ගෝඨාභය , මොරගොඩ , බ්ලේක් දේශපාලන කුමන්ත්‍රණයක : චෝදනාව කදවුර ඇතුලෙන්ම !

ගෝඨාභය , මොරගොඩ , බ්ලේක් දේශපාලන කුමන්ත්‍රණයක : චෝදනාව කදවුර ඇතුලෙන්ම !

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ සහ ශ්‍රී ලංකාවේ හිටපු ඇමරිකානු තානාපති රොබට් ඕ. බ්ලේක් වැනි පාර්ශව දියත්කර ඇති බරපතල සැකසංකා මතුකරණ දේශපාලන ප්‍රවණතාවක් පිළිබඳ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පෙන්වා දෙයි.

අද (27) බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ සැකසංකා මතුකරණ දේශපාලන ව්‍යාපෘතිය සම්බන්ධව අවධාරණය කළේය.

එහිදී ඔහු පෙන්වා දෙන්නේ පාස්කු ප්‍රහාරයෙන් පසුව ජන සමාජයේ ඇතිවූ කඩාවැටීම හරහා තවදුරත් "දේශපාලනඟයන් එපා, පාර්ලිමේන්තුව එපා, මැතිවරණ එපා, පක්ෂ දේශපාලනය එපා වැනි මනෝභාවයක් නිර්මාණය වූ බවත් මේ වන විට එම මනෝභාවය දේශපාලන ප්‍රවණතාවක් බවට පත්කිරීමේ සංවිධානාත්මක ක්‍රියාවලියක් දියත්ව ඇති බවයි.

මෙහිදී පාට පක්ෂ භේද එපා කියන සටන් පාඨය එක්සත් ජාතික පෙරමුණ විසින් නිර්මාණය කළ නමුත් හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ ඉතා සූක්ෂ්මව එම සටන් පාඨය අධිරාජ්‍යවාදීන්ගේ බල අපේක්ෂාව වෙනුවෙන් පෝෂණය කරන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ඒ පිළිබඳ සැකසංකා මතුකරණ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර අවධාරණය කරන්නේ හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ ගේ මේ දේශපාලන ව්‍යාපෘතිය සදහා ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් සහ මේ වන විට 2020 ජනාධිපතිවරණය සදහා අපේක්ෂකත්වය අපේක්ෂාවෙන් සිටින ගෝඨාභය රාජපක්ෂ , ඇමරිකානු හිටපු තානාපති රොබට් ඕ බ්ලේක් ද සිටින බවක් පෙන්නුම් කරන බවය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ලංකාවට පැමිණි රොබට් ඕ බ්ලේක් කොළඹ විශේෂ දේශනයක් පවත්වමින් මතුව ඇති තත්ත්වයට විකල්පය ලෙස " ගෝඨාභය වැන්නෙකු නිර්දේශ කිරීම " සහ එම කටයුත්ත සංවිධානය කළ හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයන් ප්‍රතික්ෂේප කිරීමේ මතවාදය පෝෂණය කිරීම තුළ මේ සැකසහිත අධිරාජ්‍යවාදී බලවේග වල මැදිහත්වීම සහිත දේශපාලන ව්‍යාපෘතිය තහවුරු වන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න