කාවින්ද යයි : රාජිත, නලින්ද එති !

කාවින්ද යයි : රාජිත, නලින්ද එති !

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවෙන් තමන් ඉවත් වන බව එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන පවසයි.

තමන් මෙම අවස්ථාවේදී වැඩි කාලයක් වැය කරන්නේ ප‍්‍රහාරවලින් විපතට පත් ජනතාවගේ සහ ඔවුන්ගේ පවුල්වල සුභසිද්ධිය වෙනුවෙන් බැවින් තේරීම් කාරක සභාව වෙනුවෙන් කාලය වැය කිරීම ගැටලූවක් බවද  මන්ත‍්‍රීවරයා සඳහන් කරයි.

තේරීම් කාරක සභාවෙන් ඉවත්වුවත් එයට දිය යුතු අදහස් හා එහිදී නැගිය යුතු ප‍්‍රශ්න ලිඛිතව ඒ වෙත ලබාදීමට තමන් කටයුතු කරන බව ද මන්ත‍්‍රීවරයා කීවේය.

මෙම තේරීම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පත්කර ඇති අතර ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරමින් අමාත්‍යවරුන් වන රවුෆ් හකීම්, රවී කරුණානායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන සරත් ෆොන්සේකා, කාවින්ද ජයවර්ධන, මහාචාර්ය ආශු මාරසිරංහ, ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න පත්කරනු ලැබ තිබිණ.

ප‍්‍රධාන විපක්‍ෂය වන එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙම තේරීම් කාරක සභාව වර්ජනය කිරීමට තීරණය කර ඇති අතර මෙහි විපක්‍ෂය නියෝජනය කරමින් සිටියේ  දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ සුමන්දිරන් මන්ත‍්‍රීවරයා පමණි. නමුත් මේ ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස ද පත්කර ඇති බව වාර්තා වෙයි.

 ඊට අමතරව අමාත්‍ය රාජිත සේනාරත්න ද මේ සඳහා  නම් කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න