Language Switcher

V2025

දේශපාලන ව්‍යාකුලත්වය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්නේ කොහොමද ? - අනුර දිසානායක

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

පවතින දේශපාලන ව්‍යාකුලත්වය ප්‍රයෝජනයට ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදයට ජයග්‍රහණයක් ලබාදීම සඳහා 20 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන බව දන්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක ජවිප පක්ෂ මුලස්ථානයේ අද (19) පැවැත්වූ මාධ්‍ය හමුවේ සම්පුර්ණ කතාව.

ව්‍යාකුලත්වයෙන් වැඩගත් අතීතය

අපේ රටේ දේශපාලනයේ විශේෂ ව්‍යාකූල තත්ත්වයක් මතුවී තිබෙනවා. හැමදාමත් අපේ රටේ ජනතාවට විවිධ ජයග‍්‍රහණ ලබාගන්න හැකියාව ලැබුණේ එවැනි ව්‍යාකූල තත්වයන් මතුවූ අවස්ථාවලයි. ඒ අනුව රටටත් ජනතාවටත් හිතකර ප‍්‍රජාත්න්ත‍්‍රවාදී නීති සංශෝධන සම්මත කරගන්න පුළුවන් වෙලා තිබෙනවා. උදාහරණයක් හැටියට 2001 වසරේදී චන්ද්‍රිකා ආණ්ඩුවෙන් මන්ත‍්‍රී කණ්ඩායමක් විපක්ෂයේ අසුන් ගැනීමත් සමඟ ආණ්ඩුව අස්ථාවර වුණා. ඒ අවස්ථාවේදී ජවිපෙ මන්ත‍්‍රී කණ්ඩායම එම අස්ථාවර තත්වය උපයෝගී කරගෙන 17වැනි සංශෝධනය සම්මත කරගන්න කටයුතු කළා. නැවත 2010දී මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ 2/3 බලයක් නිර්මාණය කරගැනීමෙන් පසුව 17වැනි සංශෝධනය අහෝසි කර 18වැනි සංශෝධනය ගෙනාවා. පසුගිය 2015 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂ අග‍්‍රාමාත්‍යවරයාත් ශ‍්‍රීලනිප ජනාධිපතිවරයාත් නියෝජනය කළ සුළුතර ආණ්ඩුව සහ විපක්ෂයේ වැඩි පිරිසක් නියෝජනය කරන අවස්ථාවේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හිතකර 19වැනි සංශෝධනය සම්මත කරගන්න හැකියාව ලැබුණා.

විධායක ජනාධිපතිධුරයට ජවිපෙ කවදත් විරුද්ධයි !

එනිසා මෙවැනි දේශපාලන අස්ථාවර තත්වයන් ජනතාවට හිතකර තත්වයකට පත්කර ගැනීමට ව්‍යවස්ථාවට බලගතු සංශෝධනයක් ගේන්න ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබෙනවා. ඒ අන් කිසිවක් නොව විධායක ජනාධිපත් ධුරය අහෝසි කිරීම සඳහා ව්‍යාවස්ථාවට 20වැනි සංශෝධනය ගෙන ඒමයි. මොකද විධායක ජනාධිපති ධුරය ආපු වෙලාවේ සිටම වමේ ව්‍යාපාර, ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන ව්‍යාපාර විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවට ප‍්‍රකාශ කළා. ජනතා විමුක්ති පෙරමුණ පළමුවැනි විධායක ජනාධිපතිවරයා බිහිවූ දා සිටම එම ධුරය අහෝසි කරන්න කියලා සටන් කළා. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වැනි බලගතු සංශෝධනයක් පක්ෂයක් ලෙස අපට තනිව කරන්න පුළුවන්කමක් නැහැ. එයට පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයක් අවශ්‍යයි. කෙසේ වෙතත් අනෙකුත් දේශපාලන පක්ෂවල කට්ටිවාදී වුවමනාවන් නිසා එම සංශෝධනය සම්මත කරගන්න මෙතෙක් නොහැකි වී තිබෙනවා.

