරුවට කෙරෙන ව්‍යාපාරයක්. ඒත් මෑතක සිට ඉන්දියාව, තායිලන්තය සහ කම්බෝජයේත් පිට රට යැවීම සඳහා වාණිජව සිද්ධ කෙරෙන ගර්භාෂ කුලියට දීමට එරෙහිව නීති රීති හදුන්වා දෙනු ලැබුවා.

ගර්භාෂ කුලියට ලබාගැනීම සඳහා යන රටවල්

මේ සඳහා ප්‍රසිද්ධව පවතින රටවල් කිහිපයක් පවතිනවා. විශේෂයෙන් සඳහන් කරන විදිහට බොහෝ දෙනෙක් ගර්භාෂ කුලියට ලබාගැනීම සඳහා යන්නේ ඇමරිකාව, ඉන්දියාව, තායිලන්තය, යුක්රේනය, රුසියාව වගේ රටවල් වෙතයි. මීට අමතරව මෙක්සිකෝව, නේපාලය, පෝලන්තය, ජෝර්ජියාව වගේ රටවලුත් ඒ ලැයිස්තුවේ උඩින්ම තියෙනවා.

මේ රටවල් දරුවෙක් වෙනුවෙන් අයකරන මුදල රටින් රටට වෙනස් වෙනවා.003මෙහි තිබෙන්නේ අවම ගණන (වසර තුනකට පෙර)

ඇමරිකාව - $100,000
ඉන්දියාව - $47,350
තායිලන්තය - $52,000
යුක්රේනය - $49,950
ජෝර්ජියාව - $49,950
මෙක්සිකෝව - $45,000
කාම්බෝජය - $50,000

මේ ආකාරයට විකිනෙන දරුවන් ප්‍රමාණය පිලිබද නිවැරදි සංගණනයක් සිද්ධ නොවෙන නිසා බොහෝ රටවල්වලට මේ පිලිබද අවබෝධය අඩුයි. එත් සමීක්ෂණයන්ට අනුව තහවුරුව ඇත්තේ සුපිරි මට්ටමේ පාරිභෝගිකයන් දරුවන් ලබාගැනීම සඳහා ඇමරිකාව වැනි රටවලට යන බවයි. එයට හේතුව ලෙස සදන්හන් වන්නේ එහි පවතින සෞඛ්‍ය ආරක්ෂාවයි. ඒ වගේම ඇමරිකාව ඒ සම්බන්ධ ඉතිහාසයක්ද පවතිනවා.

කාම්බෝජ ගර්භාෂ004

ඉන්දියාව නේපාලය සහ තායිලන්තය වැනි රටවල ගර්භාෂ කුලියට දීම තහනම් වීමත් එක්ක කාම්බෝජය තුළ මේ සඳහා විශාල ඉල්ලුමක් ඇතිවුණා. සාමන්‍යයෙන් කාම්බෝජය තුළ මෙවැනි දරු ගැබක් දරා සිටින කාන්තාවකට මසකට $US400 වැනි මුදලක් හිමිවෙනවා. කාම්බෝජය ආසියානු කලාපයේ දුප්පත්ම රටක්. එරට කාන්තාවන් බහුලව නිරත වෙන රැකියාව වන ඇගැලුම් කර්මාන්තයේ ඔවුන්ට මසකට හිමිවෙන්නේ $128 ක් වගේ මුදලක් පමණයි. මේ හේතුව නිසාම අතට ලැබෙන මුදල් ප්‍රමාණය සලකා කාන්තාවන් ගර්භාෂ කුලියට දීමට පෙළඹෙනවා . මේ සඳහා කාම්බෝජය තුළ පිටරැටියන් විසින් ස්ථාපිත කරන ලද සායන විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ සායනයක් ඒ වෙනුවෙන් $50,000 මුදලක් අය කෙරෙනවා. කාම්බෝජය තුළ මෙය තහනම් කිරීමෙන් පසු පසුගිය සමයේ එවැනි සායනයක් පවත්වාගෙන ගිය හෙදියක් කාම්බෝජ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. එහිදී හෙළිවුණේ එම සායනය සඳහා ඇය කාන්තාවන් 25 දෙනෙකු බඳවාගෙන ඇති අතර ඉන් 19 දෙනෙකු මේ වනවිටත් ගැබිනියන් බවයි. ඊට අමතර සායනය හරහා ඕස්ට්‍රේලියාවට පමණක් දරුවන් 70ක් පමණ ලබාදී ඇති බව හෙළිව තිබෙනවා.

 ගැටළු

ගර්භාෂ කුලියට දීම සහ දරුවන් විකිණීමට තහනම් නොමැති රටවල මේ කටයුතු සඳහා නීති රාමුවක් ස්ථාපිත වී නැහැ. ඒවගේම මුදලට ගර්භාෂ කුලියට දීම තහනම් කර ඇති රටවල් පවා එම නීති රීති ශක්තිමත් නැහැ. උදාහරණයකට කාම්බෝජය තුල මුදල් සඳහා දරුවන් ලබාදීම තහනම් කර තිබුනත් බොහෝ මව්වරුන් ඒ ආසන්නයේ පිහිටි වෙනත් රටවලදී දරුවන් අලෙවි කිරීම සිදු කරන බවට වාර්තා පලවෙනවා. පහුගිය සමයේ කාම්බෝජය තුල දරුවන් විකිණීම ඉහල යාමටත් හේතුව තායිලන්තය තුල දරුවන් පිට රටියන්ට විකිණීම තහනම් කිරීමයි. කාම්බෝජයේ මෙය තහනම් වීමත් සමඟ ඔවුන්ගේ ඊළඟ තේරීම වන්නේ ලාඕසය සහ මැලේසියාව වැනි රටවල් බව විශේෂඥයන් පවසනවා.

හදිසියෙවත් දරුවෙක් බිහිවීමෙන් පසුව දරුවා ලබාගැනීම ප්‍රතික්ෂේප කළහොත් ගර්භාෂය ලබාදුන් කාන්තාව පත්වන්නේ විශාල අපහසුතවයකටයි. එයට හේතුව මේ ගර්භාෂ කුලියට දෙන බොහෝ රටවල් නීතිය අනුව දරුවාගේ නීත්‍යනුකුල අයිතිය මවට හිමිවීමයි. ඒවගේම මේ බොහෝ දරුවන්ට උපතේදී කිසිදු රටක පුරවැසි හාවය හිමිවන්නේත් නැහැ. පුරවැසිභාවය දරුවා හදා වඩා ගැනීමට බලාපොරොත්තු වෙන දෙමව්පියන් විසින් අයදුම් කල යුතු වෙනවා.

මිට අමතරව පවතින ප්‍රධානම ගැටළුවක් වන්නේ බිහිවන දරුවා යම් අබාධයක් සහිතව ඉපදුනොත් දරුවා ප්‍රතික්ෂේප කිරීමේ වැඩි ඉඩකඩක් පැවතීමයි. එවැනි සිද්ධි බොහොමයක් පිලිබද වාර්තා වී තිබෙනවා. ඊට අමතරව ලාභ ඉපයීමේ අරමුණින් කාන්තාවන් මෙවැනි කටයුතු සඳහා බලෙන් යොදවා ගත් අවස්ථාද බොහෝවිට වාර්තා වෙනවා.