Language Switcher

V2025

සභාග ආණ්ඩුවක නායකයන් දෙදෙනෙකුට වඩා සිටිය හැකියි - අගමැති

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

රටේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිළි කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් පසුගිය 16 වනදා අරලියගහ මන්දිරයේ පැවති අතර ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනි.

එම අවස්ථාව ආවරණය කිරීමට මහරාජා මාධ්‍ය ජාලය (සිරස-ශක්ති) වෙත ආරාධනා කර නොතිබූ අතර පහත දැක්වෙනේ ඊට සහභාගී වූ මාධ්‍ය අග්‍රාමාත්‍යවරයා වෙත යොමුකළ ප්‍රශ්න සහ ඊට අදාළව අග්‍රාමාත්‍යවරයා ලබාදුන් පිළිතුරුය.

 ප්‍රශ්නය : ඔබ වසර 24 ක් එක්සත් ජාතික පක්ෂෙයේ නායකත්වය දරමින් සිටිනවා. නව නායකත්වයකට පක්ෂය භාරදීමට මෙය සුදුසුම කාලය යැයි ඔබතුමා සිතන්නේ නැද්ද?

පිළිතුර : මා මීට පෙරත් පැවසූ පරිදි පක්ෂයේ නව නායකත්ව පරපුරක් බිහි කිරීමට කටයුතු කරමින් සිටිනවා. ඒ පිළිබඳව අප දැන් සාකච්ඡා කරනවා. එම පරිවර්තනය පැය 24 කින් සිදු කිරීමට නොහැකි වුනත් අප ඒ පිළිබඳව කටයුතු කරනවා.

ප්‍රශ්නය : අගමැති ධූරයෙන් ඉවත් වන ලෙස ඔබට එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් චෝදනා නගමින් සිටිනවා. ජනාධිපතිතුමාත් එම මතයේම සිටින බවයි ඔවුන් පවසන්නේ. ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?

පිළිතුර : මම බලාපොරොත්තු වන්නේ ව්‍යවස්ථාව අනුව ඉදිරියට කටයුතු කිරීමටයි.

ප්‍රශ්නය : එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් සමඟ එක්ව ආණ්ඩුවක් නිර්මාණය කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. ඒ පිළිබඳව ඔබතුමා දැනුවත්ද?

පිළිතුර: අළුත් ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා තමන්ට යම් යම් ආරාධනා ලැබුණු බව අපේ පක්ෂයේ කිහිපදෙනෙකු මා සමඟ පැවසුවා. නමුත් තමන් ඊට එකඟත්වයක් පල නොකල බවත් ඔවුන් පැවසුවා. ඊයේ දිනයේත් එක්සත් ජාතික පක්ෂ යේ සාමාජිකයන් රැස් වුණා. පසුගිය අඟහරුවාදා දිනයේත් බ්‍රහස්පතින්දා දිනයේත් අප රැස්වුණා. ඉදිරි දිනකදීත් පක්ෂ සාමාජිකයන් එකතු වී මෙම ආණ්ඩුව ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි. නමුත් ඉවත් වීමක් පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකුත් මා සමඟ සාකච්ඡා කර නැහැ. එක්සත් ජාතික පෙරමුණ ඇතුළු අනෙක් පක්ෂ නායකයන් සමඟත් මම කතා කළා. නමුත් එවැනි කරුණක් සම්බන්ධයෙන් සාකච්ඡා වී නොමැති බවයි ඔවුන් මා සමඟ පැවසුවේ. සියලූ දෙනාම එක්වී ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන යාමටයි බලාපොරොත්තු වන්නේ.

ප්‍රශ්නය : මෙම ඡන්ද ප්‍රථිපල හේතුවෙන් ඔබ ධූරයෙන් ඉල්ලා අස්විය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවසනවා. ඔවුන් අතර දිගින් දිගටම සාකච්ඡා පැවැත්වෙමින් තියෙනවා. ඔබේ පක්ෂය තුළත් මේ වන විට විශාල සාකච්ඡා ඇති වෙමින් තිබෙනවා. අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව ජනාධිපතිතුමා ඔබ සමග සාකච්ඡා කර තිබෙනවාද?

