Language Switcher

V2025

විරුවන්ද ද්‍රෝහීන්ද උපදින්නේ එක තැනකින්ය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

මාතෘකාව රාජිත සේනාරත්න බවට පත්වී ඇත. රාජපක්ෂවාදී කළු සල්ලි මාධ්‍යවලට ඊට වඩා වැදගත් වූ තවත් කටගැස්මක් කාලෙකින් හමුවී නැති ගාණය. බැලූ බැල්මට විකුණාගෙන කා හැකි හුදු ජනප්‍රිය දෙයක් ලෙස එය පෙනුණද ඇත්ත වශයෙන්ම එහි ඇත්තේ ජාතියද ආගමද මුල්කරගත් නිර්ලජ්ජ මාධ්‍ය භාවිතයකි. මේ රටේ බහුතරයක් වූ සිංහල ජනතාවගෙන් ඔවුන්ගේ ජාතියේ අභිමානයට කුමක්ද සිදුවූයේ ද යන ප්‍රශ්නය අසන රාජපක්ෂවාදී බාල ප්‍රචාරණයේ නිමග්නවීමකි.

එදා මැයි 16 දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය රාජිත සේනාරත්න විසින් සිදුකරනු ලැබූ මහා ජාතිය පාවාදීමේ ප්‍රකාශය කුමක්ද? සිය හාම්පුතුන්ගේ කළු සල්ලි න්‍යායපත්‍ර මෙන්ම වෘත්තීය ජනමාධ්‍යවේදියෙකු විසින් අත්‍යන්තයෙන්ම අභ්‍යාස කළ යුතු අපක්ෂපාතීබව විසින් පිළිබඳ සළුපිලි ඉරාගත්, මාධ්‍යවේදීන්යැයි හඳුන්වාගන්නා කුලීකරුවන් කිහිපදෙනෙකු විසින් මැයි 18 දින උතුරු පළාත තුළ සිදුවීමට නියමිතව තිබූ සිදුවීමක් පිළිබඳව දිගින් දිගටම සිදුකරනු ලැබු ගොන් ප්‍රශ්න කිරීමය.

එම දිනයේදී උතුරු පළාත් සභාව ජනසංහාර දිනයක් ලෙස නම්කර සැමරුම් පැවැත්වීමට යන බවත් ඒ පිළිබඳව රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ අදහස කුමක්ද යන්නත් පළමු ප්‍රශ්නය විය.

ඊට පිළිතුරු දෙමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා විසින් ආරම්භයක් ලබා ගනිමින් සිදුකරනු ලැබූ ‘මහා භයානක ප්‍රකාශය නම්, ’ එය ප්‍රශ්නයක් නොවන බවත්, ජවිපෙද විරු සැමරුම් පවත්වන බවත් , උතුරේ මැරුණේ තමිල්නාඩුවේ පිරිසක් නොවන බවත් මේ පැත්තෙන් මෙන්ම ඒ පැත්තේද මැරුණේ අපේ දරුවන් බවත්, අප දැන් පෙන්වන්නට යන්නේ පිටරට ආක්‍රමණිකයෙකු පැරැද්දුවා වැනි දෙයක් හැටියට බවය.

විශේෂයෙන්ම ගැටුම් සංවේදී මාතෘකාවක් ගැන කතාකිරීමේදී ජනමාධ්‍ය වේදියෙකු තුළ තිබිය යුතුමයැයි කියන අපක්ෂපාතීත්වය මෙහිදී කෙළෙසා ගන්නා අපේ ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය, එම පිළිතුර ආක්‍රමණශීලී ආකාරයෙන් ප්‍රශ්නකරන්නේ ඉන් අනතුරුවය.

එල්.ටී.ටී.ඊ.ය. ත්‍රස්තවාදී සංවිධානයක් බව එම මාධ්‍ය කියයි. ඇමතිවරයාගේ පිළිතුර වන්නේ, ජවිපෙ කුමක්ද, එයද ත්‍රස්තවාදී සංවිධානයක් බවය. එවිට, එල්ටීටිඊය තහනම් සංවිධානයක් බව මාධ්‍ය කියයි. ජවිපෙ ද තහනම් කර තිබුණු බව අමාත්‍යවරයා කියයි. තව දුරටත් පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියන්නේ, උතුරේ තරුණයන් අපිට ත්‍රස්තවාදීන් වූවාට, ඔවුන් උතුරේ මිනිස්සුන්ගේ අම්මලා, තාත්තලා, අක්කලා, නංගිලා, පුතුන් හා දූවරුන් බවය.

