2018.12.31 දින “ITN“ මාධ්‍ය ජාලයේ සභාපති තනතුරේ රාජකාරි වල නිරතව දවස පුරා විඳි ගැහැට සියල්ල මැද ආපසු පැමිණීමට මාගේ නිල රථයට පැමිණෙන අවස්තාවේ එහි විරෝදතාවේ නිරත වූ කාගේ හෝ උවමනාවක් වෙනුවෙන් කිසිදු අවබෝධයක් නොමැතිව පෙනී සිටින “ITN‘ සුරැකීමේ සංවිධානය යැයි කියා ගන්නා වූ සේවක පිරිසකගේ ප්‍රතිචාරය සහිත පහත වීඩියෝව නැරඹූ පසු මාවෙත දනුනු හැඟීම මෙසේ ලියමි.
1998 වසරේ මාර්තු මස 2 වන දින සිට ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් වූ මා එතැන් සිට මේ දක්වා මෙරට රාජ්‍ය ආයතන කිහිපයක විවිධ තරාතිරමේ වගකීම් හා තනතුරු දරමින් මහජන සේවය සලසීම උදෙසා කරණ ලද කැපකිරීම මා පිලිඹද දන්නෝ ඉතා හොඳින් දනිති.
2013 වසර දක්වා මෙරට සේවය කොට මා ආසියානු ඵලදායිතා සංවිධානයේ කර්මාන්ත අධ්යයක්ෂ තනතුරට පත්ව යන්නේ එම සංවිධානයේ 56 වසරක ඉතිහාසය තුල එකී තනතුරට පත් වූ ජපන් ජාතික නොවන ප්‍රථම විදේශීය ජාතිකයා වශයෙනි. මෙරට සේවයේ වසර 2 ක් නියැලී ලබාගන්නා වැටුපටද මදක් වැඩි මාසික වැටුපක් සහ සියලු වප්රසාදද එහිදී මා වෙත හිමි විය. එසේ වුවද උපන් රටට මහත් ඇල්මක් දක්වූ මා ඒ සියල්ල පසෙකලා මා අසුරු කළ ජ්‍යේෂ්ටයන් ගේ අවවාදද නොතකා නැවත මෙරට සේවයට පැමිණෙන්නේ 2016 වසරේදීය. ලංකාවද සාමාජිකත්වය දරන ජපානයේ පිහිටි මෙම සංවිදානයේ සිට රටට ගෞරවයක් දෙමින් මෙරටට මෙන්ම සියලු සාමාජික රට වලට විශාල සේවයක් කල එම 2 වසරක කාලය වෙනුවෙන් රජ්යාය සේවය මා වෙත සැලකූ ආකාරයද දන්නෝ දනිති.ඒ ගැන තව දුරටත් නොලියමි.
2017 වසරේ අගෝස්තු මස 15 වන දින සිට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන අතිරේක ලේකම් තනතුඑරට පත් වූ මා එම තනතුරට අමතරව “ITN“ මාධ්‍ය ජාලයේ සභාපති තනතුරට 2018 මැයි මස 15 වන දින සිට පත් කරනු ලබන්නේ ගරු අමාත්‍යතුමන් සහ ලේකම්තුමන් මාවෙත තබූ විශ්වාසය හේතුවෙනි.
එතන් සිට අකාර්ය්යක්ශමව පවති සියලු අංශ විදිමත් කරමින් විසිරී සිටි අංශ ප්‍රධානීන් ඒකරාශී කරමින් මූල්‍ය හා අලෙවි අංශ වල පැවති දුර්වලතා හඳුනා ගනිමින් ආදායම් ඉහළ නංවා වියදම් අවම කිරීමටත්, මිලදී ගනීමේ ක්‍රම වේදයන් විධිමත් කිරීමටත්,මානව සම්පත තුල පවත්නා අඩුපාඩු හඳුනාගනිමින් ඔවුන් නිපුණ මානව සම්පතක් බවට පත් කරමින් ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය මෙන්ම සියලුම විධායක නිලධාරීන්ම අතුලුව සමස්ථ සහයක කාර්යමණ්ඩලයම ආයතනයේ උන්නතිය කරා මෙහෙයවමින් දැඩි වෙහෙසක් දරා කටයුතු කිරීම වරදක්දැයි මට නොවටැහේ.
එසේම ආයතනයේ උන්නතිය උදෙසා අත්‍යාවශ්‍ය මෙන්ම වැදගත් වූ පර්යේෂණ හා සංවර්ධන, පුහුණු හා ප්‍රවර්ධන මෙන්ම ක්‍රීඩා අංශද අලුතින් ඇති කිරීම මා කළ වරදක් දැයි නොදනිමි.
