Language Switcher

V2025

'යාපනය චිත්‍රපට උළෙලින් බහුචිතවාදියා නික්මයයි !”

''යාපනය චිත්‍රපට උළෙලින් බහුචිතවාදියාගේ නික්මයාම”

මාගේ චිත්‍රපටය ඉවත්කරගැනීම පිළිබද ප්‍රකාශය  

ආගම්වාදීල ජාතිකවාදී හා වර්ගවාදී සමූහයක් විසින් පසුගිය සති කිහිපය තුළ මවිසින් නිර්මාණය කරනලද රේඩියෝ නාට්‍යය කිහිපයක නම් පමණක් අල්ලා ගනිමින් කලාව සම්බන්ධව දැඩි වාරණ කතිකාවක් ගොඩනංවාලීය. මෙම මර්ධනකාරී ප්‍රතිවිරෝධයන් තවමත් නොනැවතී පවතින අතර එවන් පාර්ශව හතරක් ගොනුකළ පැමිණිලි හතරක් ඔස්සේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය මේවනවිට විමර්ශනය කරමින් පවතී. නිර්මාණකරණය සංවිධානාත්මක අපරාධයක් ලෙස නම් කරමින් මා වෙත මර්ධන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන මොහොතක කලා වාරණය සම්බන්ධව දෙබිදිපිලිවෙතක් අනුගමනය කල නොහැකිය.

නිර්මාණකරුවකු වශයෙන් වක්‍ර හෝ සෘජු යන සකලවිධ කලා වාරණයන්ට හා මර්ධනයන්ට මම කොන්දේසි විරහිතව විරුද්ධ වෙමි. නිර්මාණ කරුවෙකුටBahuchithawadiya 2014 ස්වාධීනව ඕනෑම දේශපාලන ස්ථාවරයක සිට නිර්මාණ කිරීමේ අයිතිය මා විසින් පිළිගන්නා අතර යමෙකුට එය විවේචනයල විචාරය, විශ්ලේෂණය හෝ අර්ථගැන්වීම් කල හැක. නිර්මාණකරුවන්ගේ ප්‍රකාශනයන් ඒක පාර්ශවිය හෝ දිවිපර්ශවිය හෝ බහුපර්ශවිය විය හැක. එය නිර්මාණකරුවාගේ ස්වාධීනතාව හා භාවිතාව මත සිදුවේ. ප්‍රසන්න , හඳගම, විමුක්ති , සුදත් මහදිවුල්වැව,සංජීව වැනි සිනමාකරුවන්ට පටු මතවාදීන් ගෙන ආ චෝදනාව වුයේද හමුදාව, ජාතිය, ආගම හා රාජ්‍ය පිළිබදව ඒකපර්ශවිය අදහස් පිලිබිබු කරන ප්‍රවාදයයි. නමුදු ඔවුන්ගේ කෘති වාරණය කල නොහැකිය. මහජනයාට ප්‍රදර්ශනය කිරීමෙන් ඉක්බිතිව විචාරයන් ගොඩනැංවිය හැක. ජූඩ් රත්නම්ගේ චිත්‍රපටය සම්බන්දයෙන්ද තත්වය එසේමය. එය ප්‍රදර්ශනය කර විචාරයට ලක්කළ හැක. ජූඩ් රත්නම්ගේ චිත්‍රපටයේ දෘෂ්ටිවාදය සම්බන්දව මට එකගත්වයක් නැතත් එය ප්‍රදර්ශන අවකාශය දිනා දීම වෙනුවෙන් පෙනී සිටිමි.

ඕනෑම ව්‍යාපෘතියකට දේශපාලන න්‍යයපත්රයක් තිබිය හැක. යාපනය චිත්‍රපට උළෙලට ජූඩ්ගේ චිත්‍රපටය ප්‍රදර්ශනය නොකිරීමට අවශ්‍යව තිබුනේනම් කළයුතුව තිබුනේ එය උළෙලට තෝරනොගැනීමයි. චිත්‍රපටය නිලවශයෙන් තෝරාගෙන ප්‍රසිද්ධ මාධයයන් හරහා ප්‍රචාරය කිරීමෙන් ඉක්බිතිව ප්‍රදර්ශනය අත්හිටුවීම වරණයකි. එම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් දක්වන නිල ප්‍රතිචාරයන්ද තාර්කික නොමැත. මේ තත්වයන් සැලකිල්ලට ගනිමින් මගේ බහුචිතවාදියා චිත්‍රපටය උළෙලින් ප්‍රදර්ශනය ඉල්ලා අස්කර ගනිමි. එහි මුලික අදහස වන්නේ වාරණය සම්බන්ධ දෙබිඩි පිළිවෙතක මට කටයුතුකළ නොහැකි වීමයි. අරාජිකවාදී රාජ්‍ය හා සමාජ යාන්ත්‍රණයක් තුළ සිනමා උළෙලක් අඛණ්ඩව පවත්වා ගැනීම අසීරු කටයුත්තක් බව සත්‍යයකි.සිනමා උළෙලක්පැවැත්වීම සම්බන්ධව මගේගෞරවය හිමිවේ. මගේ විරෝධය සෘජුව ඉලක්ක වන්නේ මහජනතාව හෝ දෙමල දේශපාලනය මත ඉදිර්පත්කරන නියෝජනයන්ට හෝ නොව චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් ඉවත්කළ සංවිධායක මණ්ඩලයටයි. 

මාලක දේවප්‍රිය