Language Switcher

V2025

සයිටම් කිය කියා මොර දෙන දොස්තරලාගේ හෙලුව මෙන්න (වීඩියෝ)

ලංකාවේ මෙඩිකල් කවුන්සිල් එක උපාධි කඩවලට විරුද්ධව කරපු අරගලය උසාවියේදී දිනාගත්තා කියලා සයිටම්වාදීන් පචවෙලා ගියා කියලා කිවුවා.

දැන් අපි බලමු මෙහෙම. මේ ප්‍රශ්නෙදි බොහෝ වෙලාවට ලංකාවේ දේශපාලඥයා වෛද්‍යවරුන්ට එබ්.බී.බී.එස් කාරයින්ට බයවෙනවා. ඒ අපේ රටේ හැටි. ඉන්දියාවේ වගේ නම් එහෙම නැහැ. මම ඉස්සෙල්ලා කිවුවා වගේ ඒගොල්ලො වෘත්තිකයෝ (Professionals) ඒ අය වනාහී ඉන්ටර්ලෙක්ෂුවර්ස්ලා (entrelectures) නොවෙයි.

අපේ රටේ වෙලා තියෙන්නේ බොහෝ විට මහජන ඡන්දයෙන් පත්වෙලා එන දේශපාලකයා බොහෝ විට මේ වගේ වෘත්තිකයෝ ගැන වැඩිය දන්නේ නැහැ. මම දේශපාලකයෙක් හැටියට මම දන්නවා වෛද්‍යවරු ගැන.

බොහෝ වෙලාව අපි දන්නවා මේක පිටිපස්සේ ඉස්සර නම් ජනතා විමක්ති පෙරමුණ හිටියා. දැන් පෙරටුගාමී පක්ෂය ඉන්නවා. ඒගොල්ලොත් දන්නවා හොඳටම වෛද්‍ය වෘත්තිකයන්ගේ සමාජ විද්‍යාව ගැන දන්න බුද්ධිමතුන් හරි අඩු නිසාම ලංකාවේ චන්ඩි පාර්ට් දාන්න පුලුවන් කියලා.

අද මම ඒ වෛද්‍ය චන්ඩින්ට අභියෝග කරනවා. අර සුදු කෝට් එක දාල පාරවල්වල යන්නේ. ඒක හීනමානයක්. මොකටද දෙයියනේ මේ දාඩිය දාන තැන්වල අම්බානක දූවලි තියන තැන්වල මේ යක්කු හන්දියට යනවා සුදු කෝට් දාගෙන. පිස්සෝ.

එතකොට අපි බලමු, දැන් මේ අය කියන්නේ මෙහෙමනේ, වෛද්‍ය උපාධි කඩ දාලා නැහැ කියලා නේ. මම කැමතියි කියන්න (act sixtean)ඊ.ආර්.පී. එම් කියන ඒ විභාගෙට වාඩිවීම සම්බන්ධයෙන් ලංකාවේ වෛද්‍ය කවුන්සිලයේ ලියා පදිංචි වෛද්‍යවරු බිස්නස් එකට ටියුෂන් පංති දාලා දැන් විකුණන්නේ නැද්ද? ඒ පංතිවල මම තැන් කියන්නේ නැහැ. වෛද්‍යවරුන්ගේ නම් ටිකත් මම දන්නවා.

එතකොට මම අහන්නේ ඒ අය දාල තියෙන කඩ නිදහස් අධ්‍යාපනයද? මම දන්නවා සමහරු එක් ශිෂ්‍යයෙක්ගෙන් ලක්ෂයක් පමණ අය කරලා ටියුෂන් පංති දාලා ඊ.ආර්.පී. එම් එකට උගන්වනවා. එතකොට කුමාර් ගුණරත්නම් සහෝදරයා දන්නේ නැද්ද වෛද්‍ය සභාවේ සාමාජිකයෝ ඊ.ආර්.පී. එම් එකට ටියුෂන් කඩ දාලා තියෙනවා කියලා. අන්න අදින් දැනගන්න. දැන් දැනගත්තට පස්සේ දන්නේ නැහැ වගේ ඉන්නත් එපා. අන්න එහෙම වැඩ තියෙනවා මෙයාලගේ. මාර තක්කඩි මේ අය. දැන් මම කිවුවනේ. ටියුෂන් කඩ දාල තියෙන තැනුයි නම් සියල්ලයි ගන්න ගණන් ඔක්කොම මම කියන්නම්. දැනට ලියාපදිංචි ශිෂ්‍යෙයෝ ඔක්කෝම ටික ඒ අවුරුදු 5ම අනිවාර්යයෙන් ඒ පංතිවලට යනවා.
දැන් මේකේ ඊලඟ විහිලුව මොකක්ද? අපි මෙහෙම සරල ප්‍රශ්නයක් අහමු. හාවඩ් මෙඩිකල් කොලේජ් එකේ   ඉගෙනගන්නවා කියලා ලංකාවේ ළමයෙක්. මෙන්න මේකයි සරල ප්‍රශ්නය. එයා ලංකාවට ආවම මේ ඇක්ට් සික්ස්ටීන් කියන විභාගෙට වාඩිවෙලා ලංකාවේ ඉගෙන ගන්න ඕනෙලු.

