Language Switcher

V2025

පලු ගස් කුහරයෙන් මවන විශ්කම්

ඉවත දමන පලු කොටවල කුහරය සහිත ප්‍රදේශය තෝරා ගෙන කැටයම් ඔපලා විශ්මිත විශ්කම් පාමින් නව නිර්මාණ කරන ලී කැටයම් ශිල්පියෙකු පිළිබද පසුගිය දිනක අප කැමරාවට හසුවිය.

මෙම කැටයම් ශිල්පියා පුත්තලම ස්වශක්ති මාවත තිල්අඩිය ලිපිනයේ පදිංචි (36) හැවිරිදි ඔහු නමින් ඩී.එම්. හෂිත රොෂාන් ගුණරත්න ය.

ඝණ වනාන්තරවල ඇති දිරාපත් පලු ගසේ කුහරය සහිත කොටස් රැගෙන විත් විවිධ හැඩතලයන්වලට කපා වෙන් කිරීමෙන් පසු තියුණු ආයුධ භාවිතයෙන් එහි පිටි පොත්ත ඉවත් කිරීමෙන් පසු විශේෂිත මැලියම් ආලපයෙන් නැවත එම පොත්ත සවිකර ගැනීමෙන් පසු එහි ශක්තිමත් භාවය තවත් ශක්තිමත් වීමෙන් අනතුරුව නොයෙකුත් නිර්මාණවලට දායක වන බව ඔහු අප සමග පැවසීය.

මෙසේ සකස්කර ගත් පලු ශාකයේ කොටස් යොදා ගනිමින් බිත්ති ඔරලෝසු, සමරු පලක ආදියෙන් නව නිර්මාණයන්ට දායක වීම ඔහු සිය වෘත්තිය කර ගෙන ඇති බව අප සමග වැඩි දුරටත් පැවසීය.

මෙසේ සකසන නිර්මාණ ලංකාවේ පළාත් රැසකට අපනයනය සිදු කරන බවත්, මෙම ස්භාවික නිර්මාණ සදහා වෙළද පොලේ වැඩි ඉල්ලුමක් පවතින බවද කියයි.

පුත්තලම දිස්ත්‍රික්කයට ආවේණික වූ ශුෂ්ක කලාපීය ශාක ප්‍රභේදයක් වන පලු ශාකය මෙම නිර්මාණ සදහා බහුලව යොදා ගැනීමට හේතුව ලෙස සදහන් කරනුයේ වැඩි කලක් භාවිතයට ගැනීමේ හැකියාව හා එම ශාක කොටස ඉතාමත් ශක්තිමත්ව පවතින නිසාවෙන් මෙම නිර්මාණ සිදු කිරීමට ඔහුට පහසු නිසාවෙනි.

මෙම කැටයම් ශිල්පියා ස්වයං රැකියාවක් ලෙස ආරම්භ කල මෙම වෘත්තිය මේ වන විට මහා පරිමාණ ව්‍යාපාරයක් ලෙස කාර්යක්ෂම යන්ත්‍රෝපකරණ භාවිතයෙන් සිදු කර ගෙන යන බව වැඩි දුරටත් පැවසීය.

නිර්මාණයක් කිරීමට විශාල කාලයක් ගත වීම නිසාවෙන් දිනකට නිර්මාණ තුන හතරක් කිරීමට ද අසීරුබව කියයි.

මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ ඩි.එම්. හෂිත රොෂාන් ගුණරත්න මහතා පවසා සිටියේ මෙවැන්නකි.

මෙම මේ නිර්මාණ කටයුතු සිදු කරන්න කිසිම ආයතනයකින් පුහුණුවක් හදාරලා නෙවෙයි. මගේ තියෙන නිර්මාණ හැකියාව මම උපරිම මේ කටයුත්තට දියක කර ගන්නවා. මේ නිර්මාණ කරන එක ලෙහෙසි පහසු කාර්යක් නෙමෙයි මොකද වැඩි වේලාවක් ගන්නවා. ඒ වගේ හරිම අමාරු දෙයක් ඒ නිසා කව්රුත් මේ නිර්මාණ කරන්න අකමැති ඒ නිසයි. අද මේ වෙද්දි මම යම් ස්ථාවරයකට ඇවිත් ඉන්නවා. මේ වෘත්තිය නිසාවෙන් මම මේ වෘත්තියෙන් විවිධාකාර නිර්මාණ රැසක් බිහිකරලා තියෙනවා. ඒ ගැන මට ආඩම්බරයි. මම මේ රක්ෂාවට ඇවිත් වැඩි කාලයක් නෑ. අවුරුදු හතක් විතර වෙනවා. ඒ කාලය තුල මම විශාල වෙහෙසක් දැරුවා අද මම ඒකෙන් ලොකු පන්නරයක් ලබලා තමයි අද බය නැතුව වෘත්තියක් වශයෙන් ඉදිරියට කරගෙන යන්නෙ.

සටහන සේයා රූ

පුත්තලම කේ.ප්‍රියංකර

DSC01304

DSC01305

DSC01307

DSC01309

DSC01310

DSC01315

DSC01319

DSC01320

DSC01328

DSC01340

DSC01342

DSC01347