වෘත්තීය ජනමාධ්‍ය වේදියකු නම්, වාර්තාකරණයේදී පමණක් නොව ප්‍රශ්න කිරීමේදී පවා නොතිබිය යුතු, තමාගේ ජාතිය වර්ගය පිළිබඳව වූ හැඟීම ඉස්මත්තට පැමිණෙන්නේ මේ ආකාරයටය. ‘ජාතික රණවිරු සතියක් ප්‍රකාශයට පත්කරලා මැයි 18 හැම ගෙදරකම පොල්තෙල් පහනක් පත්තු කරලා අපි රණවිරුවන් සැමරුවා, දැන් උතුරේ එහෙම කරද්දී අපි මොනවද කරන්නේ. ’

සහජීවනය සඳහා ආණ්ඩුව එම හමුදා සංදර්ශනය අත්හිටවූ  බව අමාත්‍යවරයා ප්‍රකාශ කළද ප්‍රශ්න අසනු ලැබූ මාධ්‍යයේ ආශාව සංසිඳෙන්නේ නැත. අනතුරුව ප්‍රශ්න කෙරෙන්නේ, එම යුද්ධයේදී එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයන් හැර වෙනත් අයත් ඝාතනය වූවාද කියාය. අමාත්‍යවරයාගේ පිළිතුර වන්නේ, යුද්ධයේදී සාමාන්‍ය ජනතාවද මිය හා හැකි බව ඕනෑම අයෙකු දන්නා බවය. හැත්තෑ එකේදී හා අසූ අට අසූ නවයේදී ඝාතනය වූ සියල්ලන් ජවිපෙ සාමාජිකයන් නොවන බවය.

ජවිපෙ වගේ නොවේ, එල්ටීටීඊ එක තහනම් වූ ත්‍රස්තවාදී සංවිධානයක් බව එවිට මාධ්‍ය කියයි. ‘ ඇයි ජවිපෙ සිංහල, එල්ටීටීඊ දෙමළ නිසාද මේ ප්‍රශ්න කරන්නේ ’ කියා අමාත්‍යවරයා අසයි. ඔහු තවදුරටත් අසන්නේ, විජේවිර මහතාගේ හා ප්‍රභාකරන් මහත්තයාගේ වෙනස කුමක්ද කියාය. ඔවුන් විසින් ඝාතන සිදුකරනු ලැබූ අයුරු, හා අපරාධ සිදුකරනු ලැබූ අයුරු, පිළිබඳ වෙනස, එකක් ‘හොඳ ’ සහ එකක් ‘නරක ’ වන්නේ කෙසේදැයි තමාට පැහැදිළි කර දෙන ලෙසද ඇමතිවරයා ඉල්ලයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඉහත ආකාරයට සිදුවූ සංවාදයේදී, ‘ උතුරේ මියගියේ අම්මලා, තාත්තලා, අක්කලා, නංගිලා, දූවරුන්, පුතුන්ය ’ යන්න මෙන්ම ‘ප්‍රභාකරන් මහත්තයා’ යැයි ප්‍රකාශවීමද, දකුණේ මාධ්‍යවලට මෙන්ම රාජපක්ෂවාදී දූෂණ චෝදනාවලින් කප් ගැසූ හොර දේශපාලන නඩයටද ඉවසුම් නොදෙන්නක් වී ඇත.

මේ ප්‍රශ්න කිරීම් සිදුකරන අය සිතන්නේ, උතුරේ වේවා, නැගනෙහිර වේවා, මධ්‍ය කඳුකරයේ වේවා වෙසෙන සිංහල ජාතියේ නොවන අය මේ රටේ පුරවැසියන් නොවන ආකාරයටද? එම ප්‍රශ්නයට පිළිතුරු ‘ ඔව් ’ නම් එහි අර්ථය වන්නේ මේ රටේ සිංහල නොවන අනෙකුත් ජාතීන්ට හෝ වර්ගයන්ට අයත් මිනිසුන්ට ප්‍රශ්නයක් ඇති බව හෙවත් වෙනස් ආකාරයට සලකන බව අප පිළිගන්නා බවය.

