Language Switcher

V2025

සංචාකරයින්ට හිතකාමි ත්‍රිරෝද රථ සේවාවක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සංචාකරයින්ට හිතකාමි ත්‍රිරෝද රථ සේවාවක් හදුන්වාදීමේ වැඩසටහන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 ජුලි මස 30 වන දින කොළඹ ගාලු මුවදොර පිටියේදී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ, කොළඹ පුරපතිනි රෝසි සේනානායක, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කෙන්ඉචි සුගනුමා (H.E. Kenichi Suganuma), ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ශ්‍රී තරංජිත් සිං සංධු (H.E. Taranjit Singh Sandhu) සංචාරක මණ්ඩලයේ සභාපති කාවන් රත්නායක, අමාත්‍යාංශ ලේකම්වරු, සභාපතිවරු, ත්‍රිරෝද රථ රියදුරන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.