Language Switcher

V2025

කොරොනා මට්ටුකළ නවසීලන්ත රහස් එන්නත !

ලොවම  රෝහලක් කළ COVID-19 ගෝලීය වයිරසය සමස්ත මානවයාට මරණ වරෙන්තුව ලියමින් සිටින මොහොතේ නවසීලන්තය වෛරසය මට්ටුකළ ආකාරය පිළිබඳව අද ලොවම කතා කරමින් සිටින මොහොතකි.

නවසීලන්ත අගමැතිනියවන (Jacinda Kate Laurell Ardern) ජසින්ඩා විනාඩි දෙකකටත් අඩුවෙන් තම ධූර කාලයේ ප්‍රගතිය ඉතා වේගයෙන් ඉදිරිපත් කිරීමේ රහස, කොවිඩ් මාරයා මට්ටුකළ ආකාරය යන සියල්ල අදවන විට ලොවම පුදුමයට පත්කොට ඇත.

" එයට ප්‍රධානතම හේතුව ලෙස සැලකෙන්නේ ඒ ඒ විෂයානුබද්ධ කාරණා සම්බන්ධයෙන් නිවැරැදි සුදුසු උවදෙස් හා යෝජනා රාජ්‍ය නිලධාරීන් විසින් සැකෙවින් ලභාදීමයි"
 
කොරෝනා මට්ටුකළ එන්නත ඈෂ්ලි බ්ලූම්ෆීල්ඩ් !

ඈෂ්ලි රොබින් බ්ලූම්ෆීල්ඩ් යනු (1965/1966) යන වර්ෂයක උපත ලබා ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයෙන් තම අධ්‍යාපන කටයුතු හදාරා ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන විධායක සහ රටේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ලෙස ඉතා වේගයෙන් නිවැරදි ඍජු තීරණ, උවදෙස් ලබාදෙමින් අද නවසීලන්තයේම ගෞරවාදරයට පාත්‍ර වන්නේ,   සායනික කටයුතු සම්පූර්ණ කොට 1996 සිට මහජන සෞඛ්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂයෙන්ම  බෝ නොවන රෝග කෙරෙහි අවධානය යොමු කරමින් 1997 දී ඔහු ඕක්ලන්ඩ් විශ්ව විද්‍යාලයෙන් මහජන සෞඛ්‍ය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා පළමු පන්තියේ ගෞරව සම්මාන ලබා ගැනීමට සමත්වීමත් සමගින්‍ ය.
 
1594351825433

2004 සහ 2006 අතර කාලය තුළ බ්ලූම්ෆීල්ඩ් මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය අධ්‍යක්‍ෂකවරයා ලෙස පත්වී 2006 සිට 2010 දක්වා ඔහු අමාත්‍යාංශයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය උපදේශයෙක්ද විය.

රජය වෙනුවෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස නවසීලන්තයේ COVID-19 වසංගතය අතරතුරදී 2020 ජනවාරි 27 දා පැවති පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවේ සිටම ඔහු මාධ්‍ය සමඟ මහජන සම්බන්ධතා ඇති විශේෂඥ වෛද්‍යවරයා ලෙස කටයුතු සිදුකරමින් සිටී..

සැබෑ රාජ්‍ය නිලධාරීන්ගේ උපදෙස් මතින් රාජ්‍යයත් එහිවැසියනුත් සුවපත් වූ අයුරු !

කොරෝනා ව්‍යසනය ආරම්භයත් සමගම එරට සෞඛ්‍ය අංශ සීරුවෙන් හා ඍජු කඩිනම් තීන්දු තීරණ ගෙන දේශපාලන අධිකාරියට උවදෙස් ලබාදුනි. අනතුරුව එම ශ්‍රේෂ්ඨ ජනතාවාදී දේශපාලන නායිකාව තම රාජ්‍ය නිලධාරීන්ගේ උවදෙස් කඩිනමින් අකුරට ක්‍රියාත්මක කරමින් තවදුරටත් එම රාජ්‍ය නිලධාරීන් හට ඇති බාධාවන් ඉවත්කරමින් පහසුකම් සලසමින් ඔවුනට වසංගත පාලනයට ඉඩහසර නිර්මාණය කළහ.
එකී සැබෑ දේශපාලනික නායකත්වය මේවන විටත් සමස්ත රාජ්‍යම ආරක්ශා කොට සුරක්ෂිත කර ඇත.
 