2018 ඔක්තෝම්බර් මස 20 දින දවස පුරා සියලූම විධායක නිලධාරීන් සමග මාගේ දැනුම,හැකියාව සහ අත්දකීම් බෙදාහදා ගනිමින් 2019 වසර සඳහා ස්ථාපිත කළ
දැක්ම: විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්රයේ නියමුවා බවට පත් ITN නාලිකාව පත් කිරීම.
ඉලක්ක:
LMRB දර්ශකයේ ප්‍රමුකයා බවට පත් වෙමින් අංක 1 මාධ්‍ය ආයතනය බවට 2019 වසැරේ දී ITN ඔසවා තැබීම.
2018 වසරට සාපේක්ෂව 2019 වසර තුලදී 75% න් ආදායම ඉහළ නැංවීම.
සකසුරුවම් ලෙස හසුරුවමින් පොදු කාර්ය්ය වියදම් 25% න් වියදම් අවම කිරීම.
දේශීය හා විදේශීය තරඟකාඅරීට්වයට මුහුණ දිය හැකි දනුම කුසලතා සහ ආකල්ප වලින් පිරිපුන් විනයගරුක වූ නිපුණ මානව සම්පතක් ගොඩනැගීම.
ශ්‍රී ලාංකීය සංවර්ධනය උදෙසා කැපවීමෙන් දායකත්වය දක්වන මානව හිතවාදී යහපත් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනගීමේ ප්‍රමුකයා ලෙස කටයුතු කිරීම.
මෙහි මා සඳහන් කළේ මා විසින් 2018 මැයි මස 15 න දින සිට ඔක්තෝම්බර් මස 26 වන දින දක්වා අධ්යයක්ෂ මණ්ඩලයද දැනුවත් කරමින් CEO, WD, GM, සහ DGM ලා සියලු දෙනා මෙන්ම සමීපව කටයුතු කළ ප්‍රමුක සේවක මණ්ඩලයද සමග ඉටු කරන ලද රාජකාරි වලින් සුලු ප්‍රමාණයක් පමණි.
2019 වසර උදෙසා සැලසුම් කරන ලද මෙම ගමන් මාර්ගය පිලිබඳ සමස්ත කාර්ය මණ්ඩලය දනුවත් කිරීමට නොහැකි වූයේ හදිස්සියේ ඇති වූ වෙනස්කම් නිසාවෙනි.
එසේම මා විසින් ඇරඹූ ඉලක්ක සහිත කඩිනම් වඩපිළිවෙල කීයාත්මක කිරීමට සියල්ල නිවරදි ගමන් මාර්ගයට ගනිමින් ස්තාපිත කල ඉහල නිළධාරීන් අතරින් CEO, DGM (Finance), DGM (Marketing), DGM (Program), DGM (News), DGM (IT),and Manager (Current Affairs) යන අයට 2018.10.27 දින සිට සේවයට පැමිණීමට ඉඩ නොදුන්නේ මන්දැයි නොවැටහේ..
පෙර නවැත්වූ තැන සිට 2018 දෙසැම්බර් මස 27 දින නැවත මා රාජකාරි ආරම්භ කිරීමේදී ඔබ මාවෙත අපහාස කරමින් මෙලෙස හැසිරෙන්නේ කුමක් නිසදැයි මා හට නොවටහේ.
සියල්ල වෙනස් වී නැවත මා රජකාරි ඇරඹීමේදී මා සමග ඔක්තෝම්බර් මස 26 දක්වා සේවය කළ ඉහත නිළධාරීන් හොරු යැයි පවසමින් ඔවුන් සේවයට නොගත යුතු යැයි පවසන්නේ කාගේ උවමනාවටදැයි නොදනිමි.
යමෙක් ආයතනයට හානි කරයි නම් තරාතිරම නොබලා නීතිය අනුව කටයුතු කිරීමට මම දෙවරක් නොසිතම්. එසේ උවද විධීමත් ලෙස සොයා නොබලා කිසිවෙකු නිකරුනේ එළවා දැමීම නීතිගරුක හා විනය ගරුක අයෙකු වූ මගේ පිළිවෙත නොවන බවද ඔබ නොදන්නවා ඇත.
එය ඔබේ වරදක් හෝ මාගේ වරදක් දැයි නොදනිමි.
නීතිය වල් වැදුනු, විනය පිරිහීගිය, හික්මීමක් හෝ සන්යමයක් නොමැති සමාජයක තවත් කොටසක් වූ මොවුන් පිළිබදව මා වෙත ඇත්තේ කණගාටුවක් පමණි.
එහෙත් රාජ්‍ය ආයතනයක් තුල විනය ස්තාපිත කිරිමේ නිර්මල වගකීම එහි නියමුවා ලෙස පැහැර හරින්නේ කෙලෙසදැයි මට නොවැටහේ..
තිලකා කාරියවසම්
(තිලකා කාරියවසම් මහත්මියගේ ෆේස්බුක් ගිණුමෙන් උපුටා ගන්නා ලදී)