Language Switcher

V2025

ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණය මෙතැනින් කොතැනටද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ශ්‍රී ලංකාවේ මාධය ප්‍රතිසංස්කරණ පිළිබඳ බොහෝ උත්සාහයන් ගෙන ඇතත්, එම උත්සාහයන් සාර්ථකත්වයට වඩා ලං වන්නේ අසාර්ථකත්වය වෙතයි. එම අසාර්ථකත්වය සෙසු සාධක රැසක් හා සංකලනයේ දී මාධ්‍ය ව්‍යයූහය තුළ ව්‍යාධි ජනක තත්වයක් ඇති කොට තිබෙන බව නිගමනය කිරීම අසාධාරණ නොවේ. කඩවුණු පොරොන්දු හා අහිමි වූ අවස්ථාවලින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ අතීතය මුද්‍රා තබා ඇත. මෙම කෙටි සටහනේ අරමුණ මේ අසතුටුදායක අතීතය හා වර්තමානය හරහා නැවුම් මං පෙතක් ඔස්සේ ඉදිරියට පිය නැගීමට කෙරෙන යෝජනාවකි. මෙම යෝජනා බෙහෙවින්ම පුද්ගලානුබද්ධව සහ ආත්මීය එකක් වන බැවින් එය විවාදයට බඳුන් විය හැක.

1.1   මාධ්‍ය ප්‍රතිසංස්කරණ හා දේශපාලන න්‍යාය පත්‍ර

මාධ්‍ය ප්‍රතිසංස්කරණ සැමවිටම මැතිවරණ කාල සීමාවන් හි දී දේශපාලන න්‍යාය පත්‍රයේ ඉහළ තැනක් ගනී. මෑත අතීතයේ අත්දැකීම වී ඇත්තේ පක්ෂ භේදයකින් තොරව මාධ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව පොරොන්දු මැතිවරණ.  වේදිකාවල නිදැල්ලේ පියා සලන බවය. මාධ්‍ය ප්‍රතිසංස්කරණ අතීතය දෙස කෙටි විමසුමක නිරතවීම යෝග්‍ය යැයි සිතේ.

මාධ්‍ය ප්‍රතිසංස්කරණ උත්සාහයන් : වර්ෂය, උත්සාහය සහ  මුඛ්‍ය ප්‍රතිඵලය

1963 , පුවත්පත් කොමිෂන් වාර්තාව,  පුවත්පත් මණ්ඩලය පිහිටුවීමට නිර්දේශ

1966, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව පණතකින් පිහිටුවීම, රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ඒකාධිකාරයක් බිහිවීම

1989, තරුණ අසහන පිළිබඳව පාක්ෂික කමිටුව, මාධ්‍ය තුල තරුණ සහභාගීත්වය වැඩි කිරීම

1991, තරුණ අසහන පිළිබඳ ලක්ෂ්මන් ජයතිලක කමිටුව , මාධ්‍ය තුල තරුණ ක්‍රියාකාරීත්වය වැඩි කිරීම

1994, පොදුජන එක්සත් පෙරමුණේ මැතිවරණ ප්‍රකාශනය, පුළුල් මාධ්‍ය ප්‍රතිසංස්කරණ හා මාධ්‍ය සංවර්ධණය

1996, ආර්.කේ.ඩබ්. ගුණසේකර වාර්තාව, පුළුල් නීතිමය ප්‍රතිසංස්කරණ සමූහයක්

1998, කොළඹ ප්‍රකාශනය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කර්තෘ සංසදය, පුවත්පත් ප්‍රකාශකයින්ගේ හා වෘත්තීය මාධ්‍යවෙදීන් අතර භාවිතය පිළිබඳ එකඟතාවය

2005, ජනමාධ්‍ය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක වාර්තාව, මාධ්‍ය අන්තර්ගතය පිළිබඳ නිර්දේශ සමූහයන්

2005, තෝලංගමුව ප්‍රකාශය, පොදු සේවා මාධ්‍ය පද්ධතියක් පිළිබඳව මාධ්‍ය සංවිධාන එකතුවේ නිර්දේශ