පිළිතුර : ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යේ මතය මේ වන විට අපට ප්‍රකාශ කර තිබෙනවා. ජනාධිපතිතුමා එක්සත් ජාතික පෙරමුණේ නායකයන් සමඟද මේ වන විට සාකච්ඡා කර තිබෙනවා. ඒ වගේම එතුමා අද ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් හමුවී සාකච්ඡා කරන බවද මට පැවසුවා.

ප්‍රශ්නය : ඔබතුමාට හිටපු ජනාධිපතිවරයා කතා කළාද?

පිළිතුර : පසුගිය සඳුදා දිනයේ ඔහු මට කතා කළා.

ප්‍රශ්නය : හිටපු ජනාධිපතිවරයා ඔබට දුරකතන ඇමතුමක් ලබාදෙමින් අගමැති ධූරයෙන් ඉවත් වන්නට එපා යැයි පැවසූ බව රාජිත සේනාරත්න ඇමතිවරයා පවසා තිබුණා. නමුත් පසුව හිටපු ජනාධිපතිවරයා පැවසුවේ එය අසත්‍යක් බවයි. ඔබට හිටපු ජනාධිපතිවරයා කතා කළ බව තහවුරු කළ හැකිද?

පිළිතුර : පසුගිය සඳුදා ඔහු මට කතා කළා. එතුමා එවිට සිටියේ පාර්ලිමේන්තුවේයි. මම අගමැති ධූරයෙන් ඉවත් වන බවට පාර්ලිමේන්තුවේ රාවයක් පැතිරී යන බව පැවසූ ඔහු එය සත්‍ය දැයි මගෙන් විමසුවා. එවැනි කිසිවක් නොමැති බවත් මම මේ මොහොතේත් අගමැති කාර්යාලයේ සිට රාජකාරි කටයුතු කිහිපයක් සිදු කරමින් සිටින බවත් මම ඔහුට පැවසුවා. ඉන්පසුව සිදු වුණේ තවත් තොරතුරු කිහිපයක් කතාබහ කිරීමයි.

ප්‍රශ්නය : හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ යම් සබඳතාවක් පවත්වා ගෙන යමින් ඔහු ආරක්ෂාම කළා යැයි ඔබට දිගින් දිගටම චෝදනා එල්ල 20180216 171013වුණා.

පිළිතුර : මම කිසිවෙකුත් ආරක්ෂාද කරන්නේ නැහැ. මම මහින්ද රාජපක්ෂවත් ඉතා හොදින් හඳුනනවා. විවිධ කටයුතු සඳහා කතාබහ කිරීම හැර වෙනත් කිසිඳු සම්බන්ධතාවයක් නැහැ. මම විපක්ෂ නායක ලෙස කටයුතු කරන ලෙසත් අගමැති සහ සභානායක ලෙස කටයුතු කරන විටත් පාර්ලිමේන්තුවේ ඕනෑම මන්ත්‍රීවරයෙකුට මට කතා කිරීමේ හැකියාව තිබුණා.

ප්‍රශ්නය : ආණ්ඩුවේ සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම නව ආණ්ඩුවක් ඇති කිරීම සඳහා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර ඇති බවත් වාර්තා වෙනවා. එම අභියෝගයට එක්සත් ජාතික පක්ෂ පාර්ශවය මුහුණ දෙන්නේ කෙසේද?

පිළිතුර : අප සිටින්නේ මෙම ආණ්ඩුව ඉදිරියට ගෙන යෑමේ ස්ථාවරය තුලයි.

ප්‍රශ්නය : එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුව තුළ බහුතරය නොමැති බවට විවිධ කතා බහ ඇති වෙමින් තිබෙනවා. ඒ අනුව ඔබතුමාට පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වීමට හැකිද?