94 සිට ජනාධිපති අපේක්ෂකයන්ගේ කඩවුණ පොරොන්දුව

1994 සිට මේ වන තෙක් විධායක ජනාධිපති ධුරයට පත්වූ සියලූ දෙනා ජනාධිපතිවරනයේදී ජනවරම ඉල්ලා සිටියේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක 1994දී අහෝසි කරන බව කිවුවා. ඒ සඳහා දිනත් නියම කළා. ඇයගේ දෙවැනි ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරණය අහෝසි කරන්න සූදානම් බව කිවුවා. 2000දී ඒ සඳහා පාර්ලිමේන්තුවට නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කළා. නමුත් එහි තිබූ වෙනත් හානිදායක කරුණු නිසා එම සම්මත වූයේ නැහැ. 2005දීත් 2010දීත් මහින්ද රාජපක්ෂත් 2010දී සරත් ෆොන්සේකාත් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බව ප‍්‍රකාශ කළා. 2015දී ශ‍්‍රීලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයාව සිට රාජපක්ෂ කඳවුරට එරෙහිව අනෙක් කඳවුරේ අපෙක්ෂකයා වූ මෛත‍්‍රීපාල සිරිසේනගේ ජනාධිපතිවරණයේ ප‍්‍රධාන සටන්පාඨයක් වුණේ විධායක ජනාධිපතිවරණය අහෝසි කිරීමයි. ඔහු මැතිවරණ වේදිකාවල පුනපුනා එය එය ප‍්‍රකාශයට පත් කළා. දිවුරුම් දෙන අවස්ථාවේදී කිවුවා, අපේ රටේ නැවත ජනාධිපතිවරණයක් නැති බව. ඒ වගේම ඔහුගේ ජනාධිපතිවරණ සටනේ ප‍්‍රධාන පාර්ශ්වකරුවෙක් වූ සෝභිත හිමියන්ගේ දෙණ ඉදිරිපිටදී ඔහු ප‍්‍රකාශ කළා, විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න තමන් සූදානම් කියලා. ජනාධිපතිවරණයේදීත් ජනාධිපති වීමෙන් පසුවත් අවස්ථා තුනකදී විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව රටට ප‍්‍රකාශ කර තිබෙනවා.

තිස්සමහාරාමයේ පැවති එජාප සමුළුව

විධායක ජනාධිපති ධුරය නිර්මාණය කළ එක්සත් ජාතික පක්ෂයත් විවිධ අවස්ථාවලදී විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව කියා තිබෙනවා. එජාපය තිස්සමහාරාමයේදී පැවැත්වූ පක්ෂ සමුළුවකදී විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න යෝජනාවක් සම්මත කළා. කෙසේ වෙතත් එජාපය තමන්ට ජනාධිපිති ධුරය ලබාගන්න පුළුවන් බව දැනෙන කොට එම සටන් පාඨය අමතක කරනවා. බැහැ කියලා දැනෙනකොට අහෝසි කිරීමේ සටන් පාඨය නැවත ගන්නවා. කුමන තත්වයන් තුළ වුවත් මේ වන විට එජාපය විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කැමති බව ප‍්‍රකාශ කර තිබෙනවා. රනිල් වික‍්‍රමසිංහ මේ වන විට තමන්ට ජනාධිපති පුටුවේ වාඩිවෙන්න බැරි බව දන්න නිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න සහය ලබා දේයැයි විශ්වාසයක් තිබෙනවා. මොකද දැන් තිබෙන තත්වය අනුව තිබෙන පුටුවත් ඔහුට ෂුවර් නැහැ. මහින්ද රාජපක්ෂත් අවස්ථා තුනකදී අපේක්ෂකයෙකු ලෙසත් 1994දී සහ 2000දී චන්ද්‍රිකාගේ පාර්ශ්වකරුවෙකු ලෙසත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම නියෝජනය කළා. ඒ නිසා ඔහුටත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට විරුද්ධ වෙන්න පුළුවන්කමක් නැහැ. මෛත‍්‍රීපාල සිරිසේන නායකත්වය දෙන කණ්ඩායමටද ඔවුන් රටට දෙන ලද එකඟතාව අනුව විධායක ජනාධිපත් ක‍්‍රමය අහෝසි කිරීමට පක්ෂව කටයුතු කරන්න සිදුවෙනවා.

