Language Switcher

V2025

ගෝඨාභය යන්නේ වැරදි පාරේ - ආචාර්ය දයාන් ජයතිලක

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

පසුගිය මාස කිහිපය දෙස බලන විට ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තියේ වෙනසක් ඇතිව තිබෙනවාද?

ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තියේ ද්විත්ව ස්වභාවයක් ඇති වී තිබෙනවා. ඒ ආණ්ඩුවත් ද්විත්ව ස්වභාවයක් ගෙන ඇති නිසා මේ ද්විත්ව ප්‍රතිපත්තිය සමස්තයක් තුළට රාමු කරගැනීමට ජනාධිපතිවරයා උත්සාහ ගන්නවා. සංයුක්ති වශයෙන් ගත් විට එක්සත් ජාතික පක්ෂයට බටහිර රටවල් සම්බන්ධයෙන් හා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ විදේශ සම්බන්ධතා හැසිරවීමට අවකාශය ලැබී තිබෙනවා. නමුත් ලෝකයේ ඉතාම වැදගත් ඉතිරි කොටස සම්බන්ධයෙන් සිරිසේන ජනාධිපතතිතුමා වැදගත් මැදිහත් වීම් ගණනාවක් කර තිබෙනවා. ආණ්ඩුවේ ආරම්භයේ සිට සිරිසේන ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන්ගේ විදේශ ප්‍රතිපත්තිය වන්නේ ආසියා කේන්ද්‍රීය නොබැඳි ප්‍රතිපත්තියක් බවයි. මේ ප්‍රතිපත්තිය පසුගිය සමයේදී සිරිසේන ජනාධිපතිතුමා විසින් ක්‍රියාත්මක කරනු අපි දුටුවා. එය හුදෙක් කටින් බතල සිටුවීමක් නොවේ. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට විරුද්ධව සම්බාධක පැනවීමේ තීන්දුව ප්‍රකාශයට පත් කර තිබියදී සිරිසේන ජනාධිපතිතුමා ඉහළ මට්ටමේ ඉරාන සංචාරයක යෙදුණා. ඔහු පැවසූ ආකාරයටම ප්‍රබල රටවල නියෝජිතයන් ඉරානයට නොයන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටියා. සුපිරි බලවතුන්ගේ ඒ ඉල්ලීම නොතකා ජනාධිපතිතුමා ඉරානයට යාම අපි අගය කළ යුතුයි. එපමණක් නොව ඉරානයේ සබෑ බලවතා වන අයතුල්ලා අල් කමේනිද හමුවුණා. ඔහුගේ නායකත්වය භාරගන්නා ප්‍රධාන දේශපාලන පක්ෂ හා කණ්ඩායම් එම කලාපයේම සිටියා. එම කලාපයේම අධ්‍යාත්මික හා දේශපාලනික බලයක් හිමි අයතුල්ලා කල් අමේනි සෑම රාජ්‍ය නායකයාම හමුවන්නේ නැහැ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඇමරිකාව අතහැර ඉරානය, ලිබියාව වැනි රටවල ලංවීමේ වන්දිය 2015 දී ගෙව්වා. ඒ වන්දියම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාටත් ගෙවීමට සිදුවේද?

නැහැ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඇමරිකාවට හා බටහිර රටවලට පිටුපෑමේ හේතුවම මෙහිදී මතු වන්නේ නැහැ.
ඇමරිකාවේ හිටපු තානාපති රොබට් ඕ බ්ලේක් සමග හොඳ සම්බන්ධයක් රාජපක්ෂ පවුලට තිබූ බව විකිලීක්ස් වාර්තාවලින් පැහැදිලි වෙනවා. ඔහු තංගල්ලේ කාල්ටන් නිවසට නිතර යන එන අයෙක්. යුද්ධය අවසන් සමයේදී ඇමරිකාව හා ලංකාව අතර පරතරයක් ඇතිවුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට වැරදුණේ 2009 පෙර නොව ඉන්පසුවයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දෙවැනි කාලයේදී අනුගාමී වශයෙන් තුන් වතාවක් පරාජයට පත් වුණා. 2015 දී අලුත් ආණ්ඩුව විසින් නොකළ යුතුව තිබූ ඇමරිකානු යෝජනාවට තම සහයෝගිතාව ලබාදීමේ තත්වයට පාර කැපුණේ ඒ අනුවයි. ජිනිවාහිදී සුදු කොඩිය වැනීමට අලුත් ආණ්ඩුවට සිදුවුණා. මහින්ද ජනාධිපතිවරයාට අකැප ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පුංචි ඊශ්‍රායලයක් ලෙස කටයුතු කරමින් කිසියම් පිරිසක් විදේශ ප්‍රතිපත්තිය මත තෙරපුමක් ඇති කළා. ඒක පැමිණියේ ආරක්ෂක අංශවලට සම්බන්ධ යම් යම් පාර්ශ්වයන්ගෙන්.

මේ බලපෑම කියන්නේ ගෝඨාභය රාජපක්ෂගෙන් එල්ල වූ බලපෑමද?

ගෝඨාභය රාජපක්ෂ සෘජු වශයෙන් බලපෑම් කළා යැයි කීමට මට සාක්ෂි නැහැ. මම දන්නා ගෝඨාභය රාජපක්ෂ මූලෝපායික යථාර්ථවාදියෙක්. ගෝඨාභය රාජපක්ෂගේ නාමයෙන් අන්තවාදී මතවාදයක් පැතිරවීමට උත්සාය ගන්නා පිරිස් කටයුතු කරනවා. ගෝඨාභයගේ නම කියමින් විදේශ ප්‍රතිපත්ති ක්ෂේත්‍රය තුළ යම් කිසි දැඩි ස්ථාවරයක් මොවුන් ගත්තා. නමක් සඳහන් කළොත් එක් අයෙක් මොහාන් පීරිස්. ඔහු ජිනීවා ගොස් කළ කතාව හා මම හා රජීව් විජේසිංහ කළ කතා අරගෙන බලන්න.මොහාන් පීරිස් නියෝජනය කිරීමට උත්සාහ ගත් බව පෙන්වූයේ ගෝඨාභයගේ මතවාදයයි. අපිට වසර දෙදහස් පන්සයයක ඉතිහාසයක් ඇති බව කියන විට අවුරුදු පන්දහසකට වැඩි ශිෂ්ටාචාරයක් ඇති රටවල් අප දෙස බලන්නේ කෙසේද? මානව හිමිකම් කවුන්සිලය යනු මානව හිමකම් ගැන බලන තැනක් මිස ඉතිහාසය ගැන බලන තැනක් නොවෙයි. ආරක්ෂක අංශ නියෝජනය කරන බව කියමින් සිවිල් පුද්ගලයන් ගොස් ලංකාවේ මහේශාඛ්‍යභාවය ගැන කියමින් මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද ජයගත නොහැකියි.

2010 ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂගේ නමත් කියවෙනවා. මේ විදියට බලන විට 2020 දී මේ කියන අවදානම නැවත වරක් මතුවීමට හැකිද?

සැබවින්ම එම අවධානම යළිත් මතුවෙනවා. ශ්‍රැංගීලා හෝටලයේ පැවති උත්සවයට මමත් සහභාගි වුණා. එය සාර්ථක උත්සවයක්. එක්සත් ජාතික පක්ෂයට සහය ලබාදෙන ව්‍යාපාරික පැලැන්තිය ගෝඨාභය රාජපක්ෂ චරිතය හා මහින්ද රාජපක්ෂ චරිතය වටා එක්වුණා. මේ වැනි අවස්ථාවක් මීට පෙර සිදුවූයේ 1994 දී. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වාමගාමී පසුබිම නොතකා ව්‍යාපාරික පන්තිය එක්සත් ජාතික පක්ෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වුණා. ඒ හා සමාන දෙයක් ගෝඨාභය රාජපක්ෂ කළේ. එහෙත් ආර්ථික ප්‍රතිපත්තිය, විදේශ ප්‍රතිපත්තිය හා ජනවාර්ගික ප්‍රතිපත්තිය ගැන මට ඇති වූයේ දැඩි කනස්සල්ලක්. අනාගතය ගැන විශාල සැක සංකාවක්. ආර්ථික ප්‍රතිපත්තිය ගැන ඉදිරිපත් කළ වාර්තාවේ දුගී දුප්පත්කම, ඇති නැති පරතරය, ගොවි ජනතාව ගැන කිසිදු සඳහනක් නැහැ. කෘෂිකර්මාන්තය ගැන කිසිවක් කතා කළේ නැහැ. මෙතැනදී තිබුණේ රාජපක්ෂවරුන්ගේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතවාදය නොවේ.

එහෙනම් මෙතැන තිබුණේ කාගේ ප්‍රතිපත්තියක්ද?

පැහැදිලිව තිබුණේ දක්ෂිණාංශක ආර්ථික ප්‍රතිපත්තියක්. විදේශ ප්‍රතිපත්තිය ගැනත් එදින කතාවක් තිබුණා. එහිදී වැරදි සූත්‍රයක් ඉදිරිපත් කර තිබූ අතර ඉතාම වැරදි කතාවක්ද කර තිබුණා. චීනයේ අද්මිරාල් ඩෙන් ෂෛ ලංකාවේ අලකේශ්වර රජ්ජුරුවන් අල්ලාගෙන චීනයට රැගෙන ගිය බවත් පසුව අද්මිරාල්වරයා ලංකාවට පැමිණ සොහොන් ගලක් ඇති කළ බවත් අලකේෂ්වර රජු ගෙන ගියේ බුදු දහමට විරුද්ධව කටයුතු කළ නිසා බව කීවා. ගෝඨාභය රාජපක්ෂ වැනි චීන හිතවතෙක් සිටියදී එම කතාව කීම වැරදී. ලංකාව ස්වීට්සර්ලන්තය මෙන් කිසිදු පැත්තක් නොගන්නා ප්‍රතිපත්තියක් ගත යුතු බවට ප්‍රතිපත්තියක් ව්‍යාවස්ථාවට ඇතුළු කළ යුතු බව යෝජනා කළා. එය මහා මෝඩ විකාර කතාවක්. එදා හවස ඒ කියූ දේට අමතරව උදේ ශ්‍රැංගීලා හෝටලයේ විදේශ ප්‍රතිපත්තිය ගැන වැඩමුළුවක් පවත්වා තිබෙනවා. එයට ලිඛිත වාර්තා කීපයක් ඉදිරිපත් කර තිබුණා. ලංකාව හමුවේ ඇති ප්‍රධාන අභියෝග ගැන ඔවුන් උත්තර නොදුන්නා පමණක් නොව ඒ ගැන කිසිවක් කියන්න ගියේද නැත. ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ගැන කතා කරන විට ඉන්දියාව අපට විරුද්ධ නොවන ස්ථාවරයක් වෙත යා යුතුයි. ඉන්දියාව හා චීනය තුලනය කිරීමේදී ලංකාවේ දෙමළ ප්‍රශ්නය පිළිබඳ කතා නොකර බැහැ. දෙමළ ජනතාවගේ ප්‍රශ්න නොවිසඳා ඉන්දියාව කළමනාකරණය කරගත නොහැක. ඉන්දියාව කළමනාකරණය (ගන්නේ) නැතිව ආසියාවේ සහය අපිට ලබාගත නොහැකිය. චීනය සහ ඉන්දියාව යන කුඩ දෙක යටම අපි ආරක්ෂාව ලබාගන්න ඕනේ. බටහිර රටවලට කුමන විදිහේ පක්ෂග්‍රාහීත්වයක් දැක්වූවත් එම රටවල දෙමළ ඩයස්පෝරාව යන සාධකය නැති වී යන්නේ නැහැ.ගෝඨාභය රාජපක්ෂ වටා සිටින අය ඩොනල්ඩ් ට්‍රම්ප් යනු දෙවිකෙනෙක් යැයි සිතිය හැකියි. ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිය අනුගමනය කළ විට ලංකාවට සහය ලැබෙනු ඇතැයි සිතුවත් දෙමළ ඩයස්පෝරාව වැදගත් සංඝටකයක් බව ඔවුන් තේරුම් ගන්නේ නැහැ. දෙමළ ප්‍රශ්නය නොවිසඳා ඇමරිකාවට කවදාවත් ලංකාව සමඟ හොඳ සම්බන්ධතාවයක් ගොඩ නගාගන්න බැහැ. චීනය මත අපිට රැඳෙන්න බැහැ. ඒ තමයි පාකිස්ථානය ආරක්ෂා කිරීමට ඔවුන්ට හැකියාව තිබුණත් ලංකාව ආරක්ෂා කිරීමට නොහැකිවීම.

වියත්මග කතිකාව ආරම්භයේදී විදේශ ප්‍රතිපත්ති ගැන කතා කරපු ආචාර්ය දයාන් ජයතිලක වැනි චරිත එහි කූටප්‍රාප්තිය වන විට විතැන් වී තිබෙන්නේ කොතැනටද?