පිළිතුර : අප ඒ සම්බන්ධයෙන් ව්‍යවස්ථාව සහ සම්ප්‍රදාය අනුව කටයුතු කරනවා.

ප්‍රශ්නය : 19 වැනි සංශෝධනයට අනුව අගමැතිවරයා ඉවත් කළ හැකිද යන්න පිළිබඳව ජනාධිපතිතුමා නීතිපතිතුමාගේ උපදෙස් පතන බව ඒකාබද්ධ විපක්ෂඅය පවසා සිටියා.

පිළිතුර : අගමැතිවරයා ඉවත් විය යුතු අවස්ථා පිළිබඳව ව්‍යවස්ථාවේ සඳහන් කර තිබෙනවා. ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ආ විට අයවැය පරාජයට පත් වූ විට ආදි අවස්ථාවල පමණයි අගමැතිවරයා ඉවත් කළ හැකි වෙන්නේ.

ප්‍රශ්නය : විශ්වාසභංගයක් ඉදිරිපත් කළොත් ඊට මුහුණ දීමට ඔබතුමා සූදානම් ද? ඊට අවශ්‍ය බහුතරය ඔබතුමා සතුව තිබෙනවාද? එක්සත් ජාතික පක්ෂ ය සතුව සිටින්නේ 106 ක පමණ මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක්.

පිළිතුර : අපට එය පාර්ලිමේන්තුවේදී විසදා ගැනීමට හැකියි.

ප්‍රශ්නය : මෙම සතිය තුළ ඉන්දීය, චීන සහ ඇමරිකානු තානාපතිවරුන් ඔබතුමාව මුණ ගැසුනා ඔවුන් ඔබ සමඟ සාකච්ඡා කළේ කුමක්ද?

පිළිතුර : නව චීන ඇමරිකානු සහ ඉන්දියානු තානාපතිවරුන් මම මුණ ගැසුණා. එමෙන්ම පසුගිය සතියේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා හමුවී සාකච්ඡා කිරීමටද මට හැකි වුණා.

ප්‍රශ්නය : හොරු ඇල්ලීම සම්බන්ධයෙන් ඇතැම් ඇමතිවරුන්ගෙන් බලපෑම් ඇති වුණා යැයි චෝදනා එල්ල වුණා. තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් ඇල්ලීම නැවැත්වීමට දුරකතන ඇමතුම් 61 ක් ලබා දුන්නා යැයි නියෝජ්ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසා සිටියා. මෙම තත්ත්වය ඉදිරියට වලක්වා ගන්නේ කෙසේද?

පිළිතුර : එවැනි බලපෑමක් ඇති වුනොත් අපට දැනුම් දෙන්න යැයි අපි පොලිසියට පවසා තිබෙනවා.

ප්‍රශ්නය : නමුත් ඇමතිවරුන් බලපෑම් කරන විට පොලිසිය එය පැවසීමට ඉදිරිපත් වන්නේ නැහැ. අගමැතිතුමා සහ ජනාධිපතිවරයාත් ඇතැම් විට බලපෑම් එල්ල කරනවා යැයි චෝදනා තිබුණා.

පිළිතුර : මම කිසිදු අවස්ථාවක පොලිසියට බලපෑම් කළේ නැහැ.

ප්‍රශ්නය : එසේ නම් ජනාධිපතිවරයා එලෙස බලපෑම් කර තිබෙනවාද?

පිළිතුර : මා දන්නා තරමින් ජනාධිපතිවරයාත් කිසිඳු අවස්ථාවක පොලිසියට එවැනි බලපෑමක් සිදු කර නැහැ.

ප්‍රශ්නය : අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳව මේ වන විට යම් එකගතාවයක් ඇතිව තිබෙනවාද? ඒ පිළිබදව අවසන් තීරණයක් ගැනීමට හැකි වන්නේ කවදාද?

පිළිතුර : අප ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටිනවා.

