Language Switcher

V2025

සිවරාම් ඝාතනයට වසර 13 යි : අපිට ලැජ්ජත් නෑ - සිවරාම්ට යුක්තියත් නෑ !

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී ජ්‍යෙෂ්ඨ  ජනමාධ්‍යවේදියාව බම්බලපිටිය පොලීසිය අසලදී වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් පැහැරගෙන යනු ලබන්නේ 2005 අප්‍රේල් 28 වනදා ය.

ඔහුගේ ප්‍රාණය නිරුද්ධ සිරුර ඊට පසු දින හමුවන්නේ පාර්ලිමේන්තුව ආසන්නයේ තිබීය. 

වඩාත් සුවිශේෂී කාරණය වන්නේ ඒ වන විට එම ප්‍රදේශය අධිආරක්ෂිත කලාපයක් වීමය.

 1959 අගෝස්තු 11වන දා  මඩකලපුවේ උපන් සිවරාම් 1982 ගාන්ධියන් ව්‍යාපාරයෙන් තම දේශපාලන ජීවිතය අරඹන අතර පසුව ප්ලොට් ඇතුළු දේශපාලන කණ්ඩායම් කිහිපයකද ක්‍රියාකාරී සාමාජිකයෙක් වෙයි.

පසුව ඔහු යුද පුවත් විශ්ලේෂකයකු, දේශපාලන විචාරකයකු සහ මාධ්‍යවේදියකු ලෙස ක්‍රියාකාරී වන අතර  අන්තර්ජාලය පදනම් වූ ප්‍රවෘත්ති මාධ්‍යන් හී විශේෂ අවධානයක් දිනාගත් අයෙකු වෙයි.

පොලිසියක් ඉදිරිපිට පැහැරගැනීමට ලක්ව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අසල අධිආරක්ෂිත කළාපයේ සිරුර හමුවූ විට සිදුව ඇත්තේ කුමක්දැයි දැනගැනීමට අමුතුවෙන් අංජනම් බැලිය යුතු නැත. සිදුව ඇත්තේ කුමක්ද යන්න ඉතාම පැහැදිළිය.

2005 ජුනි  13 වනදා සිවරාම් ඝාතනයට සැකපිට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැණුන ද පසුව 'ජාතික ආරක්ෂාවට තර්ජණයක්' විය හැකි බව කියමින් ඔවුන් නිදහස් කර තිබිණ. 

 සිවරාම් පමණක් නොව  ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැළිගොඩ සහ නිමලරාජන් මයිල්වාගනම් ඇතුළු මාධ්‍යවේදීන් ගණනාවක් ඒ සමයේ ඝාතනය වී සහ අතුරුදහන්ව සිටියි. 

යහපාලනය බලයට ආවේ මේ සියලු අගතියටපත් පාර්ශව වලට යුක්තිය ඉටුකරන බවට දස අතේ දිවුරමින්ය. එහෙත් යහපාලනයේ වසර තුනක් ඉක්ම ගොස් ඇතත් සිවරාම් ඇතුළු ඒ සියළු වින්දිතයන්ට ජීවිතය පමණක් නොව  යුක්තියද අහිමිව ඇත. 

යහපාලනයේ අපූර්වත්වය වන්නේ සිවරාම් ඇතුළු ඒ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා මාරාන්තිකව පෙනී සිටි බොහෝ උදවියටද අද ඔවුන්ව අමතකව තිබීමය. අරගල රංගන බවට පත්වූ විට එවැනි දේ සිදුවීම ස්වාභාවිකය.

ඒ බොහෝ දෙනෙකුට නැවත මේ වින්දිතයන් සිහිවන්නේ ජාතික මැතිවරණයක් අවස්ථාවේ පමණය. 

එනිසා දැන් අපට මෙසේද කීමට සිදුව ඇත. සිවරාම් ඇතුළු ඒ මාධ්‍යවේදී වින්දිතයන්ට යුක්තිය ඉටුනොවන්නේ පාලක රෙජීමයන්ගේ තක්කඩි හැසිරීම නිසා පමණක් නොව ඔවුන්ගේ දේහ අරගල බිමේ තනිකර දැමුවන්ගේ නරුම අවස්ථාවාදය නිසාය.  

අප නම් සිවරාම් දන්නේ මරන්න ටික කලකට පෙර ඉරිදා දිවයින පුවත්පතේ ආරක්ෂක කොළම ලියූ කීර්ති වර්ණකුලසූරිය නිසාය. ඔහු එදා රාජ්‍යය විසින් වහා වටකළ යුතු දේශද්‍රෝහියෙක් ලෙස සිවරාම් හැඳින්වූ අතර "මේ යකා මොකාදැයි" හොයන්න හිතුණේ එතැනදීය. දැන් කීර්තිට මෙන්ම සිවරාම් වෙනුවෙන් පෙනීසිටි අයට හොඳින් නින්ද යනවා ඇත. එහෙත් සිවරාම්ට යුක්තිය ? ඒ ඉටුවන ලකුණක්වත් පෙනෙන්නට නැත. සිවාරම් ඝාතනයට වසර 13ක් පිරෙන තැන සිවරාම්ට යුක්තිය ඉටුවිය යුතු වනවා වගේම ගොඩක් මහත්වරුන්ට, ලැජ්ජයි මහත්වරුණි ! කියන්නට සිදුව ඇත. 

සංජය ලියනගේ