Language Switcher

V2025

ගෝඨාභයට අපිත් පරාණ බයයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

පසුගිය සතියේ මංගල සමරවීර පුවත්පත් සාකච්ඡාවක් කැදවා තිබිණි. එහිදී එහි පැමිණ සිටි වාර්තාකරුවෙකු විසින් ඇමතිවරයාට පැනයක් යොමු කරමින් ඔබ ගෝඨාභයට බියවී ඇත්දැයි ඇසිය. එම කාමරය තුල සිටි සියලුම දෙනාම අපේක්ෂා කරන ලද උත්තරය වුයේ මංගල හිටපු ආරක්ෂක ලේකම් වරයාට බිය නොවන්නේ ඇයි දැයි කියා මංගලගේ ජය ඝෝෂාවකි. නමුත් කිසිවෙකුත් අපේක්ෂා නොකළ පරිදි අපොයි ඔව් කියා, මම ගෝඨාභයට පුදුම බයයි කියා ප්‍රතිචාර දැක්වුවේය. එහිදී ඇමති වරයා විසින් ඉදිරිපත් කරන ලද කාරණා කීපයක් ගැන මේ ලියුම්කරුගේ ද දැඩි එකගතාවයක් තිබේ. සැබවින්ම ආණ්ඩුව දුර්වල වන සෑම අවස්ථාවකම මටද පරාණ බයක් දැනේ. මේ ආණ්ඩුව පරාජය වුවහොත් මාව පැහැරගෙන මරා දමනු ඇති බවත්, ඉන්පසු එක්කෝ මගේ බඩ පලා බඩවැල් එලියට ගෙන ඒවා වෙනම මුහුදට දමා මාගේ ශරීරය ගලක් බැද මුහුදු පතුලේ සදා කාලයට සැගවීමට හෝ අරලියගහ මන්දිරයේ ආරක්ෂක නිවහනක පවත්වාගෙන යන වදකාගාරයකදී කෑලි කෑලි වලට කපා අධි ශීතකරණයක තබා මෝරුන්ට කෑමට දෙනු ඇති බවත්, එසේත් නැතිනම් බියගම මල්වානේ වත්තක ඇසිඩ් බැරලයක දමා  දියකර හරිනු ඇති බවත් මගේ නෑයන් හිතමිතුරන් කැට තබා කියයි.

එබැවින් මම ගෝඨාභයට පරාණ බයයි. කෙසේ නමුත් ජනවාරි 8 වැනිදා ලංකාවේ සමාජය වෙලාගෙන තිබු අදුරු භීෂණය පරාජය කල යුතු යැයි මෙරට සිවිල් බුද්ධිමතුන් මෙන්ම බහුතර ජනතාවක් තීන්දු කරන ලද්දේ හොරකම්, සමාජ අසාධාරණය, අසීලාචාර බවට අමතරව හිටපු ආරක්ෂක ලේකම්වරයා පවත්වාගෙන ගිය භීෂණකාරී වටපිටාවයි. එමගින් මේ රටේ මිනිසුන්ගේ මුලික අයිතිවාසිකම් වල විශාල බිදවැටීමක් සිදුවූ අතර සමාජයක් හැටියට රටේ සියල්ලෝම අනාරක්ෂිත තත්ත්වයකට පත්වී තිබුණි. එහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් අනුගමනය කරන ලද්දේ උගණ්ඩාවේ ඉඩි අමීන් භාවිතා කරන ලද ක්‍රමවේදයයි. ඉඩි අමීන්ද රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය නමින් රටේ සියලුම අකටයුකම් වල යෙදිනි. ඒවා නගර ඉදිකිරීම, වෙද හෙදකම් කිරීම, දේපල අත්පත් කරගැනීමේ සිට මිනිසුන් මරාදැමීම දක්වා වේ. ගෝඨාභයද කටයුතු කරන ලද්දේ එසේය. එය කෙතරම් දුරදිග ගියේද යත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යනුවෙන් සදහන් කාඩ්බෝඩ් කැබැල්ලකට දේපලක් පවරා ගැනීම, වාහනය පාරේ වැරදි පැත්තෙන් ධාවනය කිරීම හා වෙනත් ඕනෑම අකටයුතුකමක් කිරීමට හැකියාවක් තිබිණි.

මේ සම්බන්ධයෙන් මට හොද අත්දැකීමක් තිබේ. 2014  ජුනි මාසයේ දිනක් මා ගමන් කරමින් සිටි රථය රාජගිරිය හන්දියේදී තවත් කසිකබල් කැබ් රථයක ගැටිණි. එහි වරද මාගේ මෙන්ම කැබ් රථයේ රියදුරාගේද වේ. මන්ද ඔහු හැරවීම ඔහේ කළේය. පසුව වාහනයෙන් බැස බැලීමේදී එහි එදිරි පස පෙට්ටියකින් ගලවා ගත් කාඩ්බෝඩ් කැබැල්ලක රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය කියා ලියා තිබිණි. එම රථයෙන් බැස පැමිණි රියදුරු ඔහුගේ දුර්වර්ණ දිලිදු මුහුණට දරුණු බවක් ආරූඪ කොට ගෙන මේක ආරක්ෂක අමාත්‍යාංශයේ, දැන් ඒකෙ වැඩකට යන ගමන් කියා තදින් සද්දෙන් කියා සිටියේය. ඒ කාලයේ රාජපක්ෂවරු ගෙදර යවන්නට සැලසුම් සදමින් සිටි අතර අපේ වත්තේ වැඩ කරන සරත් වැනි මිනිහෙකු මට තර්ජනාත්මකව ඇමතීමත්, එම බලය කාඩ්බෝඩ් කැබැල්ලක අකුරු ටික්කකින් ලැබීමත් නිසාවෙන් මගේ ආඩම්බරය උන්නා මලා නො⁣තේරෙන තත්ත්වයකට මාව පත් කළේය. ඔහුට මම දැක්වූ ප්‍රතිචාරය කෙතරම් දරුණු වුයේද යත් ඔහු වාහනය එතන දමා වැලිකඩ පොලිසියට දිව ගියේ මා එල්ලුම් ගස් යවන බව කියමිනි. මටද  එවිට බියක් දැනුනි. කෝකටත් කියා එවකට ජනාධිපති රාජපක්ෂ ලග ලේකම්වරයෙකු වන මගේ ලගම මිතුරෙකුට දුකථන ඇමතුමක් ගෙන තත්ත්වය පැහැදිලිකර අවදානයෙන් සිටින ලෙස දැනුම් දුන්නේ, සුදු වෑන් එකකින් අතුරුදහන් නොවී බේරුනොත් ගම්පහ සිට කටුනායකට පයින් හෝ ගොස් නවසීලන්තයට යා හැකි තත්ත්වයක් තිබුණු බැවිනි. නමුත් වැලිකඩ පොලිසියේදී මාගේ ඉහල තනතුරු වල සිටි මිතුරන්ගේ දුරකථන ඇමතුම් හා වෙනත් බලපෑම් නිසා හෙළි වුයේ එම වාහනය ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට අයත් එකක් බවයි. එම ආයතන එවකට අයිතිව තිබුනේ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ අමාත්‍යාංශයටය.

කෙසේ වෙතත් තාජුඩීන් ඝාතනය, කරුණාට ගමන් බලපත්‍රයක් හොරට හැදීම, ලසන්ත මරා දැමීම, කීත් නොයාර්ට පහර දීම, වැලිකඩ සිර කරුවන් ඝාතනය, ප්‍රගීත් පැහැරගෙන ගොස් මරාදැමීම, වැලිවේරියේ වතුර ඉල්ලු මිනිසුන් මරා දැමීම, රොෂේන් චානක මරාදැමීම, රට පුරාම වැරදි කල තරුණයන් සිය ගණනක් නඩු නැතිව මරා දැමීම ඇතුළු ඝාතන දහස් ගණනක වගකීම ගෝඨාභයට එල්ලවී තිබේ. මංගල කියන්නාක් මෙන් බුදු අම්මෝ අපිනම් ගෝඨාභයට පරාණ බයයි.

අවසාන වශයෙන් අපි හිටපු ආරක්ෂක ලේකම්වරයාට බයවන ප්‍රධාන කාරණය නම් ඔහු වටා සිටින පිරිසයි. එම පිරිස සම්පුර්ණයෙන් පාහේ හමුදාවෙන් ඉවත් වූ සොල්දාදුවන්ගෙන් පිරී තිබේ. ලෝක දේශපාලනයේදී නීත්‍යානුකූල යුද හමුදාවන් වලින් ඉවත් වූ පිරිස එක්තරා ආකාරයකට ලුම්පන්වරු ලෙස හදුන්වයි .මන්දයත් ඔවුන් පුහුණුව ලබා ඇත්තේ වෙනම ආකාරයකට කටයුතු කිරීමටය. එම නිසා ඔවුන් ජනතාවගේ පරමාධිපත්‍ය දැරීමට නුදුසු කොටසක් ලෙස ලෝක සිවිල් ශිලාචාර සමාජයන් විශ්වාස කරයි. මෙම කාරණා නිසා අපිනම් ගෝඨාභයට පරාණ බයයි.

තුෂාර වන්නිආරච්චි (අලි වංගුව)