Language Switcher

V2025

ජපන් සැහැල්ලුව !

මෙයිජි යුගයේ ඉඳල ජපානය තමන්ගේ සමාජය ඉස්සරහ තියන බටහිර නැඹුරුව ගැන අවධානයෙන් හිටිය. ජපන් මුහුදේ යන ඇමෙරිකානු නැව් ගැන සහ ඒවායේ බලපෑම ගැන ඔවුන් සමාජයක් හැටියට සුදානම් උනා. ඒක ලොකු ව්‍යාපෘතියක් (mega social project).

මෙයිජි යුගයේ ඉඳල ජපානය තමන්ගේ ඉස්කෝල වල ඇඳුම ගැන සවිඥාණික උනා. ඒ වෙනකම් හමුදා ඇඳුමට සමාන ඇඳුමක් ඇන්ද ජපන් ළමයි මෙයිජි ප්‍රතිසංස්කරණ එක්ක තමන්ගේ ඇඳුම බටහිර පැත්තට නැඹුරු කරගත්ත. ඒ සඳහා එයාලට තිබ්බ තර්කයක්.

තරමක් පොහොසත් පවුල් වල ළමයි උණත් කිමෝනා (ගැහැණු) සහ හකමා (පිරිමි) වලින් අර බටහිර නැඹුරුවක් ඇති නිල ඇඳුමට මාරුවුණා.

ගොඩක් වෙලාවට ඇමෙරිකා නාවුක හමුදා ඇඳුමට සමාන ඇඳුමක් ඔවුන් පාවිච්චි කරනවා අදටත්.

සෘතු අනුව වෙනස් වෙන්න පුළුවන් එයාලගේ යුනිෆෝම් එක හැමවිටම අරමුණු කරන්නේ ශිෂ්‍ය ක්‍රියාශීලි බව. ක්‍රීඩා, සරඹ, බාහිර ක්‍රියාකාරකම් වගේම අනික් සියලුම පුහුණුවීමේ කටයුතු කරගැනීමේ පහසුව. වින්ටර් කෝට් (ශීත කබා) වගේ උණුසුම් ඇඳුම් ඇරුනම අනික් හැම වෙලාවේම ඇඳුම සැහැල්ලුයි. නම්‍යශීලීයි.

යම් යම් වෙලාවට මේ ඇඳුම ප්‍රිය සම්භාෂණ සහ හවස්යාමයේ ඇවිදීම වගේ දේවල් වලටත් ළමුන් පාවිච්චි කරනවා. ගොඩක් වෙලාවට පොඩි පොඩි ෆැෂන් කෑලිත් එල්ලගන්න ළමයි උත්සාහ නොකරනවා කියන්න බැහැ.

හැම වෙලාවකම ජපන් ශිෂ්‍යභාවයේ තියන නිදහස, ස්වාධීනබව සහ පුද්ගලබව ඉස්මතු වෙන විදියට තමයි එයාල තමන්ගේ නිල ඇඳුම නිර්මාණය කරගෙන තියෙන්නේ. අනෙක් අයගේ ආකර්ෂණය ලැබෙන විදියටත් මේ ඇඳුම සකස් කරලා තියනවා.

අනුරාධපුරේ අටමස්තානේ වඳින්න යන විදියට හරි දළදා වඳින්න යන විදියට හරි දහම් පාසල් යන විදියට පාසැල් ඇඳුමක් නිර්මාණය කරනවා කියන්නේ ලෞකික අධ්‍යාපනය සහ ඒවායේ අරමුණු වෙනත් විශ්වයක් එක්ක පටලා ගන්න එක.

ළමා සාරියටත් ආකර්ෂණයක් නම් ලැබෙනවා තමයි. හැබැයි ඒක නූතන ලෝකේ එක්ක යන්න කොච්චර උදව් වෙයිද දන්නේ නැහැ.

අනික දැන් ඇති නූතන ලෝකෙකුත් නැහැනේ. එක එකා උන්ට ඕනි ඕනි වැඩ තම තමන්ගේ පුංචි පුංචි රාජ්‍යවල.

එක එකාගේ පුද්ගල ෆැන්ටසි වලට ඕනි විදියට දියත් කරන කුඩා කුඩා ව්‍යාපෘති වල පැටලෙන්න සිද්ද වෙන ඕවයේ ඉන්න ළමයින්ට අබ සරණ ඇති.

These Boots Are Made For Walking by Nancy Sinatra

මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි