රිෂාඩ්ගේ විශ්වාසභංගය නිසා පාර්ලිමේන්තුව උණුසුම් !

රිෂාඩ්ගේ විශ්වාසභංගය නිසා පාර්ලිමේන්තුව උණුසුම් !

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය සම්බන්ධව අද (23) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවයක් ඇතිකරගත නොහැකිව තිබේ.

වාර්තා වන ආකාරයට මෙම පක්ෂ නායක හමුවේදී ආණ්ඩු පක්ෂය වෙනුවෙන් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කර ඇත්තේ ජුනි 18 සහ 19 යන දින මේ සඳහා ලබාදිය හැකි බවය.

නමුත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ පිරිස සඳහන් කර ඇත්තේ ජුනි 5-6 යන දෙදින මේ සඳහා ලබාදිය යුතු බවය. නමුත් ආණ්ඩු පාර්ශවය මේ සඳහා එකඟතාව පළකර නොමැත.

ඒ අනුව පක්ෂ නායක හමුව අවසන්වී ඇත්තේ විශ්වාසභංග යෝජනාව විවාදයට ගනුලබන නිශ්චිත දිනයක් සම්බන්ධව එකඟතාවයකින් තොරවය.

දිනය දෙන්නේ ආණ්ඩුවෙන් - අගමැති 

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කර ඇත්තේ රිෂාඩ් අමාත්‍යවරයාට එරෙහි  විශ්වාසභංගය සඳහා දින ලබාදෙන්නේ ආණ්ඩුව විසින් වන බවය.

එසේම  අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්ට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයට වාඩ වැදගත් වන්නේ ආණ්ඩුවට එරෙහිව ගෙනා විශ්වාසභංගය බවත් අග්‍රාමාත්‍ය රනිල් විකුමසිංහ පවසා ඇත.

ඒ අනුව මුලින්ම ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයට දිනයක් දෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් එයට පිළිතුරු දුන් මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ මුලින්ම ඉදිරිපත්වූයේ රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහි විශ්වාසභංගය බැවින් එය මුලින්ම විවාදයට ගත යුතු බවයි. ඉන් අනතුරුව තමන් ඉදිරිපත් කළ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට දිනයක් ඉල්ලා සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.

විවාදය 18 -19 බව කතානායක දන්වයි !

කෙසේ වුවත් අවසානයේ කතානායක කරූ ජයසූරිය පවසා ඇත්තේ අදාළ විශ්වාසභංග යෝජනාව ජුනි මස 18 සහ 19 යන දෙදින පැවැත්වීමට කටයුතු කරන බවය.

පාර්ලිමේන්තු කටයුතු කඩාකප්පල් කරනවා - මහින්දානන්ද 

තවද ඊයේ (22) මාධ්‍ය හමුවක් පවත්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසා සිටියේ රිෂාඩ් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම ප්‍රමාද කළහොත් පාර්ලිමේන්තුවේ කටයුතු  පවත්වාගෙන යාමට බාධා කරන බවය.  

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න