පාසල් අසල පුපුරණ ද්‍රව්‍ය තබා ළමුන් පාසල් නොඑවීමට ඉඩ සැලස්සවීමේ දුෂ්ඨ චේතනාවක් සම්බන්ධව තොරතුරු වාර්තා වෙයි.
පසුගිය පාස්කු ප්‍රහාරයෙන් දේශපාලන වාසි ලබාගැනීම සඳහා අපේක්ෂා මේ පිටුපස සිටින බවට තොරතුරු වාර්තා වන අතර මැයි 6 වනදා පාසල් විවෘත කරණු ලැබුවත් ළමුන් පාසල් නොයවන ලෙසත් රටේ ජාතික ආරක්ෂාව දුර්වලව ඇති බැවින් පාසල් වෙත බෝම්බ ප්‍රහාර එල්ලවීමේ අවධානමක් ඇති බවත් ප්‍රචාරය කර ඇත්තේද මේ පිරිස් බවත් වාර්තා වෙයි.
නමුත් මේ සතිය ආරම්භයේ සිට සිසුන් සුපුරුදු පරිදි පාසල් ඒම ආරම්භ කර ඇති අතර පාස්කු ප්‍රහාරයෙන් රට අස්ථාවර බව හඟවා දේශපාලන වාසි අපේක්ෂා කල පාර්ශව වෙත මෙය දරාගත නොහැකිව තිබේ.
පාස්කු ප්‍රහාරයෙන් වාසි ගැනීමට නොනිත් උත්සාහයක නිරත පාර්ශවයන්ට සහය දක්වමින් ජාතිවාදය වැපිරීමේ නින්දිත හැසිරීමක සිටින ජඩ මාධ්‍ය කිහිපයක්ද පාසල් අනාරක්ෂිත බව කියමින් පුවත් මැව්වා ඔබට මතක ඇත.
බදුරලියේ පාසලක අත්බෝම්බ 13ක් !
මේ සමඟ බදුරලිය ප‍්‍රදේශයේ පාසලකට අත්බෝම්බ ගෙනවිත් දැමීමද කඩාකප්පලකාරි පිරිසකගේ ක‍්‍රියාවක් බව පොලිසිය පවසයි.
මෙම බෝම්බ පාර්සලය තැබීම පාසල් පවත්වාගෙන යාමට එරෙහිව හා දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණ ඇතිව කිසියම් කඩාකප්පල්කාරි පිරිසක් විසින් කළ දෙයක් බවද පොලිසිය පවසයි.
බෝම්බ ඇටවීමට පැමිණියේ නම් එයට ජීව උණ්ඩ අවශ්‍ය කරන්නේ නැති බවද, අත්බෝම්බ සියල්ල එකට බද්ධ කළ ද ඒවා ඉබේම පුපුරා නොයන බවද, ඒ අනුව මෙය සිසුන් පාසලට පැමිණෙන විට දැක කලබලයක් නිර්මාර්ණය කර යළිත් පාසල් වසා දැමීමේ අරමුණ ඇතිව කිසියම් පිරිසක් විසින් කර ඇතැයි ද පොලිසිය පවසයි.
පොලිසිය මෙසේ සඳහන් කරන්නේ බදුරලිය ප‍්‍රදේශයේ පාසලක තිබී අත්බෝම්බ 13ක් හමුවිම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
ඊයේ (23) රාත‍්‍රියේ පාසල අසලින් ගමන් ගත් අයෙකු දුන් තොරතුරක් අනුව කළ සෝදිසියකදී මෙම අත්බෝම්බ සහිත බෑගය පංති කාමරයක් අසළ තිබී සොයාගෙන ඇත. ජීව උණ්ඩ කීපයක් හා වයර් කැබැල්ලක් ද මෙම බෑගයේ තිබී හමුවී තිබේ.
මෙම පාසලේ මුරකරුවෙක් සිටින අතර පාසල් සිසුන්ගේ පියවරුන් දෙදෙනෙක් ද එදින මුර සේවයට සහය පිණිස පාසලේ සිට ඇත. කිසියම් පුද්ගලයෙක් පාසල් වත්තේ සිට පැන දුවනු දුටු ගම්වැසියෙක් ඒ බව මුරකරුට පවසා තිබේ. ඒ අනුව සෝදිසි කිරිමේදි අත්බෝම්බ සහිත බෑගය හමුව ඇති අතර පසුව ඔවුන් ඒ බව පොලිසියට දැනුම් දී තිබේ.
අත්බෝම්බ නිකං පුපුරන්නේ නෑ !
මේ සම්බන්ධව අදහස් දක්වමින් ආරක්ෂක අංශ සාමාජිකයකු සඳහන් කර සිටියේ "අත්බෝම්බයක් නිකම් කිසියම් තැනක තිබුණාට පුපුරන්නේ නැහැ. එහි උඩින් තිබෙන කොක්කක් සහිත කොටස ගැලවිය යුතුයි. ඉන්පසු එහි තිබෙන ඩෙටනේටර් ගිනි ගැනීම සිදුවිය හැකි බැවින් වහා පිටතට විසිකරනවා. එය කිසිවෙකුගේ මැදිහත් විමෙන්ම කළ යුත්තක් මිස ඉබේ සිදුවන්නක් නෙවෙයි. එසේම අත්බෝම්බ එකින් එකට වයර්වලින් ඇමීණිමක් කළ හැකි වන්නේ නැහැ. එය සිදුකරන්න නම් අනිවාර්යයෙන්ම අත්බෝම්බයෙන් ඉහළ කොටස (පින් එක) ඉවත් කළ යුතුය. එම කොටස ඉවත් කළ පසු පුපුරායාමේ අවදානමක් පවතින හෙයින් වයර්වලින් ඇමිණීමක් කරන්නට හැකියාවක් නැහැ. කිසිවෙක් එවැනි වයර් අත්බෝම්බ සමඟ ගෙනවිත් තැබුවේ නම් එය බිය ගැන්වීම සඳහාම කරන ලද්දක්" යනුවෙනි.

