Language Switcher

V2025

මහින්ද එක්ක අපිත් පන්සල් යමු - දීප්ති (වීඩියෝ)

අපිට පේනවා පහුගිය මාස කිහිපයක ඉඳලා මහින්ද මහත්තයාගේ උපදේශකයෝ එතුමට කියලා තියනවා මෙහෙම, මේක මැකියාවලිගේ උපදේශයක්. මැකියාවලි කියලා තියෙනවා පාලකයෙක් ඇත්තටම ආගමික වියයුතු නැහැ, එසේ යයි පෙන්විය යුතුයි කියලා. මහින්ද මහත්තයා එහි ප්‍රතිමූර්තියක්. මහින්ද මහත්තයා හොඳට ආගමිකයි කියලා විශ්වාස කරන කිසිම සිංහල මිනිහෙක් ලංකාවේ නැහැ මට අනුව නම්.  එතුමා ආගමික බව පෙන්වනවා. මොකද එතුමාව හැමවෙලේම පෙන්වන්නේ බෝ ගස් , සුදු වැලි තලා  වගේ තැන්වල.

'කාගෙවත් පුද්ගලික හාමුදුරුවො  ලංකාවේ නැහැ'

එතකොට මහින්ද මහත්තයා විතරක් නෙවෙයි පන්සල් යන්නේ මහින්ද මහත්තයාත් එක්ක දිලිත් ජයවීර යනවා රෙනෝ සිල්වා යනවා. දැන් ප්‍රශ්නෙ වෙන්නේ ඇයි ඒගොල්ලො පන්සල් යන්නේ කියලා. ඒක වෙන්නේ මෙහෙමයි, මහින්ද මහත්තයා..ඒ  අපේ රටේ හිටපු මුදල් ඇමතිවරයා. ආර්ථික දේශනයක් පන්සලකට ගිහින් දේශනා කරනවා. ඒ දේශනාව යනවා විවිධ පුද්ගලික නාලිකාවල. ආණ්ඩුවට බණිනවා. ආර්ථිකය සම්බන්ධයෙන් විවිධ විවේචන ගේනවා. උදාහරණයක් විදිහට කිවුවොත් මේ මෑතක පන්සලකදී මහින්ද මහත්තයා මෙන්න මෙහෙම කිවුවා. මහින්ද මහත්තයා හැමවෙලේම කියනවා මේ අපේ හාමුදුරුවනේ කියලා වචනයක්. ඇත්තටම මම දන්නේ නැහැ මේක බුදු හාමුදුරුවෝ හොයාගත්ත වචනයක්ද කියලා. අපේ තමයි හාමුදුරුවො කොහොමත් කාගෙවත් පුද්ගලික හාමුදුරුවො කියලා ලංකාවේ නැහැනෙ.

චීනෙන් ණය අරන් තව ණය වෙන්නද කියන්නේ?

එතකොට අපේ හාමුදුරුවොනේ කියලා මේ වටපිටාව පොඩ්ඩක් පෙන්නලා කියනවා.... දැන් බලන්නකො අපේ හාමුදුරුවනේ දැන් මේ මාර වැඩක් නෙ වෙලා තියෙන්නේ මංගල සමරවීරලාගේ දැන් තියෙන මේ අලුත් ටැක්ස් ප්‍රතිපත්තියක් එක්ක අපිට දැන් සිද්ධවෙලා තියෙනවානේ අපි ගන්න සපත්තු දෙක, අපි ගන්න ගවුම අපි ගන්න කන්නාඩිය , මේ සියලු දේවල්වල තොරතුරු ලියලා දෙන්න වෙලානේ..

අපි එතකොට මහින්ද මහත්තයාගෙන් අහන්න ඕනේ ...'මහින්ද මහත්තයෝ එතකොට ඔබතුමා දැන් ගිය ආණ්ඩුවේ මුදල් ඇමතිතුමානේ. එතකොට අපි මේ එකතු කරන්නේ සල්ලිනේ රාජ්‍යයේ ආදායමනේ මේ එකතු කරන්නේ එතකොට මහින්ද මහත්තයා කියන්නේ රාජ්‍යයට ආදායම් එකතු කරන්න එපාකියලද? චීනෙන් ණය අරන් ඉවරවෙලා තව ණය වෙන්න කියලද? 

