Language Switcher

V2025

නැට්ට සමඟ ජීවත්වීමේ රහස

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

පුරුද්දට වගේ බුකිය පුරා එහෙ මෙහෙ සැරිසරද්දි අපූරු පෝස්ට් එකක් දැක්කා. සමාවෙන්න ඕන. මේක දැම්මේ කවුද කියන වග නම් ඇත්තටම මතක නැහැ. හැබැයි දාලා තිබුණු පෝස්ට් එකේ අදහස නම් මතකයි. ‘ජාතිවාදය හිස ඔසවන්නේ ආර්ථික බලය යන කාරණේ සමගයි.'

කියවලා පැත්තක දාලා තිබුණු කුමාරි ජයවර්ධනගේ ‘සොක්කන් ලොක්කන් වූ වගයි‘ පොත ආයෙමත් අතට ගත්තේ මේ කතාවේ ඇත්තකුත් නැහැ නේදැයි කියලා හිතමිනුයි. මේ තියෙන්නේ හොයපු තැන. ලංකාවේ ජාතිකවාදය ආරම්භ වීමේ පසුබිම.

‘‘එසේ වුවද මේ ආරම්භක ජාතිකවාදය අධිරාජ්‍යවාදයට විරුද්ධ වූ දේශපාලන උද්ඝෝෂණයක ස්වරූපයෙන් ප්‍රකාශ නොවීය. ඉන්දියාවෙහි මෙන් ස්වයං පාලනය සඳහා වූ ඉල්ලීමක ස්වරූපය ද නොගත්තේය. ශ්‍රී ලංකාවේ ධනපති පංතියේ ඉතාම අත්‍යන්තවාදී රැඩිකල්වාදී කොටස තම දේශප්‍රේමී හැඟීම් පළකළේ ආගමික හා සංස්කෘතික ව්‍යාපාර තුළිනි. විශේෂයෙන්ම බෞද්ධ නවජීවනය හා සිංහල අනන්‍යතාවය පිළිබඳ ප්‍රශ්නය තුළිණි."

 මේ පිරිසගේ මූලික අරමුණ වෙලා තියෙන්නේ තමන්ගේ ව්‍යාපාරයන්ට එල්ල වුණු බාධාවන් ගැන හඬක් නගන්නයි. ඒ කාලේ හිටිය සිංහල වෙළෙන්ඳෝ, සිංහල නොවන ඉන්දියානු, මුස්ලිම් වෙළෙන්ඳන්ට විරුද්ධව ඒ කාලේ ඉඳන්ම හතුරුකම් කරලා තියෙනවා. ඒකේ අවසානය වෙන්නේ කලකෝලාහල වගේ ප්‍රචණ්ඩකාරී කටයුතුයි. වැදගත්ම දේ තමයි මේවට පෙරමුණ අරන් තියෙන්නේ සිංහල බෞද්ධ වෙළඳ පංතිය වීමයි.

