Image

සරණ නඩු හතරටම වැරදිකරු වෙයි - වසර හතරක සිර දඬුවමක්!

සරණ නඩු හතරටම වැරදිකරු වෙයි -  වසර හතරක සිර දඬුවමක්!

අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ දූෂණ චෝදනා සම්බන්ධයෙන් නඩු හතරකට වරදකරු කෙරුණු  හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට, එක් නඩුවට බරපතළ වැඩ සහිත වසර හතර බැගින් කොළඹ මහාධිකරණය විසින් සිර දඬුවම් නියම කොට තිබෙනවා.

මීට අමතරව රුපියල් ලක්ෂ 18 ක දඩයක් ද නියම කළේය.

2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම ආයතනයට කුලී පදනම මත වාහන ලබා ගැනීමේදී රජයට පාඩුවක් සිදු කිරීම තුළින් "දූෂණය" නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධනට එරෙහිව මෙම නඩුව ගනු කර තිබුණි.

සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවල තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ, විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් එල්ල කර තිබූ දූෂණ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට පැමිණිල්ල විසින් ඔප්පු කර තිබෙන බවයි.

රාජ්‍ය ආයතනවල සිදුවන දූෂණ රටේ ආර්ථිකය කෙරෙහි ද අගතියක් සිදු කරන බවත්, ආර්ථිකය බංකොලොත් වීම කෙරෙහි මෙවැනි ක්‍රියා බලපෑ බවත් නඩු තීන්දුවේ සඳහන් වූ අතර, රාජ්‍ය ආයතනවල සිදුවන මෙවැනි දූෂිත ක්‍රියා එම ආයතන කෙරෙහි පවතින ජනතා විශ්වාසය බිඳ වැටීමට හේතු වන බවත් විනිසුරුවරයා පැවසීය.




Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න