Language Switcher

V2025

මෛත්‍රී, රාජපක්ෂ කඳවුරට තල්ලු කරන, යූඇන්පී ළදරු වලිප්පුව - (‘ජොමිනි’ විසිනි)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

mahinda mathree ranil 1000px 08 04 2018

‘අලි බලයක් - කොල රජයක්’ යූඇන්පීයේ ජාතික සටන් පාඨය බවට පත් වී තිබේ.

රනිල් සහ මහින්ද අතර දේශපාලන මිතුරුකමක් ඇති බව ඇතැම්හු සිතති. එවැනි මිතුරුකමක් තිබුණද එය දේශපාලන උපක්‍රමික (tactical level) මිතුරුකමක් පමණක් විය හැකියැයි බහුතරය අනුමාන කළා විය යුතුය.

එහෙත්, විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කිරීමත් සමග දේශපාලන තිරයේ දිග හැරෙන ජවනිකාව දෙස බැලීමේදී පෙනෙන්නට ඇත්තේ එකී මිතුරුකම උපක්‍රමික තලයෙන් ඔබ්බට ගිය, උපාය මාර්ගික (strategic level) මිතුරුකමක් බවය.

එනම්, මහින්දගේ ප්‍රධාන දේශපාලන අරමුණ මුදුන් පමුණුවා ගන්නට රනිල් සහ යූඇන්පී ය වැඩකරන බවය.

ලෙනින් ‘වාමාංශික ළදරු වලිප්පුව’ ලෙස හැඳින්වූ ආකාරයේ ළදරු වලිප්පුවක් විශ්වාස භංගය ජය ගැනීමෙන් පසුව යූඇන්පීය ට වැළඳී ඇති බව පෙනේ.

යූඇන්පීය දැන් සිහිකල්පනාව නැති අයෙකු ලෙස වෙව්ල - වෙව්ලා දඟලන්නට පටන් ගෙන තිබේ. කියන්නේ මොකක්දැයි, කරන්නේ මොකක්දැයි හරි සිහි කල්පනාවක් දැන් යූඇන්පීයට නැති සැටියකි.

යූඇන්පීයට දැන් වැඩියෙන්ම ඕනෑ වී ඇත්තේ මෛත්‍රී ගේ ශ්‍රීලනිප කණ්ඩායම ආණ්ඩුවෙන් පන්නා දමා තනි ආණ්ඩු බලයක් ගොඩ නගා ගැනීමයි.

යූඇන්පී ‘අලි බලයයි - කොල රජයයි’ ප්‍රතිපත්තිය, බන්දේසියේ තබා ඊළඟ ආණ්ඩුව මහින්දගේ ඔඩොක්කුවට ගෙනත් දීමක් බව මහින්දට ඉතා පැහැදිලිය.

මහින්දට රනිල්ගෙන් මෙවැනි දෑවැද්දක් ලැබේයැයි මහින්ද හීනෙන්වත් සිතුවේ නැතිවා විය යුතුය. රනිල්ට මහින්ද කෙරේ ඇති ලෙන්ගතුකම එතරම් ලස්සන එකකි.

 සියයට පනහේ ඉලක්කය:

 මේ කතාව තේරුම් ගැනීමට මහින්දගේ දේශපාලන උවමනාව තේරුම් ගත යුතුව ඇත. මහින්දට අවශ්‍ය ඊළඟ ආණ්ඩුවයි. ඒ සඳහා මුළු ඡන්ද ප්‍රතිශතයෙන් සියයට පනහකට වඩා තමන්ට ඇති බව ඡන්දයට පෙර මහින්ද සහතික කරගත යුතුව ඇත.

විශේෂයෙන් ජනාධිපතිවරණයකට මුලින්ම යාමට ඉඩ තිබෙන බව විශ්වාස කරන්නේ නම්, සියයට පනහේ කඩ ඉම මහින්ද පසු කළ යුතුය.

එහෙත් ‘වීකිපීඩියාව’ දක්වන ආකාරයට ආසන්නතම පළාත් පාලන ඡන්දයෙන් මහින්දට ලැබුණේ සියයට 40.54 කි. එසේනම් සියයට පනහේ ඉලක්කය සපුරා ගන්නට තවත් සියයට දහයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඡන්ද එකතු කර ගත යුතුව ඇත.

සුළු ජාතික ජන්ද වලින් එය සහතික කර ගැනීම තවමත් මහින්දට ලේසි-පාසු නොවනවා පමණක් නොව, ඒ මත විශ්වාසය තබා ගැනීම දේශපාලනිකව අවදානම් සහගතය. එසේ නම් සියයට පනහ ඉලක්කයට මහින්ද ලඟා වන්නේ කෙසේද?

ඒ සඳහා මහින්ද දැන් හැරෙන්නේ ‘බුලත් කොළය’ සහ ‘අත’ දෙසටය.