‘‘එක් පැත්තකින් දේශීය ව්‍යවසායකයින්ට ණය හා වෙනත් පහසුකම් දීම ප්‍රතික්ෂේප කළ බ්‍රිතාන්‍ය ධනවාදී ව්‍යාපාරයත් මගින් ඔවුන්ට අවහිරකම් ඇතිවිය. අනෙක් පැත්තෙන් ඉන්දීය වෙළඳ ධනපතීහු යම් යම් භාණ්ඩවල අපනයන - ආනයන වෙළෙදාම මුළුමනින්ම වාගේ කරමින් ආර්ථිකයේ ප්‍රධාන අංශ වල දේශීය වෙළෙන්ඳන් නැගී ඒම වැළැක්වූහ. 20 වැනි සියවස මුලදී සිංහල වෙළෙඳුන්ගේ ආකල්ප සුළු ජාතීන්ට විරුද්ධ පටු ජාතිභේදවාදී හැඟීම් වලින් යුතු වීමට නිසැකයෙන්ම මෙය එක හේතුවක් වන්නට ඇත. මේ ලෙස සිංහල බෞද්ධයෝ මෙරට ‘භූමි පුත්‍රයෝ‘ වෙතියි යන මතය පදනම් කොටගෙන බලගතු සිංහල බෞද්ධ හැඟීමක් වර්ධනය විය. 1880 ගණන් වල සිට ක්‍රිස්තියානින්ට විරුද්ධව කෝලාහල හා හතුරුකම් තුළින් ප්‍රකාශයට පත්වූ මේ හැඟීම 20 වැනි ශතවර්ෂයේ ආරම්භයේ සිට සිංහල නොවන වෙළෙඳුන්ට, විශේෂයෙන්ම ඉන්දියානුවන්ට හා මෙරට මුස්ලිම්වරුන්ට විරුද්ධව එල්ල විය. නොසන්සුන්කම් 1915 දී මුදුනටම නැග බෞද්ධයින් හා සුළු ධනපති කොටස් වලින් සැදි සිංහල බෞද්ධ වෙළෙඳ පංතිය විසින් මේ කෝලාහල තව තවත් මොලවන ලදී."

ලංකාවේ හැබෑම හිමිකරුවෝ වෙන්නේ සිංහලයින් කියන මතයත් මේ පිරිස දැඩිව අදහපු දහමක් බවට පත්වෙලා තිබිලා. ලොකුම ඛේදවාචකය වෙලා තියෙන්නේ මේ අදහස තාමත් අපේ සමාජයෙන් තුරන් වෙලා ගිහිං නැතිවීමයි.

‘‘එපමණක් නොව සිංහල බෞද්ධ ව්‍යාපාරයේ න්‍යායාචාරීහු සිංහල ජනයා ‘ආර්යවරු' ය, ඔවුහු මේ රටේ සැබෑ හා සත්‍ය නිවැසියෝ ය, සුළු ජාතිකයෝ ‘පරදේශීහු ය‘ යන පුරාවෘත්තය අවධාරණය කළහ. මෙහි ප්‍රතිඵලය වූයේ (19 වැනි සියවසේ ඇතිවූ ආර්ථික විපර්යාසයන් හේතුකොටගෙන) තම අනන්‍යතාව තහවුරු කරගැනීමට ඒ වන විටත් පටන් ගෙන සිටි සුළුතර කොටස් තුළ ආගමික හා ජනවාර්ගික හැඟීම් උත්සන්න වීමයි. අවාසනාවට මෙන් ජනවාර්ගිකත්වය හා ආගම ගැන වූ මේ සැලකිලිමත් වීම පසු කලෙක බරපතල ගැටුම් බවට සංවර්ධනය වී දිවයිනේ දේශපාලන හා සමාජ පසුබිම මුලික වශයෙන් වෙනස් කිරීමට හේතු විය."

modern style banksy street art wall art modern style banksy street art 12x12x2pcs 1400x

පහුගියදා පැවතුණු මැතිවරණයෙන් පස්සේ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහත්තයා පාර්ලිමේන්තුවේදී අනතුරු අඟවන්නේ දෙමළ ඊළම ආයෙත් බිහිබෙනවා නම් ඒක සිද්ධවෙන්නේ පන්සල් ගාණේ ගිහිං සිංහල බෞද්ධයින්ව කුපිත කරන මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නෙළුම් පොහොට්ටුවෙන් කියලයි. ඒ වගේම බණ්ඩාරවෙලදී බස් රථයක් ඇතුළේ බෝම්බයක් පුපුරද්දී සමහර දකුණේ නායකයෝ ඒකට අර්ථකතන දෙන්නේ ආයෙත් යුධ භීතිකාවක් මවාපාමිනුයි. පහුගිය දවසක අම්පාරේ මුස්ලිම් හෝටලයකින් ගත්තු කෑම පාර්සලේක වඳ පෙති තියෙනවායි කියලා කෑගද්දී, අලුතින් පටන්ගත්ත ඒ හෝටලයට වගේම දේපළ වලට පවා දැඩි හානි පමුණුවද්දී ආයේ ආයෙත් මතුවෙන්නේ මේ රටේ ඉන්න ඕන සිංහලයෝ පමණමයි කියන මතයයි.