2006, ස්ත්‍රී පුරුෂ බව පිළිබඳ මාධ්‍ය ආචාර ධර්ම, ස්ත්‍රී පුරුෂ මාධ්‍ය තොරතුරු භාවිතය පිළිබඳ එකඟතාවය

2006, වැලිගම ප්‍රකාශනය, ජනවාර්ගික අර්බුදය සහ සංහිඳියාව සංවේදී වාර්තාකරණය පිළිබඳ එකඟතාව

2007, ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේ ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය, මාධ්‍යවේදීන්ට මාර්ගෝපදේශය

2008, මාධ්‍ය නිදහස හා සමාජ වගකීම් පිළිබඳ කොළඹ ප්‍රකාශනය, කොළඹ ප්‍රකාශනය (1998) නැවත විමසීම

2010, කැළණි විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ප්‍රකශනය , මාධ්‍ය විද්වතුන් විසින් ආණ්ඩුවට නිර්දේශ සමූහයක්

2016, මාධ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව ජාතික ලේකම් කාර්ය්‍යාලයේ වාර්තාව, යුනෙස්කෝ දර්ශක භාවිතා කරමින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය භාවිතය ඇගයීමට ලක් කරමින් නිර්දේශ ලබා දීම

සමස්තයක් වශයෙන් ගත් කළ මාධ්‍ය ප්‍රතිසංස්කරණ උත්සාහයන් කණගාටුදායක ලෙස අසාර්ථක වී ඇත. වඩාත්ම කණගාටුදායක වන්නේ යම් දේ නොකර සිටීමට දුන් පොරොන්දු පවා මාධ්‍ය නිදහස වෙනුවෙන් ලබා දුන් ඉඩ ප්‍රස්ථා ලෙස සැලකීමට මෙම සමාජය දුප්පත් වී තබීමය. 2015 පොදු අපේක්ෂකයාගේ ප්‍රධාන උද්යෝග පාඨය වූයේ අප ජනමාධ්‍යවේදීන්ට පහර දෙන්නේ හෝ මරා දමන්නේ නැත යන්නයි. 2000-2015 කාලය අතරතුර අඩුම වශයෙන් ජනමාධ්‍යවේදීන් එකොළොස් දෙනෙකු මරා දමා ඇති අතර තවත් බොහෝ දෙනා තර්ජනයට ලක්වී හෝ පැහැරගැනීමකට හෝ ලක්වී ඇත. විද්‍යුත් ආයතන ගිනිගෙන හෝ විනාශ කර ඇත. දැනට ජනමාධ්‍යවේදීන්ට පහර දීම නතර වී ඇතත් එය සම්පූර්ණයෙන්ම පාලනය වී නැත.

මාධ්‍ය වේදීන් ඝාතනය කිරීමට හෝ පැහැර ගැනීමට උල්පන්දම් දුන් අය තවමත් නිදැල්ලේය. ව්‍යාවස්ථාමය පෙරමුණේ තොරතුරු දැනගැනීමේ පණත සම්මතවීම වැදගත් ජයග්‍රහණයකි. විද්‍යුත් මාධ්‍ය නියාමනය පිළිබඳව යම්කිසි කටයුත්තක් සිදුවන බවට දැනගන්නට තිබේ. ඒ හැරුණ විට වඩාත් ප්‍රගතිගාමී මාධ්‍ය නීති පණවා ගැනීමට හෝ ලිහිල් කිරීමට ඇති කළ පණත් අසාර්ථක වී ඇත. මාධ්‍ය ආයතනය සහ පුහුණුවේ ප්‍රමිතිය ප්‍රශ්න කටයුතු තත්වයක තිබේ.

මාධ්‍ය හසුරුවා ගැනීම පිළිබඳව මූලික කටයුතුවත් කිරීමට අසමත් වාතාවරණයක ඉහළ මට්ටමේ මාධ්‍ය ප්‍රතිසංස්කරණ සිදු නොවන්නේ යැයි මැසිවිලි නැගීමේ අර්ථයක් තිබේද? පශ්චාත් නිදහස් ශ්‍රී ලංකාවේ දේශපාලන කළමණාකරුවන් දුර්වල සහ ආත්මාර්ථකාමීන් පිරිසක් බවට මතයක් තිබේ. මෙවැනි තත්වයක් හමුවේ ඔවුන්ගෙන් ප්‍රගතිගාමී මාධ්‍ය ප්‍රතිසංස්කරණ බලාපොරොත්තු වීම අර්ථවත්ද යන්න නැවත මතුවන ප්‍රශ්නයකි.

