නිර්මාල්ගේ ඉතිහාස මහාචාර්යකමින් නිර්මාල්ටම දමා ගැසීම තමන් තමන්ටම බෝම්බයක ගසා ගැනීම වැනි වැඩකි. කලාතුරකින් එවැනි වැඩ තමා මහාචාර්යකමට නොවටිනාව යැයි කියන අයට තමන්ගේ ආචාර්ය ධර්මානුකූල බව පෙන්වීමටත් ස්ව -භාවිතයේ වැදගත්කම පෙන්වීමට ලැබෙන අවස්ථාවකි. සාමාන්‍යෙයන් එවැනි පාපොච්චාරණ සඳහා ඉදිරිපත් නොවන පිරිසක් මැද නිර්මාල් අභීත මහාචාර්යවරයෙකි.

ඔහු බුකියේ මීළඟ ජනාධිපති වන්නේ ගෝඨාභය රාජපක්ෂ බව පැවසීය. පොහොට්ටු පාක්ෂීයක් ලහි ලහියේ ඉන්ටර්ලොක් අල්ලමින් සිටි ලේකම් වරයෙකු ජනාධිපති පුටුවට ලෑස්ති කළහ. ඒ අනාවැකිය පිටුපස ගිය 69 ලක්ෂය ද ඡන්දය නොදී සිටි අයද සදා අනාථ විය. මෙවැනි පසේ බුදු කතා නිසා ද රටට නොතේරෙන තමන්ටම පමණක් තේරෙන විනාශයන් ගැන හොර රහසේ සතුටු වූවන් අතර විය. මෙවැනි ඉතිහාසඥයින් අනාගතයේ කෞතුක වස්තු විය යුතුයි.

නමුත් මෙරට උසස් අධ්‍යාපන කේෂ්ත්‍රය පිළිබඳවත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳවත් ඉතා වැදගත් විවිරණයකි. නිර්මාල් ප්‍රශ්න කරන්නේ ඔහුගේ විෂය තේරීම සහ වෘත්තීය උන්නතිය ද මහාචාර්ය පදවිය ද ලොතරැයියක් බවයි. ඔහුගේ වෘත්තීය ලඟා කර ගැනීම් සඳහා අවශ්‍යම යෙදවීම් වන ඉගැන්වීම, පර්යේෂණ, දැනුම බෙදා දීම සඳහා මෙන්ම සහ ජාතික සංවර්ධනයට දායක්වය පිළිබඳ ලබා දුන් දායකත්වය පිළිබඳ සාමාන්‍ය සමාජය ප්‍රශ්න කරන්නේ නම් එය අධ්‍යාපනයේ අර්බුදයක් මිස ඔහුගේ අර්බුදයක් නොවන බවත් සඳහන් කරයි. එසේම ඔහු බුද්ධිමතුන් සිටින්නේ එළියේ ද කියයි.

නිර්මාල් නිරන්තරයෙන් බාහිර සමාජය සමඟ ඔහුගේ දැනුම පරීක්ෂා කරමින් සිටින ඓන්ද්‍රීය බුද්ධිමතෙකු නිසා සාමාන්‍ය ජනතාවගේ සිට විවිධ වෘත්තීය තල නියෝජනය කරන අයගේ අදහස් සමඟ ගැටේ. නිර්මාල් මහාචාර්යවරයෙකු ලෙස ඔහු සිටින තැන ස්ව පරීක්ෂාවකටත් අධ්‍යාපන පද්ධතියටත් එමඟින් සිදුකරන අභියෝගය වැදගත් වේ. දැනුම නිසා ගොඩනැගුණු ඊගෝව ස්ව- පරීක්ෂාවක් කර ගැනීම කාට කාටත් ගුණදායකයි. ඒ සඳහා තවත් කෙනෙකුට අභිප්‍රේරණයක් ද මෙම ලිපිය හේතු විය හැකියි.

වත්මන් අර්බුදය තේරුම් ගැනීම සහ ඒවාට මැදිහත්වීම පිළිබඳ සලකා බැලීමේ දී රටේ නුසුදුසු දේ සිදුවන විට නිහඩව බලා සිටි අය අතර විශ්වවිද්‍යාල ප්‍රජාවන් ද සිටිති. එවැනි තැන්වලදි බුද්ධිමතුන්ගේ කාර්යභාරයේ නිහඩතාවය ඇස් පනාපිටම දැක බලා ගත හැකි විය. එය ඔවුන්ගේ ද ප්‍රශ්නයක් නොවේ. සිස්ටම් එක විසින් ඔවුන් නිහඩ කරවීමක් ද විය හැකියි.

තමන්ගේම උසස්වීම් වලට සීමා වී පර්යේෂණ ද ප්‍රකාශණ ද සිදුකරන්නට වී ඇත්තේ ද ආර්ථික දේශපාලනය ක්‍රියා කරන අයුරෙනි. සමාජමය උපයෝගීතාවයකින් තොරව තනිව තනිව හා කණ්ඩායම් වශයෙන් විශ්වවිද්‍යාල අධ්‍යයන ප්‍රජාව මේසා විශාල සිදුකරන පර්යේෂණවල වාසිය දත්ත සුසානයන්ට (Data Cemetery) යාම සිදුවන්නේ ද මේ අධ්‍යාපනයේ අර්බුදය මෙන්ම ඒවා ආර්ථික සහ දේශපාලන නොගැලපීමයි.

