Language Switcher

V2025

30 වසරකට පෙර දැයෙන් සමුගත් - එ.ජා.ප. මහ ලේකම් ජෙනරාල් රන්ජන් විජේරත්න !

තමාවෙත පැවරෙන ඕනෑම වගකීමක් සිහි බුද්ධියෙන් යුතුව මනාව ඉටු කිරීමේ අති දක්ෂයෙකු වූශ්‍රේෂ්ඨ නායකයෙකු මීට වසර තිහකට පෙර දැයෙන් සමුගත්තේය. එඩිතර භාවය, සෘජු ගුණය,කාර්යශූරත්වය එක්තැන් කළ මෙම නායකයා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම්වරයෙකු වූවැවිලිකර්මාන්ත හා රාජ්‍යාරක්ෂක අමාත්‍ය පදවිය හෙබවූ ජෙනරාල් රන්ජන් විජේරත්න මහතාය. 

අතිගරුඩී.එස්. සේනානායක මැතිතුමාගේ ඥාතිවරයෙකු වූ විජේරත්න මහතා ඡන්ද බලය නොතිබුණුයොවුන් සමයේම එක්සත් ජාතික පක්ෂයට එක්වූයේ දාහත් වන වියේදීය. එවකට වැල්ලවත්ත -ගල්කිස්ස මැතිවරණ කොට්ඨාසයේ වැල්ලවත්ත එ.ජා.ප. තරුණ සමිතියේ සාමාජිකත්වය ලබාගත්රන්ජන් විජේරත්න මහතා පක්ෂයේ කටයුතු වලට උදව් උපකාර කරමින් දේශපාලනයේ නියුතු වූයේපාසල් අධ්‍යාපනය ලබන අතරතුරදීය. 

රන්ජන්විජේරත්න මහතා උපත ලද්දේ මීට වසර අනූවකට පෙර 1931 වසරේ අප්‍රේල් මස 04 වෙනිදාය.වල්පොල මුදලිගේ ජෝර්ජ් හර්කිවුලිස් විජේරත්න හා රොස්ලින් මරියා සේනානායක මහත්මියයන දෙපළ දෙමාපියන් විය. මහනුවර ගුරුතලාව මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබාපසුව ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට ඇතුලත් විය. පාසල් අධ්‍යාපනයෙන් සමුගෙනවැවිලි කර්මාන්තයේ යෙදෙන්නට වූ රන්ජන් විජේරත්න මහතාගේ මුල්ම සේවා ස්ථානය වූයේබලංගොඩ ගෘප් නම් වතු යායයි. එහි පාලකයන් වූ ඉංග්‍රීසි ජාතිකයන් ඇසුරේ සිය රැකියාවසිදු කළේ මනාව සැලසුම් සහගතව පුහුණුවක්ද ලබමිනි. 

තේවගාව සහ රබර් වගාව පිළිබඳව ඔහු විශාල දැනුමක් හිමිකර ගත්තේය. එහි කොතරම් දුරට නිපුණවූයේදයත් රන්ජන් විජේරත්න මහතා පසු කලෙක සමස්ත ලංකා වැවිලිකරුවන්ගේ මහා සංගමයේ සභාපතිවිය. විටින් විට ඔහු වැවිලි ක්ෂේත්‍රයේ විවිධ තනතුරු හොබවන්නට තරම් දක්ෂතාදැක්වූහ. ඒ අනුව කොළඹ තේ වෙළෙන්ඳන්ගේ සංගමයේ සභාපති ලංකා වැවිලි ආයතනයේ උප සභාපතිලංකා තේ ප්‍රචාරක මණ්ඩලයේ සහ තේ පර්යේෂණායතනයේ උපදේශක අධ්‍යක්ෂක ආදී තනතුරුහෙබවීය. රන්ජන් විජේරත්න මහතා තවත් රාජ්‍ය ආයතන රාශියක තනතුරු හොබවමින් ඒවායේ ඇතිකළ ප්‍රගතිය අති විශාලය. 