නිදහස් සටනේ අභීත වීරවරයෙක් කියලා අපි වගේම අපේ අපේ පුංචි උන් පවා ආඩම්බරෙන් රූප කොළ එකතු කරන අනගාරික ධර්මපාලතුමා 1926 දී තමන්ගේ දේශන වලදී කියන්නේ,

‘‘මතක තියාගනිල්ලා කවදාහරි සුද්දෝ මේ රට දාලා යනවා. උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝ කළාට පස්සෙයි. ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ කළු සුද්දෝ. උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති, ආගම් යන භේදයක් එපා කියලා. දෙමළත්, මරක්කලයත්, හම්බයත්, කොච්චියත්, බෝරාකාරයත් එකයි කියලා. උන් කියාවි මේ රට උන් ඔක්කොටම අයිති කියලා. එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි. පන්සල් වටේ පල්ලි, කෝවිල් හදාවි. උඹලා, උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේනලා තිඹිරිගෙයිම මරාදමන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියාගනිල්ලා. අපේ හාමුදුරුවන්ට උන් ඉනා බේත් දෙනවා. ඉන්පස්සේ උඹලෑ කොල්ලෝ, කෙල්ලන්ට ඇටි කෙහෙල් කාපු රිළව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවි."

එදා ධර්මපාලතුමා ලංකාව වටා දියත් කරපු දේශනා වෙනුවට, පියදාස සිරිසේනගේ නවකතා වෙනුවට අද සමාජ මාධ්‍ය ඇවිල්ලා. ධර්මපාලලා වෙනුවට අද වෙන අය ඒ තැන අරන්. ඒ අතරේ චීවරධාරීන් පවා ඉන්නවා. වෙනස් වෙලා තියෙන්නේ කිව්ව මාධ්‍යය විතරයි. තිස් අවුරුදු යුද්ධෙකින් පස්සේ අද අපිට රාජ්‍ය ප්‍රතිපත්ති කියන ලියවිලි අස්සේ සංහිඳියාව ගැන කතාකරන්න වෙලා තියෙන්නේ සිංහලයා වගේම දමිළ, මුස්ලිම් වගේම අනෙක් ජාතීනුත් මේ රටේ ජීවත්වෙන්න ඕන කියන පණිවිඩයත් එක්කයි.

මෙතෙන්ට අදාළ වුණත් නැතත්, ප්‍රභාකරන්, ඉන්දීය මාධ්‍යවේදිනී ඇනිටා ප්‍රතාප් එක්ක පැවති සම්මුඛ සාකච්ඡාවක් අතරතුර කියපු කතාවක් මේ සටහනේදී උපුටා දක්වන්න හිතුවා.

‘‘ඔබ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනව දකින්නේ කොහොමද ?

ඔහු හැබෑ බෞද්ධයෙක් වුණා නම් මට අද අවියක් අතට අරන් ඉන්න සිද්ධවෙන්නේ නැහැ.

එතකොට ලංකාවේ ඉන්න බෞද්ධ භික්ෂූන්ට පැවරිලා තියෙන කාර්යභාරය මොකක්ද ?

ලංකාවේ දේශපාලන ප්‍රවණතා නිර්මාණය කිරීම ඇතුළේ බෞද්ධ භික්ෂූන් දැඩි ආධිපත්‍යයක් දරනවා. ඇත්තටම, සිංහල මිනිස්සු අතරේ දමිළ විරෝධී හැඟීම් ඇතිකරවන්න ඒ පිරිස තීරණාත්මක කාර්යභාරයක් කරනවා.‘‘

සටහන - වින්ඩි