සමහර තැන්වල දී මහාචාර්යවරුන්ට ඔවුන්ගේ දැනුම යොදා ගැනීමට නොහැකිව ඔවුන්ගේ ව්‍යාපෘති යෝජනා ඔවුන් විසින්ම කුණු කූඩයට දමා ගනියි. එවැනි තැන්වල දී බුද්ධිමතුන් පසුපසට ගොස් දේශපාලන හෙංචයින් පස්ස දොරින් කටයුතු කරන විශ්වවිද්‍යාල උගතුන් ද තනතුරු සඳහා පවා දීම් ද ලංකාවේ පාර්ලිමේන්තුවේ මෙන්ම අපිට විශ්වවිද්‍යාල තුළ ද දැකිය හැකිය.

අධ්‍යාපනය තුළ ඇති විවිධ වෘත්තීය ප්‍රවේශයනුත්, ඉහළට යාමට ලබා දී ඇති වරයන් ද නිසා බොහෝ අයට මහාචාර්ය පදවිය ලැබේ. ඔවුන් ඇත්තටම මහාචාර්යවරුන් ද යන්න පිළිබඳ සමාජයේ කතිකාවක් ගොඩනැඟෙන්නේ ඔවුන් විසින් සිදුකරන කාර්යභාරයේ ඇති උපයෝගීතාවය නිසා. මෙය විශ්වවිද්‍යාල පමණක් නොව ඕනෑම කේෂ්ත්‍රයක ද නිර්මාල් වැනි ප්‍රශ්න කිරීම් වෘත්තීය උපයේගීතාවය යොදා ගෙන ප්‍රශ්න කරගත හැකිය.

සමහර විශ්විවද්‍යාල ආචාර්යවරුන් ඔවුන්ට ඒ සඳහා කෙතරම් සුදුසුකම් සපුරාලා තිබුණත් මහාචාර්ය පදවිය අයදුම් නොකරයි. ආචාර්ය උපාධිය ලබාගෙනත් වසර ගණනාවක්ම ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය තනතුරේ සිටි බොහෝ විශ්වවිද්‍යාල ආචාර්යවරු සිටියහ. දැනුත් සිටිති. නමුත් බොහෝ අය එය දැකින්නේ, ඔවුන්ගේ අසමත්කම ලෙසිනි. නමුත් ඔවුන්ගේ අවිඥාණයට සවන් දෙමින් ස්වයංව ප්‍රශ්න කරමින් ඔවුන්ට ගුරුහුරුකම් ලබාදුන් මහාචාර්යවරු ලංකාවේ ප්‍රබල මහාචාර්යවරුන්ගේ ස්වභාවය පිළිබඳ ප්‍රශ්න කර අයදුම්පත පස්සට දමා ගත් අය අප දැක ඇත. මොවුනුත් ඒ සඳහා ඉතා සුදුසු තම විෂයේ ප්‍රවීණයෝය. මේ පදවයි සමඟ ලැබෙන සමාජ වටිනාකම පරිණතකම ප්‍රවීණත්වය සහ බහුශ්‍රැත සමඟ ඔවුන් අඩිය පස්සට ගන්නේ තමන්ගේ සුදුසුකමට වඩා මහාචාර්ය පදවියේ ඇති බලවත්කම අවබෝධ කරගෙනයි. එහෙම සිතමින් සිටි බොහෝ ආචාර්යවරුන් ඔවුන්ගේ එම සුදුසුකම සපුරා ගත්තේ ඉතා මෑතකදීය. එය ඔවුන් ඒ තනතුර සඳහා ලබා දුන් ගරුත්වයයි. ඒ සඳහා නුසුදුසුකම නිසා නොවේ.

ඒ නිසා නිර්මාල් වැනි මහාචාර්යවරුන්ට ඔවුන්ගේ මහාචාර්යකමින් දමා ගසන්නට සිදුවන්නේ එක අතකට මහාචාර්ය පදවියේ උපයේගීතාවය ද වේ. අනෙක් අතට මහා සමාජයේ මේ වන විට ඇති පීඩාව ද දැක ඒවාට උඩගෙඩි දුන් ද හතු පිපෙන්නා සේ පිපෙන මහාචාර්යවරු දැක පස්වනත් ප්‍රීතියෙන් ද විය හැකියි. මහාචාර්යකම නිර්මාල් නිසා බැබළෙනවා මිසක් නිර්මාල් නිසා මහාචාර්යකම බැබළෙන්නේ නැත. වෙළද දැන්වීම් නොදමන තමන්ගේ නිහඩ සේවය සිදුකරමින් සිටින මහාචාර්යවරු ද විශ්‍රාම ලත් මහාචාර්යවරු ද සිටියි. ඔවුන්ගෙන් මේ රට වැඩ ගන්නේ නැත. නිර්මාල් නම් දැනුම බෙද බෙද බුකියේ හෝ සිටි.

ශාස්ත්‍රඥයින් විසින් ප්‍රගුණ කළ යුතු බොහෝ ආචාර්ය ධර්මීය භාවිතයන් මේ කෙටි පාපොච්චාරණයේ අන්තර්ගත වී ඇත. නිර්මාල්ගේ ඉතිහාස මහාචාර්යකමින් නිර්මාල්ටම දමා ගැසීම තව කෙනෙක් ඉලක්ක කර ලිව්වත් බොහෝ පැති ගැන සිතිය හැකිය. මේ දිගහැරුම ඒ ගරුත්වය පිළිබඳවයි.

චන්දිමා ජයසේන ගේ ෆේස්බුක් ගිනුමෙනි