Language Switcher

V2025

"මතක මංගලට" වසරයි, හිටියටත් වඩා ප්‍රභලයි අමිලයි..!

අදින් වසරකට පෙර මානව වංශකථාවේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ කිරීමට නිතැතින්ම උත්සාහ කළ සමරවීර මංගල ඊටත් දින කීපයකට ප්‍රථමව සමාජ මාධ්‍ය තුළින් ඝාතනය විය.

කෙසේ වෙතත් කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගතව සිටි මංගල සමරවීරයන් සුව අතට හැරෙමින් සිටියදී අප අතරින් සමුගත්තේ බහුතරයක් සැබෑ දේශප්‍රේමීන්ට පැහැදිලි කම්පනයක් ඇති කරමිනි.

සමරවීර මංගලයන් ගැන කතාකිරීමට ඕනෑවටත් වඩා කරුණු කාරණා ඇතත් අදටත් ඔහුගේ ජීවන චර්‍යාවෙන් සමාජය උකහාගත් කිසිවක් නොමැති බව වර්ථමාන සමාජය විසින් තහවුරු කරමින් සිටී……

"මතක මංගල" එදාට වඩා අද ප්‍රභල ඇයි…..?

මංගල සමරවීර යනු මනුෂ්‍ය ජීවිතය කිමද යන්න මැනවින් වටහාගත් සැබෑ මානවහිතවාදී අවිහිංසාව ගරුකළ රැඩිකල් දේශපාලන සත්වයකි..
වර්ථමානය වනවිට ඇතිවී තිබෙන අර්බුදයන් තුන්කල් දක්නා නුවණින් දුටු, හා එකී අර්බුදයන්ට ප්‍රායෝගික විසඳුම් යෝජනා ඉදිරිපත් කළ ආශ්චර්‍යමත් මිනිසෙකි.

පසුගිය සමයේ "අරගය" ලෙස වාන් දමමින් උතුරා ගියේ මංගල සමරවීරයන් දුටු සැබෑ දේශප්‍රේමී මැදමාවතින් ඇරඹීමට තිබුණ මහා දේශපාලනික ආර්තික හා සමාජීය පුනරුදයේ "අවිදිමත්" ප්‍රකාශනයකි.

තවද වර්ථමාන සමාජය දිනෙන් දින මුහුණ දෙමින් සිටින ආර්තික,සාමාජීය හා දේශපාලනික ගැටලු වලදී විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා මංගලගේ ගුණ ගායනා කිරීමටත් එදා මංගල සමරවීර විසින් කළ ප්‍රකාශයන් උකහාගනිමින් මංගල අපට සිටියානම්, ඔහු විසින් වෙනස් කිරීමට උත්සාහ කළ සමාජ ක්‍රමය තුළ ජීවත් වෙන්නට තිබුනානම් ලෙස බිඳවැටුන බලාපොරොත්තු සහිතව අපේක්ෂා භංගත්වයෙන් යුතු සමාජ ක්‍රමයකට අතවනමින් සිටින්නේ කපිතාන්වරයකු නොමැති මහ සයුරේ අතරමංව සිටින යාත්‍රාවක මගීන් ලෙසය.

එය එසේනම් මංගල දුටු අනාගත ශ්‍රී ලංකාවේ තාරුණ්‍යයට යහපත් ජීවන රටාවක් අත්පත් කරගැනීමට නම් අපි කුමක් කළ යුතුව ඇත්ද..?

"මතක මංගල" යථාර්ථයක් කළ හැකිද….?

සැබවින්ම මංගල සමරවීරයන් ගේ චරිතය තුළ වත්මන් සමාජය මෙන්ම තාරුණ්‍යය උකහාගත යුත්තේ ඉවසීමත්, අභියෝගයන්ට මුහුණ දීමත් නිරන්තරයෙන් වෙනස් වෙමින් හදවතට එකඟව කෙතරම් අවාසි සගහගත උවත් ප්‍රතිපත්තිමය තීන්දු තීරණයන් හි එල්බ සිටීමත් නිර්මාණශීලී වීමත්ම පමණි.

තවද පිදිය යුත්තා පිදීමටත් ගරුකළ යුත්තාට ගරු කිරීමත්, මෙන්ම අත්‍යවශ්‍යම මොහොතේ ඕනෑම ජගතෙකුට බලවතෙකුට උවද එදිරිව ඍජුව නැගීසිටීමට තරම් නිර්මාණශීලී දූරදර්ශී හැකියාවකින් සමන්විත වූ නොසැලෙන ගුණ අති සමනළයකු වූයේනම් ඒ මංගල සමරවීරයන් ම පමණි.

එනමුත් මංගල සමරවීරයන් විසින් එක්ස්,වයි,ඉසඩ් පරපුරට එක්ව සැබෑ දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් ලෙස එක්ව කටයුතු කරමින් ලෝකය දිනන්නට විඳින්නට හා වැලඳගන්නට "රැඩිකල් මැද" නම් අසහාය වේදිකාව නිර්මාණය කොට නික්මූ බව අදත් අරගල කරන තාරුණ්‍යයට අමතකව ඇත.

කෙසේනනමුත් එලැඹෙන 26වන දින මාතර පැරණි ඕලන්ද කොටුවේ දී ඔබට නැවත මංගල හමුවීමට නියමිතව ඇත.
ඒ හමුවන "මතක මංගල" හරියාකාරව සබුදධිකව කියවාගන්නට ඔබට හැකි නම් මංගල සමරවීරයන් දුටු "සුභ ශ්‍රී ලංකාව" ඔබට ප්‍රතිනිර්මාණය කළ හැක. එය සමරවීර මංගල ට කරන ඉහළම ගෞරවය වනු නියතය.

තවද මංගල සමරවීරයන් විසින් නිර්මාණය කරන ලද සැබෑ දේශප්‍රේමී ගේ " රැඩිකල් මැද" ඔබේ වේදිකාව කරගන්නත් වත්මන් රැඩිකල් මැද මාවතේ පෙරගමන් කරුවන් හා එක්ව ලක් මවට දරුවකුට මෙන් සලකන්න එකාමෙන් එක්වන්නට හැකි නම්, එය ක්‍රියාවෙන් යතාර්ථවත් කළ හැකිනම් අපි එළැඹෙන 26 ඇත්ත මංගල දකිමු……
එක්ව වෙනස් කරමු…ඊටත් කළින් අපි වෙනස් වෙමු..

සුමුදු මද්දුමආරච්චි.
මිලානෝ.
ඉතාලිය.