Language Switcher

V2025

තිරසර සංවර්ධනය ලංකාවේද ප්‍රධානතම අරමුණකි - ජනාධිපති පොදුරාජ්‍ය මණ්ඩල විධායක සභාව අමතයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

තිරසර සංවර්ධනය යනු සංවර්ධනය සම්බන්ධයෙන් යොදාගන්නා යෙදුමකි. එබැවින් සෑම ආණ්ඩුවක්ම ඒ කෙරෙහි අවධානය යොමු කරයි. තිරසාර අනාගතයක් උදාකර ගැනීම අන් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද ප්‍රධානතම අරමුණකි.

 දිවයින් ජාතියක් වශයෙන්, අපගේ මතු පරපුරෙහි ප්‍රයෝජනය උදෙසා, අප භූමිය, වනාන්තර, ගංගා සහ සමුද්‍රය සඳහා තිරසර අනාගතයක් සනාථ කිරීම කෙරෙහි ශ්‍රී ලංකාවට විශේෂ උනන්දුවක් පවතී. ශ්‍රීලංකාව නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම පිළිබඳව බොහෝ සාකච්ඡා පැවතුණි. භූගෝලීය වශයෙන්   ශ්‍රීලංකාව උපායමාර්ගික කේන්ද්‍රස්ථානයක පිහිටා ඇත. නැඟෙනහිර – බටහිර කාර්යබහුල නාවික මාර්ගය පිහිටා ඇත්තේ අප දිවයිනට දකුණු දෙසින් නාවික සැතපුම් 10ක් ආසන්නයේය.

 සෑම වසරකම 60,000කට වැඩි සංඛ්‍යාවක් නැව් මෙම මාර්ගය භාවිතා කරන අතර එමඟින් ලෝක තෙල්වලින් තුනෙන් දෙකක් සහ බහලුම් සංඛ්‍යාවෙන් අඩක් ප්‍රවාහනය කරනු ලැබේ.ලෝකයේ මතුවෙමින් පවතින ආර්ථික බලවේගයක් බවට ආසියාව පත්වන බව රහසක් නොවේ.ආසියා කලාපය මෙලෙස ආර්ථික උත්පාතයක් ලද අවධියක ශ්‍රීලංකාව විසින් ස්වකීය විශේෂ ස්ථානීය වාසිය සහ කේන්ද්‍රිය පිහිටීම උපයෝගී කරගෙන ප්‍රාග්ධන උත්පාදන උදෙසා අනිවාර්ය සැලකිල්ලක් දැක්වීම පුදුම විය යුතු කරුණක් නොවේ.

 දරිද්‍රතාවයෙන් මිදීම, රැකියා උත්පාදනය, සමානාත්මතාවය ප්‍රවර්ධනය සහ තිරසර සංවර්ධනය යනාදී ඉලක්කයන්ට ළඟාවීම සඳහා අපගේ ජනතාවන්ට අපගේ සාගර කලාපයෙන් අවශ්‍ය ප්‍රතිලාභ සලසා දිය හැක. මෙය ස්ථාවර සහ තිරසර අනාගතයක් ළඟා කරගැනීමට ඇති මාර්ගයයි.එක්සත් රාජධානිය විසින් යෝජිත “පිරිසිදු සාගර සඳහා වූ ගිවිසුම” වෙනුවෙන් පූර්ණ සහයෝගීතාවය දැක්වීමට අප දිගටම කැපව සිටී. මෙකී කරුණු සම්බන්ධයෙන්, උදාහරණයක් වශයෙන් කාලගුණ වෙනස්වීම් සම්බන්ධයෙන්, අපි අන්තර්ජාතික ප්‍රජාව සමඟ එක්ව කටයුතු කරන්නෙමු.

 මෙවන් පසුබිමක “පොදු රාජ්‍ය මණ්ඩලීය නීල-ප්‍රඥප්තිය” සතුටින් පිළිගනු ලබන්නේ සාගරය පොදු වගකීමක් සහ පොදු මානව උරුමයක් ලෙස ඒකාබද්ධ ප්‍රයත්නයන් තුළින් සුරක්ෂිත කර ගැනීමටය.“නීල-ප්‍රඥප්ති ශූරතාවය” ලෙස සේවය කිරීම සඳහා ලැබුණ අවස්ථාව ශ්‍රීලංකාවේ ඉමහත් සතුටට හේතුවේ. මෙරට සෘජුව පැරිස් සම්මුතිය මුළුමනින් ක්‍රියාවට නැංවීමට කැපවී සිටින අතරම 2030 තිරසර සංවර්ධන සැලසුම් සඳහා ද කැපවී සිටී. මෙය තිරසර අනාගතයක් ප්‍රවර්ධනය සඳහා අවැසි මෙවලම් වේ.

 වර්ෂ 2016 දී මා නීල-හරිත සංවර්ධන උපාය මාර්ගයක්  ශ්‍රීලංකාව සඳහා නිරාවරණය කළෙමි. අප නීල-හරිත මූලාරම්භය යටතේ වායු දූෂණය අවම මට්ටමක පවත්වා ගනිමින් ආර්ථික සංවර්ධනය කිරීමේ ක්‍රමවේද දිරිමත් කිරීමට කටයුතු යොදා ඇත.

 අධික පොලිතින් සහ ප්ලාස්ටික් ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් පරිසරයට වන බලපෑම අවම කිරීම සඳහා රජය විසින් මයික්‍රෝන 20ක් හෝ ඊට අඩුවෙන් වූ පොලිතින් භාවිත කිරීම තහනම් කොට ඇත.මගේ කාර්යාලය විසින් එළිදක්වන ලද වෙනත් වැඩසටහන් සහ ව්‍යාපෘතීන් යටතේ ජල නළ පද්ධති සහ වැව් සංවර්ධනය කිරීම තුළින් පරිසරය දූෂණය වීම වළක්වා ගැනීම සඳහා කටයුතු කරයි.සමුද්‍රීය සහ ජල සම්පත් තිරසර බවකින් යුතුව භාවිත කරන අතර කාබනික කෘෂිකාර්මික ක්‍රමවේද සහ පිරිසිදු, නැවත භාවිතයට ගත හැකි බලශක්ති උත්පාදනය අපගේ ප්‍රමුඛතා අතර වෙති.

නෝනාවරුනි/මහත්වරුනි,

 තිරසර අනාගතයක් සඳහා වූ අපේ පොදු අරමුණ වන්නේ කිසිවකු අත් නොහැර විශ්වසනීයබවකින් සහ ප්‍රමෝදයෙන් යුතුව අප සියලු දෙනාටම එකට නැගී සිටීමට සහ ප්‍රගතිය ළඟාකර ගැනීමට හැකියාව ලැබීමයි. පොදු රාජ්‍ය මණ්ඩලය මේ පිළිබඳ අන්‍යොන්‍ය වශයෙන් වාසි සහගත වූ පරමාදර්ශයන් අවබෝධ කර ගැනීම සඳහා වැදගත් වේදිකාවක් සපයයි. පොදු රාජ්‍ය මණ්ඩලයේ මෙම අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා අප කැපවීමෙන් කටයුතු කළ යුතු වනුයේ මෙය තිරසර අනාගතයක් සපථ කිරීම සඳහා අතිශයින් වැදගත් නිසාය.

ස්තූතියි.