Language Switcher

V2025

ඛේමාගේ කොලුවාගේ සිහිනයේ අභියෝගය !

මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ දේශපාලන ජීවිතයට වසර 30ක් සැපිරීම නිමිත්තෙන් විශේෂ උත්සවයක් "සිහිනයේ අභියෝගය" ( Daring to Dream) පසුගියදා BMICH හිදී පැවැත්විණ.

එහි පිළිගැනීමේ කතාව අමාත්‍ය මංගල සමරවීර විසින් සිදුකරනු ලැබිණ.

I&t=1s

එහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරිය වන සුෂ්මා ස්වරාජ් විසින් එවනු ලැබූ සුභ පැතුම් පණිවිඩය මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරිනියක විසින් ඉදිරිපත් කරනු ලැබිණ.

මංගල සමරවීර අමාත්‍යවරයාගේ දේශපාලන ජීවිතයට වසර 30ක් සැපිරීම නිමිත්තෙන් පවතී මේ උත්සවයේ ප්‍රධාන ආරාධිත දේශනය සිදුකරනු ලැබුවේ ඇමරිකා එක්සත් ජනදපදයේ හිටපු කීර්තිමත් තානාපතිනියක වන සමන්තා පවර් විසිනි.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ද එහිදී විශේෂ දේශනයක් සිදුකරනු ලැබිණ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද උත්සව සභාව ඇමතු අතර එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියේ මංගලගේ සිහිනය රටේත් සිහිනයක් වන බවය.

ජනාධිපති සිරිසේන ද මෙම උත්සවය සඳහා සහභාගීව සභාව ඇමතු අතර එහිදී ඔහු සඳහන් කර සිටියේ මංගල සමරවීර යනු හිත හොඳ දක්ෂ මනුෂ්‍යයෙක් බවයි.

මෙම අවස්ථාව සඳහා ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරුන් රැසක් සහ තානාපතිවරුන් ඇතුළු විදෙස් රාජතාන්ත්‍රිකයන්, මංගල සමරවීර අමාත්‍යවරයාගේ හිතවතුන්, ජන්දදායකයන් ඇතුළු රැසක් එක්ව සිටියහ.

මෙහිදී අමාත්‍යවරයාගේ වසර 30ක දේශපාලන ජීවිතය ඇතුළත් කෙටි වාර්තා චිත්‍රපටයක්ද ප්‍රදර්ශනය කෙරීන.