දැනට විතැන්වෙලා තියෙනවානේ. වියත්මඟ සමුළුවේ පළමු සමුළුවේදී ගෝඨාභය රාජපක්ෂගේ ඇරයුමකින් මම විදේශ ප්‍රතිපත්තිය ගැන දේශනය කළා. එළිය සංවිධානයේ සමුළුවේත් මම එවැනිම දේශනයක් කළා.

නමුත් මෙවර උත්සවයට ආරාධිත අමුත්තෙක් හැටියට පිළිගනු ලැබූවත් විදේශ ප්‍රතිපත්තිය ගැන වැඩමුළුව අඩු තරමින් දැනුවත් කළේ නැහැ. එවැනි දෙයක් තියෙනවා කියලා මම දන්නේ වත් නැහැ. සවස උත්සවයේදී විදේශ ප්‍රතිපත්තිය ගැන කතාව දී තිබුණේ මහාචාර්ය රොහාන් ගුණරත්නට. මේක යන්නේ කොයි පැත්තටද කියලා දැන් පේනවා. මම මෙතැන නොසිට නිවැරදි ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා නම් මට ප්‍රශ්නයක් නැහැ. ඒත් දැන් සිදුවන්නේ 1980 දශකයේදී අපිට වැරදුණ විදේශ ප්‍රතිපත්තිය වෙත නැවත යාමක්. 2010 න් පසුව ජිනීවාහිදී පරාජයට හේතුවූ තැනට යාමක්.

ඒක භයානක තත්වයක්ද?

ඒක මීට වඩා භයානක විය හැකියි. දැන් උතුරුකරයේ අවි රහිත කොටිවාදයක් මතුවෙලා තිබෙනවා. ඔවුන් යන්නේ සත්‍යග්‍රහ වැඩපිළිවෙළකට. අලුත් ආණ්ඩුවක් යටතේ එවැනි කුපිතකාරී ක්‍රියාකාරකම්වලට ගමන් කරන විට අලුත් ආණ්ඩුව බොක්කෙන් ප්‍රතිචාර දක්වන්නේ නම් සිදුවන්නේ ජාත්‍යන්තර ඊලාම්වාදීන්ගේ උගුටල හසුවීමයි. උතුරු නැගෙනහිර ප්‍රශ්නයට ඉන්දු ලංකා ගිවිසුමේ ඇති විසඳුමවත් ක්‍රියාත්මක නොකරන්නේ නම් ඉන්දියාව කුමක් කරනු ඇත්ද යන්න අපි දන්නේ නහැ.ඒත් ගෝඨාභය කල්ලිය ඉන්දු ලංකා ගිවිසුම, පළාත් සභා ගැන කිසිම දෙයක් කතා කරන්නේ නැහැ. ඒ තත්වයක් තුළ අපේ ජාත්‍යන්තර සම්බන්ධතා හරිගස්වා ගන්න බැහැ. ඇත්තටම රටේ අනාගතය ගැන මට බයක් සැකයක් තියෙනවා.

එදා වියත් මගේ ප්‍රතිපත්ති සම්පාදනයේ හිටපු ඔබ ප්‍රෙක්ෂකාගාරයට තල්ලුවන්නේ ඇයි?

මම ප්‍රතිපත්ති සම්පාදනයේ හිටියේ නැහැ. ඒත් මම පළමු සමුළුවේ ආරාධිත දේශකයෙක් හැටියට කටයුතු කළා. මම එළිය සංවිධානයේ සාමාජිකයෙක් ලෙස  මුල් දින කිහිපයේ කටයුතු කළා. ඒත් එළිය සමුළුවේ මුල් දින කිහිපයේදී ඇති වූ සිද්ධීන් නිසා මම එයට සහභාගි වුණේ නැහැ. ඒ කිසියම් පිරිසක් අන්තවාදී කතිකාවක් ඉදිරිපත් කළ නිසා. මට දුක රටට විශාල සේවයක් කළ හැකි ගෝඨාභය රාජපක්ෂට නිවැරදි මග ඔස්සේ යාමට නොහැකි වීම ගැනයි.

ඒ කියන්නේ දයාන් ජයතිලක කියන මගද?

