Language Switcher

V2025

ජාතික ව්‍යවසායකත්ව සම්මාන ප්‍රධානෝත්සවය

ජාතික ව්‍යවසායකත්ව සම්මාන ප්‍රධානෝත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21)දින යාපනය, කන්කසන්තුරේ, සෙල්වා පැලස් හෝටලයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර,  මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිසාඩ් බදියුදීන්, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේස්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීහු විශාල පිරිසක් සහභාගිවී සිටියහ.