Language Switcher

V2025

විරාග රාගය අතරේ තනි වූ ආලය............

බන්දුල නානායක්කාරවසම් මහතා විසින් රචිත

ප්‍රවීණ හා ජනප්‍රිය ගායක දෙපලක් වන අමරසිරි පීරිස් හා

අමල් පෙරේරා ගයන "විරාග රාගය" ගීතය ජනගත කිරීම

පසුගිය 27 වැනි දින සන්ධ්‍යාවේ සූරිය විලේජ්හිදී සිදු විය.

සංගීත අධ්‍යක්ෂණය සුරේෂ් මාලියද්ද විසින් සිදුකර තිබූ

අතර රූප රචනා අධ්‍යක්ෂණය තිසර ඉඹුලානගෙනි. රූප

රචනාව සඳහා ප්‍රවීණ රංගවේදීන් දෙපලක් වන මහේන්ද්‍ර පෙරේරා

හා යශෝධා විමලධර්මත් නව පරපුරේ දක්ෂ රංගන

ශිල්පියෙකු වන හේමාල් රණසිංහත් එක්ව සිටියහ.

අමල් පෙරේරාගේ ඉල්ලීමකට අනුව බන්දුල නානායක්කාරවසම් රචනා කරන මෙම "විරාග රාගය" ගීතය ඔහුගේ ගී පද රචනා අතරට එක්වූ අලුත් අත්දැකීමය. ප්‍රේමය හා විරහවත් ඒ අතර මැද ගැටුම වන රාගයත් අතර ගැහැණියට මුහුණ දීමට සිදුව ඇති භාවාත්මක චින්තනය "විරාග රාගය" ගීතයේ පද වැල් එකිනෙකින් දිගහරින අතර ප්‍රේමය නම් භාවයේදී විශේෂයෙන් විවාහක ගැහැණියට එල්ල වන සමාජ අපවාදය සාධාරණද යන්න බන්දුල නානායක්කාරවසම් ප්‍රශ්නාර්ථයක් ලෙස අප හමුවේ තබයි.

විරාග රාගය අතරේ තනි වූ ආලය
විරාම දෙයි එක් හදකට පුදා පරාඡය
විරාග රාගය අතරේ තනි වු ආලය
දුරලයි තනිකම ලබමින් මගේ සරාග....

ගීතය ජනගත කිරීමේ අවස්ථාව ගීතය උපතේ පටන් වූ කතාබහක් සමඟ නිර්මාණය කර තිබූ අතර ඊට ප්‍රවීණ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි, ප්‍රවීණ රංගවේදී W. ජයසිරි හා උපුල් ශාන්ත සන්නස්ගල එක්ව සිටියේය.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන අමරසිරි පීරිස් සමඟ ගීතයක් ගායනා කිරීමේ අමල් පෙරේරා තුළ ඇතිවූ සිතුවිල්ලත් ඊට පාදක වූ කතාවත් අපූරු අත්දැකීමක්.

අමල්ගේ ඉල්ලීමත් විරාග රාගයේ ප්‍රස්තුත කාරණයත් ගැන බන්දුල නානායක්කාරවසම් මහතා දැක්වූයේ මෙවන් අදහසක්.

ඇතැමුන්ට රාගයෙන් තොර ප්‍රේමයක් නොමැති යැයි පවසන මොහොතක විරාග රාගයේ රසය හදුනා ගත්තෙකි, ප්‍රවීණ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි.

(lankanewsweb.net)