ප්‍රශ්නය : ජාතික ආණ්ඩු ගිවිසුම තවදුරටත් ක්‍රියාත්මක වෙනවාද?

පිළිතුර : ඔව්. පාර්ලිමේන්තුවේ යෝජනාව සම්මත කිරීමෙන් පසු එය ඉදිරියට ගෙන යා හැකියි.

ප්‍රශ්නය : ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් මේ වන විට විවිධ මත පල වෙනවා. ඔබතුමා ගනුලබන තීරණ ජනාධිපතිතුමා විසින් වලක්වනවා. ජනාධිපතුමා ගන්න තීරණවලට එක්සත් ජාතික පක්ෂපයේ විරෝධය එල්ල වෙනවා. ආණ්ඩුව ස්ථාවරව ඉදිරියට ගමන් නොකරන ස්වභාවයක් පෙන්නුම් කරනවා. මෙම ජාතික ආණ්ඩුව දැන් ඇති යැයි ඔබට සිතෙන්නේ නැද්ද?

පිළිතුර : තීරණයක් ගැනීමේදි යම් ගැටලූ ඇති විය හැකියි. අර්බුද ඇතිවන්නේ තීරණ ක්‍රියාත්මක වීමෙද ඇතිවන ගැටලූ නිසායි. මෙය ප්‍රධාන පක්ෂ සහ අනෙකුත් සුළු පක්ෂ ගණනාවක් එකතු වී නිර්මාණය කර ආණ්ඩුවක් බව සිහි තබා ගත යුතුයි. එවැනි ආණ්ඩුවල මෙවැනි ප්‍රශ්න ඇති වීම සාමාන්‍යයි.

ප්‍රශ්නය : නායකයින් දෙදෙනෙක් සිටින විට ආණ්ඩුවේ ඉදිරි ගමන අඩාල වනවා යැයි ඔබ සිතන්නේ නැද්ද?

පිළිතුර : සභාග ආණ්ඩුවක නායකයන් දෙදෙනෙක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සිටිය හැකියි.

ප්‍රශ්නය : අයවැයට පක්ෂ වීම සදහා ටී එන් ඒ මන්ත්‍රීවරුනට කෝටි දෙකක මුදලක් ලබා දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් පවසා තිබෙනවා. ඒ පිලිබඳව ඔබේ අදහස කුමක්ද?

පිළිතුර : එතරම් විශාල මුදලක් තිබෙනවා නම් අප එය මැතිවරණය සදහා වියදම් කරනවා. අප එලෙස මුදල් ලබා දී නැහැ.

ප්‍රශ්නය : මෙම සභාග ආණ්ඩුව නිසා ජනතාවට නිසි සේවක් කිරීමට නොහැකි වූ බව එක්සත් ජාතික පක්ෂයේම මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධියේ මාධ්‍යට පැවසුවා. ඒ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

පිළිතුර : තනි ආණ්ඩුවක් තිබුණා නම් මීට වඩා කාර්යක්ෂ‍ම ජනතාවට සේවය කිරීමට හැකියාව තිබෙන බවයි ඔවුන් පවසන්නේ. සභාග ආණ්ඩුවක් තුළ මෙවැනි ප්‍රශ්න ඇති වෙනවා.

ප්‍රශ්නය : එසේ නම් මේ ආකාරයට ඉදිරියට යෑමේ තේරුමක් නැහැ නේද?

පිළිතුර : ඉදිරි වසර දෙක තුළ අප ගත් තීරණ ඉක්මනින් ක්‍රියාත්මක වෙනවා. අප දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග ඉදිරියේදී තවත් වේගවත් කිරීමට අප කටයුතු කරනවා. ගැටලූවක් ඇතිවුව හොත් එය විසදා ගන්නේ කෙසේදැයි අප ඉදිරියේදී සලකා බලනවා.

