අත්අඩංගුවට ගැනීමට වාරණයක් ඉල්ලා : මධුමාධව ශ්‍රේෂ්ඨාධිකරණයට !

අත්අඩංගුවට ගැනීමට වාරණයක් ඉල්ලා : මධුමාධව ශ්‍රේෂ්ඨාධිකරණයට !

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවු කලහකාරී සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ උපනායක මධුමාධව අරවින්ද විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස මිනුවන්ගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා, බස්නාහිර පළාත් උතුරු ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා නම් කර ඇත.

මධුමාධව අරවින්ද කියා සිටින්නේ ඉකුත්දා මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී ඇතිවූ කලහාකාරී සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සූදානම් වන බවයි.

මෙම සිද්ධියට අදාළව තමාට එරෙහිව පොලීසිය විසින් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තමන්ගේ විදේශ ගමන් තහනමක් ලබා ගෙන ඇති අතර සිය දුරකථන ඇමතුම් විස්තර වාර්තාවක් ලබාගෙන ඇති බවද මධුමාධව අරවින්ද ප්‍රකාශ කරයි.

මෙම සිද්ධියට තමන්ගේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කාර මධුමාධව අරවින්ද තමා මෙම කලහකාරී සිද්ධියට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් අනාවරණය වී නොමැති බවද සඳහන් කර ඇත.

මෙම වාතාවරණය මත තමන්ව සාධාරණ පදනමක් නොමැතිව ද්වේෂ සහගත ලෙස පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවත් එසේ අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් පොලීසිය වෙත නිකුත් කරන ලෙසත් මධුමාධව අරවින්ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න