Language Switcher

V2025

මංගල දකින්න එන්න !

මංගල දකින්න, මංගල සංකල්පයෙන්ම හැඩවුන මාතර ඕලන්ද කොටුවට එන ඔබට ඇත්තටම මංගල දකින්න ඕන නම්..?

අපේ ජීවිත කාලෙ මොන තරම් මිනිස්සු ජීවිතයෙන් සමු අරන් ඇත්ද? එහෙම භෞතිකව අපෙන් සමුගත්තත් අපි ඒ ඒ අයව අනුස්මරණය කරනව, විටක වෛර කරනව, විටක දුක් වෙනව.... ඒක ස්වභාවධර්මය.............

ඉන්න කොට කියපුව අගයක් නෑ වටිනාකමක් නෑ, ආදරේ කරන්න බැරි උනා, සළකගන්න බැරි උනා ඔයවගේ නොයෙකුත් ආකරයේ කම්පාවන් අපි හැමෝටම පොදුයි........................

ඒත් "මංගල" කියන චරිතය, බ්‍රෑන්ඩ් එක ජීවත්ව හිටියට වඩා අති ප්‍රභල ලෙස සමාජය වැලඳගනිමින් ඉන්නව. ඒක ආයාසයකින් තොරව ඇතිවෙච්ච ලොකු සමාජ විපර්‍යාසයක් වගේ..... පෞද්ගලිකව මම දන්න බොහෝ පිරිස් මංගලගෙ රැඩිකල් ලිබරල් අදහස් වලට බොහෝ සෙයින් විරුද්ධ උනා..... විවේචනය කලා ඒ බොහෝ දුරට අනවබෝධය, ජාතිවාදී, ආගම්වාදී, ගෝත්‍රවාදී මෙන්ම තවරාගත් පුහු දේශප්‍රේමය නිසා..ඒත් මංගලගෙ බෞතික සමුගැන්ම එක්ක ඒ චෝදනා මුඛයෙන්ම විවේචනය කරපු පිරිස් ඒ සමනළයට හදවතින්ම ආදරය කරන්න පටන් අරන්... අන්න ඒ පිරිස් කළින් කියපු කම්පාවට තදින්ම පත් වෙලා......

ඇත්තටම මංගල දකින්න අවශ්‍ය නම් අපි කුමක් කරමුද?

මංගල සමරවීරයන් පෙනී හිටියෙ මනුෂ්‍යත්වය වෙනුවෙන්.. අපි ශ්‍රී ලාංකික පුරවැසියන් විදියට සියලු ආගම් සියලු ජාතීගෙ ආගමික, සංස්කෘතික විවිධත්වයට අවංකවම ගරු කරපු ඒ ඒ පිරිස් වල අයිතීන් වෙනුවෙන් පෙනී හිටපු මැරණව කීවත්  තමා විශ්වාස කළ මතය වෙනස් නොකරපු සැබෑ නායකයෙක්..........

තණතුරු වලින් තමා නොබැබලවන බවත් තමා සතු හැකියාවෙන් අවංකත්වයෙන් ඍජු බවින් තණතුරු තානාතර බැබලවිය හැකිබව පසක් කරගත් සැබෑ බෞද්ධයෙක්...... ඉතිං හෙට " මතක මංගල " දකින්න මාතර දිස්ත්‍රික්කයම මාතර නගරයට එකතුවේවි.......... අපි දන්න බොහෝ අය මංගලගෙන් බිලීපිත්ත අරගෙන මංගලට පිටුපෑවෙ හුදෙක් තවරාගත් දේශප්‍රේමීන්ගෙ උගුල් වලට හසු වෙලා.......එහෙම අය මංගලගෙ දැක්ම විශ්වාස නොකර මංගලට විරුද්ධව උනා ඒකෙ ප්‍රථිපල අද රටක්ම භුක්තිවිදිමින් ඉන්නෙ....

අපි එහෙනම් මංගලගෙ නාමයෙන් හෙට මංගල දකින මොහොතෙදි අධිෂ්ඨාන කරගමු...

© කිසිදාක ජාතීවාදී නොවමු.

© ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස සැවොම අපේ රටේ මිනිසුන් ශ්‍රී ලාංකික ලෙස පිළිගන්නෙමු.

©කෙතරම් අවාසි උනත් සත්‍ය වෙනුවෙන්ම පෙනී සිටිමු.

© තණතුරු වරදාන වරප්‍රසාද හමුවේ කිසිදා හෘදය සාක්ෂියට විරුද්ධව නොවෙමු.

© ආගම,ජාතිය,කුළය,ගෝත්‍රය,රැකියාව මත කිසිවෙක්ට අසමානව නොසළකමු.

© ගහකොළට, සතා සිවුපාවුන්ට, සොභාදහමට ආදරය කරමු.

© පුරවැසියන් ලෙස සෑමවිටම අවංකව සත්‍යගරුකව යුතුකම් වගකීම් ඉටුකරමු.

© දූෂණයට,වංචාවට, අසාධාරණයට නොබියයවම විරුද්ධ වෙමු.

© දේශපාලනයේදී සබෑ දේශප්‍රේමීන් ලෙස සබුද්ධිකව අනාගත ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන්ම පෙනී සිටිමු....

© තවරාගත් දේශප්‍රේමයට තිත තබමින් සැබෑ ප්‍රතිපත්තිමය රැඩිකල් මැදමාවතේ වෙනසක් දකිමු..

ඔබට මාතරින් පටන්ගෙන මංගලගේ යතාර්ථවාදී සිහින යථාර්ථයක් කොට ලොවක් ආදරය කළ, එහෙත් අප විසින් අහිමිකරගත් සැබෑ දේශප්‍රේමියා බලාපොරොත්තු වූ සැබෑ ශ්‍රී ලංකාවේ සාඩම්බරයකු වන්න නම් " මතක මංගල" නාමයෙන් වෙනස් වෙමු.....

භෞතිකව අහිමිකරගත් මංගල කිසිදා නොමියන,කිසිදා ඔහුගේ දැක්ම නොසැලකාහැරිය හැකි, ස්වභාවධර්මයේ අපූර්ව නිර්මාණයක් වූ මංගල නාමයෙන් අපි ඔහු පෙන්වූ මාවතේ ගමන් කරමු...

සුමුදු මද්දුමආරච්චි -