Language Switcher

V2025

දඬුවම්වලට දඬුවම් දෙන්න ජවිපෙට පුළුවන්ද ?

Wall street wolf

රාජපක්ෂ යුගය ආරම්හයේදි ,හම්බන්තොට දඩුවම් මුදලාලි නැමැති මූල්‍ය ව්‍යාපාරිකයෙක් හිටිය. ලංකාවෙ මෙයාලට 'හොරු' කියල කිව්වට නිදහස් ධනවාදය එයාලට කිව්වෙ ව්‍යාපාරිකයො කියල. බලන්න "wall street wolf"

හොරු සමග මාර්ක්ස්

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙ දැවහොරුන් ගැන විවාදෙ ගැන අදහස් දක්වමින් කාල් මාර්ක්ස් කිව්වෙ පුද්ගලික දේපල කියන්නෙ දැනටමත් හොරකම් කරගත් හොර බඩු, හොරකම කියන්නෙ ඒවා නැවත හොරකම් කරගැනීම පමනයි කියල

ඉතින් නිදහස් ධනවාදයට අනුවත් කොමියුනිස්ට් කාල් මාක්ස්ට අනුවත් දඩුවම් මුදලාලි අවුලක් නෙමේ, ගේමක් ගහන වැඩ්ඩෙක්. එයා මොකක්ද කරන්නෙ..

දඩුවම් න්‍යාය

සාමාන්‍ය තත්වයක් තුල මූල්‍ය වෙලදපොල තුල ආයතනයක් තැන්පත්කරුට ගෙවන්නෙ, ඒ මුදල ප්‍රතිආයෝජනය කරල ඉන් ලැබෙන ලාභයෙන් ගෙවන්න පුලුවන් යතාර්ථවාදී පොලියක්. "දඩුවම්" කලේ මේ සීමාවට වඩා විශාල පොලී අගයක් ප්‍රකාශ කිරීම, එහෙම කලහම මූල්‍ය වෙලදපොලේ අනිත් තැන්පතුකරුවො ලග තියන මුදල් සේරම "දඩුවම්" ලගට එනව. එයා ආයෝජකයන්ට පොලී ගෙවන්නෙ ලාභෙකින් නෙමේ තමන්ට එන ආයෝජනවලින් , ආයෝජන සහ පොලීගෙවීම් අතර සමතුලිතය බිදුන ගමන් මෙයාල කඩන් වැටෙනව.

දඩුවම්ට එරෙහිව දැඩි දඩුවම්

රාජපක්ෂල "දඩුවම්"ට දඩුවම් දුන්නෙ "දැඩිදඩුවම්" කෙනෙක් ගෙනල්ල. දඩුවම් ලග එකතු වුන කලුසල්ලි ටික තමන් ලග ආයෝජනය කරව ගත්තට පස්සෙ "දඩුවම්"ට වඩා වැඩි පොලියක් දෙන "දැඩිදඩුවම්" ආව. "දඩුවම්"ට එන ආයෝජන අඩු උන ගමන් එයා ඉවරයි. රාජපක්ෂල "game done". හොරාට දඩුවම් දීල😂

එතකොට ජවිපෙ

තිලිනි ප්‍රියමාලිගෙ කතාව ගැන ලියවුන වෙබ් එකක, නම් ගම් එක්ක තිබුන ජවිපෙත් "දඩුවම්"ට සල්ලි දීල තිබුන කියල. ඒ නම් හුරුපුරුදු නිසා පැරනි හම්බන්තොට DC එකේ කෙනෙක්ගෙන් මේ ගැන ඇහුව. එයාට අනූව හම්බන්තොට ,මාතර දිස්ත්‍රික්ක දෙකේම සල්ලි ජවිපෙ "දඩුවම්" ලග දාල.

දැන් එතකොට මොනරාගල ගංජහේන් කරන, කතරගම පැත්තෙ කැලේ හරක් මරන , කුඩා වැල්ලෙන් මූදුයන, හම්බන්තොටින් කොලඹට මුං ඇට පටවන මිනිස්සු දන්නෙ නැතුව "දඩුවම්"ට අහුවුනා නම් කෝප් එකේ කෝපා එකේ හොරු අල්ලන වැඩ්ඩොන්ට "දඩුවම්"ලගෙ ව්‍යාපාරය වැන හැටි සහ වැටෙන හැටි තේරුනේ නැද්ද.

මේක නොදන්නාකම පිලිබද ප්‍රශ්නයක් නෙමේ. අශාව පිලිබද ප්‍රශ්නයක්. අරය හොරා ,මෙයා හොරා කියල කෑගහන අය තමා හොරකමට වැඩියෙන්ම ආස. එයාල අනුන්ට ආරෝපනේ කරන්නෙ තමන්ගෙ ආශාව.

ජීසස් කිව්වෙ 'ස්වාමීනි ඔවුන් නොදැන කරන දේට සමාව දෙන්න' කියල ඒත් අද වෙන්නෙ "ඔවුන් කරන්නේ කුමක්දැයි දනී,එහෙත් කරගෙන යයි"

එහෙම වෙන්නෙ ඇයි ? I dot know why

රංජන් කියන්නෙ පහුගිය කාලේ ඔක්කොම.හොරු කියල වැඩියෙන්ම කෑගහපු මිනිහ ,දැන් මෑනුත් අහුවෙලා තිලිනි ප්‍රියමාලිට, එතකොට බුදු උන, රහත් උන ඔක්කොම අහුවෙලා, බුදුන්ගෙ සාසනේ අවුරුදු 20ක් තිහක් පුහුනු කරපු භික්ෂුවක්, මාක්ස්ගෙ,ලෙනින්ගෙ පාරෙ අවුරුදු 20ක් 30ක් ගියපු එකෙක් ගෑනියෙක්ට එකරැයින් WTC කාමරේක බිත්ති සැරසිල්ලක් කරන්න පුලුවන් උනේ, තිලිනිට වඩා එයාල හොරකම් කරන්න ආස නිසා. තිලිනි ආසයි වගේම බයනෑ..
එයාල ආසයි බයයි මල්ලි

දැන් සියල්ල දත් උමංදාවෙ ලොක්කත් මේ විලාසනියට අහුවෙලා , කියන්නෙම මේක නොදන්නකම ගැන ප්‍රශ්නයක් වෙන්න බෑනෙ. ත්‍රිපිටකෙත් දන්න , අභිධර්මෙත් දන්න රනිල් ලොක්කටත් උමංදාවෙ යන්න හිතෙන්නෙ, නොදන්නකම නිසා නෙමේනෙ.
න්‍යායට ගන්න බැරි, අමුතු එකක් ඇති ගිහින්ම බලනව කියල හිතෙන නිසානෙ..

වරුණ දීප්ත රාජපක්ෂ ගේ ෆේස්බුක් ගිනුමේ "හොරුන්ට හොදටම
"දඩුවම්" දෙන්නෙ ජවිපෙද? රාජපක්ෂලාද ? (තිලිනි ප්‍රියමාලි කතා පුවත ඇසුරෙන්) යන සටහනෙනි.