Language Switcher

V2025

අඳුරු  කලු ජූලිය ආලෝකමත් කළ මනුෂ්‍යත්වයේ පහන් සිළු

කළු ජූලිය සිදුව වසර 35 ක් ගතව ඇති මේ මොහොතේ ජාතික සමගිය ගොඩනැංවීම වෙනුවෙන් ‘එක රටක් මනු පවුරක්’ තේමාව යටතේ වැඩසටහන් රැසක් පැවත්වීමට කටයුතු යොදා ඇත. එහි එක් අදියරක් ලෙස ඊයේ දින (ජූලි 07) රටපුරා පහන් සිළු දැල්වීම් සිදු වූ අතර එහි ප්‍රධාන වැඩසටහන කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ දී පැවැත්විණ.

මේ සඳහා ආගමික නායකයින් වශයෙන් කොම්පඤ්ඤවීදිය ගුණවර්ධනාරාමාධිපති ගෞරවනීය ශාස්ත්‍රවේදී පූජ්‍යපාද බදුල්ලේ ජිනරතන ස්වාමීන්වහන්සේ, මාලිගාවත්ත ඛෙත්තාරාමයේ ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍යපාද වෙළඳගොඩ යසස්සී නායක ස්වාමීන්වහන්සේ, ප්‍රමශ්‍රී දර්ශක ශර්මා කුරුක්කල්තුමා, කොළඹ දකුණ ජමියතුල් උලමා සංවිධානයේ හසන් මව්ලව්තුමා, ස්ටෙස්පුර සම්බුදු වෙහෙර විහාරාධිපති ජාතික භික්ෂු පෙරමුණේ විධායක සභික පූජ්‍යපාද තලහගම ඥානසිරි ස්වාමීන්වහන්සේ, ජාතික කතෝලික අධ්‍යාපන අධ්‍යක්ෂක අයිවන් පෙරේරා පියතුමා, සමාජය හා සාමයික කේන්ද්‍රයේ අශෝක් ස්ටීවන් පියතුමා, මාලිගාවත්ත සුබෝධාරාමාධිකාරී කහපොළ විමලවංශ ස්වාමීන්වහන්සේ සහ ජාතික භික්ෂු පෙරමුණේ විධායක සභික තංගල්ලේ සාරද ස්වාමීන්වහන්සේ එක්ව සිටියහ.

එමෙන්ම කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය චන්දන අබේරත්න මහතා, ප්‍රවීණ චිත්‍ර ශිල්පී අනුර ශ්‍රීනාත් මහතා, ප්‍රවීණ චිත්‍ර ශිල්පී ෆීලික්ස් පෙරේරා මහතා, විශ්වවිද්‍යාල ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, කතෝලික ගුරු සංගමයේ ලේකම් නිර්මලා ගමගේ මහත්මිය, කුරුඳුවත්ත පොලීසියේ උපපොලිස් පරීක්ෂක එම්.කේ.ජී. රත්නායක මහතා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ උප සභාපති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ කථීකාචාර්ය, ආචාර්ය වරදාස් මහතා, විශ්වවිද්‍යාල ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා, සිනමා අධ්‍යක්ෂ ප්‍රියන්ත කලූආරච්චි මහතා, යොවුන් සංගීතවේදී සුදන්ත මාධව මහතා, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයා, ව්‍යාපාරික ෆයිසර් හාජි මහතා, කොළඹ ප්‍රාදේශීය ලේකම්තුමා වෙනුවෙන් සංස්කෘතික නිලධාරී කැලූම් ප්‍රසාද් මහතා, කොළඹ සහිරා විද්‍යාලයේ ආචාර්ය අබ්දුල් අසීස් මහතා සහ කොළඹ හින්දු තරුණ සංගමයේ ටී. සෙන්දිවේල් මහතා වැනි ආරාධිතයින් රැසක් සමගින් දිස්ත්‍රික්කය පුරා සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් සහ මැලේ යන සියලූ ජාතීන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණි.

එහිදි සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, කොළඹ විශවවිද්‍යාලයේ කථීකාචාර්ය, ආචාර්ය වරදාස් මහතා, විශ්වවිද්‍යාල ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස, විශ්වවිද්‍යාල ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හා ආගමික නායකයින් අදහස් දැක්වූහ.

‘එකම රටක් මනු පවුරක්’ ලෙස ජාතික සමගිය ගොඩනැගීමේ මෙම මෙහෙවර සදහා සංවිධාන ශක්තිය සමාජවාදී තරුණ සංගමය, ජාතික භික්ෂු පෙරමුණ, තරුණ හින්දු සංගමය, තරුණ මුස්ලිම් සංගමය, ජාතික මාධ්‍ය සංගමය, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය, ජාතික විද්වත් සංවිධානය, සමාජය හා සාමයික කේන්ද්‍රය, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, සමස්ත ලංකා මුස්ලිම් තරුණ පෙරමුණ, දමිළ මාධ්‍ය සංගමය, එකමුතුව සඳහා ජන රැලිය, ශ්‍රී ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානය, සමාජ සමානාත්මතාවය උදෙසා සරසවි ආචාර්යවරු, ලංකා ගුරු සේවා සංගමය, අන්තර් සමාගම් සේවක සංගමය ඇතුළු සංවිධාන එකතුවකිනි.