ප්‍රශ්නය : මහ බැංකු අධිපතිවරයා පත් කළේ ඔබයි. ඔහු සම්බන්ධයෙන් වගකියන බවත් ඔබ පවසා තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන්න යැයි ඔහුට අධිකරණයෙන් දෙවන වතාවටත් දන්වා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?

පිළිතුර : මහ බැංකු අධිපතිවරයාගේ පත්කිරීමේ ගැටලූවක් නොමැති බව කොමිසම විසින් සඳහන් කර තිබෙනවා. නමුත් උසාවියට ඉදිරිපත් කිරීම මට අයිති කාර්යක් නොවේ. ඔහු මේ වන විට මහ බැංකුවේ සේවය කරන්නේ නැහැ. තනි පුද්ගලයෙකු ලෙස එම තීන්දු තීරණ ඔවුන් විසින් භාරගත යුතුයි.

ප්‍රශ්නය : පක්ෂ ය තුළ නව නායකත්වයක් ගොඩනැගිය යුතු යැයි ඔබතුමා ප්‍රකාශ කළා. එසේ නම් එළඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂා ජනාධිපතිධූර අපේක්ෂකයා විය හැක්කේ කවුද?

පිළිතුර : ඒ පිළිබඳව තීරණය කරන්නේ පක්ෂපයයි.

ප්‍රශ්නය : ඉදිරියේදී ඔබතුමන් සමග මැතිවරණයකට ඉදිරිපත් වී ජයග්‍රහණය ලබා ගැනීම අපහසු යැයි පක්ෂේයේ ඇතැම් මන්ත්‍රීවරු අදහස් පල කරනවා. නව නායකයෙක් නව ප්‍රබෝධයක් පක්ෂයට ඇති විය යුතු යැයි ඔවුන් පවසනවා. ඒ පිළිබඳව ඔබේ මතය කුමක්ද?

පිළිතුර : 2014 දී පවතින ආණ්ඩුව බිඳ වැටුණ බව මා පැවසුවේ 2013 දීයි. නමුත් එහිදිත් ඇතැමුන් මගේ මතය විවේචනය කළා. දේශපාලන පක්ෂට තුළ එවැනි මත ඇති විය හැකියි.

ප්‍රශ්නය : ඔබව තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා මේ වන විට නීතිපති උපදෙස් ඉල්ලා ඇති බව වාර්තා වෙනවා. ඒ පිළිබඳව ඔබේ මතය කුමක්ද?

පිළිතුර : මම ආණ්ඩුව ඉදිරියට ගෙන යනවා. ඒ සම්බන්ධයෙන් මගේ මතය එයයි.

ප්‍රශ්නය : ජනාධිපතිවරයා මේ ආකාරයට කටයුතු කරද්දීත් ඔබ ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට සූදානම්ද?

පිළිතුර : මම ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුව ඉදිරියට ගෙන යනවා.

ප්‍රශ්නය : මෙම දේශපාලන අවිනිශ්චිතභාවය තව කෙතරම් කාලයක් පවතිද? මේ වන විට රුපියලේ අගය පහත වැටී තිබෙනවා. ආර්ථිකය සම්බන්ධයෙන් විවිධ ගැටලූ මතු වී තිබෙනවා. කොටස් වෙළදපොල පහත ගොස් තිබෙනවා. මෙම අවිනිශ්චිතභාවය අවසන් වන්නේ කවදාද?

පිළිතුර : මේ සම්බන්ධයෙන් ඇතැමුන් විවිධ තොරතුරු විකෘති කරමින්ද වාර්තා කරනවා.

ප්‍රශ්නය : නමුත් රටක් ලෙස මෙම තත්ත්වය දිගින් දිගටම පැවතීම සුදුසු නැහැ නේද?

පිළිතුර : මාධ්‍යවේදීන් ලෙස ඔබලා වාර්තාකරන බොහෝ දේත් රටට හිතකර වන්නේ නැහැ. රටට ඊටත් වඩා ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒ නිසා අප ගැටලූ විසදා ගනිමින් ඉදිරියට යනවා.