Language Switcher

V2025

කෑමපත රස කරන බත්තලංගුණ්ඩුවේ කරවල

 
කල්පිටිය අර්ධද්වීපය කියු සැණින් කාගෙත් මතකය දිව යන්නේ බත්තලංගුණ්ඩුව දූපත වෙතය. මන්ද එහි පෞරාණික මෙන්ම ඵෛතිහාසික වැදගත්කමක් කැටුව ඇති ස්භාවික දූපතක් නිසාවෙනි. එහි සුන්දරත්වය විදහාලමින් තිබෙනුයේ දූපත් වලල්ලේ ඇති විශාලතම  දූපත   බවට ලක්ව තිබීම නිසාවෙනි.
 
කල්පිටිය අර්ධද්වීපයට සීමා මායිම්ව පිහිටා ඇති බත්තලංගුණ්ඩුව දූපතේ ජීවත් වන ධීවර ජනතාවටගේ ප්රවධාන ජීවනෝපය වී ඇත්තේ මුහුදෙන් හා කළපුවෙන් නෙලා ගන්නා මත්ස්යව අස්වැන්න කරවල කර   අලෙවි කිරීමයි.
 
කොතරම් අලංකාර වුවදල කොතරම් සුන්දර වුවද එහි ජීවත් වන ජනතාව අමිහිරි කටුක ජීවිතයක් ගත කරනවා යන්න සදහන් කලොත් එය නිවැරදි කරුණිකි. එයට ප්‍රධාන  හේතුව වී ඇත්තේ ඔවුන්ට ගමනා ගමන පහසුකම් සදහා සෑම අවස්ථාවකම කල්පිටිය ජැටියේ සිට නාවික සැතපුම් 32ක් බෝට්ටු මගින් ගමන් කිරීමට සිදුව තිබීම නිසාවෙනි.
 
පානිය ජලය, රෝහලක්, පාසලක් නොමැතිව ජීවත් වන මොවුන්ගෙන් බහුතරයක් ධීවර කර්මාන්තයේ නිරත වන ධීවරයින් 1500ට ආසන්න ප්‍රමාණයක් සිටින අතර, මෙම දූපතේ ධීවර පවුල්  1700ක් පමණ පදිංචිව සිටිති.
 
මොවුන් සිය වෘත්තිය ලෙස වැඩි වශයෙන් කරවල වේලීමේ කටයුත්තේ යෙදෙමින් දිවිසරුකර ගන්නා ආකාරය එහි ගිය අපට දක්නට ලැබිණිග මොවුන් සවස 5.00ට පමණ බෝට්ටු  මගින් දියඹට ගොස් මසුන් මරා පසුදා උදෑසන ආපසු නිවෙස් බලා පැමිණෙන තුරු ඔවුන්ගේ බිරින්දෑවරු දියඹ දෙස බලා සිටින්නේ හොද අස්වැන්නක් ලබා ගැනීමට බව කිව යුතුය.
 
නමුත් මේ වන විට දූපතේ මත්ස්‍ය  අස්වැන්න සීඝ්‍රයෙන්  පහළ වැටී ඇති බව ඔවුන් පවසන්නේ මේ ආකාරයෙනි. එයට හේතුව වී ඇත්තේ දැනට භාවිතා කරන තහනම් දැල් ආම්පන්න හා ඩයිනා වැනි ක්‍රමවේදයන්  භාවිතා කරන සංචාරක ධීවරයින් නිසාවෙන් මෙසේ මත්ස්යභ සම්පත පහළ වැටී ඇති බවයි.
 
එවැනි ප්‍රශ්න  රැසකට සිරීවී නොබියව රක්ෂාවට මුහුණ දෙන මෙම ධීවරයින්ට සමහර දිනවලදී මත්ස්යරයින් නොලෙබෙන අවස්ථාද එමටයග  එම ගැටළු මධ්යරයේ මොවුන් වේලන කරවල අද ලංකාවේ බහුලව කොයි කව්රුත් ආහාරයට ගන්නා බව සදහන් කල යුතුමය.
 
මත්ස්යකයින් මැරීමට දියඹට යන ධීවරයින් බෝට්ටු යාත්රා වලට  යොදා ගන්නා ඉන්ධන සදහා  දිනකට විශාල මුදලක් වැයකලද එයට සරිලන අස්වැන්නක් මොවුන්ට නොලැබෙන බවටයි මොවුන් මැසිවිල් නගමින් සදහන් කරන්නේ.
 
එවැනි කටුක අත්දැකීම් කැටිකරගත් මොවුන්ගේ දෑතින් වේලා ගන්නා කරවල වලට මේ වන විට ලංකාවේ විවිධ ප්ර්දේශවල වලින් වැඩි ඉල්ලුමක් ගෙන දෙන බව ඔවුන් සදහන් කලදල එයින් වැඩි ලාභ හිමිකර ගනු  ලබන්නේ අතරමැදි තැරව්කරුවන් බව ඔවුන් පෙන්වා දෙති.
 
මේ වන විට ලංකාවටම කරවල සපයන බත්තලංගුණ්ඩුව ධීවර ප්‍රජාවේ  දැවෙන ප්‍රශ්නවලට තිරසාර විසදුම් ලබා දීමට අපොහොසත් බලධාරිනි ඔබගේ ප්‍රමාදය  ඔවුන්ගේ පරිහානියට අතවැනීමක් නොවේද? 
 
සටහන සහ සේයා රූ 
පුත්තලම කේ ප්‍රියංකර