යම් ආකාරයකට රටට අවශ්‍ය ආර්ථික ප්‍රතිපත්තියක් හැටියට තමයි මේ රජයේ ආදායම් වැඩි කිරීම සඳහා අලුත් බදු ප්‍රතිපත්තියක් ඇති කරලා තියෙන්නේ. හැබැයි මේ බදු ප්‍රතිපත්තිය නිසා තරමක අතරමැදි ආදායම් ලබපු, ඒ කියන්නේ  උදාහරණයක් හැටියට අපි කිවුවොත් එහෙම පාරකට තාර දානකොට ඔන්න ඔය වගේ කොන්තරත් ගන්න අය ඉන්නවානේ අතරමැදියො, අන්න,ඒ අතරමැදියන්ට මේක තරමක් අවාසී.  ඒ අයට තමයි මේ ටැක්ස් එක වදින්නේ. ඒකත් අපි උදාහරණයක් හැටියට කිවුවොත්, දැන් මේ ටැක්ස් ක්‍රමයට විරුද්ධව ඒ අයකියනවා ..අපි ඉවරයි දැන් අපි කොහොමද බිස්නස් කරන්නේ..  කියලා. එතකොට තව මේ ටැක්ස් ක්‍රමය නිසා කියනවා සමාන්‍ය මිනිස්සු ඉවරයි, ගොවියො ඉවරයි, කම්කරුවො ඉවරයිකියලා. ගොවියන්ගෙන් අහනවා එක ප්‍රශ්නයක්. තමුන්නාන්සේලාගේ පඩිය ලක්ෂයක්ද කියලා. ලංකාවේ ලක්ෂයක පඩියක් ගන්න අය ඉන්නේ පොඩි කොටසක්. මිලියන 7 ක් විතරවැඩි ප්‍රමාණයක ජනගහනයෙන් වැඩ කරන මිනිස්සුන්ට ලක්ෂයක් තියා රුපියල් තිස් පන්දාහක්වත් හම්බවෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත තත්වය. ඒ අය කාටවත් ටැක්ස් ගහන්නේනැහැ.

මහින්ද මහත්තයා පන්සල් යනවා ආර්ථිකය ගැන බොරු කියනවා

එතකොට මහින්ද මහත්තයා පන්සල් යනවා ආර්ථිකය ගැන බොරු කියනවා. එතකොට මේ මහින්ද මහත්තයාගේ පන්සල් යෑම නිසා රටේ ජතික ආර්ථිකය කඩාවැටෙනවා. ජාතිකආර්ථිකය ගැන තීන්දු තීරණ ගන්න නිලධාරීන් අකාර්යක්ෂම වෙනවා, බය වෙනවා. දැන් මේ මහින්ද මහත්තයා පන්සල්වල කියන දේවල් අපි කරලා අපිට ගුටි කන්නවෙයිද කියලා.

අපි තේරුම් ගත යුතුයි දායක දායිකාවෝ තමයි පන්සල් ගෙනියන්නේ. අපේ රට ගෙනියන්නේ නැහැ දායක දායිකාවෝ. ඒ නිසා අපි මේ පන්සල් ආර්ථිකයෙන් මිදිලා අපි ජාතිකආර්ථිකයකට යන්න ඕනේ. ඒ ජාතික ආර්ථිකයකට යනකොට අපිට සිද්ධවෙනවා රටේ ආදායම ගන්න බදු ගහන්න. ඒ බදු ක්‍රමයේ ඉස්සෙල්ලා තිබුනේ වක්‍ර බදු ක්‍රමයක්. අපි ගන්න හැම භාණ්ඩයකටම සේවාවකටම වක්‍රව බදු එකතුකරනවා. කවුරුත් මිනිස්සු දන්නේ නැහැ ඒක. එතකොට  ඒවයින් බදු එකතු කරලා අර පොහොසත් මිනිස්සුන්ගේ ආදායම්වලින් ගන්න ටැක්ස් එක අඩු කරලා තිබුනා.

ඇත්තටම දැන් අලුත් මුදල් ඇමතිතුමා කරල තියෙන දේ තමයි, ඒ ඉහල ආදායම් ලබන අයගේ ටැක්ස් එක වැඩි කරලා අර වක්‍රව බදු ක්‍රමානුකූලව අඩු කරන්න යන්නේ. එතකොට මමමේ දුප්පත් මිනිස්සුන්ගෙන් අහන්න කැමතියි. අපි මේ තලතෙල් ගාන්න යන්නෙ හැමෝගෙම, ගාලා හම ලස්සන කරන්න යන්නේ, ඒක එපාද? පොඩි ආතල් එකක් දෙන්න යන්නේමේ දුප්පත් මිනිස්සුන්ට, එපා නම් කියන්න. එපා නම් අර පැත්තට යන්න කියලයි මම කියන්නේ