Language Switcher

V2025

කෝපි කොප්පයකින් ජීවිතයක් වෙනස් කරන්න පුළුවන් ද?

ඔබ කවදාවත් හිතලා තියනවද කෝපි කොප්පයකින් මිනිහෙක්ගේ ජීවිතයක් වෙනස් කරන්න පුළුවන් කියලා? බහුතරයකගේ අදහස වෙන්නේ නැහැ, එහෙම කරන්න බැහැ කියන එකයි. නමුත් අද අපි මේ ඔබට කියන්නේ කෝපි කොප්පයකින් එක ජීවිතයක් නෙවෙයි ජීවිත රුසක් වෙනස් කරපු අපේ කාලයේ තරුණයෙක් ගැනයි. ඔහු නමින් දුලාන් හෙට්ටිආරච්චි. මේ දුලාන් සමඟ Newstube කළ කතාබහක්.

 ඔබ හිටපු තානාපති නිලධාරියෙක්. එවන් රැකියාවක නිරතවෙමින් සමාජ සත්කාරක සේවා අරමුණු කරගත් සංකල්ප කිහිපයක් හඳුන්වා දෙනවා. එවැනි දෙකට යොමුවෙන්න බලපෑ හේතුව මොකක්ද?

මගේ ගම ගාල්ලේ. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හමාර කිරීමෙන් පසුව මගේ පළවෙනි රැකියාව කෙරුවේ ස්වාධීන රූපවාහිනී සේවයේ. පස්සේ කම්කරු අමාත්‍යාංශයේ මාධ්‍ය උපදේශක ඊටපස්සේ‍ අධිකරණ අමාත්‍යාංශයේ මාධ්‍ය උපදේශක වශයෙනුත් කටයුතු කරනවා. පස්සේ මට තානාපති සේවයේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් ආයතනයේ රැකියා කරන්න අවස්ථාව ලැබුණා.

 මම ඔස්ට්‍රේලියාවට ගියාට පස්සේ තානාපති කාර්යාලයේ වැඩ කරපු නිසා මට ඔස්ට්‍රේලියාවේ තානාපතිවරු අග්‍රාමාත්‍යවරයා ඇසුරු කරන්න ලැබුනා. ඒ අතරේ ඔස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය තුමා ලංකාවට එන වෙලාවේ පවා මට එතුමව සම්බන්ධ කරගන්න ලැබුනා. මම ඔස්ට්‍රේලියානු නගරාධිපතිවරු තුන්දෙනෙක් ලංකාවට ගෙන්නුවා මගේ හිතවත් කම් පාවිච්චිකරලා. ඒ වගේම මම මැදිහත්වෙලා එහේ ඉන්න මහ ඇමති වරයා සහ ඕස්ට්‍රෙලියානු කතානායක ලංකාවට ගෙන්නුවා.

 ඇත්තටම මගේ ගම හරිම දුෂ්කර දුප්පත් ගමක්. ගාල්ලේ ඉඳලා කිලෝමීටර් 20 ක් විතර යන්න ඕනේ. ගමට දේශපාලකයො එනවා මේවට විසඳුම් දෙනවා කියල පොරොන්දු වෙනවා.නමුත් කවදාවත් ඒ වෙන්නේ නෑ. මගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු නිසා මාරුවීමක් එක්ක අපිට අම්පාරට යන්න සිද්ධ වෙනවා. ඉතින් මම එහදි විඳපු දුෂ්කර ජීවිතෙත් මට හොඳට මතකයි. මොකද ඒ කාලෙ එල්.ටි.ටී. කලබල වැඩියෙන්ම තිබුන කාලේ. මට මතකයි මගෙ අම්ම අපිව අරගෙන උක්ගස් කොටුවට යනවා රෑට නිදාගන්න. ගෙවල්වල ඉන්න බයයි. ඉතින් ඔහොම තියද්දි අපි 89- 90 වගේ තමයි ආයිත් අපි ගාල්ලට එන්නේ. එතකොටත් අපේ ගමට කරන්ට් එක වත් නෑ. මට මතකයි මම ඉස්කෝලෙ පහේ පංතියේ ඉන්න කාලේ වගේ තමයි අපේ ගමට කරන්ට් එක ලැබෙන්නේ. ඉතින් එහෙම දුෂ්කර ජීවිතයක් ගෙවල ආව නිසා තමයි අපිට තේරෙන්නේ මේ ජීවිත ගමන කොයිතරම් දුෂ්කරද කියල. මම නිතරම හිතුවේ මට මේ ගමේ දේවල් දැක්කාම ඒ දේවල් වල වෙනසක් කරන්න පුලුවන්ද කියල තමයි .

