Language Switcher

V2025

ඇයද පටාචාරාවකි!

පිය විප්පයෝගෝ දුක්ඛො: (ප්රියයන්ගෙන් වෙන්වීම දුකකි) බුදු රජාණන් වහන්සේ දේශනා කරනු ලැබූ මනුෂ්යාට දුක හා වේදනාව සඳහා හේතුවන ප්රධාන කරුණු අතරට අපට ආදරය කරන අයගෙන් ඈත් වූ විට හෝ අප ආදරය කරන අය නැතිවූ විට දැනෙන දුකද අයත් වේ. එය අප කාහටත් පුරුදු වේදනාවකි. මෙය පටාචාරා කථාව සිහියට නංවයි. බුදු රජාණන් වහන්සේ විසින් ඇයට අයෙක් නොමල ගෙකින් අබ ඇට ටිකක් රැගෙන එන ලෙස පැවසූ විට ඇය හිස් අතින් ආපසු ආවාය. සෑම කෙනෙකුම තබා ආදරය කළ අය නැතිව යාමේ දුක අත්විද ඇති බව එමගින් අපට මතක් කර දෙ. මෙම නැතිව යාම නිසා ඇතිවන දුක හා වේදනාව අප වටහා ගෙන ඇත. පටාචාරා කථාව පිලිබඳව සිතා බැලුවහොත් ඇයගේ පවුල නැතිව යාමෙන් ඇයට ඇති වූ දුක දරා ගැනීමට නොහැකිව බොහෝ දුක් වූවාය. මෙය වටහා ගත් බුදු රජාණන් වහන්සේට ඇයට උදව් කිරිමට අවශ්ය විය.

අද අප රටේ අප අතර පටාචාරවන් රාශියක් සිටී. තම සැමියන් අහිමි වූ වැන්දඹුවන්, තම දරුවන් අහිමි වූ මවුවරුන්, තම සමීපතම පුද්ගලයන් නැති වීමෙන් දරාගත නොහැකි දුකට පත් පවුල් ඒ අතර වේ. පටාචාරා මෙන් ඔවුන් සහනයක් හා සැනසීමක් බලාපොරොත්තු වෙන නමුත්, ඔවුන් තමාගේ පියවරුන් හා මවුවරුන්, සැමියන් හෝ බිරින්දෑවරුන්, සහෝදරයන් හෝ සහෝදරියන් හෝ පුතුන් හා දූවරුන් කොහේදැයි නොදනී. ඔවුන්ගේ පවුල් ජීවත්ව සිටීද මියගොස් දැයි නොදැන ඔවුන් වේදනාව දරා ගනිමින් සිටී. ඔවුන්ගේ ප්රියයන්ගෙන් වෙන්වීමේ දුක ඉමහත් වන අතර. වේදනාව අති මහත්ය. එය කුමක් වූවාදැයි නොදැනීමේ දුකය. පටාචාරාගේ දුකට පිහිටවීම සඳහා බුදු රදුන් ඉමහත් උත්සහායක් ගත්තද, මෙම ප්රජාව සඳහා පිහිටවීමට අප කුමක් කර ඇතිද?

මෙම දිනවල ක්රියාත්මකව පවතින අතුරුදහන්වූවන්ගේ කාර්යාලය හා සම්බන්ධයෙන් මානව අයිතිවාසිකම්, ජාත්යන්තර විනිශ්චයන් හා යුධ අපරාධ පිළිබව විවාදයට ලක්ව තිබේ. විවාදයේ එක් පසක සිටින දේශපාලඥයින් මේ ක්රියාවලිය සදහා සහාය දක්වන අතර, අනෙක පස සිටින දේශපාලඥයන් විසින් එයට අභියෝග කෙරේ. එම නිසා අප රට කෙලවරක් නැති අදහස් වලින් බෙදී ඇත. අප අපේ ඇස් හැර බැලුවහොත් මෙම බෙදීම් ජාතිවාදී හෝ ආගමික වශයෙන් නොවන බව දැකිය හැක. ඒවා දේශපාලනික උපායන් හා මිනිසුන් මෙහෙයවීම සදහා වන ක්රියාවලියන් වේ.