ප්‍රකට කියමනකින් පැවසෙන්නේ උණහපුළුවාටත් උගේ දරුවා ලස්සන බවය. ඒ අනුව ත්‍රස්තවාදීයෙකු වුවද, හොරෙකු වුවද, මංකොල්ලකාරයෙකු වුවද, ස්ත්‍රී දූෂකයෙකු වුවද එම පුද්ගලයාගේ දෙමවුපියන්ට ඔහු තමන්ගේ දරුවාය. සහෝදර සහෝදරියන්ට ඔහු තමන්ගෙ සහොදරයා හෝ සහෝදරියය,දූ පුතුන්ට ඔහු හෝ ඇය අම්මා හෝ තාත්තාය. අනෙකුත් අයට ඔහු තමන්ගේ ඥාතියාය. නැත්නම් අසල්වැසියා හෝ මිතුරාය. එම බැඳීම් කිසිවෙකුටත් නැවැත්විය නොහැකිය. මේ මොන ආකාරයේ හංවඩුවක් සමාජය විසින් ගසා තිබුණද ඉහත කී ආකාරයේ අයවළුන් පිළිබඳව ඔවුන්ගේ සමීපතමයන් ඉහත ආකාරයට මෙන්ම වෙනත් ආකාරයන්ටද, ඉතිහාසය පුරාම සැමරුම් සිදුකරන්නේ ඒ නිසාය.

සිංහල බහුතරය මෙසේය, රටේ දකුණේ මීට ඇති හොඳම නිදසුන වන්නේ, හැත්තෑඑක හා අසූඅට, අසූනවය ජනතා විමුක්ති පෙරමුණු සන්නද්ධ කැරැලිය, එම අවස්ථා දෙකේදිම ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ ගන්නේ මහජන ඡන්දයෙන් තේරී පත්වූ ආණ්ඩු දෙකක් ආයුධ සන්නද්ධව පෙරලා දමා ආණ්ඩු බලය අතට ගැනීමටය. ඒ අවස්ථා දෙකේදිම දසදහස් ගණනින් මේ රටේ ජනතාව මරණයට පත්වීමය. ඊට ජවිපෙ සන්නද්ධ ක්‍රියාකාරිහුද, යුදහමුදා හා පොලිසියේ සාමාජිකයෝද, අනෙකුත් දේශපාලන පක්ෂවල  ක්‍රියාකාරීහුද, මේ කිසිවෙකට අයත් නැති පිරිසක්ද ගොදුරු වූහ. එම ගැටුම්වලින් පසු ජනතා විමුක්ති පෙරමුණේ ඔවුන්ගෙන් කැඩී ගිය අනෙකුත් කණ්ඩායමුත් අද දක්වාම හැත්තෑ එකේ කැරැල්ලේදී මියගිය සන්නද්ධ කැරලිකරුවන් සිහිකිරීම පිණිස අප්‍රෙල් විරු සැමරුමද, අසූ අට අසූනවය කැරැල්ලේදී මියගිය නායකයා වූ රෝහණ විජේවීර ඇතුළු පිරිස සිහිකිරීම පිණිස ඉල්මහ විරු සැමරුමද පවත්වන්නේය.
එම සැමරුම් දකුණේ ජනමාධ්‍ය අද දක්වාම ප්‍රශ්නකර නැත. රාජිත අමාත්‍යවරයා, එදා ප්‍රශ්නගත මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රශ්න නගන මාධ්‍ය වේදීන්යැයි කියාගත් පිරිසෙන් ඇසූ පරිදි, ඒ අය දෙමළ හා මේ අය සිංහල වීම නිසාද යන්න ඒ අනුව බැහැර නොවේ. එමෙන්ම හැත්තෑ එකේ කැරැල්ල පරාජය කරන ලද දිනයන් සමරන්නට යැයිද, එහිදී මියගිය ආරක්ෂක හමුදාවල හා පොලිසියේ සාමාජිකයන් විරුවන් ලෙස උත්කර්ෂයට නංවා පහන් පත්තු කරන ලෙසද මොවුන් ඉල්ලන්නේ නැත.

