ජාතිවාදය වැපිරවූ දිවයින පුවත අතේ පත්තු වෙයි !

ජාතිවාදය වැපිරවූ දිවයින පුවත අතේ පත්තු වෙයි !

"සිසේරියන් සැත්කම් වලින් පසු තව්හිද් ජමාත් දොස්තර සිංහල මවුවරුන් 4000ක් වඳ කරලා" මැයෙන් ඊයේ (23) දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය යටතේ පළවූ පුවත ජාතිවාදය වැපිරීමේ චේතනාවෙන් නිර්මාණය කළ සාවද්‍ය පුවතක් බව හෙළිවේ.

"සිංහල බෞද්ධ මවුවරුන් 4000 කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව කියන තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයකු වන වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත" යනුවෙන් එම පුවතේ සඳහන්ව තිබූ නමුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර සඳහන් කර සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ පොලිස් විශේෂ විමර්ශන කණ්ඩායමක් හෝ කුරුණෑගල පොලිසියවත් එවැනි කිසිඳු පරීක්ෂණයක් දියත්කර නොමැති බවය.

දැනට සැකකටයුතු අන්දමේ වත්කම් උපයාගත් වෛද්‍යවරයෙකු සම්බන්ධව කුරුණෑගල පොලිසිය විමර්ශන සිදුකරන නමුත් ඒ තුළද වඳ සැත්කම් සිදුකිරීමක් සම්බන්ධව විමර්ශනයක් හෝ පැමිණිල්ලක් ලැබී නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

අවම වශයෙන් මේ පුවත පළකිරීමේදී පොලිස් විමර්ශනයක් සිදුවන්නේද යන්න සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් හෝ විමසීමක් සිදුකර නොමැති බවත් එහෙයින් අදාළ සාවද්‍ය පුවත පළකිරීමේ වගකීම දිවයින පුවත්පත සහ ඒ ලියු මාධ්‍යවේදියා ගතයුතු බවත් ඔහු පැවසීය.

මෙහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර වැඩිදුරටත් සඳහන් කර සිටියේ මේ වන විට අදාළ පුවත සම්බන්ධව අපරාධ පරීක්ෂණයක් සිදුකරන ලෙස වැඩබලන පොලිස්පති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා ඇති බවයි. 

මෙම පුවත ලියා ඇත්තේ දිවයින පුවත්පතේ මාධ්‍යවේදී හේමන්ත රන්දුණු විසින්ය.

FB IMG 1558638771572

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න