Language Switcher

V2025

අරගලය සහ ජවිපෙ !

අරගලයෙ ජවිපෙ හිටියද?
සමහරු නෑ කියනව
ජවිපෙ කියනව හිටිය කියල.

මම අරගලභූමියට ගියපු දවස් කීපයෙම ජවිපෙ දන්න මූනු හුගක් දැක්ක. නොදන්න මූනු ඕන තරම් ඉන්න ඇති. ඔවුන් සෙනග ගෙනාව , මහන්සි උනා.
ඉතින් ඇයි අරගලේ හිටියෙ නෑ කියන්නෙ සහ අපි හිටිය කියල කියන්න වෙන්නෙ.

වීරයා මැරිල නාට්‍යයෙ දෙබසක් තියනව
"මම දෙවියන් වහන්සෙ...
උබ දෙවියන්වහන්සෙ උනාට වැඩක් නෑ පාප් වහන්සෙ දන්නෙ නැත්නම් .."

අරගලයෙ ඉන්නව පාප් වහන්සෙල , එයාල තමයි අරගලේ මතවාදය ප්‍රකාශ කරන්නෙ.
ජවිපෙ ඒ පාප් වහසෙලාගෙ මතයට එකග නෑ. ඒත් එයාල ඒක ප්‍රසිද්ධියෙ කියන්න ගියේ නෑ කොන්වෙයි කියල බයේ. ඒ නිසා ජවිපෙ ශාරීරිකව අරගලය තුල හිටියට මතවාදී පැවැත්මක හිටියෙ නෑ.

Chinthana Dharmadasa අජිත් පැරකුම් ජයසිංහ වගේ අය අරගලයේ පාප් වහන්සෙලාගෙ (පෙරටුගාමීදායක සභාවේ) මතයට ප්‍රතිවිරුද්ධ පැවැත්මක හිටිය. ඒනිසා ජවිපෙට වඩා ඔවුන් අරගලය තුල හිටිය.

දියවන්නාවෙන් එලියෙ බලයට විරුද්දව අදහස් දක්වපු ඒ කුඩා පිරිස නැත්නම්, අරගලයෙ ප්‍රතිපක්ෂය වෙන්නෙ මිලිටරිය විතරයි. ඒනිසා අරගලය තුල ජවිපෙට වඩා පැවැත්මක් ඒ අයට තිබුන.

ජව්පෙ දැනුත් ඉන්නෙ මේ ප්‍රතිවිරෝධයෙ
දියවන්නාව ඇතුලෙන් උත්තරයක් හොයනවද
දියවන්නාවට පිටින් උත්තරයක් හොයනවද

මේ උගතෝකෝටිකයට පිලිතුරක් ඉක්මනින් ජවිපෙ හොයාගන්න එක ජවිපෙට වගේම සමාජෙටත් තීරණාත්මකයි.
මම හිතන්නෙ ජවිපෙ කැමති සහ එකග දියවන්නාව ඇතුලෙන් (system එක ඇතුලෙ) උත්තරේකට.
මේ වෙලාවෙ ජවිපෙ ගන්න මේ තීරණය හරිම වැදගත් , එය විසින් ජවිපෙ සහ සමාජයෙ පැවත්ම තීරණය වෙනව. ඒක මගහරින්න මගහරින්න ජවිපෙ විශාල වියවුලක පැටලෙනව. ඒ ව්යවුල සමාජයම විනාශ කරනව.

මේ පවතින තත්වයට විසදුම් සොයන්න ජවිපෙ දායක වියයුතුමයි. ඔවුන් දායක කරගත යුතුමයි. ඉතිහාසය විසින් නිර්මාණය කරඇති තත්වය මගහැර නිරීක්ෂකයන් වීමට නොහැකි තරමට ඉතිහාසය විසින්ම ජවිපෙ වැඩිහිටියන් බවට පත්කරල තියෙන්නෙ. පෙරටුගාමීන්ට මෙන් කොල්ලො කුරුට්ටො සමග කරන සෙල්ලම් කරන්න ජවිපෙට තවදුරටත් බැහැ.

සමාජයක පැවැත්ම ඔබේ තීරණ මත පවතී.
මේක කිව්වහම ආඩම්බර වෙන්න එපා.
බය වෙන්න.
ඉක්මනින් තමන්ගෙ තීරණවල පදනම හදාගන්න. එතන පවතින්න .

වරුණ දීප්ත රාජපක්ෂ ගේ ෆේස්බුක් ගිනුමෙනි