ඒ නිවැරදි මග කියන්නේ දයාන් ජයතිලකගේ මග නෙවෙයි. මහින්ද රාජපක්ෂගේ මග. මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්තිය කියන්නේ ප්‍රගතශීලී, මැදමාවතක ඇති මධ්‍ය වාම ප්‍රතිපත්තියක්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බෑ. මහින්දට නෛතික වශයෙන් කළ නොහැකි දේ ගොඨාභය රාජපක්ෂ කරතැයි මම හිතුවා. වියත් මග ප්‍රාදේශීය සමුළුවලට සහභාගිවන්නේ අන්ත ජාතිවාදීන්. ගෝඨාභය රාජපක්ෂ කඳවුරේ අය වැඩි කැමැත්තක් දක්වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් චරිතයටයි. ඒත් ඔවුන් ඊට වඩා වැඩි දෙයක් ව්ලැදිමීර් පුටින් චරිතයෙන් ඉගෙන ගන්න පුළුවන්.  මට ඇති ප්‍රශ්නය වන්නේ ඡන්දය දිනීම නොවේ. ආණ්ඩු ඡන්දයෙන් දිනන නමුත් ඉන් පසුව ජනවාර්ගික අර්බුද ඇතිවෙයි. එදා ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිපත්තියෙන් සිදුවන්නේ තවත් රතුපස්වල සිදුවීම් ඇති වීමයි. දැන් මේ කණ්ඩායමේ සිටින්නේ මහා ධනකුවේරයන් හා අන්තවාදය ඇති කරන ත්‍රිවිධ හමුදාවේ අයයි.

ඒ අන්තවාදය නිසාද ඔබ මේ ආණ්ඩුව යටතේ තානාපති තනතුරක් ගන්න හදන්නේ?

නෑ. හේතුව තමයි තානාපති තනතුර ආණ්ඩුවට සම්බන්ධ දෙයන් නොවන නිසා. තානාපති තනතුරක් කියන්නේ රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තක්. රට වශයෙන් වෙනත් රටක් නියෝජනය කිරීම තමයි තානාපති සේවයේ සිදුවන්නේ. මුහුද පටන් ගන්නා තැන දේශපාලනය නතර වෙනවා කියලා කියමනක් තියෙනවා. තානාපතිවරයා කියෙන්නේ මුහුදෙන් එතෙර කටයුතු කරන අයෙක්. එතැනදී මම ආණ්ඩුව නියෝජනය කරන්නේ නැහැ. රට නියෝජනය කරන්නේ. ජිනීවාවලට පත් කරලා 2015 යෝජනාවලිය ක්‍රියාත්මක කිරන්න කිවුවොත් මම ඒක කරන්නේ නැහැ.

එතකොට ඔබට තානාපති තනතුරක් සඳහා ආරාධනා කළේ කවුද?

මට ආරාධනා කළේ ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා සම්බන්ධයෙන් මට ස්ථාවරයක් තියෙනවා. මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට 2005 වසරේ සිට මැතිවරණවලදී බැහැලා වැඩ කළා. එවැනි තත්වයක් තුළ පවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට රටට යමක් කළ හැකි බවත් එහෙත් ඔහුගේ දේශපාලන මිතුරන් නිසා එය කළ නොහැකි බව කිව්වා. මේ දේශපාලන සමීකරණයේ යම් යම් වෙනස්කම් දැන් සිදුවෙනවා. මම කලින් කී ආකාරයට භාවිතාව බලන විට ජනාධිපතිවරයාගේ විදේශ ප්‍රතිපත්ති භාවිතාව ප්‍රගතශීලී භාවිතාවක්. ඔහු තමයි මට සෘජුව ඇරයුම් කරමින් රුසියාවේ තානාපති තනතුර ගන්නා ලෙස ඉල්ලා සිටියා.

මීට පෙර රුසියාවේ තානාපති ලෙස කටයුතු කළේ පූටින් පවුල සමග සමීපව කටයුතු කළ සමන් වීරසිංහ. ඔහුගේ සේවය සමග ඔබගේ සේවය සංසන්දනය වෙන්න පුළුවන්?

ඔයු ඉතාම හොඳට කටයුතු කර තිබෙනවා. ඔහු රුසියාවේ ඉගෙනගත් වෛද්‍යවරයෙක්. ඔහු ජනාධිපතිවරයාගේ උපදේශකයෙක් මම ඔහුගෙන් උපදෙස් ගන්නවා. මගේ ප්‍රවේශය මට ආවේණික ප්‍රවේශයක්.
 
සංජය නල්ලපෙරුම 
ලක්බිම