විධායකය අහෝසි කරන්න මෛත්‍රීට අදහසක් නෑ!

මේ වන විට ජනාධිපතිවරණයෙන් අවුරුදු තුනක් ගතවී තිබෙනවා. ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් සාකච්ඡාවට ගණනාවක් පැවැත්වී තිබෙනවා. එජාපයට හෝ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට සංශෝධනයක් ගේන්න වුවමනාවක් නැති බව අපිට හොඳටම විශ්වාසයි. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ සූදානම් ජනාධිපති ධුරය අහෝසි කිරීමේ 20වැනි සංශෝධනය පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කරන්න.

තීරණාත්මක කරුණු 3ක්

එම සංශෝධනය ගෙන එන විට කරුණු තුනක් සැලකිල්ලට ගත යුතු වෙනවා. පළමුවැන්න සංශෝධනය ගෙන එන කාල රාමුව. මේ වන විට විශ්වාසභංගයක් ඉදිරිපත්වීම පිළිබඳව සාකච්ඡාවක් තිබෙනවා. එය කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන එනවානම් එම ක‍්‍රියාවලියෙන් පසුව අපි මෙම සංශෝධනය ගේන්න බලාපොරොත්තු වෙනවා. නමුත් විශ්වාසභංග යෝජනාව මාස ගණනාවක් ඇදෙනවානම් අපි සංශෝධනය කඩිනමින් ගේන්න බලාපොරොත්තු වෙනවා. සමහරු කියනවා, විශ්වාසභංගය ව්‍යාකූල කිරීම සඳහා මෙම සංශෝධනය ගේන්න සූදානමක් තිබෙනවා කියලා. එවැනි දෙයක් කළ නොහැකියි. පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයත් ව්‍යවස්ථා සංශෝධනයත් යනු ක‍්‍රියාවලීන් දෙකක්. විශ්වාසභංගයක් එනවානම් අනිවාර්යයෙන්ම එයට ප‍්‍රමුඛතාව ලැබෙනවා. ඒ නිසා විශ්වාසභංගයට ඉඩදී තමයි, අපි මේ සංශෝධනය ගේන්න බලාපොරොත්තු වෙන්නේ.

විවේචන වලට ඉඩ නොතබා වැඩේ කරන හැටි

දෙවැන්න මෙම සංශෝධනයට ඇතුළත් වන කරුණු සම්බන්ධයෙන් දේශපාලන කඳවුරුවලින් විවිධ විවේචන එල්ල වෙන්න පුළුවන්කම තිබෙනවා. මේ වන විට තිබෙන පළාත් සභාවල යාන්ත‍්‍රණය මධ්‍යගතකරණය කරන ආණ්ඩුකාරවරයා පත්කිරීමේ බලය තිබෙන්නේ විධායක ජනාධිපතිවරයාටයි. ඒ නිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමෙන් නැවත රටේ බෙදීමේ තත්වයක් ඇති විය හැකි බවට පරණ බෙරයම ගහන්න ඉඩ තිබෙනවා. ඒ නිසා අපි මෙම සංශෝධනය ආණ්ඩුකාරවරයාගේ බලය වෙනස් නොවන ආකාරයට ඉදිරිපත් කරනවා. ඒ වගේම මේ වන විට පවතින සමානුපාතික මැතිවරණ ක‍්‍රමයත් විධායක ජනාධිපතිවරණ ක‍්‍රමයත් නිවුන් සෙහොයුරන් යැයි මතයක් තිබෙනවා. මොකද සමානුපාතික පාර්ලිමේන්තු මැතිවරණයකින් බිහි වන්නේ දුර්වල ආණඩුවක් බවත් එම දුර්වල ආණ්ඩුව ආරක්ෂා කරන්නේ විධායක ජනාධිපතිවරයා බවටත් මතයක් තිබෙනවා. ඒ නිසා විධායක ජනාධිපත් ධුරය අහෝසි කරන සංශෝධනයකට මැතිවරණ ක‍්‍රමයේ සශෝධනයක් විය යුතු බවට කවුරුන් හෝ යෝජනා කරනවානම් එම සංශෝධන දෙකම ඇතුල් කරන්න අපි සූදානම්.