සමස්තයක් ලෙස මාධ්‍ය ප්‍රතිසංස්කරණ යනු සිවිල් සමාජය විසින් ආණ්ඩුව වෙත බාරදෙනු ලබන යෝජනාවලියකි. මෙම යෝජනාවලිය ආණ්ඩුව වෙත බාර දුන් පමණින් එය ඉටු වෙතැයි සිතීම යථාර්තවාදී වන්නේද?

දිගින් දිගටම අසමත් පිරිසකට මාධ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ යෝජනා බාරදී ඒවා ඉටු නොවන තැන විකල්ප මං පෙත් ගවේෂණය නොකිරීම කොතෙක් තාර්කිකද?

නිසැක වශයෙන්ම විකල්ප මංපෙත් ගවේෂණය කිරීමට හාත්පස ඇති යථාර්තය දැනුවත් මාධ්‍යවේදීයාව පෙළඹවීම් නොකරන්නේද? එසේ කිරීමේ දී මාධ්‍ය ප්‍රතිසංස්කරණ සාර්ථකත්වයේ ඉඳීමට වඩා අසාර්ථකත්වයේ ඉඳීමට නැඹුරු වීමට බලපාන්නේ ද විමර්ශනය කළ යුතුව ඇත.

1.2   අසාර්ථකත්වයට බලපෑ හේතු

මාධ්‍ය ප්‍රතිසංස්කරණ සාර්ථක නොවීමට බල පෑ හේතුව පිළිබඳ සිදු කළ විමර්ශනයකදී පහත සඳහන් කරුණු ඉදිරිපත් කළහ.

·         මාධ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඛණඩව සිදු නොවේ. එය බාහිර බලපෑම් මත කෘතිමව ජණනය කළ උද්යෝගය නිසා මතුවන ක්‍රියාකාරීකමකි.

·         මාධ්‍ය ප්‍රතිසංස්කරණයට අදාළ ගැටළු පිළිබඳව ප්‍රමාණවත් ලෙස විශ්ලේෂණය නොකෙරේ. ඒ වෙනුවට අහඹු ලෙස තෝරාගත් ගැටළු විවිධ පාර්ශව විසින් තමන්ට අභිමත ලෙස ඉදිරිපත් කෙරේ.

·         මාධ්‍ය ප්‍රතිසංස්කරණ යනු යම්කිසි සිදුවීම් මාලාවකට දක්වන ප්‍රතාචාර මිස අදාළ කරුණ ගුඹුරින් ග්‍රහණය කර ගන්නා ක්‍රියාවලියක් නොවේ. දැනට සංස්කරණය වන මාධ්‍ය ප්‍රතිසංස්කරණ යල් පැන ගොසිනි. මාධ්‍ය පරිසරය බරපතල ලෙස වෙනස් වී ඇති අතර සමාජ මාධය සහ අභිසරණය වැනි ක්‍රියා මෙම මාධ්‍ය ප්‍රතිසංස්කරණ වලින් අනාවරණ නොවේ.

·         ප්‍රගතිගාමී මාධ්‍ය ප්‍රතිසංස්කරණවලට සුදුසු වටපිටාවක් නැත. උදාහරණ ලෙසට මාධ්‍යවේදීන්ගේ වෘත්තීය පුහුණුවේ අඩුතරමින් ප්‍රගතිගාමී ප්‍රතිසංස්කරණ කිරීමේ දුෂ්කරතා මතු කර ඇත.

·         මාධ්‍ය කර්මාන්තය යනු සැබෑ ලෙසින්ම කර්මාන්තයක් නොවේ. දූෂිත ප්‍රාග්ධන හිමිකරුවන් මාධ්‍ය ප්‍රතිසංස්කරණවලට සංවේදී නොවෙති.