 දැනට කතා බහට ලක්වෙන One Coffee Campaign එක ගැන පැහැදිලි කළොත්

මට හිතුන මම මගේ ගමටත් රටටත් යමක් කරන්න ඕනේ කියලා. ඇත්තටම අපේ රෙටේ ගොසිප් වගේ දේවල් වලට වෙලාව අපතේ යවනවා. නමුත් one coffe campainඕස්ට්‍රේලියාවේ එහෙම නෙවෙයි. එයාල බලන්නේ තමන්ගේ මිනිස්සුන්ට මොකක් හරි අඩු පහසුකම් තියන අය ඉන්නවා නම් ඒවා සම්පූර්ණ කරල දෙන්න. එතකොට මම හිතුවෙ මේ වගේ අපේ අය වෙනුවෙන් මොකක්ද කරන්න පුලුවන් කියලා.

 එතකොට තමයි මට හිතුනේ ජර්මනියෙන් ව්‍යාප්ත වූ අයිස් බකට් කැම්පේන් එක ගැන. ඒකෙන් ලංකා මුදලින් බැලුවොත් බිලියන 1.7 ක් විතර හොයාගන්න පුලුවන් වුණා. ෆේස් බුක්, වට්ස්අප්, වයිබර්,ටුවිටර් වැනි සමාජ මාධ්‍ය උපයෝගී කරගිනිමින් කරන කැම්පේන් වලින් අපට තේරුණා ඒවා සාර්ථක වෙනවා කියලා. යේමනය, ටියුනීසියාව, ලිබියාව, ඊජිප්තුව වගේ රටවල් ගත්තත් ඒවගේ සමාජ කැලබීම් වලට මුලික වෙන්නේ සමාජ ජාල. ඉතින් මේ සමාජ ජාල වලින් අලුත් විදිහට දෙයක් කරන්න තමයි මම හිතුවේ. 2015 දී මම හිතුව වන් කොෆි කැම්පේන් කියන එක ගැන. කොහොමද කෝපි කෝප්යකින් මිනිස්සුන්ට යමක් උපයන්නේ කියන එක. එහේ කෝපි කෝප්පයකට ඩොලර් 7 ක් 14 ක් අතර වගෙ ගාණක් වියදම් කරනවා. එක්කෙනෙක් දවසකට කෝපි කෝප්ප 5 ක් බොනවා. ඒ රටවල්වල ඒක කලාවක් වගේ වෙලා ඒකට අබ්බැහි වෙලා තියෙන්නේ. තේ කෝප්පයකට වඩා කෝපි කෝප්පයක් තමයි එයාල බොන්න කැමති. ඉතින් මම එයාලට කිවුවෙ පුලුවන් නම් කෝපි කෝප්පයක සල්ලි කැටයකට එකතු කරල අපේ රටේ දුප්පත් මිනිස්සු ඉන්නවා, එයාල වෙනුවෙන් ඒක වෙන් කරන්න කියලා. ඇත්තටම ඒක සාර්ථක වුණා. දැනට ලෝකය පුරා මගේ 183දෙනෙක් සාමාජිකයන් ඉන්නවා. එයාලගෙන් දවසකට ඩොලර් 3650, ඒ කියන්නේ ශ්‍රී ලංකා මුදලින් ලක්ෂ 5 ක් එකතු කරන්න පුලුවන් වෙලා තියනවා මේ සමාජ වැඩපිළිවෙලත් එක්ක. ගොඩක් අය මගෙන් ඇහුවා ලක්ෂ 5 න් කොහොදම ගෙයක් හදන්නේ කියලා. මම ලක්ෂ හතරාමාරකින් කාමර තුනක් එක්ක අංග සම්පූර්ණ නිවසක් හදන්න පුලුවන් කියල පෙන්නුවා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයත් එක්ක. ඇත්තටම ඒක අති සාර්ථක වුණා.

