රටේ ලොකුම ඩීල් එක අලියා සහ මාලිමාව අතර - සජිත්

රටේ ලොකුම ඩීල් එක අලියා සහ මාලිමාව අතර - සජිත්

රටේ ඇති ලොකු ම ඩීල් එක ඇත්තේ මාලිමාවේ සහ අලියාගේ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

මේ බව  පසුගිය දා ස්වාධීන රූපවාහිනියේ නටපු නාඩගමින් ඔප්පු වූ බවද ඔහු සඳහන් කරයි.

එම වැඩසටහන මෙහෙයවු නිවේදකයාට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ නීති ක්‍රියාමාර්ග ගෙන ඇති මොහොතක ඒ පුද්ගලයා සමඟ අලි මාලිමා ඩීල් එක රටට ම ඔප්පු කළ බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය .

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කර  සිටියේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ ඊයේ (16) පැවැති සමගි ජන බලවේගයේ රජරට ගොවි සමුළුව අමතමිනි.

සමගි ජන බලවේගයට ජනාධිපති සමඟ  සාකච්ඡාවක් ඇති බවට කයිය නායකයා ලන්ඩන් ගිහින් පවසන බව සඳහන් කළ ඔහු  එය අමූලික බොරුවක් බවද අවධාරණය කරයි.

තමාට 71 වතාවක් අගමැතිකම ගන්න කියා ඉල්ලීම් සිදු කළත් ප්‍රතිපත්තිගරුක තමා එය ප්‍රතික්ෂේප කර බව පැවසූ විපක්ෂ නායකවරයා තමන් තනතුරු ගන්නේ පොදුජනතා ආශිර්වාදයෙන් බවද පැවසීය .

තමන් එදින අගමැතිකම හෝ ජනාධිපතිකම බාර නොගෙන ප්‍රතික්ෂේප කළේ රට බංකොලොත් කළ රාජපක්ෂවරුන්ගේ ආරක්ෂකයා වීමට  අකැමැති නිසා බව ද ඔහු පැවසීය .

සක්විති රජකම දෙනවා කිව්වත් සජිත් ප්‍රේමදාස රට බංකොලොත් කළ අය එක්ක ඩීල් දමන්නේ නැති බවත් තමාගේ ඩීල් එක ඇත්තේ මේ රටේ ලක්ෂ 220 පුරවැසියන් සමඟ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න