සිරිසේනට එරෙහිව සන්ධ්‍යා ශ්‍රේෂ්ඨාධිකරණයට !

සිරිසේනට එරෙහිව සන්ධ්‍යා ශ්‍රේෂ්ඨාධිකරණයට !

වසර හයක සිර දඬුවම් නියම කර සිරදඬුවම් විඳිමින් සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති විසින් පොදු සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් තමන් දැඩි විරුද්ධත්වය පළ කරන බව රාජපක්ෂ රෙජීම පාලනය විසින් අතුරුදහන් කළ  මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ, සන්ධ්‍යා එක්නැලිගොඩ සඳහන් කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඇය මේ බව සදහන් කළ අතර  ජනාධිපති සිරිසේන  විසින් කරන ලද මෙම ක්‍රියාව හේතුවෙන් තමන්ගේ මුලික අයිතිවාසිකම් කඩවීමක් සිදු ව ඇති බැවින් ජනාධිපතිගේ මෙම තීන්දුව අභියෝගයට ලක්කරමින් තමන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බවත් සදහන් කර ඇත.

එමෙන්ම ජනාධිපතිවරයාගෙන් එම තීන්දුව නිසා තම ජීවිතයට තර්ජනයක් වී ඇති බවත් තමන් මේ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සියලු තානාපති කාර්යාල දැනුවත් කරන බව ද ඇය සඳහන් කළාය.

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපතිවරයා විසින් ජනාධිපති සමාව යටතේ ඊයේ (23)  පූර්ණ නිදහස ලබාදී ඇත. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න