One Cup කැම්පේන් එකෙන් මේ වෙනකොට මොනවද ලංකාව ඇතුලෙ කරල තියෙන්නේ?

 මේ වෙනකොට ගෙවල් 10 ක් හදල ඉවරයි. තව 5 ක් හදාගෙන යනවා. ඇත්තටම මට ඔයිට වඩා දෙයක් කරන්න ඕනෙ කියල හිතුන. හැම ජාතියක්ම නියෝජනය වෙන විදිහට සහෝදරත්වයේ ගමක් බිහි කරන්න තමයි මම ඔස්ට්‍රේලියානු ආණ්ඩුවත් එක බලාපොරොත්තු වෙන්නේ. මොකද මෙල්බර්න් වල එකකට එකක් ජාතීන් වෙනස් පාටවල් වෙනස් කතාකරන භාෂාවවල් වෙනස්. සමහරු ඉංග්‍රීසී දන්නෙත් නෑ. ඒ වුණාට කවුරුත් කාටවත් කියන්නේ නෑ මම ඉටලියන්, මම ඉන්දියන්, මම සුඩාන් කියල. මම ඔස්ට්‍රේලියන් කියල තමයි කවුරුත් කියන්නේ. අපේ රටේ භාෂා තුනයි ජාතීන් තුනක් එක්ක කොයිතරම් අරගලයක් කරනවද කියන ප්‍රශ්නය අපට තියෙනවා. පිටරට ඉන්න කාලය තුල මම ගත්ත අත්දැකීම තමයි කොහොමද මම අලුත් විදිහට හිතන්නේ කියල.

dulan heetiarachchi3

Dulan Hettiarachchi project

dulan hettiarachchiඅනික අපි ගෙයක් දුන්නා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නෑ. එයාලව ආකල්පමය වශයෙන් වෙනසක් කරන්න ඕනේ. මම එක පවුලක් තෝරගත්තා මේ සත්කාරය කරන්න. ඒ පවුලේ පොඩි ළමයි දෙන්නෙක් සහ ඒ මවට තව දරුවෙක් ලැබෙන්න හිටියා. ග්‍රාමසේවක මහත්තයා තමයි මට දුන්නෙ එයාලව, ගොඩක් දුප්පත් පවුලක් පුලුවන්නම් උදවු කරන්න කියලා. ගමේ මිනිස්සු ඒ පවුලට ගෙයක් දෙනවට විරුද්ධව පෙත්සම් ගැහුවා. මොකද ඒ දරුවන්ගෙ තාත්තා බොන කෙනෙක් කියලා. නමුත් සතුටුයි කියන්න. ඒ මනුස්සයා දැන් පෝයට සිල් ගන්නවා. අනිත් අයටත් කියනවා බොන්න එපා කියලා.

Dulan Heetiarachchi2

ඔබට ඕස්ට්‍රේලියානු රජයෙන් විශේෂ තානාපති ධූරයක් ලැබුණ කිවුව. ඒක ගැන අපිට පොඩි විස්තරයක් කිවුවොත්?