·         විද්‍යුත් මාධ්‍ය ආයතනවලට ඉතා ලිහිල් සහ අක්‍රමවත් කොන්දේසි මත බලපත්‍ර නිකුත්කොට ඇත. එවැනි පරිසරයකදී ඔවුන් මාධ්‍ය නියාමනයට එරෙහි වීම පුදුමයට කරුණක් නොවේ.

·         විද්‍යුත් මාධ්‍ය නීතිරීති මගින් නියාමනය කිරිමට උත්සාහ කිරීම යල්පැන ගිය අභ්‍යාසයකි. මාධ්‍ය ප්‍රතිසංස්කරණ මීළඟ මාධ්‍ය රැල්ල කළමණාකරනය කිරීම දක්වා යොමුවේ. මෙහිදී සුසමාදර්ශක වෙනසක් සිදුවිය යුතුව ඇත. මාධ්‍ය නිෂ්පාදකයා නොව මාධ්‍ය පාරිභෝගිකයා වෙත අවධානය යොමු කළ යුතුව ඇත. මාධ්‍ය කළමණාකරණය සිදුවිය යුත්තේ මාධ්‍ය සාක්ෂරතාවය හා උද්ධේශක ක්‍රියාවලියකිනි.

·         මාධ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ ප්‍රමුඛතා පිළිබඳ වැටහීමක් තිබිය යුතු අතර වෙනස් කිරීම සඳහා සැලැස්මක් තිබිය යුතුය.

·         මාධ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සම්බන්ධ පාර්ශවකරුවන් අතර අන්න්‍යෙය විශ්වාසය හා ගැටලු බිහිව ඇත.

·         මාධ්‍ය ප්‍රතිසංස්කරණ ගැන කතාකරන ඇතැම් ක්‍රියාධරයන්ගේ සංවිධානවල විශ්වනීයත්වය පිළිබඳ ගැටලු ඇත.

·         ජනමාධ්‍යෙවේදීන්ගේ පුහුණුවේ ඇති අඩුපාඩු නිසා ඇතැම් අය තුළ මාධ්‍ය ප්‍රතිසංස්කරණ විරෝධී අදහස් මතුව ඇත.

මෙම ලැයිස්තුව තවත් දීර්ඝ විය හැක.

1.3   ඉදිරි මග

පවතින තත්වය හමුවේ අප සියළු මාධ්‍ය ප්‍රතිසංස්කරණ අතහැර දමා වෙළෙඳ පොළ සමාජ බලවේගවලට හා කර්මාන්තයට රිසි ලෙස ස්වයං සිද්ධව   පවත්වාගෙන යාමට ඉඩ දෙන්නේද?

එසේත් නැතිනම් මාධ්‍ය ප්‍රතිසංස්කරණ යථාර්තයක් බවට පත් කර ගැනීම සඳහා වඩාත් වෙහෙස වී ක්‍රියාකාරී වෙමුද? නැතහොත් තාක්ෂණික නවෝපාදයනට ඉඩ දී ඒ අනුව මාධ්‍ය න්‍යාය පත්‍ර හා භාවිතය පවත්වා ගෙන යාමට ඉඩ දෙමුද?

1.4   සුසමා දර්ශක වෙනස.

ඉහතින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු අප විසින්ම සොයා ගත යුතුය. එහෙත් මේ අවස්ථාවේදී කෙරෙන්නේ මාධය ප්‍රතිසංස්කරණ පිළිබඳ එළඹුම වෙනස් කිරීමට යෝජනා කිරීමකි. යෝජනාව සරල කර කියතොත් මාධ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව රේඛීය එළඹුමකින් බැහැර වී සංකීර්ණතාවය පිළිබඳ එළඹුමකට යොමුවන ලෙස යෝජනා කෙරේ.

රේඛීය ඇරඹුමකදී කෙරෙන්නේ කලින් තීරණය කළ ඉලක්කයන් අත්පත් කර ගැනීම වෙනුවෙන් ක්‍රමෝපායික ලෙස වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමයි. සංකීර්ණතාවය පිළිබඳ එළඹුම බහුවිධ අවස්ථාවන්ට හා බහුවිධ න්‍යායාත්මක ප්‍රදේශවලට සහ ක්‍රියාවලියට සමාජයේ මතුවන යථාර්තයන්ට ඉඩ සලසයි.