දැන් මේකෙදි මරු තර්කයක් මේගොල්ලෝ ගේනවා. අපේ රටට අදාල අපටම ආවේනික විවිධ රෝග වර්ග පිටරට උගන්වන්නෙ නැහැ ඒ ප්‍රමිතියට ඇවිත් නැහැ කියලා. එහෙම නම් මම කියන්නේ ප්‍රමිතියට ඇවිත් නැත්නම්, ඒක ලංකාවේ වෛද්‍ය සභාව නම් කියන්නේ, වෛද්‍ය සභාවට වුණත් සදාචාරාත්මකව හොඳ නැහැ නේද තමන් ගැන තමන්ම කතාකරන එක. ඇයි ඒ කමිටියට commonwelth එකේ (කොමන් වෙල්ත් එකට අපි එකඟයිනේ) මෙඩිකල් කවුන්සිල්වල අය, ඉන්දියාව, පකිස්තානය වගේ රටවල්වලින් ගෙනන්ලා ඒ අයත් මේකට දාල අන්න ඒ අය ලවා මේ ඇක්ටි සික්ස්ටීන් වභාගයට පෙනී සිටවන එක හොඳ නැද්ද? නිකන් මෝඩ කතා කියන්නේ නැතුව. මොකද මේ එබ්.බී.බී.එස්. එකේ surgery, ප්‍රධාන පාඩම් මාලා ටික සාමාන්‍යයෙන් චීනයේ ඉගැන්නුවත්, බංගලිදේශේ, නේපාලේ, ඇමරිකාවේ, එංගලන්තයේ ඉගැන්නුවත් බොහෝ විට එකයි.

එතකොට වැඩියෙන් මේක දාල තියෙන්නේ අර චන්ඩි පාර්ට් එකට. මම කියන්නේ සියලුම පක්ෂවල දේශපාලඥයෝ හැටියට යූඑන්පී, ශ්‍රී ලංකා, ජේවීපී, ඕනම පක්ෂයක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය හැර, මොකද ඒ අයනේ ප්‍රතිගාමීත්වය වෙනුවෙන් මේකට පෙනී හිටින්නේ. එතකොට මම සියලුම දේශපාලඥයන්ට ඔක්කෝටම කියනවා බයවෙන්න එපා මේ අයට. එදිරියේදී මෙඩිකල් කවුන්සිල් එකේ මේ සුදු කෝට් කාරයින්ට විරුද්ධව අපි බය නැතුව අරගලයක් පටන් ගන්න ඕනෙ. ඥානය තියෙන්නේ අපේ පැත්තේ, මනුෂ්‍යත්වය තියෙන්නේ අපේ පැත්තේ මේ චන්ඩි තමයි විශේෂඥ බෝඩ් සෙටිෆිකේෂන්(board certification) කියලා එකක් ගෙනල්ලා වකුගඩු රෝගීන් දුක්විඳිනව. කාඩියෝලොජිස්ට්ලව ගානට පත් කරලා ඔය බොරු චන්ඩි ටික හොඳට කඩ දාලා තියෙන්නේ. බොරුනම් ගිහින් බලන්න. ලංකාවට ඕන තරම් විශේෂඥ ද්‍යෛවරු ඇවිල්ල තියෙනවා. ඒ වුනාට මේ අය ඒ board certification දෙන්නේ නැහැ. දෙන්නේ නැතුව තියාගෙන ඉන්නවා. ප්‍රධාන ලෙඩවලට අදාල දුප්පත් මිනිස්සු පෝලිම්වල ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂ මේවා දන්නේ නැහැ වගේ ඉන්නවා. ඒගොල්ලො හැමවෙලේම ධනපතියෙක් හොයාගෙන යනවා. ටයි එකක් දාල කලුපාට බෑග් එකයි එල්ලන් ඉන්න මෙඩිකල් රෙපුයි මේ ඉන්න එබ්.බී.බී.එස්. කාරයාන්ගෙයි වෙනස මොකක්ද?

මේ එබ්.බී.බී.එස් කාරයාව ඩික්ටේට් (dictate)  කරන්නේ ලංකාවේ ඉන්න pharmaceutical කොම්පැනි ද නැත්නම් වෛද්‍ය විද්‍යාවේ පියාද?

මම පැහැදිළිවම කියනවා ලංකාවේ තියන pharmaceutical කොප්පැනි ටික තමයි මේ එම්.බී.බී.එස් කාරයින්ව මෙහෙයවන්නේ. ඒ නිසා මම කියනවා ලංකාවේ දේශපාලඥයන්ට බයවෙන්න එපා සටන් කරන්න, මේ යථාර්තය වෙනස් කරන්න. ශ්‍රී ලංකාවේ මෙඩිකල් කවුන්සිල් එකේ හෙජමනියට (hegemony) පහර දීල ඒ වෙනුවට මහජන බලවේගයක් ගොඩනගන්න. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ මේකෙ යට ඉන්නවා මෙඩිකල් කවුන්සිල් එකේ විශාල ජාතිවාදියෝ ටිකක්, මේ ජාතිවාදියෝ පරාජය කරලා අපි මේ මෙඩිකල් කවුන්සිල් එක නූතනවාදී ආයතනයක් බවට පත් කළ යුතුයි.