Language Switcher

V2025

පෞර්ෂය හා කොන්ද නැවීම

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් වරක් බන්දුල ගුණවර්ධන යාපනයේ නිල සංචාරයක යෙදුණි. එහිදී පහ වසරේ ශිෂ්‍යත්වය සමත් දරුවකු මුණ ගැසීමට ඔහු ගියේ ය. ඒ අවස්ථාවේ දී දරුවා අමාත්‍යවරයාට වැදීම ප්‍රතික්ශේප කළේ ය. තමා වදින්නේ දෙමව්පියන්ට හා ගුරුවරුන්ට පමණක් බව දරුවා ප්‍රකාශ කර තිබුණි.

එහෙත් එවකට විභාග කොමසාරිස් ජනරාල්වරයා තම නිලයට පත්වී තනතුරේ රාජකාරී භාර ගන්නා අවස්ථාවේ දී එවකට අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධනට වැන්දේ ය. මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය දරද්දී ජනාධිපති ලේකම් වූ ජේෂ්ඨ පරිපාලන නිලධාරියා ද ජනාධිපතිවරයාට වැන්දේ ය. වාසුදේව නානායක්කාර, පවිත්‍රාදේවි වන්නිආරච්චි, මර්වින් සිල්වා වැනි අමාත්‍යවරුන් ද මහින්ද රාජපක්ෂට දෙකට නැමී වදින අයුරු මාධ්‍ය වල පළ විය. එවකට රජයේ උසස් නිලධාරිහු ද හොරාට හොරාට අරලිය ගහ මන්දිරයට ගොස් ජනාධිපති මහින්ද රාජපක්ෂට වැන්දෝය.

වන්දනා මාන කිරීම බෞද්ධ සංස්කෘතියේ දක්නට ලැබෙන චාරිත්‍රයකි. ඒ අනුව පිදිය යුත්තන් පිදීම චාරිත්‍රයකි. පිදිය යුත්තන් වන්නේ තමන්ගේ දෙමව්පියන්, ආගමික පූජකයන් හා ගුරුවරුන් ලෙස සම්ප්‍රදායක් ද පවතී. එහෙත් සිංහල සංස්කෘතිය තුළ මේ සියල්ලට දකින දකින අවස්ථාවන්හි දී වදින සම්ප්‍රදායක් ද නොවීය. යම් විශේෂිත අවස්ථාවක දී පූජකයන්, දෙමව්පියන් හා ගුරුවරුන් වන්දනාවට ලක් විය. එහෙත් රූපවාහිනිය මගින් පුරුදු කළේ හැකි සෑම අවස්ථාවකම වදින අලුත් සම්ප්‍රදායකි. මේ වැදිල්ල කෙතරම් දුරදිග ගොස් ඇද්දැයි කිවහොත් මංගල්‍ය උත්සවයක දී මනාළිය විසින් මනාලයට ද වැදිය යුතුය. එහෙත් මනාළයා නම් මනාළියට වදින චාරිත්‍රයක් නොමැත.

වාමාංශික ව්‍යාපාරය විසින් සමාජය තුළ ඇති කළ මතවාදයට අනුව වැඩිහිටියන්ට වදින චාරිත්‍රයක් නොවීය. ඔවුන් සමාජ වටිනාකමක් ලෙස දුටුවේ වැඩිහිටියන්ට ගරු කිරීමයි. වැඩිහිටියන්ට ගරු කිරීම යනු වැද වැටීම නොවේ. කෙනෙක් තව කෙනෙකුට වැදීම පෞර්ෂය පිළිබද ප්‍රශ්නයකි. එවිට වදින්නාගේ පෞර්ෂයට යම් හනඉයක් සිදුවේ. අසන්නට ලැබෙන පරිදි මෙරටේ වමේ ව්‍යාපාරයේ පතාකයකු වූ පිලිප් ගුණවර්ධන තම බිරිද වූ කුසුමා ගුණවර්ධනට පවසා ඇත්තේ මගේ දරුවන් ලවා දකින දකින පුද්ගලයන්ට වන්දවන්න එපා යන්නයි. පිලිප් ගුණවර්ධනට මේ භාවිතාව එන්නට ඇත්තේ වමේ ව්‍යාපාරය තුළින් විය හැකිය.

පෙරේදා මුදල් හා ජන මාධ්‍ය ඇමති මංගල සමරවීර මාතර පාසැලක පැවැති උත්සවයක දී අපූරු කතාවක් කළේ ය. ඔහුව පිළිගන්නට පෙරමගට ආ ශිෂ්‍යාව අමාත්‍යවරයාට බුලත් දී වැද තිබුණි. අමාත්‍යවරයා තම කතාවේ දී එය සදහන් කරමින් පවසා ඇත්තේ දකින දකින පුද්ගලයාට වැදීම යහපත් සිරිතක් නොවන බවයි.

"ඔයාල මේ ස්ථානයට පැමිණෙන ප්‍රාදේශීය සභාපතිටත් වදිනවා, මන්ත්‍රීවරයාටත් වදිනවා, මටත් වදිනවා ඔයාල දන්නව ද මම ගෙදර ගිහින් මොන නරක වැඩේ කරනවාද" යැයි මංගල සමරවීර අමාත්‍යවරයා දරු දැරියන්ගෙන් විමසා ඇත. බලයට නොවදින ලෙසත් වැදිය යුත්තන්ට වදින ලෙසත් අමාත්‍යවරයා වැඩිදුරටත් සිසු දරු දැරියන්ට උපදෙස් දී ඇත.

මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මේ කරන්නේ උඩුගම් බලා පිහිනීමකි. සිංහල බෞද්ධ සමාජයේ අද පවතින සිරිතට එරෙහි වන්නැයි ඔහු ඉල්ලීමක් කරයි. එහෙත් අමාත්‍යවරයාගේ ඉල්ලීමට පදනමක් පවතී. ඔහු කියන්නේ දකින දකින බලය ඇති පුද්ගලයාට නොවදින ලෙසයි. පිදිය යුත්තන්ට පමණක් පුදන ලෙසයි.

දරුවන්ගේ පෞර්ෂය වර්ධනය විය යුත්තේ කුඩා කල සිටම ය. එවිට ඒ දරුවන් වැඩිහිටියන් වූ කළ ද ශක්තිමත් පෞර්ෂයකින් නැගී සිටී. ජාතියක වර්ධනය සදහා යහපත් පෞර්ෂයකින් යුත් පුරවැසියන් අවශ්‍ය වේ. එසේ නොවන්නට ජාතියක් ගොඩනැගෙන්නේ නිවට නියාළු ලෙස ය.

(රැස - කතුවැකිය)