Language Switcher

V2025

මහින්ද යන්න ඉන්න රටවල්වලට ඊට කලින් අපි ගිහින් එමු

අපි දකිනවා මේ දිනවල මහින්ද මහත්තයා ආර්ථික කටයුතු ප්‍රතිපත්තිය අනුගමනය කරන රටවල් ගැන. උදාහරණයකට ගත්තොත් රුසියාව, බුරුමය, චීනය, ...... වගේ රටවල් වලින් තමයි මේ ආර්ථික මූල්‍යෝපායන් දැනුම ගන්නේ. අපි කතාකරොත් මොනවගේ නිදහසක්ද මේ රටවල්වල ආර්ථිකය සම්බන්ධයෙන් තියෙන්නේ.

අපිට පේනවා මහින්ද රාජපක්ෂ මහත්මයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා යම්කිසි ආකාරයක ආර්ථිකය දියුණු කිරීමේ මොඩලයක් ලංකාවට හඳුන්වල දෙනවා. ඒ මොඩලයේ පිටුපස තිබෙන ආකෘතිය තිබෙන රටවල් මොනවද? මෙන්න ඒ රටවල් ටික. රුසියාව, චීනය, බුරුමය, තුර්කිය, ඊජිප්තුව, ඉරානය මේ වගේ තව තවත් රටවල් තියෙනවා. මේ රටවල්වල තියෙන මූලිකම ලක්ෂණය එලියෙන් පේන්නේ නැහැ. උදාහරණයකට ගත්තොත් රුසියාවේ ඉන්න කෝටිපතියො ඔක්කොම පූටිංගෙ යාළුවො විතරයි. රුසියාවේ කෝටිපතියන්ට අපි ඔලිගාක් කියලා කියනවා. ඉතුරු අය නන්නත්තාරයි රුසියාවේ. ඊලඟට ප්‍රශ්නයක් එනවා කොහොමද පූටිංගෙ යාළුවො සල්ලිකාරයෝ වෙන්නේ කියලා. ඒක වෙන්නෙ මෙන්න මෙහෙමයි.

අපි දන්නවා තෙල් හරි ඇලුමිනියම් හරි වෙන ලෝහ හරි දේවල් ගන්නකොට ස්වභාවධර්මයෙන් තමයි ඒ දේවල් ගන්නේ කියලා. ඒවා ගන්නේ පොළවෙන්.
දැන් ඇමරිකාවේ නම් තෙල් පොළවෙන් ගන්නකොට ඒකට ගහන ටැක්ස් එක 30% යි. නමුත් රුසියාවේ පොළවෙන් තෙල් ගත්තොත් ඒකට ගහන ටැක්ස් එක 07% යි. එතකොට තේරෙනව ඇති එකම කාර්යය කරලා ...... රුසියාවේ තියෙන ප්‍රයිවට් ඔයිල් කොම්පැනියකයි අතර ලාබයේ විශාල වෙනසක් ඇති වෙනවා. ඒකට හේතුව රුසියාවෙදි ස්වභාවධර්මය විකුණන්න පුළුවන් අඩු ගානට ලාබෙට පූටින්ගේ යාළුවෙකුට. රුසියානු රාජ්‍යයේ අඩු මිලට ස්වභාධර්මය විකුණන්න පුළුවන් නිසා. එතකොට මම අහන්නේ අපිට ලංකාවටත් මේක  ගෙන්නගන්න කැමතිද කියලා. අපිත් කැමතිද අපේ රටේ තියෙන ස්වභාධර්මය අඩු ගාණට විකුණන්න චීනෙට හරි වෙන කොහෙට හරි.

මොකද අපි දන්නවා චීනය විසින් විශාල වශයෙන් ස්වභාවික සම්පත් මිලට ගන්නවා පස් පිටින් අරන් යනවා අප්‍රිකාවෙන්. පැපුවා නිව්ගිනියාව කියන අයිලන්ඩ් එකේ ගංගාවන් සම්පූර්ණ වශයෙන් විනාශවෙලා ගිහින් තියෙනවා. ඒවට යම් යම් විෂ වායු විෂ ද්‍රව්‍ය ඇතුල්වෙලා විනාශ වෙලා. මොකද චීනෙන් පුළුවන් තරම් ස්වභාවික සම්පත් අරන් යනවා.

චීනය චීන්නුන්ගෙ යාළුවො හදල තියෙනවා ඒ රටවල්වල. යාළුවො ටික මොකද කරන්නේ පුළුවන් තරම් ස්වභාවික සම්පත් ගලව ගලවා පටවනවා ලොරිවල දාල චීනෙට. ඒ රටවල් ඉවරයි. විනාශවෙවී යනවා. අපිත් කැමතිද ඒ වගේ වෙන්න කියලා මම අහනවා.