මෛත්‍රී පළාත් පාලන ඡන්දයෙන් සියයට 12.07 ක් ලබා ගෙන ඇත. ඒ, කැපුවත් නිල්පාට ලේ දුවන සම්ප්‍රදායික ශ්‍රීලංකාකාරයාගේ ඡන්දයයි.

සුළු ජාතික ඡන්ද වලට වඩා, නිල්පාට ලේ දුවන ඡන්ද ඉලක්ක කර ගැනීමේදී මහින්දට ඇත්තේ දේශපාලනිකව අඩු අවදානමකි. එසේ නම් මහින්ද කරගත යුතුව ඇත්තේ කුමන ලෙසකින් හෝ මෛත්‍රී පිළ තමන් ලඟට දේශපාලනිකව එක්කර ගැනීමයි.

තමන් මරන්නට කොන්ත්‍රාත් දුන් අයව ලඟට ගෙන, කැබිනට් ඇමතිකමක් දුන් මහින්දට ඒ සඳහා මානසික බාධාවක් නැත. හේතුව මහින්ද දේශපාලනිකව සියළු දේ දකින්නට උපන් ගෙයි දක්ෂයෙකු බැවිනි.

“මෛත්‍රී පිළ කෙසේ මගේ කරගම්දෝ” යි කියා මහින්ද ඔලුව කසමින් සිටින විට, උදව්වට එන්නේ රනිල් සහ රනිල්ගේ ගජ මිතුරු යූඇන්පී කල්ලියේ ළදරු වලිප්පු ආශීර්වාදයයි.

බොරදියේ මාළු බෑම:

රනිල් කල්ලියේ ආශීර්වාදය මහින්ද ලබා ගන්නට පිඹුරු පත් එළන්නේ විශ්වාස භංගයක් ගෙනැවිත් වතුර බොර කිරීමෙනි. දැන් මහින්ද සරම කැහැපට ගසාගෙන, සිවුරුහම් බාමින්, රැවුල කරකවමින්, ඇස්ගෙඩි දෙක ලොකු කරගෙන මාළු බාන්නට මඩ වළ ගැටිත්තේ වාඩිවී හිඳී.

යූඇන්පීයට හැදුණු ළදරු වලිප්පුව මහින්දට බිලී පිටතට ඇම අමුණා ගන්නවත් ඉඩ දෙන්නේ නැත; විස්වාස භංග දිනූ තැන සිටම ඔවුන් මහින්දගේ කුඩයට මෛත්‍රී සහ මෛත්‍රීගේ මාළු ටික උස්ස උස්සා විසි කරන්නට පටන් ගෙන තිබේ.

“අපි යූඇන්පී තනි ආණ්ඩුවකට යනවා” එකෙක් කියයි. “රනිල්ට විරුද්ධව විශ්වාස භංගයට ඡන්දය දුන් ඇමැති හයේ කල්ලියට සහ තිලංග සුමතිපාලට එරෙහිව අපි විශ්වාස භංගයක් ගේනවා” තව එකෙක් ඊටත් එහා ගොස් කියයි.

යූඇන්පී ළදරු වල්ලිප්පුව එතැනින් නවතින්නේ නැත; “අපි මෛත්‍රී ජනාධිපතිට විරුද්ධව දෝෂාභියෝගයක් ගේනවා” දේශපාලන ගණිතය ගැන මළ පොතේ අකුරක් නොකියවූ, අළුතින් ආ යූඇන්පී මන්ත්‍රී ඩබලක් ‘දෙරණට’ වොයිස් කට් එකක් දෙයි.

මේවා ඇසෙන රනිල්ටත් මාර ජොලියක් ගොස් ඇති බව පෙනේ. එහෙත් රනිලුත්, ළදරු වලිප්පු යූඇන්පී කාරයාත් නොදකින නියම ජොලිය ගන්නේ මහින්දය. මෛත්‍රීට සහ පිළට මහින්දගේ සැලුන් දොර හීනෙන් පේන තැනට යූඇන්පී ය දැන් සියල්ල සූදානම් කරමින් යයි.

රනිල්ට ඊළඟ ආණ්ඩුව ගැන සුණු සහල් ඇටයක් තරම් හෝ උවමනාවක් ඇත්නම්, රනිල් වහා කළ යුත්තේ සුදු කොඩියක් උස්සා මෛත්‍රී සමග වහා දේශපාලනික සාමයක් ඇති කර ගෙන, කැපුවත් නිල්පාට ඡන්ද ගොඩ මහින්දගේ ඔඩොක්කුවට වැටීම නැවැත්වීමයි.

ඒ සඳහා යූඇන්පීයට වැළඳුනු ළදරු වලිප්පුව වහාම සුවපත් කර ගත යුතුව ඇත. එසේ නොමැති නම් ජනතාවට තේරුම් ගත හැක්කේ රනිල් - මහින්ද අතර ඇත්තේ දේශපාලන කෝපි කෝප්පයකට එහා ගිය ගජ මිතුරුකමක් බවය.

(‘ජොමිනි’ විසිනි)