20 සම්මත කරන ක්‍රියාවලිය

තුන්වැනි කාරණය වන්නේ සම්මත කරගැනීමේ ක‍්‍රියාවලියයි. මෙම සංශෝධනය සඳහා පාර්ලිමෙන්තුවේ 2/3ක අනුමැතියක් අවශ්‍යයි. ඒ වගේම මේ වන තෙක් පත්වූ නායකයින්ට විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න ජනවරම ලැබී තිබෙනවා. ඒ නිසා ජනතාව ඉදිරියේ දුන් පොරොන්දුවලට පිටුපාන්න නොදී මන්ත‍්‍රී කණ්ඩායම්වල සහය මෙම සංශෝධනය සඳහා ලබාදිය යුතු යැයි අපි විශ්වාස කරනවා. ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය ජනමත විචාරණයක් සඳහා නියෝගයක් ලබාදෙන්නේනම් ජනමත විචාරණයෙන් සම්මත කරගන්න සිදුවෙනවා.

විධායක ජනාධිපතිකම පූසෙක් ගත්තත් පූසට වෙනදේ !

මෙම විධායක ජනාධිපති ධුරය රටටත් ජනතාවටත් ඉතාම අහිතකර එකක්. විටෙක යක්ෂාවේෂයක් ගත්තත් විටෙක පූස් පැටියෙකුගේ ආකාරයක් ගත්තත් සිදුවන දෙය විනාශකාරීයි. තනි පුද්ගලයෙකු අත අත්තනෝමතික බලයක් පැවතිය යුතු නැහැ. අතීතයේ ගෝත‍්‍ර ඇතිවීමේදී ගෝත‍්‍ර නායකයා තමයි, විවාහයන් පිළිබඳව, ද`ඩුවම් පිළිබඳව, ගෝත‍්‍රයෙන් පිටමන් කිරීම පිළිබඳව තනි තීරණ ගත්තේ. එවැනි නායකයින් ගෝත‍්‍ර යුගයකට අයත් වුවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය දියුණු වර්තමාන සමාජයේ තිබිය යුත්තේ සාමූහික තීන්දු තීරණ ගැනීමයි. එනිසා ජනාධිපතිවරයා සතු අත්තනෝමතික බලය කැබිනට් මණ්ඩලයට, පාර්ලිමේන්තුවට පවරන්න ඕනෑ. ඇතැම් වගකීම් කොමිසම් සභාවලට පවරන්න පුළුවන්. තනි පුද්ගලයෙකු සතු අත්තනොමතික බලය, සාමූහික තීන්දු තීරණ ගැනීමේ ශිෂ්ටසම්පන්න සමාජයකට අනුව වෙනස් කළ යුතුව තිබෙනවා.

දැනටමත් කෙටුම්පත හදමින් ඉන්නේ !

