Language Switcher

V2025

පිට පිට අටවන පුපුරා යෑමට එත්නා ගිණි කන්ඳ සූදානමින්..!

දෙදහස් විසිඑක වසරේ පෙබරවාරි 16 වනදින සිසිලි දූපතම රෞද්‍ර භීතියෙන් වෙලා ගත් එත්නා ගිණි කන්ඳ පිට පිටම සය (6) වතාවක් දරුණු ලෙස පුපුරා ගියේ කතානියා ගුවන් තොටුපල හා කලාබ්‍රියා නගර වල දෛනික කටයුතු සියල්ල අඩාල කරමින්…..

මෙලෙස ලඟ ලඟම දැඩි අකාරුණික බවක් පෙන්වූ එත්නා සොභාදහමේ චමත්කාරී ගිණි කිකිළිය සිය අටවන පුපුරා යෑමට සූදානම් වෙමින් සිසිලියානු දූපත් වාසීන්ගේ සිත් භීතියට පත් කරමින් සිටී..

අවසාන වරට සිදුවුනු දරුණු පුපුරායාම හමුවේ අඩි දහසකට ( 1000 ) වඩා ඉහල අහසට ගිණියම් ලාවා මුදාහැරීමට එත්නා ගිණිකන්දේ අභ්‍යන්තර ශක්තීන් සමත් විය...

එසේ දැවැන්ත ලාවා ප්‍රමාණයක් පිටකිරීමත් සමගම අළු ඝණ වූ ලාවා හා දුමාරය සිසිලියානු නගරය වෙලාගත් අතර ලාවා මෙවර ගලා ගියේ කතානියා සුන්දර මුහුදු වෙරළ දිශාවටයි…..          

මෙසේ සක්‍රීයවන එත්නා ගිණි කන්දේ බලපෑම තුල දෛනික ගුවන් ගමන් සඳහා ඇතිවන අවහිරතා මගහැරීමට සිසිලියානු දූපත් බලධාරීන් විසින් සියළු හදිසි ගුවන් ගමන් ආසන්නයේ පිහුටි අමෙරිකානු බලකොටුවක් වන සිගනොල්ලා ගුවන් තොටුපල හා සම්බන්ධ කරන අතර සිගනොල්ලා අමෙරිකානු බලකොටුව වෙත දිනපතා දෛනික අවශ්‍යතා වෙනුවෙන් ගුවන් යානයක් අමෙරිකාවේ සිට සිසිලියානු දූපතට පැමිණීම සුවිශේෂී සිදුවීමකි…..

කෙසේ වෙතත් සිසිලියා දූපතේ වැසියන් මේ දිනවල තම දෛනික කටයුතු භීතියෙන් යුතුව සිදුකරමින් සිටින අතර බොහෝ දෙනා නිදිවර්ජිත රාත්‍රීන් ගත කරමින් සිටී…

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි 

මිලානෝඉතාලිය.

WhatsApp Image 2021 02 27 at 00.08.43

WhatsApp Image 2021 02 27 at 00.08.45 1

WhatsApp Image 2021 02 27 at 00.08.45

WhatsApp Image 2021 02 27 at 00.08.44

WhatsApp Image 2021 02 27 at 00.08.47

WhatsApp Image 2021 02 27 at 00.08.46