ඔස්ට්‍රේලියාවේ ඉන්නවා ජාතීන් 156 ක් පමණ. ලෝකයේ වැඩිම බහුජාතීන් සිටින Malty culture City එක. ඉතින් ඔස්ට්‍රේලියාවේ ඉන්නේ වැඩියෙන්ම වෙනත් රටවල් වලින් ඇවිත් පදිංචි වුණ අය. ආදීවාසීන් විදිහට ඉන්න අයට විශේෂ තැනක් කියල එහෙම නෑ. ඒ නිසා 1980 ඉඳල එයාල පටන් ගන්නවා සමාජ තානාපති කියන තනතුර. ඇත්තෙන්ම ඕක පටන්ගන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ එයාලගේ බලය ගෙනියන්න එයාලගේ නියෝජිතයන් පත් කරගන්න එකක්. ඔය සාම විනිසුරු වගේ ගෞරවාන්විත පත්වීමක්. ඒක පත්කරන්නේ වැටුපක් එක්ක. එයාලගෙ අකල්පය තමයි ඒ සමාජ තලවලින් අලුතෙන් සංක්‍රමණය වෙච්ච මිනිසුන්ගෙන් නියෝජනය කරන කෙනෙක් හරහා ක්‍රීඩාව ප්‍රචලිත කරන්න. එක එක රටවල් වලට එක කොමිටි එක ගානේ තියෙනවා. ඒ කොමිටි එකට එක නියෝජිතයෙකු ගානේ පත් කරනවා. මම තමයි ශ්‍රී ලංකාව වෙනුවෙන් පත් කරල ඉන්නේ. අපි හරහා ක්‍රීඩා කණ්ඩායම්වල දායකත්වය ලබාගැනීම තමයි කෙරෙන්නේ.

මේ තනතුර ලැබෙන්න විශේෂ හේතුවක් තියෙනවද?

ඔව් ඇත්තෙන්ම මම කරන දේවල් එක්ක තමයි. 2016 Victoria Malty culture Commission එකෙන් හොඳම ශ්‍රී ලාංකිකයා (Sprit Of Sri Lanka) හැටියට සම්මානයක් හිමිවුණා. ඉතින් ඒ දේවල් අගය කරල තමයි මට මේ තනතුර එයාල දුන්නේ.

ඉදිරියේදී ඔබේ බලාපොරොත්තු මොනවද ?

 MG 5202ඇත්තටම Facebook එකේ ඉන්න අයටත් මම ඉල්ලීමක් කරනවා. මේ වගේ ගෙවල් හදන්න ඉස්කෝල හදන්න යොමුවෙන්න කියලා. මම දකිනවා මගේ යාලුවොත් ඒ දේවල් වලට යොමුවෙලා ඉන්නවා. ඊට අමතරව මම බලාපොරොත්තු වෙනවා අලුත් concept එක්ක ඉදිරියට යන්න. ඊට අමතරව අපිට ඉස්සරහට පරිසරය රැකගැනීම සඳහා ගාල්ලේ සිට කොට්ටව රක්ෂිතය දක්වා ලෝකයේ දිගම මිනිස් දම්වැල නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. කොට්ටව රක්ෂිතය තමයි ලෝකයේ නිවර්තන තෙත් කලාපීය වනාන්තරයක් නගරයක් ආසන්නයේම තියෙන්නේ. ඒක නිසා මම බලන්නේ අපි කොහොමද ඒක ඉස්සරහට අලුත් කන්සෙප්ට් එකක් විදිහට කරන්නේ කියල. අපිට ඒකට අනුමැතිය ලැබුණා. ලෝකයේ ජනාධිපති කෙනෙක් පරිසර ඇමති වුණ පළවෙනි වතාව මේක. අපි ඒක කරන්න යන්නේ. ඒක හරහා අපි දකුණු ආසියානු ප්‍රඥප්තිය යන නමින් සෞඛ්‍ය දූෂණ වැළැක්වීමේ ප්‍රඥප්තියක් හදන්න බලාපොරොත්තු වෙනවා.

