Language Switcher

V2025

පුංචි අසීෆා ඉන්දියාවම කළඹයි !

කාශ්මීරයේ දී අට හැවිරිදි දැරියක් කෘර ලෙස සමූහ දූෂණයකට පසුව මරා දැමීම සිදුවීම සම්බන්ධව ජම්මු කාශ්මීරයේ හින්දු සහ මුස්ලිම් භක්තිකයන් තුළ දැඩි අසහනකාරී තත්ත්වයක් උද්ගත වෙමින් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Azeefa 1

අට හැවිරිදි අසීෆා බානෝ දැරිය

එම වාර්තා සඳහන් කරන ආකාරයට මුස්ලිම් එඬේර ජන කොටසකට අයත් අට හැවිරිදි අසීෆා බානෝ (Asifa Bano) නම් මෙම දැරියගේ සිරුර පසුගිය ජනවාරි මාසයේදී කතුවා නගරය අසල කැලෑවක තිබී හමුව ඇත. මේ සතිය වන විට එම සිදුවීමට සැකපිට හින්දු භක්තික පුරුෂයන් අට දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ කටයුතු කරනු ලැබිණ.

දක්ෂිණාංශික හින්දු කණ්ඩායම්වල විරෝධතා

 එහෙත් දක්ෂිණාංශික හින්දු කණ්ඩායම් ඊට විරෝධය පළකිරීමත් සමග ඉන්දීය සමාජය තුළ දැඩි අසහනකාරීත්වයක් මතුව ඇත.

0002

0003ඉන්දීය ජාතික කොඩි අතටගත් පාලක සභාගයේ පිරිස් දුෂකයන්ගේ සහයට වීදි බැස ඇති ආකාරය 

දුෂකයන්ගේ සහයට ආණ්ඩුවේ ඇමතිවරු

අසීෆාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පිරිස අතර විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙක්, පොලිස් නිලධාරීන් හතර දෙනෙක් සහ බාලවයස්කරුවෙක් ද වන අතර ඔවුන් සියලු දෙනාම හින්දු භක්තිකයන්ය. ඔවුන් අත්අඩංගුවට ගැනීමට විරුද්ධව 'ජම්මු' හින්දු භක්තිකයන් විරෝධතා ආරම්භ කර ඇති අතර පාලක භාරතීය ජනතා පක්ෂයේ ඇමතිවරුන් දෙදෙනෙකු ද එවැනි එක් උද්ඝෝෂණ රැලියකට එක්වීම හමුවේ සමස්ථ ඉන්දියාවේ මෙන්ම ලෝකයේද අවධානය මේ වෙත යොමුව ඇත.

පාලක භාරතීය ජනතා පක්ෂයේ කාන්තා දේශපාලන ක්‍රියාකාරීන්ට සමාජ ජාල තුළ විරෝධය දක්වා තිබෙන ආකාරය 0004

අසීෆාට යුක්තිය ඉටුකරන්න ජනතාව පෙලගැසෙයි

00060005

දක්ෂිණාංශික හින්දු කණ්ඩායම් අපරාධය සම්බන්ධ පරීක්ෂණවලට බලපෑම් එල්ල කරන බවත් එය යුක්ති සහගත ක්‍රියාවක් නොවන බව ඉන්දීය මධ්‍යස්ථ ප්‍රජාවගේ අදහස වී තිබේ. එසේම අසීෆා ට යුක්තිය ඉටුවිය යුතු බවත් අපරාධ වරදක් සිදුකර ඇත්නම් දඬුවම් ලැබීමට හින්දු මුස්ලීම් කියා භේදයක් නොතිබිය යුතු බවද ඔවුන් අවධාරණය කරයි.

 වන විටත් සිදුකර තිබෙන විමර්ශන වලදී අනාවරණය වී තිබෙන්නේ සැකකරුවන් දැරියව ප්‍රදේශයේ කෝවිලක රඳවාගෙන දින ගණනාවක් දූෂණය කර මරා දමා ඇති බවය.

ඉන්දීය කොංග්‍රස් පක්ෂය මෙම සිදුවීම සම්බන්ධව පාලක පක්ෂය චුදිතයන් ආරක්ෂා කරන බවට චෝදනා කරමින් විරෝධතා ව්‍යාපාර පවත්වමින් 

0007

එසේම දැරිය ඝාතනය කිරීම මෙන්ම චුදිතයන්ට සහාය දැක්වීමේ උද්ඝෝෂණ සම්බන්ධයෙන් විරෝධයක් සමාජ ජාලා හරහාද දියත්ව ඇති අතර ට්වීටර් සමාජ ජාලයේ ඒ සඳහා #Kathua සහ #justiceforAsifa හෑෂ්ටෑග යොදාගනිමින් තිබේ. ඒ සඳහා ඉන්දීය සිනමාවේදීන් සැළකිය පිරිසක්ද එක්ව ඇත.

ට්වීටර් විරෝධය සැරටම

8

888

88888

888888