director general of health ashley bloomfield rnz

ඈෂ්ලි බ්ලූම්ෆීල්ඩ් නම් සැබෑ රාජ්‍ය නිලධාරියාට අද එරට නිර්මාණය වී ඇති තත්ත්වය නම්,  බ්ලූම්ෆීල්ඩ්ගේ සමීපතමයන් සගයන් ඔහුව හඳුවන්නේ ' ක්‍රමවත්,සන්සුන් හා සංවේදී නිලධාරියකු ලෙසිනි…

තවද ' ස්ලේට්' නම් අමෙරිකානු ඔඔන්ලයින් සඟරාවක ටෙස් නිකොල් නම් මාධ්‍යවේදියා පවසන්නේ 'වර්ථමානයේ නවසීලන්තයේ උද්‍යෝගය ඔහු බවත් මෘදු ගුණ ඇති රාජ්‍ය සේවයේ වීරයා බවත්ය'

හිටපු අගමැති ජෙෆ්රි පාමර් පවසන්නේ නවසීලන්තය තුළ මේ තරම් වේගයෙන් හා ඉක්මනින් ප්‍රසිද්ධියට පත් පුද්ගලයා බ්ලූම්ෆීල්ඩ් බවය.
තවද ඈෂ්ලි බ්ලූම්ෆීල්ඩ් වෙනුවෙන් ලොවපුරා ෆේස්බුක් පිටු හා සමාජමාධ්‍ය තුළ ඔහුගේ රුව සහිත අන්තර්ජාල සැමරුම් නිර්මාණය රැල්ලක් වෙමින් පවතින අතර ඒ අතරින් අවම වශයෙන් කෙනෙකු හෝ බ්ලූම්ෆීල්ඩ්ගේ රුව ශරීරය මත කොටා ( ටැටූ ) ඇති බවත්ය.

නවසීලන්තය එසේ කරද්දී හොඳටම කරන අපේ කෙරුම්…!

සෞභාග්‍යයයේ දැක්ම තුළින් එක රටක් එක නීතියක් පැතූ අපට නිදොස්කොට නිදහස් රඟදක්වන අපූරුව අත්විඳිමින් ඇත….

ලෝකය විද්‍යාවෙන් ව්ද්‍යානුකූලව විසඳුම් සොයන අවස්ථාවේ අපි මිත්‍යාවෙන් උමතුවී, 2500ක හෙළ වරුණාවෙන් කාළි පැණි බොමින් මුට්ටි ගඟට දමමින් ජීවිත අණතුරේ හෙලාගත්හ.

එයාපෝර්ට් එකේ කොරෝනා මැෂින් හයිකරල තියෙන්නෙ ඒකනිසා කොරෝනාවට රට ඇතුලට එන්න බෑ කීවම හිස් මුදුනෙන් පිලි අරගත්ත.

එන්නත් හැකි ඉක්මනින්ම ඇණවුම් කරන්න කීවම, අපට එන්නත් දැන්ම අවශ්‍ය නෑ ඒවාට වෙනත් ආදේශක ( පැණි,මුට්ටි,කල්ක, චූර්ණ ) තියනව කියල වාසු ඇමති  කීවම ඒකෙන් අපේ හෙළ ජාන කුල්මත් උනා….

සංචරණ සීමා, ලොක්ඩවුන් කරන්න කීවම ලෝකෙන් එක වෙන්න නොයෙක් නොයෙක් සෙල්ලම් කළා,,

වෛරස වේදය, ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ ආචාර්ය මාහාචාර්ය වරු කටවහල එළියෙන් තියල එහෙයියන් මුල්පුටුවල තිබ්බා.

 දැන් ජීවිත 5000ත් ඉක්මවල මරණ අනුපාතෙන් හරි එක වෙන්න උත්සාහ කරනවා.

 දෙයියන්ට රටේ ජනතවගෙ ජීවිත බාරකරපු කපු රාළට සෞඛ්‍ය ඇමතිකමදීල දේව ආරාධනාවත් කළා……..

ඒ අතින් බලන කොට බ්ලූම්ෆීල්ඩ්ලාට, ජසින්ඩලාට අපෙන් උගෙනීමට බොහෝදේ ඇත…..

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි.
මිලානෝ.
ඉතාලිය.