හැත්තෑ එක ගැන ලියුම් කරුට මතකයක් නැතත් අසූඅට අසූනවය ගැන නම් හොඳ මතකයක් තිබේ. එදා දකුණේ එම කැරැල්ලට සම්බන්ධ වූ තරුණ තරුණියන්ගේ අම්මලා, තාත්තලාට, සහෝදර සහෝදරියන්ට, ඥාතීන්ට හා සගයන්ට අනුව සන්නද්ධ හමුදාවල හා පොලිසියේ සාමාජිකයන් ‘ වීරෝදාර රණවිරුවන් ’ වූයේ නැත. ඔවුහු සිය දරුවන්, සහෝදර සහෝදරියන් හෝ සගයන් ජීවග්‍රහයෙන් අල්ලාගෙන ගොස් මරාදැමූ හෝ අතුරුදන් කරන ලද ‘ ද්‍රෝහීහු ’ වූහ. එදා කැළණි ගඟ අසල වෙරළ තීරයට පැමිණ එහි වෙරළේ  ගොඩගසා ඇති මළ සිරුර සිය පුතණුවන්ගේදැයි විමසා බලන මව්වරුන්ගේ දසුන සුලබ එකක් විය. මළ සිරුරවත් නොදැක මියගියායැයි සැලකුම් ලැබූ එම සමයේ අතුරුදන් වූ පිරිස අතිවිශාලය. එදා මාතලේ ප්‍රදේශයේ හමුදා කඳවුරක සේවය කළ නිලධාරියෙකු වූ ඝොඨාභය රාජපක්ෂද දකුණේ සිංහල අම්මලා, තාත්තලා, අක්කලා, නංගිලා, අයියලා, මල්ලිලාට හා දූ පුතුන්ට අනුව ‘ ද්‍රෝහියෙක් ’ විය.
ඒ නිසාම රටක හමදාව ගැන අප තේරුම්ගත යුත්තේ මේ ජනප්‍රිය කියවීම අනුව නොවේ. රටක හමුදාව යනු ‘ පාලකයාගේ අණ අනුව ක්‍රියාකරන යාන්ත්‍රණයක් පමණය’ එහි ‘ ඉයර්ස් සර් ’  මිස ‘ නෝ සර් ’ සංස්කෘතියක් නැත. අණ ලැබෙන්නේ පැළයක් අනෙක් අතට සිටුවන්නටද, එය එසේ සිදුකළ යුතුය. කලාතුරකින් පමණක් අපරාධ ගණයේ අණදීම්වලට විරුද්ධ විය හැකි පිරිස් සිටිය හැකි වුවද ඔවුන්ගේ ඉරණමද එම හමුදාවන් විසින්ම බොහෝ විට විසඳනු ලබන්නේය.
වෘත්තීමය හමුදාවක් ලෙස ශ්‍රී ලංකාවේ හමුදාව කටයුතු කළේ නම් හැත්තෑඑක හා අසූඅට අසූනවයේදී ජීවග්‍රහයෙන් අත්අඩංගුවට ගත් ජවිපෙ කැරලිකරුවන්ද එහි නායක රෝහණ විජේවීරද අත්අඩංගුවේ සිටියදී මියයන්නට හෝ අතුරුදන් වන්නට බැරිය. යුද්ධයක හෝ ආයුධ සන්නද්ධ අරගලයක ඇති ප්‍රධානතම කොන්දේසිය වන්නේ ජීවග්‍රහයෙන් අල්ලාගත් හෝ බාරවූ අයකු ඝාතනය කළ නොහැකි බවය. කැරලිකරුවන්ට හෝ ත්‍රස්තවාදීන්ට කෙසේවෙතත් එම වගකීම විශේෂයෙන්ම රටක නිල හමුදාවන්ට පැවරෙන්නේය. එහෙත් අප හැත්තෑඑකේදී, අසූඅට අසූනවයේදී හා උතුරු නැගෙනහිර සන්නද්ධ ගැටුමේදී දුටුවේ එම වගකීම නිසිආකාරයෙන් ඉටුනොවීමේ සිදුවීම් රාශියක්ය.  කහබළල්ලු, කළුබළල්ලු, සුදුවෑන් සංස්කෘතිය යනු ඒ පිළිබඳ නිදර්ශන කිහිපයක් පමණය.
එල්ටීටීඊය ගම්මානවලට පැන ප්‍රහාර එල්ල කිරීමේදී ක්ලේමෝ බෝම්බ පිපිරවීමේදී, පාර්සල් බෝම්බ පිපිරවීමේදී හා මිනිස් බෝම්බ පිපිරවීමේදී අහින්සක වැසියන් මියයන්නේත් හමුදා මල්ටි බැරල් ප්‍රහාර එල්ල කිරීමේදී අහිංසක වැසියන් මියයන්නේත් එකම ආකාරයටය.

විජේවීර මහත්මයාගෙයි, ප්‍රභාකරන් මහත්මයාගෙයි වෙනස කුමක්දැයි එහිදී රාජිත අමාත්‍යවරයා ප්‍රශ්න කරන අතර, ඔවුන්ගේ අපරාධ හා මිනිසුන් මැරූ ආකාරය පිළිබඳව වෙනස කියන්න යැයි තවදුරටත් කියයි. ජනතා විමුක්ති පෙරමුණද සිය සන්නද්ධ අරගලවලදී යුද හමුදා හා පොලිස් සාමාජිකයන්ද, රජයේ නිදධාරීන්ද, ආණ්ඩුවේ දේශපාලනඥයන්ද වෙනත් විරුද්ධ දේශපාලන කණ්ඩායම්වල සාමාජිකයන්ද ඝාතනයට ලක් කළ බව අමුතුවෙන් කිව යුතු නැත. අප හිතනා ආකාරයට මේ නායකයන් දෙදෙනා අතර තිබුණ වෙනස වූයේ, ප්‍රභාකරන් ආයුධ සන්නද්ධ අරගල මගින් රටේ උතුරු හා නැගෙනහිර පළාත් අල්ලා ගැනීමට උත්සාහ කිරීමත්, විජේවීර මුළු රටක් අල්ලාගැනීමට උත්සාහ කිරීමත්ය.