මේ වන විට සංශෝධනය සැලකිය යුතු ප‍්‍රමාණයකින් කෙටුම්පත් කර තිබෙනවා. එම කෙටුම්පතෙහි කරුණු සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නායකයින් සමග සාකච්ඡුා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට එකඟද නැද්ද යන්න යන්න සම්බන්ධයෙන් සාකච්ඡුාවක් නැහැ. සාකච්ඡුාව තිබිය යුත්තේ සංශෝධනයට ඇතුළත් විය යුතු කරුණු සම්බන්ධයෙන් පමණයි. මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වත්මන් ජනාධිපතිවරයාට වසර පහක කාලයක් ධුර කාලයේ රැුඳී සිටීමට හැකියාව තිබෙන බව දන්වා තිබෙනවා. එනිසා එම කාලයට බලනොපාන විදිහට තමයි මෙම සංශෝධනය කෙරෙන්නේ.

ඉදිරිපත් වීමට නියමිත විශ්වාසභංගය සඳහා අපි සහය දෙන බව මේ වන විටත් ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම විශ්වාසභංගය ඉදිරිපත් වූ පසුව එහි තිබෙන කරුණු සැලකිල්ලට භාජනය කිරීමටත් අපි සූදානම්.

වර්තමාන ආණ්ඩුවේ බලකේන්ද්‍ර දෙකක් තිබෙනවා. එකක් රනිල් වික‍්‍රමසිංහ බලකේන්ද්‍රය. අනෙක මෛත‍්‍රීපාල සිරිසේන බලකේන්ද්‍රය. පහුගිය අවුරුදු තුනම මෙම බලකේන්ද්‍ර දෙක අතර ගැටුමක් තිබුණා. පෙබරවාරි 10න් පසුව මෙම ගැටුම විවෘත තලයට පැමිණ තිබෙනවා. මෙම ගැටුමේ ප‍්‍රතිඵලයක් ලෙස වංචනිකයින් සැඟවුණා. අපරාධ පිළිබඳව, වංචා දූෂණ පිළිබඳ පරීක්ෂණ දුර්වල වුණා. වංචනිකයින් දූෂිතයින් ආරක්ෂා වුණා. ජනාධිපති - අගමැති ගැටුම මතුපිට තලයේ නොමැති අවස්ථාවලදී පවා වංචනිකයින් දූෂිතයින් ආරක්ෂා වුණානම්, සමහර පරීක්ෂණ යටගියානම් ගැටුම් මතුපිට තලයට පැමිණ තිබෙන මොහොතක අපරාධ පිළිබඳව, වංචා දූෂණ පිළිබඳව පරීක්ෂණ ඉදිරියට නොයන බවට පැහැදිලි විශ්වාසයක් අපිටනම් තිබෙනවා.

ඇතැම් අය දේශපාලනයේදී ආණ්ඩුව සහ විපක්ෂය ලෙස සරල බෙදීමක් හදාගන්නවා. නමුත් දේශපාලනය එලෙස සරල බෙදීමක් නෙමෙයි. දේශපාලන ධාරාවන් අනුව තමයි බෙදීම සිදුකළ යුතු වන්නේ. ඒ අනුව ගත්තාම ආණ්ඩු පාර්ශ්වයත් මහින්ද කණ්ඩායමත් ඉන්නේ එක පැත්තකයි. ආර්ථික ප‍්‍රතිපත්ති අතින් ගත්තාම රනිලූත් මහින්දත් නියෝජනය කරන්නේ එකම කණ්ඩායමයි. පාදඩ දේශපාලනය අතින් ගත්තාම රනිල් මහින්ද එකම කණ්ඩායමක්. වංචාව දූෂණය සිදුකිරීම ගත්තත් රනිල්-මහින්ද එක කණ්ඩායමක්. ඒ අනුව මෛත‍්‍රීපාල-රනිල්-මහින්ද යනු දේශපාලනයේදී එකම පැත්තක්. ජනතා විමුක්ති පෙරමුණේ අපි දේශපාලනය මනින්නේ ප‍්‍රතිපත්ති මතයි. රනිල් - මෛත‍්‍රී - මහින්ද පාර්ශ්වයට විරුද්ධව තමයි, ජවිපෙ දේශපාලනය කරන්නේ.