1977 වසරේදී ඇරඹුණු එක්සත් ජාතික පක්ෂ රජයේ ජනාධිපතිජේ.ආර්.ජයවර්ධන මහතාගේ නියමයෙන් රන්ජන් විජේරත්න මහතා කෘෂිකර්ම සංවර්ධන අධිකාරියේසභාපති පදවියට පත්වූයේ 1978 වසරේදීය. පසුව කෘෂිකර්ම සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්පදවියටද පත් වූ මෙතුමා පසුව පැලවත්ත සීනි කර්මාන්ත සමාගමේ සභාපති ධූරයට පත්විය. එයින්පසු රාජ්‍ය වැවිලි අමාත්‍යංශයේ ලේකම් ධූරය 1982 වසරේදී භාරගත්හ. මීට අමතරව තවත්විවිධ තනතුරු දැරූ රන්ජන් විජේරත්න මහතා රාජ්‍ය සේවයෙන් ඉවත් වී ක්‍රියාකාරීදේශපාලනයට එක්විය. 1989 මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබමින්එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වශයෙන් මැති සබයට පිවිසුනි. ජනාධිපති ආර්.ප්‍රේමදාසරජයේ රාජ්‍යාරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය පදවිය හිමිවූයේ මෙතුමාටමය. 

1987 වසරෙන් මෙරට ඇරඹුණු දකුණේ දේශපාලන භීෂණය හමුවේ දිවි පරදුවටමතබා එය මර්ධනය කිරීමේ මහ මෙහෙයුම භාරගත් මෙතුමා රටපුරා සංචාරය කරමින් හමුදාව එක්රැස්කර උපදෙස් ලබා දෙමින් ත්‍රස්තවාදයෙන් රට මුදවාගන්නට කටයුතු කළේ නිර්භීතපුද්ගලයෙකු ලෙසිනි. 

දකුණේ දේශපාලනික භීෂණයත්, උතුරේ ත්‍රස්තවාදයත් යන දෙකොනවිලක්කුවට මැදි වී රටත්, ජනතාවත් මරණයේ වේදනාවෙන් සහ බියෙන් පෙළෙන සමයක එයින්ජාතියම මුදවා ගන්නට ජනරාල් රන්ජන් විජේරත්න මහතා පෙරමුණ ගත්තේ දිවි පරදුවට තබමිනි. මේ සියල්ල සමග ඔහුට පැවරී තිබුණ මහා භාරදූර කාර්යයක් වූයේ එක්සත්ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරයයි. ඔහු සිරිකොත පක්ෂ මූලස්ථානයේ සියලු සේවක සේවිකාවන්ටඅර්ථ සාධක වැටුප ලබා දීමට පියවර ගත් අතර, ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමටද පියවරගත්තේය. ත්‍රස්තවාදින්ගේ සහ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන්ද ඔහුට විවිධ බාධක වලට මුහුණදෙන්නට සිදුවිය. ඔහු කිසිවිටෙක කිසිමඅයෙකුට බිය වූයේ නැත. දකුණේ භීෂණය මුලිනුපුටාදමා උතුරේ භීෂණයද අවසන් කිරීමට පියවර ගත්තේ අසීමිත කැපවීමකිනි. ඔහුගේ දකුණේ ඉලක්කයසාර්ථක විය, දෙවැන්න උතුරයි. 

මේ අතරතුරදී 1991 මාර්තු මස 02 වනදා ජනරාල් රන්ජන් විජේරත්න මහතාත්‍රස්තවාදින්ගේ කුරිරු බෝම්බයකට මහ මගදී මුහුණ දී දිවියෙන් සමුගත්තේ මීට වසරතිහකට පෙර අදවන් දිනයකදීය. 

රටටත් දේශයටත් එක්සත් ජාතික පක්ෂයටත් මහා සවියක්ව ජනරාල් රන්ජන් විජයරත්නමහතා දිවංගතවී වසර තිහක් සපිරෙන මේ මොහොතේ එතුමාගේ ගුණ සිහිපත් කිරීම කෘත ගුණදන්නා සියලු දෙනාගේ යුතුකමක් 1954 දෙසැම්බර් 10 වෙනි දින ඩෙලාන්ඩ් සූරිය බණ්ඩාරමෙනවිය සමග අතිනත ගත් මෙතුමාට සිටියේ එක් පුත් රුවනක් පමණි. එම මැතිණින්යගේපුතණුවන් තනිකර දමා එතුමාගේ ජීවිතය බිලි ගැනීමට තරම් ත්‍රස්තවාදීන් කුරිරු විය. 

ලංකාදීපය තිබෙන තුරු මෙරට ජනතාවට රන්ජන් විජේරත්න යන නාමය සදාඅමතක නොවෙනු ඇත. වීරවරයෝ ඝාතනය කළත් සදා ජීවත් වෙනු ඇත.  

හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන,

සභාපති - එක්සත් ජාතික පක්ෂය.