ප්‍රභාකරන් මහත්මයායැයි රාජිත අමාත්‍යවරයා කිම ගැන පරලව විහිළු සපයමින් සිටින උදය ගම්මන්පිල වැනි අයගෙන් අසන්නට ඇත්තේ, 2005 ජනාධිපතිවරණ සටන ජයග්‍රහණය කිරීම සඳහා ප්‍රභාකරන් සමග මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ඩීල් දැමීමට ගිය ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ, ලලිත් වීරතුංග ඇතුළු පිරිස එම සාකච්ඡාවේදී ප්‍රභාකරන් ආමන්ත්‍රණය කළේ කෙසේද යන්න පිළිබඳව දැනට තමන් සමීපයේ සිටින ලලිත් වීරතුංගගෙන් අසා දැනගන්නා ලෙසයි. එදා එම ඩීල් එක ගැන විස්තරය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවායැයි කියූ මහින්ද රාජපක්ෂගෙන් ගැලවුණු ශ්‍රීපති සූරියආරච්චිට එය හෙළිකිරීමට නොහැකි වූයේ, එම ප්‍රකාශයට පෙර අභිරහස් ලෙස වාහන අනතුරකින් ඔහු මියගිය නිසාය. ශ්‍රීපති පසුපස සිටි ටිරාන් අලස්ටද අනතුරකින් බේරීමට හැකි වූයේ ඉන්පසු රාජපක්ෂ සරණ යෑම නිසාය. සුනාමි නිවාස ව්‍යාපෘතියකටයැයි කියමින් කැබිනට් මණ්ඩල අනුමැතිය සහිතව එල්ටීටීඊ සංවිධානයේ ඒජන්තයන්ට රාජපක්ෂ පාලන සමයේ රජයේ මුදල් ලබාදුන්නේ කෙසේදැයි මේ තරම් සමීප මහත්වරුන් මහින්ද රාජපක්ෂගෙන්ම අසා දැනගැනීම නැවත රට ගිනිතැබීමට වඩා හොඳය.

ඒ අව්අස්සේ උතුරු සැමරුම් පිළිබඳව රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ ප්‍රකාශය රාජපක්ෂ කඳවුරේ කසකාරයන් දෙදෙනෙකු වන වාසුදේව නානායක්කාර හා චන්ද්‍රසිරි ගජධීර ද අනුමත කර තිබේ. ඒත් ඒ පිළිබඳව නම්, රාජපක්ෂ කඳවුරේ වංචා දූෂණවලින් කප් ගසා අධිකරණයට යෑම දිනචරියාවම කරගෙන සිටින අයගේ කටවල් තවම ඇරී නැත. ඔවුන්ට නිපන්දු දමා දෙන මාධ්‍යයේ පන්දු යැවීමද තවම අරඹා නැත.

අප සාකච්ඡා කරමින් පවතින මේ කාරණයේදී වඩා වැදගත් කාරයභාරයක් පැවරෙන්නේ දකුණේ සන්නද්ධ කැරලි දෙකක් මෙහෙයවා සිය අනුගාමිකයන් දසදහස් ගණනින් අහිමිකරගෙන, ඒ අය සමරමින් සිටින ජනතා විමුක්ති පෙරමුණට හා ඔවුන්ගෙ කැඩී ගොස් සිටින පෙරටුගාමී සාමාජවාදී පක්ෂයට හා අනෙකුත් කණ්ඩායම්වලටය. ඔවුන් දකුණේ සිංහල සමාජයට උතුරේ එම සැමරුම්වල ඇති යෝග්‍ය අයෝග්‍යභාවය පිළිබඳව සිය අදහස පැහැදිළි කළ යුතුය. එමගින් වුව දකුණේ සිංහල ජනයා කුපිත කිරීමට උත්සාහ කරන මාධ්‍ය හෙංචයියන්ගේ හා දේශපාලන අවස්ථාවාදීන්ගේ සංහිඳියා විරෝධී ප්‍රචාර බොහෝ දුර අඩපණ කළ හැකිය.
 
ලසන්ත රුහුණගේ