මොකද අපේ කලාපයට නැව් ඇතුලුවෙන එක අපිට නවත්තන්න බෑ. නමුත් ඔස්ට්‍රේලියාව ගත්තොත් එහේ එන්න පුලුවන් වෙන හේතුව අවුරුදු 20 කට අඩු නැවක් විතරයි. අපේ රටට ඕන පරණ නැවක් එන්න පුලුවන්. ඒකෙ තෙල් හරි කෙමිකල් හරි රසායනික ද්‍රව්‍ය වගේ දේවල් තිබුණොත් ඒක මුහුදට ගියොත් ඒ පැත්තම ඉවරයි. ඒ නිසා එන හැම නැවකටම Risk Tax එකක් අවදානම වෙනුවෙනු ඩොලර් 500 ක් විතර ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපිට ඒක සමුද්‍ර සහ පරිසර ආරක්ෂණය සඳහා යොදවන්න පුලුවන්. උදාහරණයක් විදිහට දවසකට නැව් 250 ක් ආවොත් ඩොලර් 500 ඒව 250 ක් ඒ කියන්නේ කෝටි 4 ක් වගේ මුදලක් දවසකට ලැබෙනවා. ජපානෙ ගත්තොත් අවදානම් බද්දක් ගන්නවා නැව් වලට. අපි එහෙම ගන්නේ නේ නෑ. මාර්තු මාසේ සිට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.

මම ටුවරිසම් (tourism) වලටත් කන්සෙප්ට් එකක් ගෙනාවා විසිට් මදර් ලෑන්ඩ් (Visit Mother Land) කියල. ඒකේ මිලියන එකක වගේ ටුවරිසම් කැම්පේන් එකක් කරන්නේ. අපේ රටෙන් පිට ඉන්න මිලියන දෙකහමාරක් සිංහල දෙමල ලාංකිකයන් මෙහෙට ගෙන්න ගත්තත්, අපිට ආදායමක් එනවා. එයාල වියදම් කරන්නේ පිටරට මුදල් නිසා.ලංකාවේ දැන් තියෙන තත්තවය නිසා ගොඩක් අය එන්න කැමැති නෑ. Visit Mother Land කියන සංකල්පයෙන් එයාල ලංකාවට ගෙන්වන්න පුලුවන් කියන එක තමයි මම අදහස් කරන්නේ. ඒක හරියට තමන්ගේ අම්මා බලන්න එන්න කියනවා වගේ දේයක්. ආවම එයාලට හොටෙල් බුක් කරනකොට, එයාල තමන්ගේ රටට එන නිසා එයාලට 5% ක වගේ බෙනිෆිට් එකක් දෙන්න ඕනේ ශ්‍රී ලාංකිකයන්ට ඒක රජයේ ප්‍රතිපත්තියක් විදිහට වෙනස් වෙන්න ඕනේ.

තරුණ ව්‍යාවසාකත්වයක් විදිහට මේ වැඩ කරද්දී තව පිරිසක් මේකට එකතු වෙනවද? එකතු කරගන්න කැමැත්තක් තියෙනවද?

මම මේක පටන්ගත්තේ මිනිස්සු වෙනුවෙන් සහ අනිත් අයට ආදර්ශයක් විදිහට. ඒ නිසා ඕනෙම කෙනෙකුට මේකට එකතුවෙන්න පුලුවන් අපිත් එක්ක සම්බන්ද MG 5196 වෙලා ඉස්සරහට මේක ගෙනියන්න පුලුවන්. මොකද මම මේ කැම්පේන් එක මගේ අයිතියක් දාගෙන කරන දෙයක් නෙවෙයි. මම මේක කළේ මිනිස්සු වෙනුවෙන්. ඔනෑම කෙනෙකුට ඒ අයිතිය යොදාගන්න පුලුවන්. මේ වෙනකොට මාධ්‍ය ආයතන ගොඩක් මට කතා කරා එකතුවෙලා කරමු කියලා. මම හිතුව එක මාධ්‍ය ආයතනයක් එක්ක සම්බන්ධ වුණොත් අනික් අය තරහ වෙනවා. හැමෝටම එකතුවෙලා කරන්න පුලුවන් දෙයක්. මම ජනාධිපතිතුමාට යෝජනා කෙරුවා එක එක රටවල් වල ඉන්න එම්බසිඩර්ස්ල යුරෝපීය සල්ලි තියෙන රටවල්, ඉතින් ඒ අයටත් අපේ රට වෙනුවෙන් ඒ රටවල් ඇතුලෙ මේ දේ ව්‍යාප්ත කරන්න පුලුවන් නම් ලොකු දෙයක් කරන්න පුලුවන්.

සුජීවා බණ්ඩාර