IMG 1718OMP පිළිබඳව බැලූ කල එය ඔවුන්ගේ නැතිවූ ආදරණියන් පිළිබඳව සොයා බැලීමට උදව්වන ස්වාධීන විනිවිදතාවයෙන් යුත් යාන්ත්රණයකි. මෙබඳු යාන්ත්රණයක් සඳහා එකඟවිය නොහැක්කේ කාටද? එය ප්රියයන්ගෙන් වෙන්වීමේ දුකට පිලියම් යෙදීම සඳහා වන කාර්යාලයක් ශ්රී ලාංකිකයින් වශයෙන් ඊටද වඩා බෞද්ධයන්ගේ ඉගැන්වීම් වල ඇතුළත්ය. OMP ට කුමන හෝ දේශපාලනික පක්ෂයක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට නොමැති අතර, රජයන්ට හෝ ඡන්දවල උදව්වීමේ බලයක්ද නැත. එය රටේ සෑම ප්ර දේශයකටම පවුල් වලට ලඟා විය හැකි ස්වාධීන ආයතනයකි. 

යුධ ත්රස්ත්රවාදයෙන් මිදුණු රටක් වශයෙන් අප සංවේදී අවස්ථාවක සිටිමු. එහිදී ජාතීන් අතර, අවිනිශ්චිත බවක් ඇති අතර. අපගේ පවුල්වල හා ජාතියේ ආරක්ෂාව සඳහා අපගේම මාර්ගය අනුව නිවැරදි තේරීම සඳහා නිවැරදි තේරීම හා හොඳම තීරණය ගැනීමට උත්සහ කිරීමට අපට හැකිය. නමුත් නිවැරදි තේරිම හා හොඳම තීරණය කුමක්ද? එය සරල පිළිතුරක් වන අතර, අපට එතරම් දුරට සිතිය යුතු නොවේ. අපට ඇත්තේ අප පිළිබඳව හා අපගේ හදවත් තුල ඇති ධර්මය ගැන බැලීම පමණි. බෞද්ධයන් මෙන්ම ශ්රී ලාංකිකයන් වශයෙන් අපට පවුල් එකතු කිරීමට එරෙහිවීමට නොහැක. OMP ඒ සඳහා වෙ. සංස්කෘතිමය වශයෙන් හැඩ ගැසුණු හා ආගමික වශයෙන් මෙහෙය වනු ලැබී ජාතියක් වශයෙන් විවාදයේ කුමන පැත්තේ සිටිය යුතු දැයි දැනගත යුතුය.

කරුණාව, දයාව, සානුකම්පිතභාවය හා උපේක්ෂාව යන ඉතා උසස් ස්වභාවයන් පිළිබඳ අප ඉගෙනගෙන ඇත. සිංහල බෞද්ධයන් ලෙස මෙය අපගේ එදිනෙදා ජීවිතයට යොදාගත හැක්කේ කෙසේදැයි අප විසින් සලකා බැලිය යුතුය. සංකීර්ණ දේශපාලනික පසුබිමක් තුළ තෝරාගැනීම් සිදු කිරීමේ දී ධර්මය අපහට උපකාරී විය හැක්කේ කෙසේද? අප විසින් සියළු ජාතීන් හා ආගම්වලට අයත් පුද්ගලයන් කෙරෙහි අනුකම්පාව දැක්විය යුතුය. යුද්ධයේ වින්දිතයන් හා යුද්ධයෙන් අහිමි වූ දේ හේතුවෙන් වේදනා විඳින පුද්ගලයන් කෙරෙහි අප විසින් අනුකම්පා කළ යුතුය. වසර ගණනාවක වේදනා විඳීමෙන් නිදහස් වූවන් කෙරෙහි සානුකම්පිභාවය දැක්විය යුතුය. අප විසින් දේශපාලනික බලපෑම්වලට ලක් නොවී උපේක්ෂාවෙන් හෝ සමබර මනසකින් යුතුව අපගේ ලෝකය දෙස බලා තීරණ ගත යුතුය.