සංකීර්ණතාවය පිළිබඳ අවස්ථාවකදී අර්බුදකාරී ව්‍යූහයන් සම්මුතිකවත් ක්‍රියාත්මක වන ආකාරය අධ්‍යයනය කෙරේ.

අපිළිවෙල තුලින් පිළිවෙල ඇතිවන ආකාරය විග්‍රහකෙරේ.

යම් ක්‍රියාවලියක් තුළ එකිනෙකට ස්වාධීන වූ බව පෙනෙන ක්‍රියාකාරිකයින් පොදු අරමුණක් වෙනුවෙන් එකතු කර ගැනීමේ වැඩ පිළිවෙලක් ඇති කර ගත හැක. අදාළ තත්වය ඇති වූ විට එකිනෙකට ස්වාධීන හා පරස්පර වන පාර්ශව කරුවන් හට කෙටි කාලිනව හෝ දිගුකාලීනව  අරමුණු ජය ගැනීම සඳහා එකතු විය හැකිය. එසේම අවසන් ඉලක්කය අපැහැදිලි හා අනපේක්ෂත එකක් විය හැකි බව සංකීර්ණතාව පිළිබඳ එළඹුම පිලිගනී.

1.5   මාධ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ අවධානය යොමු කරන මෙම යෝජනාවේදී මූලිකාංග 5ක් සංකීර්ණතා පිළිබඳ එළඹුමක් ඔස්සේ කළමණාකරනය කරගත හැකි ආකාරය යෝජනා කෙරේ.

1.       න්‍යායාත්මක හා ව්‍යූහාත්මක රාමු.

2.       මාධ්‍ය සාක්ෂරතාවය හා මහජන අවකාශය

3.       තාක්ෂණික සංකීර්ණ

4.       මාධ්‍ය කර්මාන්තයේ ක්‍රියාකාරකම් හා ප්‍රතික්‍රියා

5.       ඉහත සඳහන් මූලිකාංග 4 රේ සමස්ථයික ක්‍රියාකාරීත්වය

 සංකීර්ණතා ප්‍රවේශයක් ඔස්සේ මතු කළ ක්‍රියාවලියන්ගෙන් මතුවන ප්‍රථිපලයෙන් පාර්ශවකරුවන්ගේ ඕනෑ එපාකම් තරමක් දුරට හෝ පිරිමසාලිය යුතුය.

පාර්ශවකරුවන්ට එකට ක්‍රියාත්මක මීමට අවකාශයක් නිර්මාණය වන අතර අවශ්‍ය වූ විටෙක පාර්ශවකරුවන් අතර ඇති අසමානකම් නව ප්‍රපංච හා සංසිද්ධීන් මතු කරන නිර්මාණාත්මක අවකාශයක් ලෙස සැලකිය යුතුය. මෙම නිර්මාණාත්මක අවකාශය තුළ ඇතිවන ආතතීන් කළමණාකරනය කර ගැනීමේ හැකියාවක් තිබිය යුතුය.

මෙම ආතතිදායී තත්වයක් නෛසර්ගික හෝ අයහපත් තත්වයක් ලෙස සැලකිය යුතු නැත.

මාධ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ සරල රේඛීය එළඹුමකට සාපේක්ෂව සංකීර්ණතාව පිළිබඳ එළඹුමක් අභියෝගාත්මකය ගතිකය.

ශ්‍රී ලංකා ජන සමාජය එවැනි ගතික හා අභියෝගාත්මක එළඹුමකට සූදානම්ද?

අවම වශයෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රතිසංස්කරණ සතුටුදායක ලෙසින් ඉටු නොවන බව පවසන පිරිසක් මෙම ගතික අභියෝගය බාර ගැනීමට සූදානම්ද?

ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය - එම්.ජේ.ආර්. ඩේවිඩ් මහතා, 

මැයි මස 03 වන දිනට යෙදෙන ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය නිමිත්තෙන් 2918 මැයි මස 02 දින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද ප්‍රසිද්ධ දේශනය හා විද්වත් හමුවේ දී එම්.ජේ.ආර්. ඩේවිඩ් මහතා, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ජනසන්නිවෙදන අංශය, ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාලය විසින් පවත්වන ලද දේශනය.