Language Switcher

V2025

කෂෝගිගේ අවසන් කොලම

සෞදි කන්සියුලේට් කාර්යාලය තුළ ඇතිවූ ගැටුමකින් මිය ගිය වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ තීරුලිපි රචක, සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි ලියූ අවසන් තීරු ලිපිය වොෂින්ටන් පෝස්ට් පුවත්පත විසින් පළ කර ඇත.

ධනවත් හා බලවත් සෞදි පවුලක සාමාජිකයකුව ඉපිද සෞදි රජ පවුලේ උපදේශකයකු ලෙසද හිද සිටි ඔහු ප්‍රගතිශීලි පුවත්පතක සේවය ආරම්භ කළේය.

සිය පළමු මාධ්‍ය ආයතනයේදීම එරට ආගමික නායකත්වය විවේචනය කිරීම නිසා ඔහු ඉවත් කරන ලදී. පසුව සෞදි අරාබි පාලනය විවේචනය කිරීම නිසා උදහසට ලක්වූ හෙතෙම සියරටින් විප්‍රවාසිකව ජනමාධ්‍යවේදියකු ලෙස කටයුතු කළේය.

ඔහු වොෂින්ටන් පෝස්ට් පුවත්පතට අවසන් වරට ලියූ තීරු ලිපිය මෙතැනින් නැරඹීමට හැකි අතර එම ලිපියේ සිංහල පරිවර්තය පහතින් දැක්වේ.

අරාබි ලෝකය තමන්ගේම පන්නයේ යකඩ තිරයකට මුහුණ දී ඉන්නේ බාහිර කිසිවකුගේ ක්‍රියාවක් ලෙස නොව, බලය පවත්වාගෙන යාමේ අරමුණ ඇති දේශීය බලවේගවල මැදිහත්වීමෙනි. සීතල යුද සමය තුළ, වසර ගණනක ක්‍රියාකාරිත්වයෙන් තීරණාත්මක ආයතනයක් බවට පත් වූ Radio Free Europe, න්දහස පිළිබද අපේක්ෂා දැල්වීමේදී වැදගත් භුමිකාවක් ඉටු කළේය. එවැනි යමක් අරාබියට අවශ්‍ය වේ. 1967දී New York Time(නිව්යෝක් ටයිම්ස්) සහ The Post(වොෂින්ටන් පෝස්ට්) පුවත්පත් විසින් International Herald Tribune (ඉන්ටර්නැෂනල් හෙරල්ඩ් ට්‍රිබියුන්) පුවත්පතේ ඒකාබද්ධ හිමිකාරත්වය දැරීය.

එයින් ලෝකය පුරා හඩවලට වේදිකාවක් සකස් කර තිබිණි.

මගේ පුවත්පත Washington Post, මගේ රචනා බොහොමයක් පරිවර්තනය කිරීමට හා ඒවා අරාබි බසින් පළ කිරීමට මූලිකත්වය ගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් මම කෘතඥ වෙමි. අරාබිවරුන්ට එක්සත් ජනපදයේ සහ බටහිර ප්‍රජාතන්ත්‍රවාදයේ විවිධ පැති මෙන්ම එහි සංකීර්ණතා දැනගැනීමටත් සාකච්ඡා කිරීමටත් තමන්ගේම බසින් ඒවා කියවන්නට අවශ්‍ය වේ. ඊජිප්තුවාසියකු වොෂින්ටනයේ ඉදිකිරීම් ව්‍යාපෘතියක සැබෑ වියදම සම්බන්ධ ලිපියක් කියවන විට තමන්ගේම ජනසමාජයේ එවැනි ඉදිකිරීමක් සිදුවනවිට එහි තත්වය සම්බන්ධ අදහසක් ගන්නට ඔහුට හෝ ඇයට පුලුවන.

පැරනි පාරජාතික මාධ්‍යයන්හි නූතන මුහුණුවරක් අරාබි ලෝකයට අවශ්‍ය වන්නේ ලෝකයේ සිදුවීම් සම්බන්ධ පුරවැසියන්ට තොරතුරු දැනගත හැකි නිසාය.

වඩා වැදගත් කාරණය නම් අරාබි කටහඩවලට වේදිකාවක් අවශ්‍යවීමය. දුප්පත්කම, අවකලමනාකරණය හා අවම මට්ටමේ අධ්‍යාපනයෙන් අපි පීඩා විදිමු.

ජාතිකවාදී ආණ්ඩුවල ප්‍රචාරයෙන් පතුරුවන වෛරි සහගත බවින් නිදහස් වූ ස්වාධීන ජාත්‍යන්තර සංවාද සභාවකින් තමන්ගේ සමාජය මුහුණ දෙන ව්‍යුහාත්මක ගැටලු ආමන්ත්‍රණය කරන්නට අරාබි ලෝකයේ සාමාන්‍ය ජනතාවට හැකිවනු ඇත.

ජමාල් කෂෝගි